theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

5 අවම කියවීම
ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසයලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

රාමසාන් වලට රසම රස ආහාර වට්ටෝරු එකතුවක්.

රාමසාන් උත්සවය ලග ලගම එනවා. මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම වට්ටෝරු 5 ක් අරගෙන එන්නයි මේ සුදානම

මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම 5 ක්

1. චිකන් බුරියානි

ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

  • ගී තේ හැදි 3
  • කුරුදු, කරාබු නැටි, කරදමුංගු හා බේ කොළ
  • හීනියට ලියා ගත් ලූණු 5
  • අමුමිරිස් 2
  • ලියාගත් තක්කාලි 2
  • කොත්තමල්ලි කොළ
  • මිංචි කොළ
  • රස අනුව ලුනු
  • බාසුමති හාල් 400g

මිශ්‍රණය

  • කුකුළ් මස් 1Kg
  • කහ තේ හැදි 1
  • මිරිස් තුඩු තේ හැදි 3 ක් හෝ 4 ක්
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2
  • ගාරම් මසාලා පවුඩර් තේ හැදි 1
  • රස අනුව ලුනු
  • තලා ගත් ඉගුරු තේ හැදි 2
  • තලා ගත් සුදු ළුණු තේ හැදි 2
  • මීී කිරි කෝප්ප 1

සකස් කරන ආකාරය

  • භාජනයකට කුකුල් මස් කෑලි දමන්න
  • වෙනම බදුනකට කහ, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, ගාරම් මසාලා, ලුනු, තලා ගත් ඉගුරු හා සුදුළූණු එකතු කරන්න.
  • මී කිරි කොප්පය මදක් මිශ්‍ර කර එයත් කුකුල් මස් කැබලි වලට එකතු කරන්න.
  • ඉන්පසු කුකුල් මස් වලට කලින් සකස් කල මිශ්‍රණය දමා එය මස් වල හොදින් තවරාගන්න.
  • එය පැය දෙකක් තබන්න
  • මැටි බදුනකට ගීතෙල් හා කුරුදු, කරාබු නැටි, කරදමුංගු හා බේ කොළ එකතු කරන්න.
  • එයට ලියා ගත් ලූණු හා අමුමිරිස් එකතු කරන්න.
  • දැන් ලූණු රන්වන් පැහැ වෙන තුරු බැදෙන්න හරින්න.
  • ඉන්පසු කපාගත් තක්කලි එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් එයට කුකුල් මස් කැබලි එකතු කරන්න.
  • අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර තැම්බෙන්න විනාඩි 5 ක් පමණ වසා තබන්න.
  • මස් වල පැහැය රෝස පාට ඉවත් වු පසු එයට කොත්තමල්ලි කොළ හා මිංචි කොළ එකතු කරන්න.
  • බදුනේ පියන වසා විනාඩි 15 ක් තම්බාගන්න.
  • මුඩිය ඉවත් කර බලන්න. ලුනු මදි නම් එකතු කරන්න.
  • දැන් 3/4 ක් පිස ගත් බාසුමති හාල් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු ගී ටිකක් එකතු කර ඇලුමිනයම් ෆොයිල් එකකින් වසා තබන්න.
  • එය පියනකින් වසා තවත් විනාඩි 30 ක් පිසගන්න.
  • පියනව හා ඇලුමිනයම් ෆොයිල් එක ඉවත් කල පසු එය මෘදුව මිශ්‍ර කරන්න.

2. රයිටා

ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

අමුද්‍රව්‍ය

  • පෙති කපන ලද රතු ළූණු  200 g
  •  කපන ලද අමු මිරිස් 2
  • පෙති කැපු කුඩා තක්කාලි 1
  • ලියා ගත් කොත්තමල්ලි කොළ තේ හැදි 1
  • රස කිරීමට ලුණු
  • මී කිරි මේස හැඳි 4 ක්

සකස් කරන ආකාරය

  • අපි සේවය කිරීමට සූදානම් වන විට සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

3. මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම: අන්නාසි ව්‍යංජනය

ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය

  • කපා ගත් විශාල අන්නාසි 1
  • කුඩා කරපිංචා කොළ
  • අඟල් 1 ක කුරුඳු කැබැල්ලක් සහ කරඳමුංගු කරල් 2
  • පෙති ගැසු ලූණු ගෙඩියක්
  • අබ තේ හැදි  1/4
  • තෙල් හැදි 5 ක්
  • කහ කුඩු හැදි 1
  • මිරිස් කුඩු හැදි 2
  • ලුණු
  •  ගාන ලද හකුරු 150g
  • ඇට ඉවත් කරගත් රට ඉදි 200g
  • තක්කාලි සෝස් කෝප්ප 1/2
  • බැදපු ඇට වර්ග 100g

සකස් කරන ආකාරය

  • පෑන් එකකට තෙල් එකතු කර රත් කරන්න
  • දැන් අබ, ළූණු, කරපිංචා සහ කුරුඳු සහ කරදමුංගු එකතු කරන්න
  • එය රන් දුඹුරු පැහැයට හැරෙන විට මිරිස් කුඩු සහ කහ කුඩු තෙම්පරාදු  කල තෙල්වලට එකතු කර අන්නාසි හා ලුණු එකතු කර හොඳින් පිසගන්න.
  • අන්නාසි හොඳින් පිසි මෘදු වු පසු ගාන ලද හකුරු සහ රටඉදි එකතු කරන්න
  • රස  අනුව සීනි එකතු කර හොඳින් උයන්න
  • අවසානයේ තක්කාලි සෝස් එකතු කර හොඳින් පිසගන්න.
  • අවසාන වශයෙන් බැදපු ඇට වර්ග එකතු කරන්න

4. වටලප්පම්

මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම

අවශ්‍යය ද්‍රව්‍ය

  • හකුරුග්‍රෑම් 250
  • බිත්තර 5
  • මිටි කිරි අඬු කෝප්ප 1 1/4
  • වැනිලා ස්වල්පයක්
  • කරදමුංගු 2
  • කරාඹුනැටි 3
  • කජු මද 10
  • වියලි මිදි ග්‍රෑම් 10

සාදන ක්‍රමය

  • මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල  හොඳින් දිය  කර ගන්න.
  • දිය කරගත් මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කැබලි තිබිය හැක. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් වුවද භාවිතා කළ හැකිය.
  • දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. එවිට බිත්තර ටික හොදින් බීට් වෙලා තියේවි.
  • බිත්තර වලට දිය කරගත් හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින්  බීට් කරගන්න.
  • අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක, බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති කරනවා මෙන්ම හොඳ රසයකුත් වටලප්පමට එක්කරනවා.
  • ඇලුමිනියම් බඳුනක හෝ තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න.
  • බඳුනේ කට තෙල් කරදාසියකින් හෝ ඇලුමිනියම් පත්‍රයකින් හෝ ආවරණය කරන්න.
  • පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න. හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුළ  බහා විනාඩි 30 – 45 ක් (හොඳින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න.
  • කජු සහ වියළි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.

5. මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම: ගුලාබ් ජමුන්ස් 

මුස්ලිම් ජාතිකයන්ගේ ජනප්‍රිය කෑම

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි පයින්ට් 1
  • කිරිපිටි 400g
  • පිටි 100g
  • ග්රෑම් 100 බටර්
  • බේකිං සෝඩා තේ හැඳි 4 ක්
  • තෙල් / ගිතෙල්

සිරප් එක සදහා

  • සීනි 750g
  • වතුර කෝප්ප 2 ක්
  • රෝස එසෙන්ස්
  • එනසාල් 

පෑන් එකකට සීනි, ජලය, රෝස සාරය සහ එනසාල් කරල් ස්වල්පයක් එකතු කර මිශ්‍රණය  නූල් මෙන් ඇදෙන තෙක් රත් කොට සිසිල් වීමට ඉඩ හරින්න.

ගුලාබ් ජමුන්ස්  හදමු

  • කිරිපිටි, පිටි සහ බේකිං කුඩු දමා මිශ්‍ර බඳුනකට දමා බටර් එකතු කර පාන්කුඩු මෙන් වෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
  • වරකට කිරි ස්වල්පයක් බැගින් එකතු කර මෘදු පිටි ගුලියක් එනතුරු අනන්න. (කිරි සියල්ල එකතු කරන්න අවශ්‍ය නැහැ. මෘදු පිටි ගුලියක් සකස් වෙනතුරු එකතු කරන්න)
  • ඉතිරි කිරි පසෙකට තබන්න.
  • මිශ්‍රණය ආවරණය කර පැයක් තබන්න.
  • පැයකට පසු, එයට කිරි ටිකක් එකතු කර හොඳින් අනන්න.
  • ඉන්පසු කුඩා බෝල සාදන්න.
  • ගිතෙල් හෝ තෙල් මද ගින්නේ රත් කර ගුලාබ් රන්වන් දුඹුරු වනතෙක් බැද ගන්න.
  • කෙලින්ම ගුලාබ් සීනි සිරප් එකට දමන්න.

මෙම රසවත් රෙසපි අප වෙත ලබා දුන් Sumaiya Hussain මහත්මියට අපගේ ස්තුතිය පුද කරනවා.

ඔබ දන්නා තවත් රසවත් ආහාර රෙසපි අපිත් සමග බෙදාගන්න.

රාමසාන් සමරන සැමට සුභ රාමසාන් උත්සවයක් වේවා!

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • ලහි ලහියේ සුදානම් වෙන රාමසාන් කෑම මේසය
බෙදාගන්න :
  • රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

    රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

  • රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

    රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

  • රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

    රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

  • රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

    රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it