theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන් අත්බෙහෙත් 5 ක්

5 අවම කියවීම
ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන්  අත්බෙහෙත් 5 ක්ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන්  අත්බෙහෙත් 5 ක්

ස්ට්‍රෙච් මාර්ක්  මකන්න පුළුවන් අත්බෙහෙත් 5 ක්

ස්ට්‍රෙච් මාර්ක් නිසා ඔබේ සමේ සුන්දර පෙනුම අඩු වෙන්න පුළුවන්. අන්න ඒක නිසයි මේ සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර අද කතා කරන්න හිතුවේ.

දරු ප්‍රසුතියෙන් පසු ඔබේ කුස පුරාත් මෙවැනි අවලස්සන ඇදුනු පාරවල් සලකුණු වී ඇති නේද? ඔන්න එහෙනම් ඒ ගැන තවත් දුක් වෙන්න එපා.

අද අපි ඔබට මේ සලකුණු මකා දමන්න පුළුවන් පහසු අත්බෙහෙත් 5 ක් ඔබ වෙත ගෙන එනවා.

ස්ට්‍රෙච් මාර්ක් නැතිනම් සමේ ඇදෙන සලකුණු ඇතිවන්නේ ඔබේ බර වැඩි වී සම ඇදිමෙනි. මෙය ඔබේ සෞඛ්‍යයට හානිකර තත්වයක් නම් නොවෙයි. ඒ නිසා ඒ ගැන බිය ව‌ෙන්න එපා.

එමගින් ඇතිව‌ෙන සමේ අවලස්සන මකා දමන්න පමණක් උත්සහ කරමු.

මේ ස්ට්‍රෙච් මාර්ක් ඕනිම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. නමුත් ගර්භණී අවදියේ හා වැඩිවිය පැමිණිමේදී විශේෂයෙන් කාන්තාවන් තුල මෙම ඇදුනු සලකුණු ඇතිවෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා.

ස්ට්‍රෙච් මාර්ක්  හා ගැබිනි විය

ගර්භණිත්වයේදි නම් ඔබේ කුස විශාල වෙත්ම සම ඇදීමකට ලක්වෙනවා.

දරු ප්‍රසුතියෙන් පසු කුස එකවරම හිස් වීමේදී ඔබේ සමේ අවලස්සන ලෙස මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඉතිරි වෙනවා. ‌මේ නිසා පසුව කුස ප‌ෙ‌ෙදෙස නිරාවරණය වන සාරිය වැනි ඇදුම් ඇදිමට

ගැබ වර්ධනය වෙද්දී කුස කසන්න එපා පාර වල් හිටිනවා යැයි වැඩිහිටි කාන්තාවන් කියන්නේ මේ නිසා වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි වැඩිවිය පැමිණේමේදී ගැහැණු දරුවාගේ පියයුරු විශාල වීමේදී සම ඇදීමට ලක් වීමේදී මේ ඇදුනු සලකුණු දකින්න පුළුවන්.

මුලින්ම රතු හෝ දම් පැහැති සිහින් ඉරි ලෙස දිස් වෙන ඒවා පවතින සම පෙදෙස ඔබේ අනෙක් ස්ථාන වල සමට වඩා වෙනස් වෙනවා. ඒ වගේම ඒවා පසුව ලා පැහැති ඇදුනු පාරවල් ල‌ෙස ඉතිරි ව‌ෙන්න පුළුවන්.

මේ සලකුණු සමහරක් කාලයත් එක්ක මැකි යන්න හෝ පාට අඩු වෙන්න ඉඩ තියෙනවා.  ‌මේවා කුස, ඉණ, පස්ස, කලවා හා පපුව පුරා ඇති‌වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් පසු ඔබට වෛද්‍ය උපදෙස් ලබාගෙන ආලේපනයක් ලබාගන්න පුළුවන්.

එහෙත් ඔබට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් අත්බෙහෙත් වර්ග 5 ක් තියෙනවා.

  1. ස්ට්‍රෙච් මාර්ක්  සදහා විටමින් A

විටමින් A රෙටිනොයිඩ් ලෙසද හැඳින්වෙනවා. රෙටිනොයිඩ්ස් මඟින් සම වඩාත් සිනිඳු හා තරුණ බවක් ඇති කරනවා.

විටමින් A හි අඩංගු  ආලේපන භාවිතය හෝ කැරට්, බතල, වට්ටක්කා  වැනි විටමින් A බහුල ආහාර ඔබේ ආහාරයට එක් කරගැනීම තුලින් ඔබට නිරෝගී සමක් ලබාගන්න පුළුවන්. 

මේ විටමින් A සමේ ස්ට්‍රෙච් මාර්ක්ස් මකන්න හොදයිලු.

ඒක නිසා විටමින් A අඩංගු ආහාර ඔබගේ කෑම ‌වේලෙහි නිත්‍ය සමාජිකය‌ෙක් කර ගන්න.

  1. ස්ට්‍රෙච් මාර්ක්  සදහා සීනි

1

සමේ ඇදුනු සලකුණු මැකීමට සිනී හොඳ ක්‍රමයක්. ඔබටත් මෙය උත්සහ කර බලන්න පුළුවන්.

සීනි ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කිරීම සුදුසුයි.

ආමන්ඩ් තෙල් හෝ පොල්තෙල් වැනි මෘදු කිරීමේ කාරකයක් සමඟ සිනී 1/4 කෝප්පයක් තෙත් වැලි පදමට එනතුරු මිශ්‍ර කරන්න.

දැන් මෙයට ‌දෙහි යුෂ ටිකක් එකතු කරන්න.

ඔබේ ශරීරයේ ස්ට්‍රෙච් මාර්ක්  ඇති තැන මිශ්‍රණය ආලේප කර අතුල්ලන්න.

ස්නානය කරන අතරතුර සතියකට කිහිප වතාවක් මෙම සත්කාරය කරන්න. මිශ්‍රණය ආලේප කර විනාඩි 8-10 ක් පමණ අතුල්ලා ඉවත් කරන්න.

  1. ස්ට්‍රෙච් මාර්ක්  සදහා කෝමාරිකා

2

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කෝමාරිකා  ස්වාභාවික සුව කිරීමේ කාරකයක් මෙන්ම සම මෘදුකාරකයක්ද වෙනවා. ඒ වගේම එය සම සිසිල් කිරීම, තෙතමනය රැකදීම හා සමේ ඇදෙනසුළුබව ඇතිකිරීමට ‌හේතු ව‌ෙනවා.

තවද මෙම ඇදුනු සලකුණු මැකිමට කෝමාරිකා කදිම ඔසුවක් වෙනවා.

දිනකට වරක් ඔබේ ඇඟ  සේදිමෙන් පසු කෝමාරිකා කොලයක යුෂ සුරාගෙන ගෙන ඇදුනු සලකුණු මත ආලේප කරන්න. වියලුන පසු ඒවා ඉවත් කරන්න.

  1. ස්ට්‍රෙච් මාර්ක්  සදහා හයුලූරොනික් අම්ලය

ඔබේ සමේ ඇති ප්‍රෝටීනයක් වන කොලජන්  සමේ හැඩය මෙන්ම නිරෝගී බව ලබාදෙනවා. වයසට යනවිට සිරුරේ කොලජන් ප්‍රමාණය අඩුවෙනවා

හයුලූරොනික් අම්ලය ලබාගෙන  කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන්න පුළුවන්. ඒ මගින් ඔබේ ස්ට්‍රෙච් මාර්ක් මකා ගන්න.

  1. ස්ට්‍රෙච් මාර්ක්  සදහා පොල්තෙල්

3

පොල්තෙල් කියන්නේ ඔබේ සමේ ඇතිවෙන ඇදුනු සලකුණු වලට තවත් අපූරු අත් බෙහෙතක් තමයි.

සෑම දිනකම පිරිසිදු පොල්තෙල් බිංදු කිහිපයක් ‌ගෙන ඔබේ ඇදුනු සලකුණු  වලට ආලේප කරන්න. එවිට ඒවායේ රතු පැහැය නැති වී යනවා.  පොල්තෙල් වල පවතින් ඉතාමත් ඉහල සුව කිරීමේ ගුණය නිසා ‌මේ අවලස්සන සලකුණු ඉක්මනින්ම මැකි යනවා.

වෙනත් ප්‍රතිකාර ක්‍රම

මෙසේ කල හැකි වෙනත් ප්‍රතිකාර වර්ග 03 කි. ඒ ප්‍රතිකාර ක්‍රම වලටද අවශ්‍ය නම් ඔබට ‌යොමු‌ෙවෙන්න පුළුවන්.

නමුත් ඔබට ගැලපෙන  ප්‍රතිකාර ලබාගැනීමට පෙර චර්ම විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගන්න. 

  • ලේසර් චිකිත්සාව
  • ඉඳිකටු - සමේ ස්ථර යටට කොලජන් එන්නත් කිරීම
  • මයික්‍රොඩර්මාබ්‍රේෂන් - සමේ පෙනුම වැඩි දියුණු කිරීම

මායෝ සායනයට අනුව, කාන්තාවන්ට මෙය වැළදෙන්න ලොකු ඉඩක් තියෙනවා. විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ‌මෙය ඇතිව‌ෙන්න පුළුවන් තවත් බ‌ො‌හෝ කාරණා තියෙනවා. අපි ඒ ගැනත් මදක් විමසා බලමු.

වෙනත් අවදානම් සාධක 

  • කෝටිකොස්ටෙරොයිඩ්  ඖෂධ ලබා ගැනීම
  • වේගයෙන් බර අඩු වීම හෝ වැඩිවීම
  • පියයුරු විශාල කිරීමේ සැත්කම් කිරීම

ස්ට්‍රෙච් මාර්ක් ඇති වි ප්‍රතිකාර සොයනවාට වඩා එය වළක්වා ගැනීම ගොඩාක් හොඳයි.

ඔබේ සමේ  තෙත් බව රැකගන්න. එවිට සමේ ඇදෙන සුළු බව මනාව පවත්වා ගන්න පුළුවන්. ඒ මගින් ඔබට ‌මේ ස්ට්‍රෙච් මාර්ක් ඇතිවීීම වළක්වාගන්න පුළුවන්.

ප්‍රතිකාර නැතුව වුවත් කල් ගත වෙන විට මෙම සලකුණු මැකි ගියත් කලාතුරකින් එම සලකුණු මුල් කාලයේ මෙන්ම තියෙන්න පුළුවන් . නමුත් ඒ ගැන පමණක් විශ්වාසය තබා බලා සිටින්න එපා. ඒ ව‌ෙනුවට ඔබට පහසුවෙන් ස‌ොයාගන්න පුළුවන් ‌මේ ඖෂධ ඔබත් අදම උත්සහ කර බලන්න.

මේ ස්ට්‍රෙච් මාර්ක් සම්බන්ධයෙන් ඔබ අද බොහෝ දේවල් දැනුවත් වුනා නේද? ඔබ ලගත් මේ වගේ ස්ට්‍රෙච් මාර්ක් මට්ටු කරන්න පුළුවන් අත්බෙහෙත් ගැන තොරතුරු තියෙනවාද? එහෙනම් පහලින් සටහනක් යොදා එම තොරතුරු අපිත් එක්ක බෙදාගන්න.

මුලාශ්‍ර

theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ස්ට්‍රෙච් මාර්ක් මකන්න පුළුවන් අත්බෙහෙත් 5 ක්
බෙදාගන්න :
  • කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

    කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

  • කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

    කුස පුරා ඇදුනු ස්ට්‍රෙච් මාර්ක් ලොවට ආඩම්බරයෙන් පෙන්වු මවක්

  • අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

    අලුත් අම්මාගේ ලස්සන වැඩි කරන්න ස්වභාවික සත්කාර 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it