මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

මව්වරුන්, සුරාන්තය නොහොත් ලිංගික තෘප්තිය සිදු නූනත් එය ව්‍යාජ ලෙස මවාපාන්නෙ ඇයි?

සැබෑ සුරාන්තය අත්දැකිය හැක්කේ කෙසේදැයි සොයා බලා සැමියා සමඟ ඔබේ ලිංගික ජීවිතය විනෝදාස්වාදජනක එකක් කරගන්න!

වසර ගණනාවක් පුරාවට ඔබේ සැමියා එකට ජීවත් වුණත්, ඔබේ සැමියාට පැවසිය නොහැකි යැයි ඔබට හැඟෙන දේවල්ද නැතුවා නෙවෙයි නේද? සාර්ථක විවාහයක් සඳහා විවෘත සන්නිවේදනයක් සහ අවංකභාවයක් අවශ්‍ය වනවා.

සහකරුවන් එකිනෙකාගෙන් රහස් තබා නොගැනීමට උත්සාහ කරන්නේ මේ නිසා ය. නමුත් කාන්තාවන්ගේ සුරාන්තය ව්‍යාජ ලෙස මවාපෑම, එය ඔවුන්ගේ සහකරුවන්ට බොරුවක් කීවා හා සමානය.

ඉන්දියානා විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකට අනුව, කාන්තාවන්ගෙන් 53% ත් 67% ත් අතර සංඛ්‍යාවක් විශ්වාස කරන්නේ තමන්ට ව්‍යාජ ලෙස තෘප්තිමත් වූ බව තම සැමියන්ට පෙන්වනවාට වඩා වෙනත් විකල්පයක් නොමැති බව හැඟෙන බවයි.

මෙය සිදුවන්නේ ඇයිද යන්න වඩා හොඳින් වටහා ගැනීමේ උත්සාහයක් ලෙස, බොහෝ කාන්තාවන් (මව්වරුන් ඇතුළුව) ව්‍යාජ ලෙස ලිංගික තෘප්තියේ  උච්චතම අවස්ථාව නැතහොත් සුරාන්තයට පැමිණි බව පෙන්වීමට හේතු කිහිපයක් මේ.

1. කාන්තාවන් තම ස්වාමිපුරුෂයා අපහසුතාවයට පත් කිරීමට අකමැති නිසා ව්‍යාජ සුරාන්තයක් මවා පායි.

ලිංගික හා විවාහ චිකිත්සාව පිළිබඳ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සුරාන්තය “මවාපාන්නන්” සාමාන්‍යයෙන් සිරියහනේ ඉතා ඉහළ බලාපොරොත්තු තබාගෙන ඇති ලෙසයි.

තම සහකරු අපහසුතාවට පත් නොකරණු පිණිස කාන්තාවන්, ලිංගික තෘ ප්තිය බොරුවට මවා පෑ හැකි බවයි.

ඇය ඔහුගේ හැඟීම් රිදවීමට අකමැති නිසා ඇය ඔහුගේ කාර්‍යයට බාධා නොකර සුරාතයක් බොරුවට මවා පාවි.

එය “එය ඔහුට සතුටක් වුවත් ඇයටද එම සතුට ගෙන නොදෙන බව ඔහුට පැසවීමට ඇය මැලි වන බැවිනි.

කාන්තාවන්ගේ සුරාන්තය 1

Image source: File photo

2. අධික ලෙස වෙහෙසට පත්ව සිටින නිසා කාන්තාවන්ගේ සුරාන්තය ව්‍යාජ ලෙස මවා පායි

මව්වරුන් බොහෝ විට දෛනික වැඩ වලින් අධික මහන්සියකට පත්ව ඇති බැවින් ලිංගික එක්වීමක් ඔවුන්ට තවත් මහන්සියක් විය හැකියි.

මව්වරුන් දිනප්තා නමුහුණ දෙන නින්ද නොලැබීම ඇත්ත වශයෙන්ම ලිංගික උද්දීපනයක් ඇති කරන්නේ නැහැ.

සමහර විට, ඔබට අවශ්‍ය එකම දෙය වන්නේ මේ සිදුවන ලිංගික එක්වීම ඉක්මනින්ම සිදු කර ඉවර කරන්නටයි.

මෙවැනි තත්වයක් යටතේ ඇයට අවශ්‍ය නින්ද ලබාගැනීමට ව්‍යාජ ලෙස සුරාන්තය මවාපෑම කදිම අවස්ථාවක් වෙනවා.

3. කාන්තාවන් තමන්ගේ පරිපූර්ණ නැති බව පෙන්වන්නට අකමැත්ත නිසා ව්‍යාජ සුරාන්තයක් මවා පෑම පායි.

තම ස්වාමිපුරුෂයා නින්දාවට පත්වීමට ඔවුන් අකමැති ආකාරයටම, කාන්තාවන් ලිංගික සතුටේ උච්චතම අවස්ථාව කරා ළඟා වන්නේ ඔවුන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ලෙස හැඟෙන බැවිනි.

මනෝ විද්‍යාඥ ලෝරි මින්ට්ස්, වෙහෙසට පත් කාන්තාවගේ මාර්ගෝපදේශය සඳහා උද්‍යෝගිමත් ලිංගිකත්වය පිළිබඳ කතුවරියක් වන අතර, පුරුෂයින් හා ස්ත්‍රීන් යන දෙදෙනාම ලිංගිකව එක්වීමේදී “ලිංගික අවයවයක්” ලබා ගැනීමට බැඳී සිටින බව හැඟේ.

කාන්තාවන්ගේ සුරාන්තය 2

Image source: Pinterest

4. කිසි විටෙකත් සුරාන්තයක් අත්දැක නොමැති නිසා කාන්තාවන්ගේ සුරාන්තය බොරුවට මවාපානවා

ලිංගික විද්‍යා අධ්‍යයනයකට අනුව, කාන්තාවන්ගෙන් 11% ක් කිසි විටෙකත් ලිංගික සුරාන්තයක්  අත්විඳ නොමැත.

එමනිසා මෙම කණ්ඩායමේ කාන්තාවන් සුරාන්තාය කුමක් වැනිදැයි ඔවුන් නොදන්නා බව පිළිගැනීමට වඩා, ව්‍යාජ ලෙස තෘ ප්තියට පැමිණි බව පෙන්වීම පහසු වනවා.

5. කාන්තාවන් ව්‍යාජ ලෙස සුරාන්තයට මවා පෑම පුරුද්දක් වී තිබීම

ඔවුන් එක් වරක් සුරාන්තය බොරුවට මවා පෑ අතර ඊළඟ වතාවේද තම සැමියා ගේ බලාපොරොත්තු කඩ කිරීමට අකමැති නිසා දිගටම  ඔවුන්ගේ සහකරුවා අතහැර දැමීමට අවශ්‍ය නැති නිසාය.

ඔවුන් යථාර්ථයට මුහුණ දීමෙන් ආරක්ෂා වන රටාවකට වැටී ඇති හෙයින්, පුරුද්දෙන් මිදීමට ඔවුන්ට අපහසුය.

කාන්තාවන්ගේ සුරාන්තය 3

Image source: File photo

ඔබේ ලිංගික ජීවිතය යහපත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ සැමියා සමඟ කතාබහ කළ හැක්කේ කෙසේද?

ලිංගිකව උපරිම තෘප්තියට පත්වීම වීම නැතහොත් සුරාන්තයට පැමිණීම සාර්ථක ලිංගික ජීවිතයක එකම නිර්ණායකය නොවේ.

නමුත් එය පැහැදිලිවම වැදගත් සාධකයකි. ඔබ ව්‍යාජ ලෙස  සුරාන්තයට පැමිණීම  දිගින් දිගටම මවාපෑවහොත්, එමගින් ඔබටත් ඔබගේ සැමියාටත් සැබෑ ලිංගික තෘප්තියක් අත්දැකීමේ  අවස්ථාවට ඔබ විසින්ම තහංචි පනවනවා.

ලිංගික ක්‍රියාකාරිත්වය දිනෙන් දින දියුණු කරන්නටත්, විවිධත්වය එක් කරන්නටත් හැකි කාර්‍යයක්.

මේ නිසා ඔබටත් ඔහුටත් ගැඹුරින් තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ගිලිහී යන්නට ඉඩ හරින්නට එපා.

ඔබ කළ පුංචි බොරුව ගැන නිදහසට කාරණා කියන්නට කලින, එය සැමියෙකු ලෙස ඔහුගේ අඩුපාඩුවක් නොවන බව ඔහුට පැවසීමට වග බලා ගන්න.

ලිංගික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ගත් කල, එය සැමවිටම වැඩිදියුණු කිරීමට ඉඩකඩ තිබෙන කාර්‍යයක්.

