දත් හිරිවැටීම නිතර ඔබත් අත් විදිනවාද? එසේ වෙන්නේ ඇයි කියා හා ඒ සදහා ස්වාභාවික ප්‍රතිකාර ගැන අපි අද කතා කරමු.
දත්වල එනමලය දිය වී යැම, එනමලය සිරී යෑම , දත් මුල බාහිරයට විවෘත වීම දත් හිරි වැටීමට ඍජුවම බලපානු ලබනවා.
දන්ත දිරා යාම ආරම්භයේදිද ඔබ යම් දත් හිරි වැටීමක් අත් විදින්න පුළුවන්.
දත් එනමලය තුල සංවේදිතාවයක් නැතත් ඒ මගින් ආවරණය වී ඇති දතේ අනෙක් පෘෂ්ඨ සංවේදිතාවයෙන් යුක්ත වෙනවා.
එනමලයට යම් හානියක් වු විට ඔබ දත් හිරි වැටීම හා වේදනාව අත් විදින්නේ අන්න ඒ නිසයි.
එවිට ඔබ ලබා ගන්නා ඕනෑම උණුසුම්, සීතල හෝ ඇඹුල් ආහාරයක් ගැනීමෙන් දත් හිරි වැටීම ඇතිවෙන්න පුළුවන්.
අතිශය උණුසුම්, සීතල හෝ ඇඹුල් රසයක් ලබා ගන්නා විට ඇති වෙන ඔබේ දතෙහි ගැඹුරු ස්නායු අවසානය දක්වා තියුණු හා විදින හිරිවැටීමක් අත්විදින්න පුළුවන්
දත් එනමලයට හානි වීමෙන් හෝ දත් ඛාදනය වීම නිසා නිරාවරණය වෙන ඔබේ දත් වල දන්තිනය හා උණුසුම්, සීතල හෝ ඇඹුල් ආහාර ස්පර්ශ වීමෙන් දත් හිරිවැටීම ඇතිවෙනවා.
දත් හිරි වැටීම බහුලව දකින්න ලැබෙන ගැටළුවකි. ඒ සදහා විවිධ හේතුන් ගණනාවක්ද තියෙනවා.
ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමයේ ජර්නලයට අනුව වැඩිහිටියන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මෙම දත් හිරි වැටීමේ තත්වයෙන් පීඩා විදිනවා.
දත් හිරිවැටීම සදහා හේතු
- දැඩි දත් බුරුසුවක් අධික ලෙස භාවිතා කිරීම හෝ ආක්‍රමණශීලී ලෙස දත් මැදීම නිසා දන්ත එනමලය සීරි යෑම
- අධික ආම්ලික ආහාර හා බීම පරිභෝජනය හේතුවෙන් දත් ඛාදනය වීම
- දත් මිටි කෑම
- සීරි ගිය හෝ කාන්දුවෙන පිරවුම්
- දත් දිරායාම
- සමහර දන්ත ප්‍රතිකාර
- දත් හෑරිම
- තද දේවල් සැපීම
- දත් වලින් තද දේවල් විවෘත කිරීමට උත්සහ කිරීම
- වැරදි ආහාර පුරුදු

දත් හිරිවැටීමෙන් ඔබ දැඩි ලෙස අපහසුතාවයට පත්ව්ය හැකි අතර ඔබට ප්‍රිය ආහාර ගණනාවක් මග හැරෙන්න පුළුවන්.
දත් හිරිවැටීම වළක්වා ගත හැකි ස්වාභාවික සත්කාර
අද අපි ඔබ වෙත ගෙන එන්නේ පහසුවෙන් සොයා ගත හැකි ලාභදායි පිළියම් කිහිපයකි.
ඔබටත් මේ ස්වාභාවික සත්කාර අත්විද ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
1. ලුණු දියර

ලුණු නිසා මුඛ්‍ය තුල මුඛයේ pH සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
එහිදි හානිකර බැක්ටීරියා වලට දිගු කලක් නොනැසී පැවතිය හැකි පරිසරය වෙනස් කරනු ලබනවා.
ඒ නිසා ලුණු දත් දිරා යෑමට පමණක් නොව අනෙක් දත් රෝග සදහාද හොද සත්කාරයකි.
එය ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරනවා.
උණුසුම් ජලය කෝප්පයකට ලුණු තේ හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
දත් හිරි වැටීම සහ වේදනාව අඩු කිරීම සඳහා දිනකට දෙවරක් ලුණු වතුරෙන් ඔබේ මුඛය සෝදන්න.
2. පේර කොළ
පේර කොළ වගත් සෞඛ්‍යමය වාසි රාශියක් තියෙනවා.
දත් සංවේදීතාව සහ දත් කැක්කුම ඉවත් කිරීමට උපකාරී වන ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියාකරන ගුණ ඇති ක්වෙර්සෙටින්, කෙම්ප්ෆෙරෝල් සහ රුටින් වැනි ෆ්ලේවනොයිඩ් මෙහි අඩංගුයි.
පේර කොළ කිහිපයක් මුඛයට ගෙන මිනිත්තු 2-3 ක් සපන්න. ඒවා මුඛයෙන් ඉවත් කර මුඛය සෝදන්න.
එසේ නැතිනම් පේර කොළ කිහිපයක් වතුර බදුනක දමා නටවන්න.
එයට ලුණු ස්වල්පයක්ද එකතු කරන්න. එය මුඛය සේදීමට භාවිතා කරන්න.
3. සුදුළූණු

