theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපා

5 අවම කියවීම
අම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපාඅම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපා

මේ කතා 5 නිසා ඔබේ පුංචි දරුවා අපහසුතාවයට පත්වෙන්න පුළුවන්

අපි කොයි කාටත් තරහා යනවා. අම්මා කෙනෙක් කියලාත් වෙනසක් නැහැ. විශේෂත්වය වන්නේ අම්මාගේ කේන්තිය පිටවන්නේ ඉවසීමේ අවසන් සීමාවත් පැන්නාට පස්සේ වීමයි.

අපගේ මේ සුදානම ගොඩාක් වැඩ රාජකාරී එක්ක කාර්යබහුල නිතර තරහා අම්මලා වෙනුවෙන් පුංචි නමුත් වැදගත් මතක් කිරීමක් කරන්නයි.

පුංචි පැටව් දග වැඩ කරනකොට, කියන දේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නකොට ඔයාටත් ගොඩාක් තරහා යනවාද?

එතකොට ඔයාට බනින්න හිතෙනවා නේද? තරහින් ඔයා මොන වගේ දේවල් කියන්න පුළුවන්ද?

පුංචි හිතක් හදන්න ගොඩාක් අමාරු වුනාට රිදවන්න යන්නේ මොහොතක් විතරයි. ඒක ඔබේ මතකයේ ඉහලින්ම සටහන් කරලා තියාගන්න.

අම්මාගේ කේන්තිය  අභියස නොකිය යුතු කතා මොනවාද?

අම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපා

ඔයාට දරුවන්ව හොදින් හදාවඩා ගන්න අවශ්‍ය නම් ඔවුන්ව හොදින් හික්මවන්න අවශ්‍ය නම් මේ වගේ හිත රිදෙන නපුරු කතා නම් කවදාවත්ම කියන්න එපා. 

අපි කරන කියන හැම දෙයකින්ම පුංචි එයාලාගේ හැගීම් ස්පර්ශ වෙනවා.

එයට හිත රිදෙන විදියට ඔයා කරනවා නම් කොහොමද නිවැරදි කරගන්න අවශ්‍ය කියලාත් අපි අද කියලා දෙනවා.

මේ ලිපිය ලියන මොහොකේදි මාත් විශ්මයට පත්වුනා. මෙයින් කිහිපයක් මාත් වතාවක් දෙකක් බබාලාට කියලා තිබුනා.

මේ ලිපිය මට ලියන්න ලැබුන නිසා මට ජිවිතය ගැන ඉගෙන ගන්න අනගි අවස්ථාවක් ලැබුනා.

ඒ වගේම ඔයාලටත් මේ ලිපියේ අඩංගු කාරණා වැදගත් වේවි කියලා මම හිතනවා. 

ඉතින් අපි කියන පුංචි හිත් රිදෙන කතා මොනවාද කියලා බලමු.

1. ඔයා හැමතිස්සේම කරන්නේ නරක වැඩමයි

ඔයා මෙහෙම කියනවා නම් එය ඔබ දරුවාටම කරන චොදනාවක් මිස දරුවා කරන ලද වැරදි හැසිරීමට කරන චෝදනාවක් නොවේ.

මේ මගින් දරුවාට සමස්ථ ලෙස චෝදනාවක් නැගෙන සේ හැගෙන අතර ඔහු කියන කරන සෑම දෙයක්ම නරක වැඩ බවට ඔහු වරදවා වටහා ගනියි.

එය දරුවාගේ මානසිකත්වයට සුදුසු නැහැ.

ඒ වෙනුවට මෙහෙම කියන්න ඔබට පුළුවන්.

"පුතේ ඔයා හොද වැඩ කරන දරුවෙක්නේ ඔයා මෙහෙම දෙයක් කලා කිව්වාහමත් මට පුදුමයි."

මෙහිදි ඔබ තුල දරුවා කෙරෙහි ඇති ධනාත්මක ආකල්ප දරුවා තුල හොද හැගීමක් ඇති කරන අතර දරුවා ඔබ කියන සේට සවන් දෙන්න වැඩි නැඹුරුතාවක් දක්වනවා

2. අම්මා ඔයාට තවත් ආදරේ නැහැ

අම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපා

මවක් දරුවෙකුට දැක්විය යුත්තේ කොන්දේසි විරහිත ආදරයකි.

ඔබ ඒ සදහා මෙවන් කොන්දේසි පැනවීමෙන් නිසැකවම දරුවා වඩා නොසංසුන් වෙනවා.

අම්මාගේ ආදරය ඒ තරම් පහසුවෙන් අහිමි විය හැකි බව සිතීමෙන් දරුවාට අනාරක්ෂිත හැගීමක් ඇතිවෙනවා මෙන්ම කණගාටුවක්ද ඇතිවෙනවා.

ඒ නිසා ඒ වෙනුවට ඔබට මෙහෙම කියන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

"මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඒත් මේ වගේ දේවල් කරන කොට මම වේදනාවට පත් වෙනවා."

මෙහිදි ඔබ දරුවාට ආදරය කලත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඔබ කලකිරීමට පත්වෙන බවද දරුවා තේරූම් ගන්නවා.

ඒ වගේම හැගීම් වලින් ඔහු තැලීමකට ලක්වෙන්නේ නැහැ.

අම්මා තමන් කෙරෙහි කලකිරීම ගැන දරුවන් අකමැති නිසා ඔවුන්ව පහසුවෙන්ම හික්මවන්නත් පුළුවන්.

3. ඔයා ඒක ආයෙමත් කලොත් මම පොලීසියට කියලා හිර කූඩුවේ දානවා

ඇත්තටම ඔයාට කරන්න බැරි දේවල් කියලා දරුවාට තර්ජනය කරන්නේ ඇයි? එය කිසිම ඵලක් නැහැ.

ඇත්තටම ඔහු ආහාර ගන්න බෑ කියු පමණින් නැතිනම් පුංචි දගවැඩක් කල පමණින් පොලීසියෙන් පැමිණ ඔහුව ගෙන යන්නේ බව ඔහු ඉක්මනින් ඉගෙන ගනිවි. 

ඔබ කියන දේ ඔබ නොකරන බවත් ඒවා හිස් තර්ජන පමණක් බවත් ඔහු ඉක්මනින් තේරූම් ගනිවි.

ඒ වෙනුවට ඔබට මෙහෙම කියන්න පුළුවන්.

"ඔයා ඒ වැ‌ඩේ ආයෙමත් කලොත් මම ඔයාගේ ආසම රූපවාහිනි වැඩසටහන බලන්න දෙන්නේ නැහැ."

ඔබ මෙවැනි දෙයක් කර අනතුරු ඇග වු විට ඔහු නිසි ලෙස හැසිරුනේ නැතිනම් ඔබට එය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්.

මෙය ධනාත්මක දඩුවම් ක්‍රමයක්ද වෙනවා. ඒ වගේම එය ඔබේ පාලනයෙන් යුක්ත දඩුවමක් බවද දරුවා දන්නවා.

ඒ නිසා ඔහුට ඒ නරක වැඩය කර ඔහුගේ ප්‍රියතම රූපවාහිනි වැඩසටහන නැරඹීමේ අවස්ථාව අහිමි කරගන්න උවමනා නොවේවි.

4. අක්කා වගේ හැදෙන්නකෝ ළමයෝ

ඔබ එතරම් දුර නොසිතුවාට ඔබ මෙසේ පවසන විට දරුවන් අතර බේද ඇතිවෙනවා.

එවිට දරුවා සහෝදරිය ලෙස හැසිරීම වෙනුවට ඇය කෙරෙහි අමනාපයක් ඇති කරගන්නවා නොඅනුමානයි.

ඒ නිසා ඒ වෙනුවට මෙහෙම කියන්න උත්සහ කරන්න.

"ඔබ හොදට හැසිරුනොත් අපි හැමෝටම  එකතු වෙලා විනෝද වෙන්න පුළුවන්."

ඔහුගේ හැසිරීම වෙනස් කිරීමට ධනාත්මක හේතුවක් ලබා දීම  මේ මගින් කරනවා

ඔහුගේ ක්‍රියාව මුළු පවුලටම බලපාන බව ඔහුට අවබෝධ වෙනවා. ඒ නිසා එය හොදින් හැසිරීමට දිරි ගැන්වීමක්ද වෙනවා. 

ඔහුට මෙම ප්‍රතිලාභ අත්විද අවබෝධ වෙන විට වඩා හොදින් හැසිරීමට ඔහු උනන්දු වේවි.

5. ඉන්න මම තාත්තා ආහම පාරක් ඉල්ලලා දෙන්නම්

ඔබ දරුවාට වරද කල මොහොතේ දඩුවම් නොකර පියා එනකම් පැය ගණන් බලා සිටීමට පෙළඹීම සුදුසු නැහැ.

එවිට දරුවාට තම වරද අමතක වී යන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඒ නිසා ඒ වෙනුවට මෙහෙම කියන්න.

"ඔයා දැන දැනමනේ ඔය වැරැද්ද කරන්නේ ඒ නිසා මම ඔයාට දැන් දඩුවම් කරනවා. "

දඩුවමක් වුවද ඵලදායි වන්නේ එය ඒ මොහොතේ ක්‍රියාත්මක කල විටයි.

එවිට ඔහුගේ නරක හැසිරීම හා දඩුවම අතර සම්බන්ධතාවය වටහා ගත නොහැකි වේවි. ඒ නිසා ක්ෂණිකව සාධාරණව දඩුවම් කරන්න.

අම්මාගේ කේන්තිය අවුළුවාලන්න පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම් කොහොමත් රුකුළක් දෙනවා.

දරුවාගේ තනිකම

නමුත් අපි කල යුත්තේ තරහක් හිතට එන විට ඒ මතම ක්ෂණිකව ක්‍රියා නොකර මදක් සංසුන් වීමට උත්සහ දැරීමයි.

ඒ වගේම කටට එන සියල්ලම එකවරම දරුවාට කියා දමා ඔබේ තරහා නිමා ගන්න උත්සහා කරන්න එපා.

එයා පුංචි දරුවෙක්. ඔයා වදනනින් රිදවා කියන ගොඩාක් දේවල් ඒ පුංචි හිතට නොතේරුනත් තේරෙන වචනය දෙක ඒ පුංචි හිත වේදනාවට පත්කරන්න පුළුවන්.

ඔයාට තරහා ගිය වේලාවට වතුර වීදුරුවක් බොන්න, නැතිනම් එකේ ඉදන් දහයට හිතින් ගනින්න.

නැතිනම් සංසුන් ගීතයක් අසන්න. එවිට බොහෝවිට ඔබේ හිත සංසුන් වී දරුවන්ව ධනාත්මකව හික්මවා ගන්න ඔබට අවස්ථාව ලැබේවි.

මුලාශ්‍ර -  www.youngparents.com.sg

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • අම්මා ඔයා තරහින්ද? ඒත් මේ දේවල් 5 නම් කවදාවත් දරුවාට කියන්න එපා
බෙදාගන්න :
  • ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

    ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

  • මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

    මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

  • ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

    ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

  • මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

    මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it