කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

ඔබේ යට ඇදුම් වල ඇති අමුතු පැල්ලම් මොනවාද?

ඔබේ යට ඇදුම් වල නිතර පැල්ලම් සලකුණු හා සිදුරු දකින්න ලැබෙනවාද? මෙලෙස කාන්තා යට ඇදුම් වල සලකුණු  හා සිදුරු ඇතිවීම හා එසේවීමට හේතු අඩංගු මේ වැදගත් ලිපියත් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

ඔබට නිතරම යට කලිසම් මිල දී ගන්න වෙනවාද? ඒවා නිතර අවපැහැ ගැන්වීමට ලක්වීම නිසා මෙලෙස ඔබට අලුත් යට ඇදුම් මිල දී ගන්න සිදුවෙලාද?

එවැනි යට කලිසම් කීයක් නම් ඔබට විසි කරන්න සිදුවුනාද?

ඇත්තටම එහෙම වෙන්න ප්‍රධාන හේතුව ඔබේ යෝනි මාර්ගයෙන් පිටවෙන යම් ස්‍රාවයන් වෙනවා.

මෙලෙස යෝනියෙන් ඇතිවෙන අමුතු පැල්ලම් ඇති වෙන්නේ ඇයි ඒවා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්වයක්ද යන්න තව දුරටත් විමසා බලමු.

කාන්තා යට ඇදුම් මත ඇති වෙන යෝනී පැල්ලම් 

ඔබ මේ ගැන අහලා තියෙන්නත් පුළුවන්. ඔබේ යෝනී මාර්ගයෙන් පිටවෙන සමහර ආම්ලික ස්‍රාවයන් ඔබේ යට කලිසම් විරංජනය කරනවා. 

මෙහිදි ඔබේ යට කලිසම් මත තැඹිලි හෝ සුදු පැල්ලම් දකින්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂ වෛද්‍ය කිම් සොන්ටැග්  ඒ ගැන මෙසේ පැහැදිලි කරනවා.

“යෝනි මාර්ගයේ ස්වාභාවිකවම ආම්ලික පරිසරයක් පවතිනවා. යෝනි මාර්ගයේ ඇති හොඳ බැක්ටීරියා වන ලැක්ටොබැසිලි, ආසාදනවලට ගොදුරු නොවන පරිදි Ph අගය නිවැරදි මට්ටමේ තබා ගැනීමට උපකාරී වෙනවා. ” 

ඔබේ යෝනියෙන් පිටවෙන ස්‍රාව ඔබේ යට ඇඳුම් විරංජනය කරන්නේ ඉතා හොඳ හේතුවක් නිසා බව ඔබ දැන් දන්නවා නේද?

කාන්තා යට ඇදුම් වල සිදුරු ඇතිවීම

නිතර තෙතමනය පැවතිර නිසා ඉක්මනින් දිරා යාමත් දහඩිය ඇතුළු අනෙකුත් ස්‍රාවයන් නිසා කුහුඹුවන් වැනි සතුන් ආහාරයට ගැනීමත් නිසා ඔබේ යට කලිසම් වල සිදුරු ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම මුත්‍රා හා යෝනී ස්‍රාව නිසා ඇතිවෙන පැල්ලම් ඉවත් කරන්න ඔබ තදින් ඇතිල්ලීම හා රළු සේදුම් දියර යෙදීමද මෙලෙස සිදුරු ඇතිවීමට හේතුවෙනවා.

එලෙස සිදුරු සහිත අවපැහැ ගැන්වුන යට ඇදුම් තව දුරටත් ආකර්ෂණිය වෙන්නේ නැහැ.

සිදුරු නිසා ඔබේ පෞද්ගලික අවයව වලට නියමිත ආරක්ෂාව ලැබෙන්නෙත් නැහැ.

මේ ගැන ඔබ කලබල විය යුතුද?

කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

ඔබ මේ ගැන කලබල විය යුතුද නැද්ද යනු ටිකක් ලොකු ප්‍රශ්නයක් නේද? ඇත්තටම ඔබ ඒ ගැන කලබල විය යුතු නැති බව සොන්ටැග් පවසනවා.

