theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

7 අවම කියවීම
අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

බබාට අල වලින් රසවත් කෑම හදන්න පුළුවන්. ‌මෙන්න ‌රෙසපි 5 ක්

ඔබේ  දරුවාට රසම රස අල ‌රෙසපි 5 ක් ‌මෙන්න.

1. අල ‌රෙසපි : ‌පොටෑ‌ටෝ චිප්ස්

අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

ඡායාරූප සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල
  • පොල්තෙල්

සාදන ආකාරය

  • මම අල කිලෝ එකක් වගෙ ගත්තා. පුලුවන් නම් දිග අල ගන්න
  • මුලින්ම ලොකු බාජනයකට වතුර රක් කරන්න ලි‌පේ තියන්න.
  • අල ටික දිග තීරැ කපා ලොකු බාජනයකට වතුර දාලා එ වතුර බාජනයට මෙ කපාගත් අල ටික දාලා විනාඩි 5/10 තියන්න .
  • මෙ අල ටික කපලා ඉවර වෙනකොට වතුරත් රත් වෙලා දැන් වතුරට දාපු අල ටික වතුර ඉවත්කර ‌මේ රත් කරන උණුවතුරට දාන්න දාලා විනාඩි 2/3 තියන්න.  උතුරන්න දෙන්න එපා පෙන ගතිය වගෙ එනකොට අල ටිකෙ වතුර පෙරා ගන්න.
  • දැන් වතුර පෙරාගත් අල ටික කිචන් ටවල් එකකින් තෙතමාත්තු කර නිමෙන්න තියන්න.
  • මෙ අල දෙපාරක් බදින්න ඕනෙ. නිමුනට පස්සෙ තෙල් රත් කරලා හරියට විනාඩි තුනක් බැදගන්න.
  • බැදපු අල ටික පෙපර් එකක් මත දාන්නෙ නැතුව තෙල් බේරන විදියට බාජනයක් පාවිච්චි කරලා තෙල් ‌බේ‌රෙන්න තියන්න.
  • දැන් තෙල් බේරිලා නිමුනු අලටික Zip lock බෑග් වල දාලා ෆ්‍රිසර් කරන්න.
  • එක දෙයක් මතක තියාගන්න අල වැඩිපුර හදනවා නම් එක පාරකට ඇති වෙන ප්‍රමානෙට Zip lock බෑග් වලට දාලා ෆ්‍රිසර් කරන්න.
  • මෙහෙම වෙන් කරලා මාස 5/6 ෆ්‍රිසර් කරලා තියගන්න පුලුවන් .
  • එකම පැකට් එකෙ දාලා බදිනකොට ටිකක් අරන් ආයෙන් ෆ්‍රිසර් කරොත් වැඩිකල් තියාගන්න අමාරුයි.
  • ඒ නිසයි හදන ප්‍රමානෙ වෙන් කරලා දාන්න කිව්වේ . අඩුම පැය 24 ක් වත් ෆ්‍රිසර් එකෙ තියෙන්න දෙන්න.
  • ඉටපස්සෙ ගැඹුරු තෙලෙන් ලිප වැඩි කරලා රන්වන් පාට වනතුරු බැදගන්න. අන්තීමට ලුනුකුඩු එකතු කර කලවම් කරගන්න
  • ගොඩාක් ක්‍රිස්පි. ගොඩාක් රසයි.
  • පැයකට වඩා ගියත් ක්‍රිස්පි ගතියටම තියනවා.

2. අල ‌රෙසපි: පොටෑටෝ ලොලිපොප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ‌ගෙඩි 3
  • බටර් ‌මේස හැදි 2
  • ලොකු ලූණු බාගයක්
  • සුදුලූණු
  • ඉඟුරු
  • කොත්තමල්ලි කොල හරි පාස්ලී කොල හරි
  • කැරට්
  • ලුනුකුඩු
  • ගම්මිරිස්
  • සූදුරැ කුඩු තේ හැඳි 1
  • කහකුඩු ස්වල්පයක්
  • අමුතුනපහ තේ හැඳි 1
  • බිත්තර කහමද 1

