IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

IUI අසාර්ථක වීමට හේතු මොනවාද?

IUI අසාර්ථක වීම ගැන සමහර විට ඔබටත් අත්දැකීම් ඇති, කිරි සිහිනය ඉටු  කරගන්න දකින හැම හීනයක්ම වගේ මේ හීනයත් බොද වෙද්දි ඔබගේ සිතට වේදනාවක් වෙන්න ඇති.

ඇත්තටම IUI එකක් ඇයි අසාර්ථක වෙන්නේ කියලා ලියවුන ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හ‌ේවා මහතා‌ෙගේ වැදගත් ලිපියක් ඒ මහතාගේ අනුදැනුම සහිතව අපි ‌අද ‌මේ සමග ඉදිරිපත් කරනවා.

මදසරුභාවය කරන ප්‍රතිකාර අතරින් මෙම ප්‍රතිකාර ක්‍රමය ප්‍රධාන තැනක් ගන්නවා.

IUI ප්‍රතිකාරය පිලිබඳව මීට පෙර ලිපියක් පලකර ඇති.

මේ ලිපියෙන් IUI එකක් අසාර්ථක වීමට ඇති හේතු පිලිබඳව දැනුවත් කරන්නම්.

රසායනාගාර තුල තේරීමට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක් තුලින් ගර්භාෂයේ තැන්පත් කිරීම තමයි IUI ප්‍රතිකාරයෙන් කරන්නෙ.

වර්තමානයේ මෙම ක්‍රමය සාර්ථක වීමේ හැකියාව 30% ක් පමන වේ.

මුලින්ම ඔබට මෙම ක්‍රමය සුදුසුද යන්න නිසියාකාරව දැනගත යුතුය.

දරුවෙකු පිලිසිද ගැනීමට ප්‍රමාදවෙම හැමෝටම මෙම ක්‍රමය සුදුසු වන්නේ නැහැ.

ඒ පිලිබඳව පලපුරුද්දක් ඇති වෛද්‍යවරයකු ඔබව නිසියාකාරව පරීක්ෂා කර ඔබට මෙම ක්‍රමය සුදුසුද යන්න තීරණය කලයුතුයි.

IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

 

IUI අසාර්ථක වීම: මෙහිදී සලකා බලන ප්‍රධාණ කරුනු

  • කාන්තාවගේ වයස- මෙම ප්‍රතිකාරයට මුහුණ දෙන ඔබේ වයස අවුරුදු 40ට වැඩිනම් මෙය සාර්ථක වීමේ හැකියාව ඉතාම අඩුයි.
  •  BMI අගය- සිරුරේ බර අධික ( ඉතා තරබාරු ) අයට මෙම ක්‍රමය සාර්ථක වීමේ හැකියාව අඩුයි.
  • මදසරුභාවය පවතින කාලසීමාව- දීර්ඝ කාලයක් දරුවම් නොමැතිව විවිධ ප්‍රතිකාර කරමින් සිටි අයකුට මෙම ක්‍රමය සාර්ථක වන්නේ නැහැ.
  • මීට පෙර කල ප්‍රතිකාර- කිහිප වරක් දිගින් දිගට IUI කල අයට නැවත නැවත IUI කිරීම සුදුසු නැහැ . ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක් අයෙකුට 06 හය වරලට වඩා IUI කිරීමට නිර්දේශ කරන්න බැහැ .
  • මදසරුභාවයට හේතුව- පැලෝපීය නාල වල අවහිරතාවයක් හෝ පුරුෂයා ගේ ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු වීම නිසා දරුවන් නොමැති අයට IUI කිරීම සුදුසු නැහැ .

IUI අසාර්ථක වීම: IUI ප්‍රතිකාරය සාර්ථක කරගැනීම

ඔබය IUI ප්‍රතිකාරය අවශ්‍යය බව වෛද්‍යවරයකු තීරණය කල පසු සාමාන්‍යයෙන් ඖෂධ ප්‍රතිකාර ලබාදෙනවා.

මෙම ලබාදෙන ප්‍රතිකාර වර්ගය අනුව IUI ප්‍රතිකාරය සාර්ථක වීමට ඇති හැකියාව වෙනස් වෙනවා.

නික්ශේපන ඖෂධ මගින් ඩිම්බ මේරීමට ලක් කරනවිට IUI ප්‍රතිකාරය සාර්ථක වීමට ඇති හැකියාව වැඩියි.

ඊට අමතරව ඩිම්බ කලින් පිටවීම වැලැක්වීමට, ගර්භාෂයේ ඇතුල් බිත්තිය දරු පිලිසිද ගැනීමකට සුදුසු මට්ටමට සකස් කිරීම, නියමිත අවස්තාවේදී ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම වැනි කාරනා සදහා වෙනත් ඖෂධ ලබාදෙනවා.

ඩිම්බයක් මේරීමට ඖෂධයක් ලබාදීමෙන් පසුව ඒ පිලිබඳව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණය කිරීමට සිදුවෙනවා.

IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

( IUI නිර්දේශ කල අයට ඩිම්බ මෝරන්න බෙහෙත් දුන් පසු දින 12න් ස්කෑන් එකට එන්න කියන්නේ ඒ නිසයි) එහිදී ඩිම්බය වර්ධනය වන අවකාශයේ ( follicle ) විශ්කම්භය මැන බලන අතර එම අගය මිලි ලීටර් 18 කට වඩා වැඩිනම් ඩිම්බය පිටවීමට සුදුසු මට්ටමට මෝරා ඇතිලෙස සලකනවා.

ඒ බව ස්කෑන් පරීක්ෂණය මගිම් තහවුරු කරගත් පසුව iui කිරීමට දිනය හා කාලය තීරණය කරනවා.

ස්වාභාවිකව ඩිම්බයක් පිටවනේ ඔසප් චක්‍රයේ 14 වන දිනයේදීය.

මෙයට උත්තේජනය කරන්නේ පියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන LH නම් හෝමෝනය මගිනුයි.

ඩිම්බයක් හොදින් මේරූ පසු පියුටරි ග්‍රන්ථියෙන් මෙම හෝමෝනය එකවර විශාල ප්‍රමානයක් පිටවෙනවා.

මෙය Lh surge ලෙස හදුන්වන අතර එම හෝමෝන පිටවූ වෙලාවේ සිට ඩිම්බයක් පිටවීමට පැය 36ක් පමන ගතවෙනවා.

මෙලෙස හෝමෝන මට්ටම වැඩිවන වේලාව මුත්‍රා වල ph හෝමෝන පරීක්ෂා කිරීමෙන් දැන්ගන්න පුළුවන්.

ඒ සදහා මුත්‍රා පරීක්ෂණ ph srips භාවිතා කරන්න පුළුවන්.

ස්වාභාවිකව හෝමෝන වැඩිවන වේලාව නිවැරිදිව බලා ඒ සමග ඩිම්බ පිටවීමට ඖෂධ ලබාදීම මගින් iui කරන අවස්තාවේදී ඩිම්බ නිවැරැදිව වෙලාවට ඩිම්බ පිටවෙන බව දැනගන්නට පුළුවන් .

එලෙස ඩිම්බය පිටවනවිට උදරයේ සුළු වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

අවශය නම් ස්කෑන් පරීක්ෂණය මගින් ඒ පිලිබඳව සැකහැර දැනගන්නට පුළුවන්.

ඩිම්බ පිටවීම උත්තේජනය කිරීම සදහා හෝමෝන නික්ශේපනයක් ලෙස භාවිතා කරනවා.

මෙලෙස භාවිතා කරන ඖෂධය හා මාත්‍රාව ඩිම්බ නියමිත වේලාවට පිටවීම තීරණය වන නිසා එයත් iui සාර්ථක වීමට බලපානවා.

නවීන පහසුකම් සහිත රසායනාගාරයක් තුලින් උසස් තාක්ෂණික උපකරණ භාවිතා කර අවශ්‍ය තරල වර්ග භාවිතා කර ශුක්‍රාණු සකස් කර මෙම ප්‍රතිකාරය කිරීමෙන් එය සාර්ථක වීමෙ ඉඩකඩ වැඩිවේ.

මෙම කරුණු වලට අමතරව ඉතා වැදගත් කරුනක් තමයි මෙම ප්‍රතිකාරය කරම ආකාරය.

IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

පලපුරුදු වෛද්‍යවරයකු විසින් ගර්භාෂය සංකෝචනය නොවන ලෙස සියුම් නාලයක් ගැබ්ගෙල තුලින් ඇතුල් කර ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නෙ.

මේ අවස්ථාවේදී ගර්භාෂය සංකෝචනය උත්තේජනය වුවහොත් ශුක්‍රාණු නැවත පිටතට පැමිනීමට හැකියාව තියෙනවා .

මේ සදහා ප්‍රමිතියෙන් උසස් IUI catheter එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුනක්.

IUI අසාර්ථක වීම සිදු කිරීමේදී විශාල තරල ප්‍රමාණයක් යොදා නොගෙන ගර්භාෂය තුල පමනක් ශුක්‍රාණු තැන්පත් කිරීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් එසේ නොවුනහොත් පිටතින් ඇතුල් කරන තරලය පැලෝපීය නාල වලට ඇතුලු වී විශබීජ ආසාදන තත්වයක් ඇතිවුවහොත් නැවත ගැබ් ගැනීමට නොහැකි සේ පැලෝපීය නාල අවහිර වීමට පවා අවධානමක් තියෙනවා .

IUI තරම් සාර්ථක නොවන පැලෝපීය නාල තුලට ශුක්‍රාණු ඇතුල් කරන fallopian tube sperm perfusion ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ.

මෙම ප්‍රතිකාරය කිරීමේදී ගැබ්ගෙල හරහා විශබීජ ආසාදනය වීම වැලැක්වීමට සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා.

මෙම ක්‍රියාවලිය අවසානයෙන් පසුව විනාඩි 15ක් පමන උඩුබැලි අතට වැතිර සිටීමෙන් මෙම ප්‍රතිකාරය සාර්ථක වීමේ හැකියාව වැඩිවෙනවා.

ඔසප් චක්‍රයේ අවසන් දින 14 තුල සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම සාමාන්‍යයෙන් වැඩිවෙනවා.

මේ නිසා ගර්භාෂයේ වර්ධනය වන කලලය රදවා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම හෝමෝන මට්ටම නියමිත ප්‍රමාණයට නොමැතිනම් කලලය මුල් අවස්වේදීම පිටවීමට අවදානමක් ඇති නිසා iui ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති ලබාදීම සිදුකරනවා.

මෙලෙස නියමිත ප්‍රමිතියෙන් IUI කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන් .

සමන් හේවා වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය