theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

4 අවම කියවීම
•••
ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා

ප්‍රසුතියෙන් පසු අම්මෙක් අහන්න අකමැති මේ කථා වලින් වලකිමුද?

දරු ප්‍රසුතිය කියන්නේ සෑම කාන්තාවක්ම ගැබ් ගැනීමේ සිට මාතෘත්වය දක්වා යන අසිරූතම ගමන් මගේ අවසානයයි. දරු ප්‍රසුතියෙන් පසු අම්මෙක් අහන්න අකමැති මේ කථා වලින් වලකිමුද?

ගැහැනියක් මවක් වීමට කරන කැපවීම ආරම්භ වීමට පටන් ගන්නේ ගැබ් ගැනීමත් සමගයි. ඒ ඇය කැමතිව සිටි ආහාර, ඇදුම් යන සියල්ලම අත්හරිමින්, එපමණද ඇය මෙපමණ කල් ඉතා ආදරයෙන් රැකබලා ගත් ලස්සන රූපය මාතෘත්වය වෙනුවෙන්  කැප කරනවා.

මවක් ලෙස මා ආ ගමනත් ජීවිතයේ බොහෝ අවලස්සන තැන් ඉතුරු කලා. ඔබටත් එහෙමයි කියලා මම දන්නවා.

ඒ කැප කිරීම තුල වේදනවක් නැහැ. නමුත් අනෙක් අය සෑමවිටම ඒවා උලුප්පා දැක්වීම මවකට අපහසුතාවයක් ඇති වෙන්න පුලුවන්. අන්න ඒ නිසා දරු ප්‍රසුතියෙන් පසු අම්මාට නොකිය යුතු කථා තියෙනවා.

දරු ප්‍රසුතියෙන් පසු

දරු ප්‍රසුතියෙන් පසු අම්මාට නොකිය යුතු කථා

1. ඔයා මහත් වෙලා

අම්මෙක් වෙන්න ඉන්න ගැහැනියක් අවම වශයෙන් කිලෝ ග්‍රෑම් දොලහක් වත් වැඩිවෙනවා. ප්‍රසුතියෙන් පසු ඒ වැඩිවෙච්ච බර එකවරම නැති වෙන මැජික් එකක් නැහැ. දරුවා මව්කිරි වලින් පෝෂණය වෙත්දී අම්මා ටිකක් වැඩිපුර ආහාර ගන්නවා . එතකොටත් චුට්ටක් බර වැඩිවෙනවා.

ඒක දැන දැනම ඔයා මහත්වෙලා කියලා කියන්න එපා.

2. ඔයා කළු වෙලා

ගැබිනි සමයේ ඇතිවෙන හෝමෝන වෙනස් වීම් බොහෝ විට සමේ පැහැය අඩු කරනවා. ඒ වගේම බඩේ ඉන්න පැටියාට පෝෂණය ප්‍රමාණයක් යන නිසා සමට පෙර තරම් පෝෂණය ලැබෙන්නේ නැහැ.

තව සමේ තෙතමනය රදවාගන්න අව්වෙන් ආරක්ෂා කර ගන්න අපි භාවිතා කල ක්‍රීම් මේ කාලයේදී නවත්වනවා. ජලයත් ටිකක් පෙවෙනවා අඩුයි. ඔය හේතු සියල්ලම ගැබිනි මවකගේ සම දුර්වර්ණ කරන අතර එය ප්‍රසුතියෙන් පසුද යථා තත්වයට පත්වීමට තවත් කලක් ගත විය හැක.

එය එසේ නම් අපි ඇයට ඇගේ සම ගැන මතක් කරමින් අමතර මානසික පීඩනයක් එකතු කල යුතුද?

3.ඔයාගේ බඩ ඇවිල්ලා

ගර්භණිත්වයත් එක්ක වෙනස් වෙන පළමු දෙය වෙන්නේ කුස, වර්ධනය වෙන දරු ගැබත් එක්ක එය ඉදිරියට එනවා. දරුවා ලැබුන ගමන්ම කුසේ තැම්පත් වු මේද ස්ථර එකවර ඉවත් වී යන්නේ නැහැ.

ඒ බව දැන දැන ඒ අම්මා බඩ වැඩියි කිව්වාහම එයාගේ හිත කොච්චර රිදෙයිද?

4.කොණ්ඩේ යනවා නේද?

ගැබිනි සමයේ අම්මාගේ කොණ්ඩෙට පෝෂණය අඩු නිසා කොණ්ඩේ කොහොමත් යනවා. බබාට කිරි දෙද්දී කොහොමත් අම්මාගේ කොණ්ඩේ යනවා. ඒක අපි කවුරුත් අත්වින්දා නේද?

ඒ ගැන අලුත් අම්මා කොහොමත් ඉන්නේ හිතේ වේදනාවෙන් , අපි ඒ ගැන යලි යලි මතක් කරලා වේදනා දිය යුතු නැහැ.

