දරුවන් සිටින දෙමව්පියන්ටත් උණුසුම් ලිංගික අත්දැකීමක් සදහා ඉගි 5 ක්

දරුවන් සිටින දෙමව්පියන්ටත් උණුසුම් ලිංගික අත්දැකීමක් සදහා ඉගි 5 ක්

දරුවන් ලැබු පමණින් සහකරුව අමතක ‌‌නොකරන්න. ඔබටත් ඔහුටත් ‌වෙන්වු රහස් ‌ලෝකයක් ඇති බව මතක තබා ගන්න.

දරුවන් ලැබීමත් එක්ක කාර්යබහුල අයට ලිංගික උණුසුම ටිකක් අතපසු ‌වෙලා යනවා ‌නේද?

අන්තිමට ඔබ සහකරුත් එක්ක උණුසුම් ලිංගික අත්දැකීමක් වින්දේ කවදාද කියලා මතකද? මතක නැහැ ‌නේද? කමක් නැහැ.

ඔබට දරුවන් ලැබීමත් සමග වැඩ ‌ගොඩ ‌වෙන ‌කොට  ජිවිතයේ එක් පැත්තක් අමතක ‌වෙලා කියලා අපි පිළිගන්නවා.

නමුත් ජිවිතය කියන්නේ තරාදියක් වගේ ‌දෙයක්.

ඔබේ දරුවන්ගේ පැත්ත වගේම සහකරුගේ පැත්තත් සමාන වී සමබර වුනොත් තමයි ඔබේ විවාහ ජිවිතය සාර්ථක වන්නේ.

දරුවන් ලැබු පසුත් උණුසුම් ලිංගික අත්දැකීමක් විදින්න ඔබට  ‌මේ උපදෙස් මාලාව පිටුවහලක් ‌‌වේවි.  ‌‌

මේ ඉගි 5 අත්හදා බලන්න නැවතත් ඔ‌බේ යුගදිවි යහන නැවතත් සරාගයට ‌වෙලා ගන්න ඉඩ ‌දෙන්න.

කාර්යබහුල අයට ලිංගික උණුසුම:දරුවන් ලැබීමට පෙර

පිරිමි ලිංගික සතුට

දරුවන් ලැබීමට පෙර යුවලක් උණුසුම් ලිංගික එක්වීමක් වෙනුවෙන් දෙවරක් හිතන්නේ නැහැ.

උණුසුම් වෙන හැගීම් එක්ක තත්පරයකින් දෙදෙනාම එය හඹා යනවා.

ඒ වගේම තමයි ඒ කාලයේ තුල යුවලකට මේ දේවල් සදහා අසීමිත කාලයක් තියෙනවා.

කාගෙවත් බාධාවකින් තොරව හිතු හිතු වේලාවට තමන්ට අවැසි ලෙස තෘප්තිමත් වෙන්න ඔවුන්ට නිදහසක් තියෙනවා.

ඒ කාලයේ දරුවන් රැකබලා ගැනීම් වගේ විඩාවට පත්වෙන කාර්යයන් මොනවත් නැහැ.

ඒ කාලයේ කිරීමට තිබු එකම දේ නම් දෙදෙනා දෙදෙනාවම රැකබලා ගැනීමයි.

දරුවන් පවුල තුලට එන විට යුවලට තමන්ගේ පෞද්ගලිකත්වය, නිදහස හා තමන් ගැන වු හැගීම් සියල්ලම අහිමි වෙනවා.

ඔබේ ලිංගික ජිවිතයත් පණ අදිනවා. නමුත් එය එසේ විය යුතු නැහැ.

දරුවන්ගේ වැඩ කටයුතු එක්ක කාර්ය බහුල වෙද්දි පවා උණුසුම් ලිංගික ජිවිතයක් අත් විදින්න පුළුවන්. හැබැයි පහසු නැහැ.

ඒ වගේම යුවලකට උණුසුම් ලිංගික ජිවිතයත් දෙමව්පයන්ගේ කාර්යභාරයත් සමබරව පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය වෙනවා.

මේ ඉගි භාවිතා කර ඔබේ ලිංගික ජිවිතය තත්වයෙන් උසස් කරගන්න.

කාර්යබහුල අයට ලිංගික උණුසුම විදින්න ඉගි 5 ක්

ලිංගික ජීවිතයේ වැදගත්කම

1. සැලසුම් කරන්න 

උණුසුම් ලිංගික ජිවිතයක් ගත කරන දෙමව්පියන් එය සැලසුම් කිරීම අවශ්‍ය වෙනවා.

ඒ වගේම සැලසුම් කිරීමෙන් ලිංගික ආශ්වාදය සොයා යාමෙන් විනෝදය ‌නොලැබෙනවා වගේ ‌පෙනෙන්න පුළුවන් . ඔබ හිතන්නේ එහෙමයි නේද?

නමුත් ඇත්තටම සිදුවන්නේ එහි අනිත් පැත්තයි. ඔබ එය සැලසුම් ‌නොකලත් ඒ වෙනුවට අද රාත්‍රී 10 ට ඇඳේ මාව මුණගැසෙන්න කියා පවසන්න.

මෙය ඔබ දෙපලගේ හිත් තුල ක්‍රියා කරමින් රාත්‍රී 10 වෙනතුරු නොඉවසිලිමත්ව බලා සිටිවි.

දවස පුරාම ලිංගික එක්වීම වෙනුවෙන් වෙන හැගීම නිසැකවම බලාපොරොත්තුවක් ගොඩ නගනවා.

ඉ‌බේ සිදුවීමට අවස්ථා ලබා ‌දෙමින් ඔබේ ලිංගික ජිවිතයට ඉබේ ගලා යාමට ඉඩ දෙන්න පුළුවන්.

නමුත්  දිගු ‌වෙහෙසකර දිනයක් අවසානයේදි සුභ රාත්‍රියක් කියන හාදුවට වඩා එහා යාමට ඉඩ නොලැබෙන්න පුළුවන්.

2. හැමවිටම සුදානමින් ඉන්න

උණුසුම් ලිංගික ජිවිතයක් ගත කරන යුවලක් ඒ සදහා සෑම වේලාවකම සුදානමින්  සිටිනවා.

දරුවන්ට වඩා ටිකක් කලින් අවදි වී ඔවුන්ට ලිංගික ජිවිතයේ සුව අත් විදින්න පුළුවන්.

එහෙම නැත්තම් දරුවන්ට කලින් නිවසට පැමිණ ඔබ දෙදෙනාගේම කාලයක් ගත කරන්න පුළුවන්. 

මැදියම් රැයේ මොහොතක් අවදිව වුවත් ඔබට සරාගීත්වය තුල අතරමං වෙන්න පුළුවන්.

3. අවස්ථාව ලබාගන්න

උණුසුම් ලිංගික ජිවිත ගෙවන යුවල තමන්ගේ අවශ්‍යා ඉටු කරගන්න අවස්ථා සොයනවා.

ඔවුන් දරුවන් කෙටි නින්දක් ලබා ගන්නා විට ඉක්මනින් ක්‍රියාකාරි වෙනවා.

දරුවා අසල්වැසි නිවසක සෙල්ලම් කරන විට එහි උපරිම ප්‍රතිලාභ ලබනවා.

දරුවන් රැකබලා ගන්නෙක් සිටින සෑම මොහොතකම ඔවුන් එළියට ගොස් විනෝද වෙනවා.

දරුවන් රැකබලා ගැනීමට කාලය ගත වෙනවා තමයි.

නමුත් ඔබ ලබන සෑම අවස්ථාවකම ඉහලම ප්‍රයෝජන ගැනීමෙන් ඔබේ ලිංගික ජිවිතය උණුසුම් කරගත හැකි බව මතක තබා ගන්න.

4.අම්මා, තාත්තා කියන එක මොහොතකට අමතක කරන්න

දරුවන් සිටින දෙමව්පියන්ටත් උණුසුම් ලිංගික අත්දැකීමක් සදහා ඉගි 5 ක්

 

උණුසුම් ලිංගික ජිවිතයක් ගත කරන අය ඉදහිට ඔවුන් තමන් දෙමව්පියන් බව අමතක කරනවා.

ඔවුන් සරාගී, කාමුක හා ලිංගික සහකරුවෙක් බවත් සෑමවිටම දෙමව්පියන් වීම පමණක් අවශ්‍ය නැති බවත් මතක තබා ගන්නවා.

ඔවුන් දරුවන්ව රැකබලාගන්නෙකුට භාර දි හෝ ආච්චි අම්මා ලගින් තබා ටිකක් එළියට යනවා.

දරුවන් ගැන කතා කිරීම පසෙකලා ඔවුන් වෙනත් දේවල් කතා කරනවා. තනිව ඔවුන්ගේම කාලයක් ගත කරනවා.

දෙමව්පියන් ලෙස ඔබ වැඩිපුර කාලයක් ගත කරමින් සැමියා බිරිද සම්බන්ධය නොතකා හරිනවා නම් ඔබේ ලිංගික ජිවිතය අසාර්ථකයි.

දරුවන් ලැබීමට පෙර ඔබ දෙපල ගත කල සරාගී ජිවිතයම ගත කරන්න අමතක කරන්න එපා.

5. ඔවුන් අදහස් හුවමාරු කරගන්නවා

උණුසුම් ලිංගික ජිවිත ගත කරන්නන් ඔවුන්ගේ අවශ්‍යතා, අදහස් ගැන සාකච්ඡා කරනවා.

යමක් ක්‍රියා කරනවා නම් හෝ එය අසාර්ථක නම් ඔවුන් අනෙක් කෙනාට පවසනවා.

අනෙක් සියලුම සම්බන්ධතා වලදි මෙන්ම මෙහිදිද අදහස් හුවමාරු කරගරනීම ඉතා අත්‍යාවශ්‍ය වෙනවා.

දරුවන් නොසිටි යුගය ගත කල උණුසුම් ලිංගික ජිවිතය  දරුවන් ලැබු පසු ගත කිරීම  පහසු නැහැ. නමුත් එය කරන්න බැරිත් නැහැ.

අවශ්‍ය සියලු කාර්යයන් කෙසේ හෝ අවසානයේ එහි වඩා වැඩි වටිනාකමක් ඇති කරනවා.

දෙමව්පියන් ලෙස ඔබේ ලිංගික ජිවිතය පවත්වා ගෙන යාමට  ඔබගේ ගැඹුරු, නරක රහස් බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය: Christy Rasmussen

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

Written by

nimnadhi