ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

ඉතින් සොබාදහමෙන්ම ලැබෙන මෙවන් අමුද්‍රව්‍ය ඔබේ රුපලාවන්‍ය කටයුතු සඳහා හැකි තරම් යොදාගන්න. අද ලැබුණු මේ ලස්සන වීමේ රහස් පිළිපැද ඔබේ අත්දැකීම් අප හා බෙදාගන්න.
ලස්සන වීමේ රහස් හැමෝම ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මුහුණේ පැහැය, දීප්තිය ගැන කතා කරනවා නම් මුහුණේ සත්කාර සියල්ලම ඇරඹිය යුත්තේ සම පිරිසිඳු කිරීම තුලින්.
සිරුරේ අනෙක් ස්ථාන වලට වඩා මුහුණේ සම ඉතා සවේදී බව අපි කවුරුත් දන්නවා. එනමුත් රසායනිය ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග බහුලව භාවිතා කෙරෙන්නේ මුහුණේ සම මතයි.
ගෙදරදීම පහසුවෙන් භාවිත කල හැකි ස්වභාවික අමුද්‍රව්‍ය ගැන මේ හෙළිදරව්ව කරන්නේ මවකගේ නිරෝගී සම රුපශ්රිය වැඩි කරනවා පමණක් නොව, ඔබේ සිතට අභිමානයක් දී ඔබ නිතරම සතුටින් තබන්නටද දායක වන නිසායි.
රසායනික ද්‍රවය හෝ සබන් නොයොදා සම පිරිසිඳු කර ලස්සන වීමේ රහස් 5ක්!
1. ලස්සන වීමේ රහස්: කඩල පිටි සහ කහ කුඩු face pack
කඩල පිටි නම් වසර ගණනාවක් තිස්සේ සම පැහැපත් කිරීමට සහ පිරිසිඳු කිරීමට කාන්තාවන් යොදාගත් ලස්සන වීමේ රහස් අතුරින් ප්‍රධාන එකක්. මෙය සමේ ලා පැහැය ඇති කොට සමේ පල්ලම් ඉවත් කිරීමට දායක වනවා.
එපමණක් නොව සමේ තෙල් ගතිය අඩු කිරීම නිසා කුරුලෑ හට ගැනීමද මින් මර්ධනය වනවා.
- කඩල පිටි මේස හැඳි දෙකකට කහ මේස හඬක් කලවම් කරන්න.
- දැන් මෙය කිරි ටිකක් දමා තලපයක් වන සේ පිරිසිඳු හඬකින් කලවම් කරන්න.
- මෙම මිශ්‍රණය මුහුණේ හොඳින් තවරා විනාඩි 10ක් හෝ 20ක් තිබෙන්නට හැර සබන් සෝදන සේ සෝදා හරින්න
මෙම සත්කාරය තෙල් සහිත සමක් සඳහා වඩාත් සුදුසුයි.
2. කිරි face pack
කිරි යනු අප කවුරුත් දන්නා ස්වභාවික පිරිසිදුකාරකයක්. මෙය ඕනෑම වර්ගයේ සමක් මත කාර්යක්ෂමව ක්‍රියා කරයි.
- සිසිල් කිරි මේස හැදි 5කට ලුණු ස්වල්පයක් එක් කරන්න.
- දැන් පුළුන් ගුලියක් ගෙන මෙම කිරි මිශ්‍රණයේ පොඟවන්න.
- පෙඟුණු පුළුන් ගුලිය ගෙන හි ඇති මිශ්‍රණය මුහුණ පුරා අලේප කරගන්න.
- මෙය විනාඩියක් හෝ දෙකක් තබා මෘදු ලෙස සම සම්බාහනය කර මුහුණ සෝදා හරින්න
ලුණු හා කිරි මිශ්‍රණය සමේ රෝම කුප හොඳින් විවර කර පිරිසිඳු කරයි. මිය ගිය සම ඉවත් කරයි. එමෙන්ම කිරි වලින් සම මෘදු කොට දීප්තියක් ලබා දෙයි. සත්කාරයෙන් පසුවම ඔබට සමේ සුන්දර වෙනසක් දැකගන්නට හැකි වේවි.
3. ලස්සන වීමේ රහස්: පිපිඤ්ඤා සහ මී කිරි face pack
පිපිඤ්ඤා යනු ප්‍රධාන පවිත්‍ර කරන කාරකයක්. මෙය රසායනික ද්‍රව්‍ය මෙන් නොව, සමේ තෙල් ගතිය සමතුලිතව පවත්වා ගනිමින්ම එය පිරිසිඳු කරයි. පිපිඤ්ඤා සමේ තෙතමනය රකින්නට උපකාර වනවා. පිපිඤ්ඤා කුරුලෑ ලප කැළැල් මකා සමේ මෘදු බවක් ඇති කර එයට නැවුම් බවක් සහ පෝෂණයත් ලබා දෙනවා.
- පිපිඤ්ඤා ගෙඩියක ලෙලි ඉවත් කර බ්ලෙන්ඩ්රයක මිරිකාගන්න.
- දැන් මේ ලබාගත් පිපිඤ්ඤා යුෂ වලට මි කිරි මේස හැඳි 2ක් හෝ 3ක් එකතු කරගන්න.
- මිශ්‍රණය හොඳින් මුහුණ සහ බෙල්ලේ අලේප කරගන්න. මද වෙලාවකට පසු සීතල වතුරෙන් මුහුණ සෝදාහරින්න.
4. මීපැණි face pack
මී පැණි ඉතාම හොඳ මුහුණ පිරිසිදු කරන ද්‍රව්‍යයක්. මෙයද සමේ සමතුලතා බවට හානි නොකරම සමේ විෂබිජ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාර වනවා. මි පැණි ප්‍රබල ලෙස ප්‍රති-ආසාදකයක් සහ probiotic කාරකයක් වන අතර සමේ තෙතමනය රැකගනිමින් එයට පෝෂණය හා දීප්තිය ලබා දෙනවා.
- කිරි තේ හැන්දක් පමණ ගෙන ඊට මී පැණි තේ හැඳි 4ක් එකතු කරන්න.
- තලපයක් සේ ඝන වූ විට මාස්ක් එකක් ආකාරයට මුහුණ ආවරණය වන සේ හොඳින් තවරාගන්න.
- විනාඩි 10ක් හෝ 20ක් තබා සම පිරිමදිමින් පසුව මෙය සෝදා හරින්න.
මෙය වියළි, තෙල් සහිත හෝ සාමාන්‍ය සමකට යෝග්‍යයි.
5. ඕට්ස් face pack
ඔට්මිල් (Oat Meal) යනු මෘදු පිරිසිඳුකාරකයකි. සැමට හානි නොකරම රෝම කුප තුල ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිඳු කිරීමේ හැකියාවක් ඕට්ස් වලට තිබෙනවා. මෙහි ඇති සමේ තුවාල සුව කිරීමේ ගුණාංගය නිසා සමේ තිබිය හැකි පුංචි අසාදන සුව කර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා.
- කිරි තේ හැඳි 1ක්, ඕට්ස් තේ හැඳි එකක් සහ මි පැණි බින්දු කිහිපයක් එකට මිශ්‍ර කරන්න.
- ප්‍රමාණවත් ලෙස ජලය පුංචි ප්‍රමාණයක් එකථිඋ කරමින් සමේ අලේප් කාල හැකි තලපයක් සාදාගන්න.
- මෙය මුහුණ පුර සහ බෙල්ල පුර හොඳින් තවරාගන්න.
- මිශ්‍රණය සැමට කාවදින සේ හොඳින් පිරිමදින්න. මෙසේ පිරිසිඳු කරගත් සම සෝදා හරින්න.
ඉතින් සොබාදහමෙන්ම ලැබෙන මෙවන් අමුද්‍රව්‍ය ඔබේ රුපලාවන්‍ය කටයුතු සඳහා හැකි තරම් යොදාගන්න. අද ලැබුණු මේ ලස්සන වීමේ රහස් පිළිපැද ඔබේ අත්දැකීම් අප හා බෙදාගන්න.