5. බඩේ වයිරන් වැටිලා 

දරු ගැබත් එක්ක ඇදුනු කුසේ සම ප්‍රසුතියත් එක්ක පෙර තත්වයට පත් වුනත් බොහොමයක් අයගේ සම ඇදුනු පාරවල් ඉතිරි වෙනවා. සමහර අයගේ කාලයත් එක්ක ඒවා මැකිලා ගියත් සමහර අයගේ ජීවිත කාලෙම ඒවා ඉතුරු වෙනවා. ඒකට බලපාන්නේ සමේ ස්වභාවයයි.

දරු ප්‍රසුතියෙන් පසු අම්මෙක්ගේ එකම සැනසීම දරුවා, ඒ දරුවා අඩුපාඩු ඇති දරුවෙක් කියලා අහන්න දකින්න කොයි අම්මාත් කැමති නැහැ . ඒක නිසා අලුත උපන් දරුවා සම්බන්ධයෙන් ද ඔබ නොකිය යුතු කතා තියෙනවා.

ප්‍රසුතියෙන් පසු අලුත උපන් දරුවා සම්බන්ධයෙන් ද ඔබ නොකිය යුතු කතා

1.බබාගේ නහය මුක්කන්

පුංචි බබාලාගේ අවයව නම් උපදින කොටම සකස්වෙලා ඉවර නෑ. බොහෝ විට බාහිර ස්වරූපය වර්ධනයත් එක්ක වෙනස් වෙනවා.

බොහෝ විට වැඩිලා නැති අලුත් බබාගේ නහය මුක්කන් වගේ ඔබට පෙනේවි. ඒත් ඒක කියන්න යන්න එපා අම්මාගේ හිත රිදේවි.

2.බබාගේ තට්ටේ නේද?

ගොඩාක් බබාලා උපදින කොට කොණ්ඩේ අඩුයි. සමහර බබාලාගේ කොණ්ඩේ හොදට වැඩෙන්න ඉපදිලාත් කාලයක් යනවා.

ඒක සාමාන්‍ය බහුල තත්වයක්, එහෙම තියෙන විට බබාගේ තට්ටේ ගැන කථා කිරීම ඵලක් නැහැ.

3.බබාගේ කකුල් ඇදයි වගේ

පුංචි පැටව් උපදින කොට තියෙන අත් පා ඔවුන්ටම පාලනය කරගත හැකි වෙන විට මනාව සවිමත් වී ඒවායේ කාර්‍යයන් සදහා සුදානම් වෙනවා.

එතකම් ඒවා ඇදයි වගේ අන් අයට පේන්න පුළුවන් .ඒත් ඒවා කියලා අලුත් අම්මාගේ හිත රිද්දන්න එපා.

4. බබා පාට අඩුයි නේද?

දරුවන්ගේ පාට රදා පවතින්නේ අම්මා තාත්තාගේ සමේ පැහැය මත, උපදින සෑම දරුවෙක්ම සුදු පැහැ විය යුතුයි කියන නියමයක් නැහැ.

දරුවාගේ වර්ණය දෙස නොව ඔහුගේ සුරතල් දෙස බලන්න. බබාගේ වර්ණය ගැන කියමින් අම්මාගේ හිත රිද්දන්න එපා.

5.බබා වපරයිද?

ඉතා කුඩා වයසේ දරුවන්ගේ ඇස් ගැන කියන්න බැහැ. එයාලට ඇස් එක දෙයකට යොමු කරන්න එකවර බෑ.

ඒ නිසා දරුවා වපර වගේ ඔබට පේන්න පුලුවන්. නමුත් ඒ ගැන අදහස් දක්වන්න යන්න එපා.

අලුත් අම්මලාත් තමන්ගේ හෝ දරුවාගේ ප්‍රතිකාර ලැබිය යුතු අසාමාන්‍යතාවයක් තිබේ නම් වෛද්‍යවරයා හමුවෙන්න.

අලුත් අම්මෙක් වීම තුල ඇයට අහිමිවෙන දේවල් එහෙමත් නැත්තම් දරුවාගේ අඩුපාඩු පෙන්වමින් සිතෙන් දුක්වෙන්න ඉඩ හරිනවාට වඩා ඇයට මාතෘත්වය තුල ඉතා කුඩා කාලයකට ලැබෙන ඒ අපූරු අත්දැකීම් අත්විදින්න ඉඩ දෙන්න.

ඔබටත් මේ ලැයිස්තුවට එකතු කිරීමට යමක ඇත්නම් පහලින් සටහනක් යොදන්න.

 

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ප්‍රසුතියෙන් පසු අම්මලාගේ හිත රිදෙන කථා
බෙදාගන්න :
•••
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

single
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor