theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

5 අවම කියවීම
උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

උත්සව සමයේ ඉක්මනින්ම මෙන්ම රසවත්ව උජාරුවට හදලා පිළිගන්වන්න කදිම පුඩින් වර්ග 5ක්

උත්සව සමයේ අමුත්තන්ට කඩිමුඩියේ හදලා පිළිගන්වන්න රසම රස පුඩින් වර්ග පහක රෙසිපි කිහිපයක් ඔබ වෙත අද ගෙන එනවා.

1. පුඩින් වර්ග: කැරමල් පුඩින් (Caramel Pudding)

පුඩින් වර්ග

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • වතුර ටින් 1
  • බිත්තර 6
  • කැරමල් එසන්ස් හෝ වැනිලා එසන්ස් ස්වල්පයක්
  • කජු ලාවට රෝස්ට් කර කැබලි කපා ගන්න (අවශ්‍ය නම්)
  • කැරමල් සෑදිමට සීනි මේස හැඳි 4 වතුර මේස හැඳි 3

කැරමල් සාදන ක්‍රමය

  1. සීනි වලට වතුර දමා ලිප තබා හැඳි නොගා රත් කරන්න.
  2. සීනි මිශ්‍රණය දුඹුරු පාට වී එනවිට හැඳි ගාමින් සීනි දියවී පැනියක් වන තුරු තබා ලිපෙන් බාන්න.
  3. එය පුඩිම සාදන බදුනට දමා පතුලේ සහ වටේ ගෑවෙන තුරු බඳුන කරකවන්න.

සාදන ක්‍රමය

  1. මිල්ක්මේඩ් බාජනයකට දමා වතුර ටින් එකෙන් ¾ක් පමණ එයට දමා මිශ්‍ර කරන්න.
  2. ඉතිරි වතුර ටින් ¼ කැරමල් සෑදූ බාජනයට දමා ටිකක් රත් කර කැරමල් රස වතුරට දිය වන තුරු තබා නිවා ගන්න. එය මිල්ක්මේඩ් වතුර මිශ්‍රණයට දාන්න. මෙයින් කැරමල් පුඩිමේ රස වැඩි වේ.
  3. බිත්තර වෙනම ටිකක් බීට් කර මිල්ක්මේඩ් සහ වතුර මිශ්‍රණයට දමා වැනිලාද දමා කලවම් කරන්න. බිත්තර ගොඩක් පෙණ එනතුරු බීට් කරන්න එපා. එවිට වායු බුබුලු පුඩිම තුල එකතු වී පුඩිම අනිත් පැත්ත හරවන විට කැඩෙන්න ඉඩ වැඩියි.
  4. දැන් පුඩින් මිශ්‍රණය කැරමල් දැමූ බාජනයට දමන්න. කජු අවශ්‍ය නම් දමන්න.
  5. බාජනයේ කට ෆොයිල් කොලයකින් වසන්න.
  6. මෙය පැය විනාඩි 30-45 පමණ ස්ටීම් කරන්න. ස්ටීමර් එකක හෝ අවන් එකේ නටන වතුර දැමූ තැටියක් තබා එය මත පුඩින් බඳුන තබා හදා ගන්න පුලුවන්.
  7. පුඩිම හැදිලද කියලා බලන්න ටූත් පික් එකක් හෝ පිරිසිදු ඉරටුවක් පුඩිම මැදට ගසා බලන්න. එය එළියට ගත් විට ඉරටුවේ ක්‍රීම් වගේ ගෑවී නැති නම් සහ පුඩිම් බාජනය සෙලවූ වීට මැද හරිය නොසෙල්වී තිබේ නම් පුඩිම හරියට හැදිලා
  8. දැන් පුඩිම ලිපෙන් බා නිවුන පසු ශීතකරණයේ තබන්න. පැය 5-6 වත් ශීත වූ පසු බාජනය පිඟානක් මත මුනින් හරවා ටිකක් තට්ටු කරන්න. එවිට පුඩිම කැරමල් සමගම පිඟාන මතට වැටේ. දැන් සංග්‍රහයට සූදානම්....

2. පුඩින් වර්ග: වටලප්පන්

උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

 අවශ්‍යය ද්‍රව්‍ය

  • හකුරුග්‍රෑම් 250
  • බිත්තර 5
  • මිටි කිරි අඬු කෝප්ප 1 1/4
  • වැනිලා ස්වල්පයක්
  • කරදමුංගු 2
  • කරාඹුනැටි 3
  • කජු මද 10
  • වියලි මිදි ග්‍රෑම් 10

සාදන ක්‍රමය

  1. මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල  හොඳින් දිය  කර ගන්න.
  2. දිය කරගත් මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කැබලි තිබිය හැක. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් වුවද භාවිතා කළ හැකිය.
  3. දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. එවිට බිත්තර ටික හොදින් බීට් වෙලා තියේවි.
  4. බිත්තර වලට දිය කරගත් හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින්  බීට් කරගන්න.
  5. අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක, බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති කරනවා මෙන්ම හොඳ රසයකුත් වටලප්පමට එක්කරනවා.
  6. ඇලුමිනියම් බඳුනක හෝ තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න.
  7. බඳුනේ කට තෙල් කරදාසියකින් හෝ ඇලුමිනියම් පත්‍රයකින් හෝ ආවරණය කරන්න.
  8. පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න. හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුළ  බහා විනාඩි 30 – 45 ක් (හොඳින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න.
  9. කජු සහ වියළි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.

3. පුඩින් වර්ග: පාට හතරකින් ජෙලි ක්‍රිස්ටල්ස්

උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් කිරි ටින් 1 යි
  • ජෙලටින් 30ග්රෑ පැකට් 1 යි
  • ස්ට්‍රෝබෙරි රසැති ජෙලි පැකට් 1 යි
  • රාත්තල් 2 කේ කේක් තැටි 1 යි
  • ලන්ච් ෂීට් 1 යි

සාදන ක්‍රමය

  1. පළමුවෙන්ම පාට හතරේ ජෙලි භාජන 4 කට දමා එකකට උනු වතුර කෝප්ප 1 1/2 බැගින් දමා මුදවා ගන්න.
  2. ජෙලටින් උනු වතුර කෝප්ප දෙකකින් දියකර මිල්ක්මේඩ් වලට දමා හොදින් කලවම් කර ගන්න.
  3. ස්ට්‍රෝබෙරි ජෙලිත් වෙනම උනු වතුර කෝප්ප 1 1/2 දමා දියකර ගන්න.
  4. කේක් ට්‍රේ එකට ලන්ච් ෂීට් එක දමා කලින් මුදවා ගත් පාට හතරේ ජෙලි පිහියකින් පොඩි කෑලි කපා ට්‍රේ එකට දමා හොදින් පාට මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න.
  5. ඊට උඩින් ජෙලටින් මිශ්‍ර කරගත් මිල්ක්මේඩ් වත්කර ගන්න. ශීතකරනයේ තබා මුදවා ගන්න. මිදුනු පසු උඩින් ස්ට්‍රෝබෙරි රසැති ජෙලි වක්කර නැවත මුදවා ගන්න.
  6. හොඳින් මිදුනු පසු ලන්ච් ෂීට් එක පිටිං ගෙන ලෑල්ලක් මත තබා අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න.

4. පුඩින් වර්ග: බිස්කට් පුඩිං

උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ටිකිරි මාරි පැකට් දෙකයි
  • ඇස්ට්‍රා හෝ බටර් 100
  • අයිසින් සීනි 200
  • චොකලට් පව්ඩර් මේස හැන්දක්
  • බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි)
  • උඩින් ඉහගන්න කජු ( මම නම් මේකට දැම්මේ ඩෙසට් ටොපින් පැකට් එකක ඒවා )
  1. මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. (අයිසින් සීනි, බටර්, චොකොලට් පව්ඩර් එකට මිශ්‍ර කර හදාගන්න පුළුවන්) 
  2. බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට එක තට්ටුවක් අතුර ගන්න.
  3. එම තට්ටුවව උඩින් අයිසින් තට්ටුවක් අතුරගන්න.
  4. මේ ආකාරයෙන් කිරෙන් යන්තමට ප්ඟවාගත් බිස්කට් ටට්ටුවක් හා අයිසින් තට්ටුවක් බැගින් තට්ටු කිහිපයක් අතුරගන්න. 
  5. අන්තිම උඩම තට්ටුව ලෙස අයිසින් ලේයර් අතුරා පුඩිම වසාගන්න. ඊට උඩින් හීනියට හකැපූ කජු කැබලි ඉහගන්න. 
  6. ෆ්‍රීසර් එකේ දාන්න පැය දෙකක් පමණ තබාගන්න. 

* මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න. නැත්නම් දිය ගතියක් එන්නට බලනවා)

* බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත්,  කිරි ටික පෙරාගන්න. එයට තව අයිසින් සීනි ටිකක් දාලා චොකොලට් පව්ඩර් දාලා, හොඳින් උකු වෙන තෙක් රත් කරන්න.

* මෙය හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න...

5. පුඩින් වර්ග: චොකොලට් මූස් (Chocolate Mousse)

උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකින් චොකලට් 270g
  • වතුර 240g
  • සීනි මේස හැඳි 4

සාදන ක්‍රමය පුඩින් වර්ග

  1. තරමක් ලොකු භාජනයකට අයිස් කැට සහ වතුර ටිකක් දමාගන්න. ඊට කුඩා බඳුනක් ඒ තුලින් තබාගන්න.
  2. වෙනම බඳුනකට ඉහත ද්‍රව්‍ය 3ම දමා අඩු ගින්දරේ චොකලට් සහ සීනි දියවෙන තුරු හැඳි ගාමින් රත් කරගන්න.
  3. දියවූ පසු අයිස් වතුර මත තබාගත් බඳුනට දමා ඝණ වනතුරු විස්ක් කරගන්න. ඝණ වූ පසු පිළිගන්වන බඳුන් වලට දමා එවලේම පිළිගන්වන්න.
මූලාශ්‍ර:  CookYummyFoods, aniwa.lk, wedabima.lk/, katatarasata.lk, katatarasata.lk
 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • උත්සව සමයේ අමුත්තන්ට ඉක්මනින්ම හදා දෙන්න රසවත් පුඩිං වර්ග 5ක්
බෙදාගන්න :
  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

  • මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

    මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

  • මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

    මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it