සාදන ආකාරය

  • අල ගෙඩි 3 වගෙ තම්බලා මෑශ් කරගන්න අල රස්නෙ තියකොට බටර් මේක හැඳි 2 වගෙ දාලා පොඩි කරන්න එතකොට බටර් දිය වෙනවා.
  • ලොකු ලූණු බාගයක් පොඩියට කපාගන්න. සුදුලූණු ඉඟුරු ටිකක් තලා පොඩි කරගන්න.
  • කොත්තමල්ලි කොල හරි පාස්ලී කොල හරි දෙකෙන් එකක් පොඩියට කපාගන්න.
  • කැරට් පොඩි කෑල්ලක් ‌ග්‍රේට් කරගන්න..
  • බාජනයට අල, ලූණු, සුදුලූණු, ඉඟුරු, කැරට්, පාස්ලී, ලුනුකුඩු, ගම්මිරිස්, සූදුරැ කුඩු තේ හැඳි 1, කහකුඩු ස්වල්පයක්, අමුතුනපහ තේ හැඳි 1, බිත්තර කහමද 1, බිත්තර දාන්න අකමැති නම් එපා.
  • මේ ටික දාලා හොඳට කලවම් කරලා පොඩියට බෝල හදාගන්න.
  • දැන් පොඩි බාජනයට පාන්පිටි ⁣මේස හැඳි 2/3 දාලා වතුර දාලා උකු මිශ්‍රණයක් හදාගන්න ලුනුකුඩු චුට්ටකුත් දාලා.
  • දැන් අල බෝල එකින් එක ගෙන මෙ හදාගත් බැටර් එකෙ දාලා පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලෙන් බැදගන්න..
  • මෙ විදියට හදලා Zip lock බෑග් වල දාලා ෆ්‍රීසර් කරලා සති තුන හතරක් තියගන්න පුළුවන්.
  • පාන්කුඩු තවරලා තමයි පැකට් කරන්නෙ. ආයෙත් කෑමට ගන්න කොට ෆ්‍රීසර් එකෙන් අරන්  කූල් පිටින්ම රත්කරගත් තෙලෙන් බැදගන්න .
  • පොඩි ලමයින්ගෙ ලන්ච් බොක්ස් වලට එහෙම හොඳට . උදේට ගොඩාක් ලේසි

3. අල ‌රෙසපි: ස්ප්‍රීන්ග් පොටෑටෝ 

අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

ඡායාරූප සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

අවශ්‍ය දුව්‍ය

  • දිග අල ‌ගෙඩි 3ක්
  • දිග කූරු 3 ක්
  • පාන්කුඩු
  • චීස් පව්ඩර්
  • ලුනුකුඩු
  • ගම්මිරිස්.
  • පැප්රිකා පව්ඩර් නැතිනම් මිරිස් කුඩු
  • තෙල්

සාදන ආකාරය

  •  මේකට පොඩි දිග අල තමයි හොඳ එතකොට තමයි කපාගන්න. ලේසි වෙන්නෙ.
  • මම ගත්තේ අල ගෙඩි 3 ක්. පොතු පිටින්ම තමයි ගත්තේ. අල ටික හොඳට හෝදන්න මම එලවලු මදින බ්‍රශ් එකක් පාවිච්චි කරලා තමයි අල පිරිසිදු කරෙ.
  • හෝදගත් අල ටික දිග කූරු වලින් ඇන ගන්න . ඔයාලට කැමති කූරක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අල ගෙඩිය කපාගන්න ඕනෙ.
  • එක කොනකින් පටන් ගන්න මෙ අල කපගන්නෙ වෙන් නොවෙන විදියටයි. පිහියකින් ටිකක් ඇදෙට කපන්න ඕනෙ අනිත් කොනට වෙනකන්.
  • හරි කෙලින් කපන්න ගියොත් අල වෙන් වෙලා කැපෙනවා. පිහිය ටිකක් ඇද කරන ගමන් කපන්න.
  • තව දෙයක් පිහිය ඇතුලෙ තියෙන කූරට වදින විදියට තමයි මෙ අලෙ කපාගන්න ඕනෙ. කූල් ඇනගන්නකොට උඩට වැඩිපුර යවන්න මොකද අල කපලා ඉවර වෙලා උඩට තමයි අදි⁣න්නෙ.
  • දැන් කපාගත් අල යට කොන අතින් අල්ලගෙන උඩට හෙමින් හෙමින් අදින්න.
  • එකපාර අදින්න ගියොත් කැඩෙන්න බලනවා එ නිසා හෙමින් පරිස්සමට අදින්න..
  • දැන් බාජනයකට පාන්කුඩු, චීස් පව්ඩර්,  ලුනුකුඩු, ගම්මිරිස්, පැප්රිකා පව්ඩර්,(පැප්රිකා පව්ඩර් නැත්නම් මිරිස් කුඩු එකතු කරන්න සැර කන්න පුළුවන් අයට). මෙ ටික දාලා හොඳට කලවම් කරලා තියාගන්න.
  • දැන් කපාගත් අල ටිකට තෙල් ගාගන්න ඕනෙ. මම බ්‍රශ් එකක් පාවිච්චි කරලා ඔලිව්තෙල් ගෑවා හැමතැනටම වදින විදියට ඇතුලටත් වදින විදියට තෙල් ගාගන්න ඕනෙ.
  • තෙල් ගාපු අල ටිකට පාන්කුඩු මිශ්‍රණයෙන් හොඳින් තවරන්න ඇතුලටත් ගෑවෙන විදියට.
  • දැන් ඉතින් බේක් කරගමු. ප්‍රීහීට් කරපු අවන් එකෙ 200 c විනාඩි 15/20 බේක් කරන්න.
  • විනාඩි 20 පස්සේ අනිත් පැත්ත පෙරලලා ආයෙත් විනාඩි 15/20 බේක කරගන්න.
  • අවන් හැමෝගෙම එක වගෙ නැති නිසා ගෝල්ඩන් පාටක් වෙනකන් බේක් කරගන්න
  • මේක බැදගන්නත් පුළුවන්. බැද ගන්න අයට පුළුවන් බිත්තර සාරු වල දාලා හදගත් පාන්කුඩු වල තවරලා බදින්න.
  • බේක් කරන එක තමයි ලේසි.. මම මෙ විදියටටි ස්ප්‍රීන්ග් පොටෑටෝ හැදුවෙ

4. අල ‌රෙසපි: අල ‌බොන්ඩා

අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

ඡායාරූප සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

අවශ්‍ය ද්‍රව්‍ය

පිරවුම

  • අල ගෙඩි 3/4
  • තෙල්
  • අබ
  • සුදුරු
  • කරපිංචා
  • ඉඟුරු
  • සුදුලූණු
  • කපාගත් ලූණු 
  • කහකුඩු ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • කොත්තමල්ලි

බැටර් එකට

  • කඩල පිටි මේස හැඳි 3/4 
  • හාල්පිටි මේස හැඳි 1 
  • බේකින් සෝඩා පිංචක් ( ආප්ප සෝඩා )
  • මිරිස් කුඩු
  • කහකුඩු
  • ලුනුකුඩු
  • තෙල් මේස හැඳි 1

සාදන ආකාරය

  • මුලින්ම අල මිශ්‍රණය හදමු. අල ගෙඩි 3/4 තම්බලා මෑශ් කරලා ගන්න .
  • මම මයික්‍රො එකෙ තැම්බුවෙ හැමදාම තම්බන විදියට.
  • පෑන් එකට තෙල් චුට්ටක් දාලා අබ සුදුරැ කරපිංචා දාලා තෙම්පරාදු කරන්න ඉන්පසු ඉඟුරු සුදුලූණු පේස්ට් ටිකක් දාලා මෙ දෙකෙ අමු ගතිය නැතිවෙනක් බැදෙන්න දෙන්න.
  • බැදුනට පස්සේ පොඩියට කපාගත් ලූණු ටිකක් දාලා ලුනුකුඩු දාලා රන්වන් පාට වෙනකන් බැදගන්න දැන් කහකුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් අමුතුනපහ ටිකක් සුදුුරු ටිකක් සුදුරැ කුඩු නැත්නම් අවශ්‍ය නැහැ. ‌
  • මේ ටික දාලා කලවම් කරලා මෑශ් කරපු අල ටික දාලා හොඳට කලවම් කරන්න.
  • තියනවානම් විතරක් කොත්තමල්ලි ටිකක් අන්තීමට දාලා ලිපෙන් බාගන්න.
  • ටිකක් නිමුනට පස්සේ කැමති විදියට බෝල හදාගන්න .

 බොන්ඩා එ‌කේ බැටර් එක හදමු.

