theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්

5 අවම කියවීම
මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්

බත් කන්න කම්මැලි නම් ‌රොටි හදලා කමු.

මේ දවස්වල ඔබ ආරක්ෂිතව ‌ගෙදර ඉන්න නිසා ක‌ඩේ කෑම කන්න අවස්ථාවක් නැහැ ‌නේද? තුන්වේලටම බත් කාලා බබාලාටත් එපා ‌වේලාද? රොටි සෑදීම ගැන එහෙම හිත බැලුවද? මෙන්න එහෙනම් රසම රස ‌රොටි recipe 5 ක්.  

1. කොත්තු රොටි ‌recipe රොටි සෑදීම

මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්

ඡායාරූපය සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කප් එකාමාරක්
  • ලුනුකුඩු
  • තෙල් මේස හැඳි 2
  • චිකන් කරියක්
  • පොල් ‌තෙල්
  • කපාගත් ලූණු ටිකක් කරපිංචා 
  • ග්‍රේට් කරගත් කැරට්
  • බිත්තර

සාදන ක්‍රමය

  • මුලින්ම රොටිය හදාගමු. මම ගත්තේ පිටි කප් එකාමාරක් වගෙ .
  • ලුනුකුඩු ස්වල්පයක් තෙල් මේස හැඳි 2 දාලා වතුර ටික ටික දාලා පිටි එක හොඳට සොෆ්ට් වෙනකන් විනාඩි 10 වගෙ අනාගන්න.
  • අනාගත් පිටි මෝලියට තෙල් හැන්දක් වගෙ දාලා වහලා පැයක් තියන්න
  • පැයකට පස්සේ ආයෙත් චුට්ටක් පිටි මෝලිය අනලා පොඩි බෝල විදියට හදලාතෙල් චුට්ටක් තවරලා විනාඩි 10 වගෙ තියන්න.
  • දැන් පිටි බෝල එකින් එක ගෙන හොඳට තුනි කරලා පෑන් එකෙ පුච්ච ගන්න. නිමුනට පස්සේ පොඩි කෑලි කපාගන්න. රොටිය රෙඩි
  • මෙ කොත්තු එක හදන්න චිකන් කරි එකක් හරි ඔයාලා කැමති කරියක් ඕනෙ.මම චිකන් කරියක් හදාගත්තා.
  • ඔයාලට කැමති විදියට ටිකක් ඉස්ම තියලා කරියක් හදාගන්න.
  • ලොකු පෑන් එකකට තෙල් ටිකක් දාලා කපාගත් ලූණු ටිකක් කරපිංචා ටිකක් දාලා තෙම්පරාදු කරන්න.
  • ලූණු ටික බැදිගෙන එනකොට පොඩියට කපාගත් ගෝවා ටිකක්.
  • ග්‍රේට් කරගත් කැරට් ටිකක් දාලා විනාඩි දෙකතුනක් තෙම්පරාදු කරන්න.
  • දැන් බිත්තර දාන්න කැමති නම් එකක් කඩලා දාලා කලවම් කරලා පොඩියට කපාගත් ස්ප්‍රීන් ඔනියොන් ටිකක් දාලා කපාගත් රොටි ටික දාලා චිකන් කරි ටිකකුත් එකතු කරලා ලුනුකුඩුත් දාලා ලී හැඳි දෙකකින් හොඳට කලවම් කරන්න. කොත්තු රෙඩි.

2. රොටි සෑදීම: නාන් ‌රොටි ‌රෙසපි එක්ක බටර් චිකන් කරි 

රොටි සෑදීම

ඡායාරූපය සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි600
  • ඊස්ට් 10 g
  • සීනි මේස හැඳි 1
  • ලුනු

සාදන ක්‍රමය

නාන් එක හදා ගමු

  • මුලින්ම ලොකු බාජනයක් ගෙන පාන් පිටි600 ක්, ඊස්ට්  10g, සීනි මේස හැඳි 1,ලුනු රස අනුව ‌ගෙන එයට වට රස්නේ වතුර කප් 2ක්   දාලා හොඳට  සොෆ්ට් වෙනකන් විනාඩි 15-20 වගේ අනන්න.
  • ඊට පස්සේ පැයක් එකා මාරක් ⁣වගේ තිබ්බාම පිටි එක හොඳට පිපිලා එනවා.
  • ඊට පස්සේ අතින් පිටි එකේ හුලන් ඇරලා වෙන් කර බෝල සාදා ගත්තා..
  • දැන් කැමති හැඩේට හදා පුච්ච ගන්න.
  • ගොඩාක් රසට තිබුනා ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් කෑවා.
  • මම මේ පිටි එක හදා ගත්තේ පාන් හදන මැශිමට දාලා. ඒක තියන අයට එකෙන් පුලුවන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 500
  • තෙල් 
  • බැදපු තුනපහ 
  • සුදුලූනූ
  • ඉඟුරු
  • තක්කාලි
  • චිකන් සුප් කැටයක්

බටර් චිකන් කරි( මයි ස්ටයිල්)

රොටි සෑදීම

ඡායාරූපය සදහා ස්තුතිය අනූෂා ජීවනී මහත්මිය

  • මුලින්න කරි එක හදා ගමු. චිකන් 500 වගේ මම ගත්තේ.
  • ජැපැනිස් කරි පව්ඩර් තේ හැඳි2ක්  කරි පව්ඩර් එක ටිකාක් තාච්චියේ දාලා බැද ගත්තා. මේ පව්ඩර් එක නැති අය බැදපු තුනපහ ගන්න.
  • මම සැර දැම්මේ නෑ ලමයා කන්නේ නැති නිසා ඔයාලට සැරට හදා ගන්නත් පුලුවන්. මස් එක කපා බාජනයකට දාලා ඒකට කරි පව්ඩර් එක දාන්න.
  • සුදුලූනූ ඉඟුරැ ටිකාක් තලලා දාන්න..ප්ලේන් යෝගට් ⁣කප් එකාමාරක් වගේ දැම්මා. ලුනු ගම්මිරිස් මේ ටික දාලා හොඳට අනලා ෆ්‍රරිජ් එකේ විනාඩි 30 හරි පැයක් හරි තියන්න.
  • ඊට පස්සේ බටර්. ටිකාක් වැඩිපුර රාස්පානේට දාලා ටොමැටෝ ටින් එක බ්ලෙන්ඩර් කරලා දැම්මා .
  • කෑලි තිබ්බ නිසයි බ්ලෙන්ඩර් කරේ. දැන් ටොමැටෝ එකාක් දාලා මස් මිශ්‍රනෙත් දාලා නෝර් චිකන් කියුබ් කෑල්ලක් සිනි මේස හැඳි1 ක් හොඳට කලවම් කර වහලා විනාඩි 20 වගේ තැම්බෙන්න තියන්න.
  • ටිකෙන් ටික බලන්න කලවම් කරලා.ඉට පස්සේ ෆ්‍රෙශ් මිල්ක් කප් එකාක් දාලා විනාඩි 10 වගේ තියලා ලුනු බලලා ගම්මිස් ටිකකුත් දාන්න.  

මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්

අපිට ‌මෙම ‌කොත්තු ‌රොටි හා නාන් ‌රොටි ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දුන්නේ  අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. 

අනූෂා ජීවනී මහත්මියගේ ‌anu’s kitchen ‌ෆේස් බුක් පිටුවේ පල වු ඉහත ‌රෙසපි හා ඒවායේ ඡායා රූප  ඒ මහත්මියගේ අවසරය හා අනුදැනුම සහිතව නැවත පල කරන ලද බව කරුණාවෙන් සලකන්න.

3. කිරි ‌රොටි ‌recipe රොටි සෑදීම

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි 300g
  • උකු පොල්කිරි කෝප්පයක්
  • බිත්තර 1
  • ලුනු රස අනුව
  • කහ කුඩු 
  • ලියාගත් කරපිංචා
  •  ලූනූ ලියාගත්
  • ලියාගත් අමු මිරිස් කරල් දෙකක්
  • පොල් තෙල්

සාදන ආකාරය

  • පාන්පිටි වලට බිත්තර හා ලුනු එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු එයටම පොල් කිරි එකතු කර ඝන මිශ්‍රණයක් සකස් කරගන්න.
  • තෙල් තාච්චියක් ලිප තබා එය රත්වෙන විට ලියාගත් කරපිංචා, ලියාගත් ලූනූ, ලියාගත් අමු මිරිස් කරල් දෙකක් එකතු කර තෙමිපරාදුවක් සකස් කරගන්න.
  • එම තෙම්පරාදුව පිටි මිශ්‍රණයට එකතු කරගෙන හොදින් කලවම් කරගන්න.
  • දැන් තැටියක් ලිප තබා එය තෙල් කඩදාසියකින් පිස රත්වෙන විට හැන්දක ආදාරයෙන් තැටියට පිටි මිශ්‍රණය දමා හැන්දේ අනිත් පැත්තෙන් රවුමට කරකවමින් හැඩය හදා ගන්න.
  • එක පැත්තක් පිලිස්සුනු පසු අනෙක් පැත්තද පුළුස්සා ගන්න.

4. පොල් ‌රොටි ‌recipe

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් බෑයක ගා ගත් පොල්
  • පාන්පිටි
  • ලුණු 
  • අවශ්‍ය නම් බිත්තරයක්
  • අවශ්‍ය නම් හීනියට ලියා ගත් ලූනු, කරපිංචා, කැරට්, ලීක්ස්
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  • ගාගත් පොල් හා පාන් පිටි එකතු කර එයට අවශ්‍ය පමණට ලුනු හා බිත්තරය එකතු කරන්න.
  • හොදින් මිශ්‍ර කරන්න. 
  • හීනියට කපාගත් එලවලු, රතුලූනු, කරපිංචා,  ආදිය එකතු කරන්න. 
  • පිටි මෝලිය හොදින් අනා ගුලි බෝප වලට වෙන් කරගන්න.
  • දැන් තැටියක් ලිප තබා එය තෙල් පෙගවු කඩදාසියකින් පිසදමන්න.
  • රොටි බෝලයක් ගෙන එය කෙසෙල් කොලයක් මත තුනි කර එය රත් වු රොටි තැටිය මත තබන්න.
  • දෙපැත්ත හොදින් පුච්චාගන්න.

5. බිත්තර ‌රොටි ‌recipe

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිට් 300g
  • තෙල් 
  • ලුනු
  • මද රස්නය ජලය
  • සිනි තේ හැදි 1/2
  • බිත්තර

සාදන ආකාරය

  • පිටි  , රස අනුව ලුනු හා  සිනි තේ හැදි 1/2 බදුනකට දමා ගන්න.
  • දැන් එයට තෙල් එකතු කර කලවම් කරන්න.
  • එයටම  මද රස්නය වතුරින් අනාගන්න
  • අතේ නොඇලෙන පදමට ආපසු පිටි ගුලි වෙන් කර ඒවා මතට තෙල් වත් කර පැය 5 ක් පමණ වසා තබන්න.
  • පිටි බෝල එකින් එක ගෙන තෙල් තවරා රත් කරගත් තැටියක තුනී කරන්න. 
  • දැන් එයට බිත්තරක් කඩා දමා ලුනු ගම්මිරිස් එකතු කරන්න.
  • ඉන්පසු හතර පැත්තෙන් ඇතුල් පැත්තට හැන්දේ ආධාරයෙන් නවා හතරස් හැඩයට සකස් කර ගන්න.
  • දෙපැත්තම පරිස්සමෙන් පුළුස්සා ගන්න.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • මේ දවස් වල ‌ගෙදරම හදාගන්න ‌රොටි වර්ග 5 ක්
බෙදාගන්න :
  • බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

    බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

  • තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

    තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

  • බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

    බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

  • තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

    තවමත් දරුවන්ගේ ඔළු වලට කාවද්දන යල් පැනගිය අදහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it