theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

4 අවම කියවීම
කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

කළු කූඹින් මට්ටු කරමුද? ‌මෙන්න එහෙනම් ස්වාභාවික ක්‍රම 5 ක්

ගෙදරට කළු කූඹී බිත්තර අරන් එනවා නම් වාසනාවක්ලු. එහෙම කිව්වාට ගේ හැම තැනම කළු කූඹි දුවන කොට ඒ වාසනාව කොහොම වෙතත් කොයි කාටත් තරු පේනවා.

කළු කූඹි සාමාන්‍යයෙන් මිනිසාට හානිකර සතුන් නොවේ. හානිය සිදුවන්නේ ඔවුන් අපේ ආහාර හා භාණ්ඩ අපිරිසිදු කිරීමෙනි.

ගේ පුරාම දුවන කළු කූඹි නාන කාමරය පුරා වැසිකිළි අසුනේ එහා මෙහා රවුම් ගහලා ඊ ලගට ඔබේ දත් බුරුසු , කෝප්ප උඩින් යන්නේ අත් කකුල් හෝදලා නම් නෙමෙයි.

ඒ ඔක්කොමත් හරි ඊ ලගට ගිහින් සිනී බෝතලයට නැත්තම් කෑම වල ඇවිදින්නේත් හැමතැනම ඇවිදලා කකුල් වල එකතු කරගත්ත අපද්‍රව්‍ය එකක්ම තමයි.

ඒ විතරක් නෙමෙයි  මෙයාලා මේ කෑම උඩ ඇවිදින්නේ ඔබේ ගේ පුරා ඉන්න කැරපොත්තෝ, හූනෝ වගේ සතුන්ගේ මළ සිරුරු උඩත් ඇවිදලා තමයි.

කූඹින් සාමාන්‍යයෙන් දහස් ගාණක් එකට ජිවත්වෙනවා.

කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

ඔව්.. ඔව් එයාලා ඔබේ ගෙට ගොඩවෙන්නේ මුළු නැදෑ පරපුරම එක්කගෙන තමයි. ඉතින් මේ කළු කූඹී මර්දනය කරන්නේ කොහොමද?

රෑ පුරා නිදි මරාගෙන පොත් වල හෝ අන්තර්ජාලයේ ඔබ මෙයට විසදුම් හොයනවාද?

ඔන්න එහෙනම් අපි අද ඔබට පහසු  ස්වාභාවික විසදුම් 5 ක් අරගෙන එනවා. ඔබත් මේවා උත්සහ කර බලන්නකෝ.

කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

1. කළු කූඹී මට්ටු කරන්න මිංචි

මිංචි පැල සිටුවිමෙන් කළු කූඹින් විතරක් නෙමෙයි ගොඩාක් කෘමි සතුන් විකර්ශණය වෙනවා.

මිංචි පැල වල අඩංගු පෙපමින්ට් හොද ස්වභාවික කෘමි විකර්ශකයකි.

කුහුඹුවන් පාලනය කිරීම සඳහා ස්වාභාවික පිළියමක් ලෙස ඔබේ නිවස වටා මිංචි පැල සිටුවන්න. නැතිනම් එහි පෙපමින්ට් සාරය  භාවිතා කරන්න.

කුහුඹුවන් මිංචි සුවදට අකමැති වුවත් එය නිවස තුල ඉන්න අපිට නම් අප්‍රසන්න ගන්ධයක් වෙන්නේ නැහැ.

පුළුන් කැබැල්ලකට පෙපමින්ට් තෙල් ටිකක් අරගෙන කූඹින් නිවසට එන දොර ජනෙල් අසල තවරන්න.

ඒ වගේම කූඹින් නගින්නට ඉඩ ඇදි මේස හා කබඩ් වල කකුල් වලත් තවරන්න.

කළු කූඹී

2.කළු කූඹී මට්ටු කරන්න විනාකිරි

මේක නම් ටිකක් පව්කාර වැඩක්. විනාකිරි හා ජලය 50:50 ප්‍රතිශතයට දියකර බෝතලයකට දමන්න.

ඉන්පසු කූඹින් මතට කෙලින්ම ඉසීමෙන් කූඹීන් මරණයට පත්වෙනවා. ඉන්පසු මිය ගිය කූඹීන් අතුගා දමන්න පුළුවන්.

නැතිනම් එච්චර දරුණු නොවී කරන්න පුළුවන් දෙයකුත් තියෙනවා. වළක්වා ගැනීම පිළියම් සෙවීමට වඩා හොදයි කියනවානේ.

ඒ නිසා කූඹින් නිවසට ඇතුල් වීම වළක්වාගන්න. ඒ සදහා කූඹීන් නිවසට ඇතුල් වෙන දොර ජනෙල් හා සියලුම මාර්ග වල කලින් ඔබ සකස් කරගත් විනාකිරි මිශ්‍රණය තවරන්න.

කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

3.දෙහි යුෂ 

විනාකිරි මෙන්ම දෙහි යුෂ ද කුහුඹුවන් අනුගමනය කරන ගන්ධය නැති කරනවා.

දෙහි යුෂ කොටසකට ජලය කොටස් 3 ක්  මිශ්‍ර කර භාවිතා කරන්න.

මෙසේ සකස් කර ගත් දෙහි ද්‍රාවණය නිවසට ඇතුල් වෙන සියලුම පිවිසුම් මාර්ග වලට ඉසින්න.

කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

4.කළු කූඹී මට්ටු කරන කුරුඳු 

කුහුඹුවෙකු කුරුඳු සුවද ආශ්වාස කරන විට, හුස්ම හිරවී මිය යනවා. ඔබට කුඩු කල  කුරුඳු කුහුඹුවන්ගේ ගමන් මාර්ග වලට හා කූඹි ගුල් වටා ඉසින්න පුළුවන්.

කුරුඳු තෙල් ද හොඳ කෘමි විකර්ශකයකි.

කුරුඳු තෙල් බින්දු කිහිපයක් වතුර සමග මිශ්‍ර කර කුහුඹුවන්ගේ ගමන් මාර්ග, දොරවල්, ජනෙල් සහ ඉරිතලා ගිය ස්ථාන වටා ඉසින්න. 

කළු කූඹී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. කොච්චි මිරිස් හා කළු ගම්මිරිස්

කොච්චි හෝ කළු ගම්මිරිස් යන දෙකම කුහුඹුවන් විකර්ශනය කරනවා.

කුහුඹුවන් බෝවෙන ස්ථාන සොයා එම ප්‍රදේශය වටා ගම්මිරිස් ස්වල්පයක් ඉසිය යුතු අතර, හැකි නම්, කුහුඹුවන්ට ඔබේ නිවසට පිවිසීම වළක්වන පවුරක් සාදන්න.

ඒ වගේම ගම්මිරිස් ස්වල්පයක් වතුරට මිශ්‍ර කර එය කුහුඹුවන්ට ඉසීන්නත් පුළුවන්. ගම්මිරිස් නිසා කුහුඹුවන් මිය යන්නේ නැහැ. නමුත් කුහුඹුවන් නැවත පැමිණිම වළක්වනවා. 

කළු කූඹී

මීට අමතරව කූඹින් ගෙන් කෑම ආරක්ෂා කරගන්න මේස හා රාක්ක වලට වතුර පිරවු පිරීසි හතරක් තියන්න පුළුවන්.

නමුත් මෙම වතුර බදුන් වල මාරාන්තික ඩෙංගු මදුරුවන් බෝවිය හැකි නිසා එම වතුර බදුන් වලට ලුණු ටිකක් එකතු කරන්න. ඒ වගේම එම බදුන් නිතර මාරු කරන්න. 

ඒ වගේම බොහෝ නිවාස වල කූඹීන් පළවා හරින්න කූඹී කූරූ භාවිතා කරනු ලබනවා.

ඒවායින් මේස කකුල් වටා රවුම් ඇන්දත් එය දරුවන්ට අනාරක්ෂිත වෙන්න පුළුවන්. තව සමහර නිවාස වල කුහුමුවන් එළවන්න මැලතියන් භාවිතා කරනු ලබනවා.

එයද දරුවන්ට අනාරක්ෂිතයි. ඒ නිසා දරුවන්ට හානියක් නැති මෙවන් ස්වාභාවික ක්‍රම ඔබට ප්‍රයෝජනවත් වේවි කියා අපි හිතනවා.

මෙම ක්‍රම අනුගමනය කර ඔබට කුහුඹුවන් පැමිණිම වළක්වා ගැනීමට හැකියැයි අප සිතනවා.

ඔබ ලගත් කුහුඹුවන් පළවා හරින තවත් ක්‍රම තියෙනවාද? එසේ නම් අප හා ඒ තොරතුරු බෙදාගන්න.

මුලාශ්‍ර - www.lvpest.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • නිවස
  • /
  • කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්
බෙදාගන්න :
  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it