  • කඩල පිටි මේස හැඳි 3/4 ,හාල්පිටි මේස හැඳි 1 , බේකින් සෝඩා පිංචක් ( ආප්ප සෝඩා ), මිරිස් කුඩු, කහකුඩු, ලුනුකුඩු දාලා තෙල් මේස හැඳි 1 දාලා වතුර ටික ටික දාලා උකු මිශ්‍රණයක් වෙන්න හදාගන්න .
  • වැඩියෙන් වතුර ගතියටත් නැතුව වැඩියෙ ගනකමටත් නැතුව සකස් කරගන්න.
  • දැන් මෙ අල බෝල ටික මෙ බැටර් එකට දාලා බැදලා ගන්න. තෙල් ටික හොඳට රත් කරලා බැදලා ගන්න .
  • ඇතුල තැම්බිලා තියෙන්නෙ බැටර් එක විතරයි ෆ්‍රයි වෙන්න ඕනෙ.

5. අල ‌රෙසපි: අල ‌‌ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් 1
  • ලුනු
  • තල ඇට ටිකක්
  • දිය කරගත් බටර් ‌මේස හැදි 2
  • ලොකු අල ගෙඩි 2
  • ලූණු ටිකක්
  • අමු තුනපහ කුඩු
  • කහකුඩු
  • පැප්රිකා පව්ඩර්. පැප්රිකා වෙනුවට මිරිස් කුඩු
  • කඩල පිටි ( Gram flour )මේස හැඳි 3
  • කොත්තමල්ලි ‌කොළ

සාදන ආකාරය

  • මුලින්ම බාජනයකට පිටි කප් 1 දාගන්න. ගෙදර තියෙන කප් එකක් ගන්න.
  • දැන් ලුනුකුඩු,තල ඇට චුට්ටක්, දියකරගත් බටර් මේස හැඳි 2, දාලා කලවම් කරලා වතුර ටික ටික දාලා අතෙ ඇලෙන්නෙ නැති ගානට අනලා විනාඩි 10/15 වහලා තියන්න.
  • බටර් දාන්න අකමැති අයට තෙල් දාගන්න පුළුවන්
  •  ඇතුලට දාන මිශ්‍රණය සදහා ලොකු අල ගෙඩි 2 තම්බලා මෑශ් කරගන්න.
  • මම අල සුද්ද කරලා කපලා මයික්‍රො එකෙ 600 W විනාඩි 6 ස්ටීම් කරගත්තා වහලා.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා පොඩියට කපාගත් ලූණු ටිකක් දාලා ලූණු බැදිගෙන එනකොට ලුනුකුඩු, අමු තුනපහ කුඩු, කහකුඩු, පැප්රිකා පව්ඩර්, (පැප්රිකා වෙනුවට මිරිස් කුඩු)  ‌ මේ ටික දාලා කලවම් කරලා කඩල පිටි ( Gram flour )මේස හැඳි 3 මෙ තෙලට දාලා හොඳට කලවම් කරන්න.
  • කලවම් වුනාට පස්සේ මෑශ් කරගත් අල ටික දාලා කලවම් කරලා තියනවානම් කොත්තමල්ලි කොල ටිකක් දාලා ලුනුකුඩු බලලා දාගන්න . මිශ්‍රණය රෙඩි.
  •  දැන් පිටි එක කෑලි 12 වෙන් කරලා බෝල විදියට හදාගන්න. අල මිශ්‍රණයත් නිමුනට පස්සේ ⁣12 වෙන් කරගන්න.
  • දැන් පිටි එක පිරිසිදු මතුපිටකට දාලා ටිකක් තුනි කරලා පිහියකින් තීරැ 3 මැද විතරක් කපාගන්න.
  • කැපුවට පස්සේ අල මිශ්‍රණය මැදලා තියලා කොන් දෙක අලවගන්න .
  • ඊට පස්සේ ටොෆියක් විදියට දෙපැත්ත කොන් දෙක අතින් අඹරගන්න.
  • දැන් හොඳට රත් වෙච්ච තෙලට දාලා බැදගන්න.

අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

අද අපිට මේ රසම රස අල ‌රෙසපි 5 ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දුන්නේ අනූෂා ජිවනී මහත්මියයි.

ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු.

අනූෂා ජීවනී මහත්මියගේ ‌anu kitchen and home  ‌ෆේස් බුක් පිටුවේ පල වු ඉහත ‌රෙසපි හා ඒවායේ ඡායා රූප  ඒ මහත්මියගේ අවසරය හා අනුදැනුම සහිතව නැවත පල කරන ලද බව කරුණාවෙන් සලකන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්
බෙදාගන්න :
  • ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

    ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

  • පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

    පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

    ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

  • පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

    පොලොස් වලින් රසවත් රෙසපි 7 ක් හදමු

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it