මෙම ස්‍රාවයන්ගේ කලබල විය යුතු තරම් ගන්ධයක් නැති නම් කහ , කොළ හා දුඹුරු වැනි අසාමාන්‍ය වර්ණයක් නොමැති නම් ඔබ කලබල විය යුතු නැහැ.

ඒ මෙම පැල්ලම් ඇතිවෙන්නේ ඔබේ යෝනී මාර්ගය එය විසින්ම පිරිසිදු වීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ඇය පවසනවා.

ඔබේ මෙම ස්‍රාවයන්හි අසාමාන්‍ය ගන්ධයක් හෝ පැහැයක් නොමැති නම් ඔබ කලබල වෙන්න එපා.

ඒ ඔබේ යෝනිය නිරෝගීව තබා ගන්න එය විසින්ම සිදු කරනු ලබන ක්‍රියාවලියක ප්‍රතිඵලයි.

කාන්තා යට ඇදුම් ආරක්ෂා කරගැනීම

ඔබේ යට කලිසම් ආරක්ෂා කරගැනීමටත් වැඩි කල් පැවැත්මක් ගැනත් ඔබ සිතනවාද? ඒ සදහා හොද විසදුමක් තියෙනවා.

ඔබට යට ඇදුම් සදහා ප්ලෑන්ටි ලයිනර්ස් අදිනන් පුළුවන්. එහෙම නැතිනම් ලාපාට යට ඇදුම් අදින්න උත්සහ කරන්න.

එවිට මෙම යෝනියෙන් ඇතිවෙන පැල්ලම් දෘෂ්‍යමාන වෙනවා අඩුයි.

යෝනි මාර්ගයෙන් පිටවෙන ස්‍රාවයන් සහ ඒ නිසා  දුර්වර්ණ වෙන යට කලිසම් ගැන ලැජ්ජා වෙන්න එපා.

එය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එය කාන්තාවන් බොහෝ දෙනෙක් අත්විදින තත්වයක්. 

ඔබේ වටිනා කමින් වැඩි යට කලිසම් නිතර නිතර සෝදන්න සිදුවීම ඔබේ සිතට පීඩාවක් එක් කරනවා වෙන්න පුළුවන්.

නමුත් එය ලැජ්ජාවක් හෝ අවමානයට කරුණක් ලෙස සලකා ඔබ ආතතියට පත්වෙන්න එපා.

ඔබේ යට ඇදුම් වල සනීපාරක්ෂාව

කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

ඔබේ යෝනිය නිතර ස්වයං පිරිසිදු කිරීමට පක්වෙන නිසා නිතර තෙතමනය පවතින බව දැන් ඔබ දන්නවා නේද?

ඒ වගේම ඔබට නිතර දහඩිය දමන නිසා ඔබේ යට ඇදුම් වල දහඩියද එකතු වෙන්න පුළුවන්. ඒ වගේම යට ඇදුම් වල මුත්‍රා රැදෙන්න අවස්ථාවද තියෙනවා.

ඒ නිසා ඔබේ යට ඇදුම් වැඩි තෙතමනයෙන් යුක්ත අතර විෂබීජ ,බැක්ටිරියා හා වෛරස් ක්‍රියා කාරී වී ඔබේ යෝනියේ සෞඛ්‍යයට එය බලපෑම් කරන්න පුළුවන්.

එවිට සුදයාම වැනි ආසාදන ඔබට ඇතිවෙන්න ඉඩ තියෙනවා.

අන්න ඒ නිසා ඔබේ යට ඇදුම් වල සනීපාරක්ෂාව ගොඩාක් වැදගත්.

ඔබ යට කලිසම් සුදුසු ආකාරයට තෝරා ගැනීමත් ඒවා පිරිසිදුව පවත්වා ගැනීමත් අවශ්‍ය වෙනවා.

ඒ සදහාත් පුංචි මතක් කිරීම් කිහිපයක් පහතින් දැක්වෙනවා.

1. කපු යට ඇදුම් අදින්න

  • නයිලෝන් , සිලික් රෙදි වලින් මැසු සිහින් පටි ඇති ලස්සන යට ඇදුම් වලට ඔබට ආකර්ෂණය වෙන්න පුළුවන්.
  • නමුත් මෙම රෙදි  තෙතමනය උරා නොගන්නා අතර ඔබේ යට ඇදුම් නිතර තෙත් සහිත වෙනවා.
  • එහිට දුර්ගන්ධයක් ඇතිවිය හැකි අතර ඔබට විවිධ ආසාදන පවා ඇතිවෙන්න පුළුවන්.
  • ඒ නිසා තෙතමනය උරාගන්නා කපු යට ඇදුම් ආකර්ෂණිය බව අඩු වුනත් සෑම විටම තෝරා ගන්න

2. තද යට ඇදුම් අදින්න එපා

  • තද යට ඇදුම් ඔබට අපහසුතාවය දනවන අතර දහඩිය පිටවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.
  • වාතයට ඇතුල් වෙන්න ඉඩක්ද නැහැ.  ඒ නිසා ඔබේ පෞද්ගලික පෙදෙස නිතර උණුසුම් වෙනවා පමණක් නොව තෙතමනයද ඔබේ යට ඇදුම් වල ඉතිරි වෙනවා.
  • මෙහිදිද දුර්ගන්ධය මෙන්ම අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.

3. යට ඇදුම් දිනපතා පිරිසිදු කරන්න

කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

  • ඔබේ යට ඇදුම් අපිරිසිදුව තබා ගන්න එපා. ඒවාගේ විවිධ දීලීර බැක්ටිරියා එකතු වී ඔබටම ආසාදනය වෙන්න පුළුවන්.
  • ඒ වගේම ඔබේ පෞද්ගලික අවයව වල  කැසීම හා දැවිල්ල ඇතිවෙන්නත් පුළුවන්.
  • ඒ නිසා ඔබ ඔබේ යට ඇදුම් දෛනිකව පිරිසිදු කර අව්වේ හොදින් වේලා නැවත භාවිතයට ගන්න මතක තබා ගන්න.

4. එකම යට ඇදුම වැඩි කාලයක් ඇදන් ඉන්න එපා

  • සමහර අය විවිධ හේතුන් නිසා එකම යට ඇදුම දිගු පැය ගණක් ඇදන් ඉන්නවා.  එයත් ඔබේ සෞඛ්‍යයට එතරම් සුදුසු දෙයක් නොවේ.
  • නිතරම ඔබේ පෞද්ගලික පෙදෙස පිරිසිදුව තබා ගත යුතු අතර ඒ සෑම විටම පිරිසිදු යට ඇදුමකට මාරු වීමට පුරුදු වෙන්න.
  • විශේෂ ඔසප් වෙන දින වල මේ පිරිසිදුකම ඉහලින්ම තබා ගන්න.

5. යට ඇදුම් පිරිසිදු කිරීමට අසාත්මික විය හැකි රසායන ද්‍රව්‍ය අඩංගු සේදුම් දියර යොදන්න එපා

  • සේදුම් කාරක දියර වල ඇති සමහර රසායන ද්‍රව්‍ය ඔබේ පෞද්ගලික ප්‍රදේශයේ සංවේදි සමට අසාත්මික වෙන්න පුළුවන්.
  • එවිට කැසීම හෝ දැවිල්ල ඇති වෙන්න ඉඩ තියෙනවා.
  • ඒ නිසා විෂබීජ නාශක ගුණ ඇති සේදුම් දියරයක්  ඔබේ ඇදුම් වලට යොදා එය හොදින් සෝදා හරිමින් ඔබේ යට ඇදුම් සෝදා පිරිසිදු කරගන්න.
  • තද අව්වේ වේලා ගැනීමෙන්ද විෂබීජ විනාශ වෙනවා.

මුලාශ්‍ර - www.womenshealthsa.co.za

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

nimnadhi

කතන්දර ලිපි