සුදුළූණු වල මුඛ සෞඛ්‍යයට අතිශයින්ම ප්‍රයෝජනවත් වන සංයෝග කිහිපයක් අඩංගු වෙනවා.
එය ප්‍රති-බැක්ටීරියාකාරක කාරකයක් සහ දත් හිරිවැටීම සහ වෙනත් ගැටළු වලින් වේදනාව සමනය කළ හැකි ස්වාභාවික වේදනා නාශකයක් ලෙසද ක්‍රියා කරනවා.
වේදනාව සමනය කිරීම සහ හිරි වැටීම නැති කිරීම සඳහා, ඔබ සුදුළූනු බික් කිහිපයක් ඇල් ජලයෙන් අඹරා එයට ලුණු තේ හැදි භාගයක් එකතු කර මිශ්‍රණයක් සකස් කර ගන්න.
හිරි වැටීමට ලක් වූ දතෙහි මෙම මිශ්‍රණය ආලේප කරන්න.
මිනිත්තු කිහිපයක් තබා උණුසුම් ලුණු වතුරෙන් මුඛය සෝදන්න.
4. කරාබු නැටි තෙල්
කරාබු නැටි වල ප්‍රබල විෂබීජ නාශක ගුණ අඩංගු වෙනවා.
එහි දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට මෙන්ම වේදනාව සමනයටද හැකියාව සහිතයි .
කරාබුනැටි වල ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව , වේදනා නාශක ගුණය සහ ප්‍රති-බැක්ටීරියාකාරක ගුණ නිසා මුඛයේ ආසාදනයන්ට එරෙහිව එය ක්‍රියා කරයි.
කරාබු නැටි තෙල් බින්දුවක් පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් සමඟ මිශ්‍ර කර හිරි වැටීමට ලක්වූ දත මත ආලේප කරන්න. උණුසුම් ජලයෙන් එය සෝදා හරින්න.
5. ළූනු
ළූනු වල ක්වෙර්සෙටින් වැනි ෆ්ලේවනොයිඩ්ස් වැනි සංයෝග අඩංගු වෙනවා.
එය වේදනාව සමනය කළ හැකි ප්‍රදාහයන්ට එරෙහිව සටන් කල හැකි ගුණයෙන් යුක්තයි.
එහි ඇති බැක්ටීරියා නාශක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග මුඛයේ ඇති හානිකර බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වෙනවා.
ළූනු කැබැල්ලක් කපා ගන්න. එය බලපෑමට ලක් වූ ප්‍රදේශය මත තබා විනාඩි පහක් පමණ තබන්න.
ඉන්පසු එය ඉවත් කරන්න. ඔබේ මුඛය ලුණු වතුරෙන් හොඳින් සෝදන්න.
දත් හිරිවැටීම සදහා ප්‍රතිකාර කිරීමේදි පහත කරණු ගැනත් සැලකිලිමත් වෙන්න
නිතර නිතර මෙම සත්කාර භාවිතා කර හොද ප්‍රතිඵල ලබා ගන්න.
ඔබ අසාත්මික තාවයකින් පෙළෙන්නෙක් නම් , ගැබිනි කාන්තාවක් නම්, කුඩා දරුවෙක් හෝ යම් රෝගයකට ඖෂධ භාවිතා කරන්නෙක් නම් මෙවන් ස්වාභාවික සත්කාර ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.
මීට අමතරව හොද ප්‍රමිතියෙන් යුතු බුරුසුවක් භාවිතා කර දිනකට දෙවරක් දත් මදින්න.
දිගින් දිගටම ඔබ දත් හිරි වැටීම අත්විදිනවා නම් දන්ත වෛද්‍ය වරයෙකු වෙත යොමු වෙන්න.
වෛද්‍යවරයා විසින් ඔබට දත් හිරි වැටීම සදහා සුදුසු දන්තාලේප හෝ මුඛ සේදුම් දියර නිර්දේශ කරන්න ඉඩ තියෙනවා.
ඒ වගේම සීරුනු හෝ හානි වුන එනමලයට ප්‍රතිකාර ලබා දේවි.
දිරා ගිය දත් පිරවීම හෝ ගලවා ඉවත් කිරීම සිදු කරනු ලබයි.
නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් දත්වලට වෙන හානිය අවම කරගන්න පුළුවන්.
සුන්දර දත් දෙපළක් සදහා නිසි සැලකිල්ලක් අවශ්‍ය වෙනවා.
ඔබත් දත් හිරි වැටීම අත් විදින කෙනෙක්ද? ඒ සදහා ඔබත් දන්නා වෙනත් ස්වාභාවික සත්කාර තිබෙනවාද?
ඔබගේ අදහස් අපි හා බෙදා ගන්න.
මුලාශ්‍ර - food.ndtv.com
පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය