theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීමෙන් පිළිකා ඇති වෙනවාද

5 අවම කියවීම
මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීමෙන් පිළිකා ඇති වෙනවාදමයික්‍රෝවේව් උදුන භාවිතා කිරීමෙන් පිළිකා ඇති වෙනවාද

මයික්‍රොවේව් උදුන නිසා පිළිකා ඇතිවෙදෝ යැයි දැයි දෙගිඩියාවෙන්ද? මෙම දත්ත සහ මිත්‍යා මත අනුව මයික්‍රොවේව් උදුන පාවිච්චිය හිතකරද නැද්ද යන වග බලාගන්නට පුළුවන්.

අප නිවෙස් වල එදිනෙදා ජීවිතයට උවමනා කරන අත්‍යාවශ්‍ය උපාංග අතරින් මයික්‍රෝවේව් උදුන නැතිවම බැරි අංගයක් වෙලා. අද කාලයේ මයික්‍රොවේව් උදුනක් නැති නිවසක් නැති තරම්. නමුත් බොහෝ මව්වරුන් මෙය භාවිතා කරන්නේ හිතේ දෙගිඩියාවෙන්.

කනින් කොනින් වටපිටාවේ අහන්නට ලැබෙන  මයික්‍රොවේව් උදුනේ ගුණ දොස් නිසා බොහෝ ගෘහණියන් මේ සම්බන්ධයෙන් සත්‍ය තත්වය නිසි ලෙස වටහාගෙන නැහැ. මයික්‍රොවේව් උදුන නිසා පිළිකා ඇතිවනවාද? ඒ අසල රැඳී සිටීම හානිදායකද? ඉන් ආහාර වල පෝෂ්‍ය පදාර්ඨ විනාශ වෙනවාද? යනාදී ගැටළු රැසක් අප සිත් වල පැන නගිනවා.

මේ නිසා මවක් ලෙස, ගෘහනියක් ලෙස, මයික්‍රෝවේව් උදුන පිළිබඳ මිථ්‍යාවන් මොනවාද? සත්‍ය කරුණු මොනවාද යන්න ගැන නිවැරදි ලෙස දැන සිටීම ඔබගේ පවුලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔබට වැදගත් වනවා.

මයික්‍රෝවේව් උදුනක් භාවිතයෙන් ආහාර වල පෝෂ්‍ය පධාර්ථ විනාශ වෙනවාද?

ඇත්ත වශයෙන්ම එය සත්‍යක් නෙවෙයි. නමුත්, නමුත් මයික්‍රෝවේව් උදුනේ ආහාර පිසීම හෝ රත් කිරීම සම්බන්ධයෙන් මිථ්‍යා මත රැසක් ගොඩනැගී තිබෙන බව නම් අපි දන්නවා.

ඉතින් මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීම ගැන ඇත්ත නැත්ත කුමක්ද? ඒ වටා ගෙතුනු මිත්‍යා මත සහ දත්ත මත පදනම් වූ සත්‍ය තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නේ මෙම උපකරණයෙන් ඔබ නිවසේ පිළියෙල කරන ආහාර පාන වලට ඉන් ඇති වන බලපෑම ගැන ඔබව මනාව දැනුවත් කරන්නටයි.

1. මිථ්‍යා මතය: මයික්‍රෝවේව් උදුන භාවිතා කර පිළියෙල කරන ආහාර වල පෝෂ්‍ය පදාර්ථ වලට හානි වනවා

නෑ, ඔබ මයික්‍රෝවේව් උදුන නිසා පෝෂ්‍ය පදාර්ථ වලට හානි වනවාද යන්න ගැන ඔබ පමණට වඩා කලබල වන්නට අවශ්‍ය නැහැ. “පෝෂක මට්ටම් සම්බන්ධයෙන් මයික්‍රෝවේව් මගින් නිශ්චිත හානියක් නොමැත” යැයි යේල් විශ්ව විද්‍යාලයේ නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩේවිඩ් කැට්ස් පවසයි.

ඇත්ත වශයෙන්ම, ඕනෑම වර්ගයක ආහාර පිසීමකදී පිසින උදුන කුමක් වුවත්, පිසින ක්‍රමය අනුව යම් ආහාරයක් රසායනිකව වෙනස් කළ හැකි බව අප දන්නවා.

ආහාර වල පෝෂක අන්තර්ගතය: විටමින් සී, ඔමේගා -3 මේද සහ සමහර ජෛව ෆ්ලවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සාමාන්‍යයෙන් තාපයට වඩා සංවේදී බවද වෛද්‍ය කැට්ස් පවසයි.

එළවළු වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ආහාර පිසීමේදී පිසින ජලයට කාන්දු විය හැකිය.

මයික්‍රෝවේව් උදුනක පිසීමේදී අඩු ජලය භාවිතා කර පිසගත හැකි බැවින් ඇතැම් විට ආහාර වල පෝෂණ තත්වය සාපේක්ෂව වඩාත් හොඳ වන්නට පුළුවන්.

2. සත්‍යය: මයික්‍රෝවේව් උදුන තුළ පිසගන්නට භාවිතා කරන ප්ලාස්ටික් ගැන සැළැකිලිමත් විය යුතුයි

මයික්‍රෝවේව් උදුනේ ප්ලාස්ටික් භාවිතා කිරීම කිසි සේත්ම අනුමත් කරන්නට බැහැ.

මන්ද එම බහාලුම් බිඳවැටීමට ඉඩ ඇති අතර BPA සහ තැලේට් වැනි රසායනික ද්‍රව්‍ය ඔබේ ආහාරයට කාන්දු වීමට ඉන් ඉඩ සැළසෙනු ඇත.

අද බොහෝ සමාගම් BPA රහිත සහ “මයික්‍රෝවේව් ආරක්ෂිත” බහාලුම් නිෂ්පාදනය කරනවා.

කෙසේ වෙතත්, 2011 පාරිසරික සෞඛ්‍ය දෘෂ්ටිකෝණයන්හි කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් විසින්  ළදරු බෝතල්වල සිට ආහාර බහාලුම් දක්වා ප්ලාස්ටික් නිෂ්පාදන 455 ක් පරීක්ෂා කළා.

ඒ අතර, ඒවා සියල්ලෙන්ම පාහේ තවමත් ස්ථුලතාවයට හා ඇතැම් පිළිකා වලට සම්බන්ධ ඊස්ට්‍රජොනික් රසායනික ද්‍රව්‍ය කාන්දු වී ඇති බව සොයා ගනු ලැබුවා.

BPA රහිත ලෙස අලෙවි කරන ප්ලාස්ටික් වලින් පවා එම කාන්දු වීම් සිදු වූවා.

මයික්‍රොවේව් උදුන

ප්ලාස්ටික් වල සර්වත්‍ය්‍රතාව සහ බහුල ලෙස භාවිතා වීම නිසා ඒවා භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම අභියෝගයක් වී තිබෙනවා.

නමුත් මෙයට සුදුසුම ප්‍රතිකර්මය නම් හැකි සෑම විටම මයික්‍රොවේව් උදුන තුළ ඕනෑම ප්ලාස්ටික් වර්ගයක් භාවිතා කිරීමෙන් වැළැකීමයි.

එමෙන්ම සෑම විටම ආහාර මයික්‍රෝවේව් කිරීමට පෙර වීදුරුවකට හෝ පිඟන් මැටි (ceramic) පිඟානකට මාරු කිරීම බව වෛද්‍ය කැට්ස් පවසයි.

3. මිථ්‍යාව: පැස්ටා නැවත රත් කිරීමෙන් එය සෞඛ්‍ය සම්පන්න විය හැකිය (දැනට අවම වශයෙන්)

බීබීසී ගවේෂණාත්මක සෞඛ්‍ය වැඩසටහනක් වන Trust Me, I’m a Doctor මෑතකදී කළ පරීක්ෂණයකින් පසු පිසින ලද පැස්ටා, සිසිල් වූ පසු, මයික්‍රෝවේව් උදුනක නැවත රත් කළ විට,. සහභාගි වූවන්ගේ ආහාරයෙන් පසු රුධිර ග්ලූකෝස් ප්‍රමාණය, 50% කින් අඩු කළ බව සොයා ගැනීමෙන් පසු රසිකයින් මවිතයට මෙන්ම ව්‍යාකූලත්වයට පත්වුණා.

පැස්ටා

මීට හේතුව වූයේ, පර්යේෂකයන් පැවසුවේ, සිසිල් කරන ලද පැස්ටා නැවත රත් කළ විට එය ප්‍රතිරෝධී පිෂ්ඨයක් ලෙස ක්‍රියා කිරීම නිසා, ඒවා බඩවැල් තුළ කැබලි කැඩී යාමෙන් වළක්වා ඒවා සීනි ලෙස අවශෝෂණය කර ගැනීමක් සිදුවූ බවයි.

නමුත් කලබල වන්න එපා. එය ස්වේච්ඡා සේවකයන් නව දෙනෙකු ඇතුළත් කළ එක් අධ්‍යයනයක් පමණක් වූ බැවින් වෛද්‍ය කැට්ස් පවසන්නේ දැනට එය සුළු දත්තයක් පමණක් ලෙස සලකන බවයි.

ඔහුගේ උපදෙස වන්නේ: සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට සාමාන්‍ය බත් ආහාරයට ගන්න.

පැස්ටා වර්ග ආහරයට ගන්නේ නම් විශේෂඥයන් දන්නා ධාන්යමය පැස්ටා (whole-grain pasta) ගැනීම වඩාත් සුදුසුයි. (එහි ඉහළ තන්තු අන්තර්ගතය නිසා, පිරිපහදු කළ පැස්ටා මෙන්, අනුභව කිරීමෙන් පසු රුධිරයේ සීනි වේගයෙන් වැඩි නොවේ.)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

"නිසැකවම, සම්පූර්ණ ධාන්ය පැස්ටා පිරිපහදු කළ පැස්ටා වලට වඩා අඩු ග්ලයිසමික් ​​බලපෑමක් ඇති කරයි.” කියා වෛද්‍ය කැට්ස් පවසයි.

4. මිථ්‍යාව: මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීමේදී ආහාර සියල්ලම පිසිනවා

ආහාර පිසීමේදී මයික්‍රෝවේව් උදුනේ, ආහාර වල අඟල් 1 සිට 1.5 දක්වා ගැඹුරට විනිවිද යන බව USDA පවසනවා.

එබැවින් ඝනකම් ඇති ආහාර වල කේන්ද්‍රයට තාපයට ළඟා විය නොහැකි බව වෛද්‍ය කැට්ස් පවසනවා.

කුකුළු මස් හෝ රතු මස් සඳහා මෙය විශේෂයෙන් භයානක වන්නේ මේ හේතුවෙන් මුළු මස් කැබැල්ලම එක සමානව පිසගන්නට අපහසු වීම නිසා ඇතැම් කොටස් බාගෙට පිසීම නිසා විෂ සහිත විය හැකි බවයි.

මයික්‍රොවේව් උදුන

මේ නිසා මයික්‍රොවේව් උදුන වඩාත් සුදුසු වන්නේ කලින් පිසින ලද ආහාර නැවත රත් කිරීම සඳහා හෝ ඔබ පිසීමට සූදානම් යමක් දියකර හැරීම සඳහා භාවිතා කරන මුළුතැන්ගෙයෙහි සහායකයකු ලෙස තබාගැනීමයි.

5. සත්‍යය: මයික්‍රෝවේව් උදුන ආරක්ෂිත විකල්පයකි

එය "මයික්‍රෝවේව්" ලෙස හැඳින්වීමට හේතුව එය ඔබේ ආහාර උණුසුම් කිරීම සඳහා විද්‍යුත් චුම්භක විකිරණ වර්ගයක් වන මයික්‍රෝවේව් විමෝචනය කිරීමයි.

මයික්‍රෝවේව් යනු පිළිකා ඇති කරන විකිරණවලට සමාන බව පරණ කතාවකි.

එයින් සිදුවන්නේ ආහාරවල අණු චලනය කිරීම වන අතර අණුක චලිතය තාපයට හේතුවන බව වෛද්‍ය කැට්ස් පැහැදිලි කරයි.

ඇමරිකානු පිළිකා සංගමයට අනුව මයික්‍රෝවේව් උදුනක් අසල සිටීමෙන් ඔබට පිළිකාවක් ඇතිවිය නොහැකියි:

මයික්‍රෝවේව් උදුන ක්‍රියාත්මක වන විට මෙම විකිරණ උඳුන තුලම අඩංගු වන අතර, කාන්දු වන ඕනෑම දෙයක් ඔබට සැබවින්ම බලපෑ හැකි මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමකට සීමා වේ.

 

මූලාශ්‍ර: healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීමෙන් පිළිකා ඇති වෙනවාද
බෙදාගන්න :
  • කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

    කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

  • සෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයා

    සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

  • කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

    කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

  • සෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයා

    සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it