සැනසිලිදායක හා ආදරණීය වන්න. ලිංගික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව,. බොහෝ විට ලිංගික සුරාන්තය සාර්ථකව සිදුවන්නේ කාන්තාවන් ගැඹුරින් ශාරිරිකව මෙන්ම මානසිකවද ඔවුන්ගේ සහකරුවන් සමඟ සැපපහසු වූ විටය.

කාන්තාවන්ගේ සුරාන්තය ව්‍යාජ ලෙස මවා පෑම නැවැත්වීමට සැමියන්ට කළ හැක්කේ මොනවාද?

ඔබේ බැඳීම ගැඹුරු කිරීම සඳහා දෙදෙනා අතර සන්නිවේදනය ප්‍රගුණ කරගන්න. මීට අමතරව, ලිංගික තෘ ප්තිය උපරිමයෙන් විඳගෙන පහසුවෙන් සුරාන්තය අත්දකින්නට ඔබේ සැමියා සමඟ මේ ඉඟි බෙදාගන්න:

1.පූර්ව ලිංගික උත්තේජනය සුළු කොට සළකන්නට එපා.

කාන්තාවක් සතුටු කිරීමට ඇති එකම මාර්ගය ලිංගික සංසර්ගය නොවේ.

ඔහුට ඔබව සතුටු කිරීමට හැකි වෙනත් ක්‍රම ගවේෂණය කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටින්න.

නිවැරදිව කළහොත්, සංදර්ශනයේ  ආරම්භක ක්‍රියාව, ප්‍රධාන සංදර්ශනය තරමටම සුන්දර සිහිවටනයක් විය හැකිය.

2. සන්සුන් වන්න.

මනෝ විද්‍යාඥ මොනිකා ස්ටෙල්ස්ල්ට උපදෙස් දෙන්නේ තමා මත මෙය දැඩි වගකීමක් ලෙස පටවාගන්නට අවශ්‍ය නැති බව සැමියාට කියන ලෙසයි. මෙය සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් යුත් ක්‍රියාවක් බැවිනි.

සුරාන්තය යනු කාන්තාවකට  හොඳ ලිංගික අත්දැකීමක් දෙන එකම මිණුම් දණ්ඩ නොවේ. වඩාත්ම වැදගත් දෙය වන්නේ ඈ ගැන සැලකිලිමත් සහ අවධානයෙන් යුත් සහකරුවෙකු සිටීමයි.

ඔනෑම අවස්ථාවක ඇයව සතුටු කිරීමට දරණ උත්සාහයයි.

3. වාචික හා වාචික නොවන උපදෙස් අනුගමනය කරන්න.

ලිංගික විද්‍යාඥ එමිලි මෝර්ස් සහකරුවාට නිර්දේශ කරන්නේ “ඇයගේ හුස්ම ගැනීමේ වෙනස්වීම්,. මාංශ පේශි ආතතිය වැඩිවීම ගැන දැනෙන්නට ඉඩ හරින්න, ඇය ඔබව කෙතරම් ගැඹුරින් සිප ගනිමින් සිටිනවාද යන්න දැනෙන්නට ඉඩ හරින්න” යනුවෙනි

4. ඇය සුරාන්තයට එළඹුනාද යන්න දිගින් දිගටම විමසීමට උත්සාහ නොකරන්න.

ලිංගික ක්‍රියාවලිය පුරාවට ඔබේ සහකරු ගැන සොයා බැලීම ස්වාභාවිකය, නමුත් නිරන්තර “සුරාන්තයට එළඹීමේ ප්‍රශ්ණය යාවත්කාලීන කිරීම” ඉල්ලා සිටීම ප්‍රධාන අවුල් ජාලයක් විය හැකිය.

5. නිදන කාමරයෙන් පිටතදී ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

නිදන කාමරයෙන් පිටතදී ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

ඔබේ සම්බන්ධතාවය වර්ධනය වන විට ඔබේ ලිංගික අවශ්‍යතා ද පරිණාමය වේ.

මේ අනුවර්තන ක්‍රියාවලිය අත්දකිමින් ඒ තුළ විනෝද වන්න!

ඔබ එය දැන ගැනීමට පෙරම,  සුරාන්තයෙන් ඔබ්බට ගිය කල්පවත්නා, ගැඹුරු සමීපතාවයක් ඇති කර ගැනීම කරා ඔබ ගමන් කරනු ඇත.

මූලාශ්‍ර: Psychology Today, Cosmopolitan, Men’s Health

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය