theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

5 අවම කියවීම
සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

විවාහයකදි ආදරය වගේම ලිංගික ජිවිතයත් අවශ්‍ය වෙනවා.

සැමියා සතුටු කරන්නේ කෙසේද යන්න සෑම කාන්තාවක්ම නිතර කල්පනා කරනවා. 

සැමියාට උපරිම තෘප්තිය ලබා දෙන්න හීන දකින ඔබට අද අපි රහස් 5 ක් සදහන් කරන්න හිතුවා. 

ඔන්න ඉතින් මේ රහස් 5 ත් එක්ක ඔබ සරාගිනියක් සේ ඔහු වසග කර යුග දිවි යහන රාගයෙන් දවා හළු කරන්න.

පිරිමින් තේරූම් ගන්න ටිකක් අපහසු වෙන අතර ලිංගික ජිවිතය තුලත් එහි වෙනසක් නැහැ.

සියලුම පිරිමින්ගේ හැසිරීම්ද විස්තර කරන්න අසීරුයි.  

ඔවුන්ව තේරූම් ගැනීම හා ඒ අනුව හැසිරීමෙන් හොද ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම හොද සම්බන්ධතාවයක්ද පවත්වා ගන්න පුළුවන්.

ඒ සදහා ඔබට කරන්න ගොඩාක් අසීරු දේවල්  නැහැ.

පුංචි පුංචි වෙනස්කකම් කිහිපයකින් ලොකු වෙනසක් අත්විදින්න පුළුවන්.

ඔබේ සහකරුවා තේරුම් ගැනීමටත්  සහ වඩාත් හොද ලිංගික ජිවිතයක් හිමි කරගැනීමටත් මේ රහස් 5 ඔබට සහය දේවි. 

සැමියා සතුටු කරන්නේ කෙසේද? මෙන්න ඉගි 5 ක්

සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

1. ඔබව තෘප්තිමත් කල නොහැකි වේයැයි බියක් ඇතිවෙන්න දෙන්න එපා

සමහර විට ලිංගිකව හැසිරීම් පිරිමින්ට මානසික වදයක් වෙන අවස්ථාත් නැතුවාම නොවෙයි.

කාන්තාවන් විවාහය ලිංගික සම්බන්ධකම් වෙනුවෙන්ම ඇති කරගන්නේ නැහැ.

ඒ නිසා ඔවුන් ලිංගික ජිවිතය තුල යම් නිදහක් අත් විදිනවා. මැඩෝනා සහ ‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’  නාට්‍යයයේ සයිරන් වැනි කාමුක චරිත නිරූපණය කරන්නියන් විසින් නාගරික කාන්තාවන්ට ඔවුන්ගේ ලිංගික ආශාවන් සහ පැමිණිලි හඩා වගා විවෘතව කතා කිරීමට දිරි ගන්වනවා. 

මෙවන්  නිදහස් කාන්තාවන් නිසා  ඔවුන්ගේ පිරිමි සහකරුවන්ට අපහසුතාවයට ලක් වීම සිදුවෙන්න පුළුවන්.

ඔවුන් එකවරම , ලිංගික සම්බන්ධතා ඇති කරගන්න ඔහුව පොළඹවන්න පුළුවන්.

ඔහු සුදානම් නොවුවත් ඔහුට සිය සහකාරිය සතුට කල යුතු යැයි හැගෙන්න පුළුවන්.

සහකරුගේ ක්‍රියාකාරිත්වය  ගැන කාන්තාවන් එතරම් තැකීමක් නොකළත්, ඔවුන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය වුව තැකිමට ලක් නොකලද, එය ඔහුට මානසික වදයක් බවට පත් වෙන්න පුළුවන්.

ඒ නිසාම ඔහු තම සහකාරිය සතුට කිරීමට නොහැකිවේයැයි  බියක් ඇති කරගන්න පුළුවන්.

ඔබේ සැමියාටත් මෙය දිගින් දිගටම ගැටළුවක් වුවහොත් එය ඔබ තුලින් පිට වෙන්නට බොහෝ විට ඉඩ තියෙනවා.

ඔබට ඔහු ගෙන් දොස් අසන්නට සිදුවෙන්න පුළුවන්. ඔහු නගන දොස් පෞද්ගලිකව ගන්න එපා.

ඒ වගේම ඔහුට අපහස නොකිරීමත් වැදගත් වෙනවා. එය ගණන් නොගනිමින් සිනා සෙන්නත් යන්න එපා.

මෙහිදි නිවැරදිව ඔබ කටයුතු කිරීමෙන් ඔබේ ලිංගික ජිවිතය මෙන්ම පවුල් ජිවිතයද ආරක්ෂා කරගන්න පුළුවන්. 

2.සැමියාව අගය කරන්න

ලිංගික ජිවිතය තුල ජවයෙන් කටයුතු කිරීම පුරුෂයෙක්ගේ බලාපොරොත්තුවයි.  පි

රිමින් ලිංගික එක්වීමකදි කාන්තාව කෙරෙහි සිය ආධිපත්‍ය විහිදුවමින් ඇය සෑම අතකටම චලනය කරමින් ක්‍රියාකාරි ස්නේහවන්තයෙක් ලෙස කටයුතු කරන්න කැමතියි.

එනම් පිරිමින්ට ලිංගික ජිවිතය තුල  සුපිරි වීරයෙකු වීමට අවශ්‍යයි.

ඔහුටත් අවශ්‍ය වන්නේ ඔබ ඔහුගෙන් උපරිම තෘප්තියක් ලැබීමයි.

ඔහු ඔබව ලිංගිකව තෘප්තිමත් කළ විට, ඔහුට ශක්තිමත් හැගීමක් ඇතිවෙනවා.

ඔබ තෘප්තිමත් නම් අනිවාර්යයෙන්ම ඔහුට කියන්න. ඔහුව පසසන්න.  ඔහු එයට ගොඩාක් කැමතියි 

දිරිගැන්වීමකින් තොරව විනෝදයක් නොඑනු ඇත.

ඔබ තෘප්තිමත් වුවත් නැතත්, ඔහුව දිරි ගන්වන්න. එය බොහොම වැදගත් වෙනවා.

එහිදි ඔහුව රවට්වන්න එපා නමුත් ඒ වෙනුවෙන් ඔහු හා සටන් කරනන එපා.

ඔබ සතුටින් හා තෘප්තියෙන් සිටින විට ඔබේ සහකරුද සතුටින් සිටියි.

ඒ නිසා තෘප්තිය සොයා යන්න ඔහුට ඉහළ සහයක් ලබා දෙන්න.

3. ඔබට ආරම්භයක් ලබා දෙන්න පුළුවන්

ලිංගික එක්වීම

ලිංගික සම්බන්ධකම් කාන්තාවන් ආරම්භ කල යුතු නැති බවට විවිධ මත තියෙනවා.

සම්බන්ධතාවයක  ලිංගික එක්විමකදි ඔහු ඒ සදහා ඔහුගේ දායකත්වය ලබා දෙනවා.

ඔබ ඔහුත් සමග ලිංගික ඇසුර ප්‍රිය නම් එය ඔහුට පවසන්න. එයට ඔහු කැමතියි.

අපි සියල්ලන්ම සංවේදනයන් ඇති අය වෙනවා. ඒ නිසා ඔබට ලිංගික ඇසුර අරඹන්න අවශ්‍ය නම් ඒ සදහා පැකිළෙන්න එපා.

සමහර විට ඔහු එයට ගොඩාක් කැමති වේවි.

ඒ වගේම ඔබ ලිංගික ඇසුර ආරම්භ කරන විට ඔබේ සහකරු අමනාප වී ඇත්නම්, ඔහු ගෙන් ඉවත් වන්න.

ඒසේ නම් මේ රහස ඔබට ක්‍රියාත්මක නොවේවි. එය අමතක කර ලිංගික ඇසුර අරඹන්න ඔහුට ඉඩදෙන්න.

4. ඔහුගේ ප්‍රතිරූපය අගය කරන්න

පිරිමින් කාන්තාවන් මෙන් බර හා බඩ ගැන කලබල වන්නේ නැහැ.

ඒ වගේම ඔවුන් සම හෝ රුව රැක ගැන්ම ගැන හීන මවන්නේද නැහැ.

ඔවුන් ප්‍රමුඛ තැන දෙන්නේ ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටයි . 

බොහෝ පිරිමින් ඔවුන්ගේ සාමාන්‍ය ශාරීරික තත්වය, උස හා තට්ටය පෑදිම වැනි කාරණා ගැන  සැලකිලිමත් වෙනවා.

ඒ වගේම ඔවුන් ලිංගික ජිවිතය තුල කාන්තාවන් මෙන්ම මානසිකත්වය හොදින් පවත්වා ගන්න කැමතියි.

ඔබ ඔහු ආකර්ශනීය බව පවසන්න. ඔහුට ආදරය සෙනෙහස දක්වන්න. 

ඒ තුලින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නංවන්න. එය ඔබ දෙපළට හොද ලිංගික ජිවිතයක් පවත්වා ගන්න උපකාරි වේවි.

5. වංචා කරන්න එපා 

උදෑසන ලිංගිකව එක්වීම

වංචාව කොයි විදියේ සම්බන්ධතාවයකදි වුවත් අප්‍රසාදයට පත්වන්නක්.

තමන්ගේ ලිංගික සහකරු වෙතින් වංචාවට පත්වෙන්න පිරිමින් කැමති නැහැ.

එවන් වංචාකාර සහකාරියන් සමාව දීමට ඔවුන් කිසිසේත්ම සුදානම් නැහැ. 

පිරිමින්ට පක්ෂපාතීත්වය අවශ්‍ය වෙනවා.

ඔබේ ආදරණිය සම්බන්ධතාවය තුල විශ්වාසය සුරකින්න.

ඔහුට ඔහුගේ සගයන් ඉදිරියේ ඔබේ සහය දක්වන්න. ඔහුව ආරක්ෂා කරන්න.

ඒ සියල්ල ඔහුට ඔබේ පක්ෂපාතිත්වය මනාව ඔප්පු කර පෙන්වයි. 

සැමියා සතුටු කරන්නේ කෙසේද? ගැන හිත හිතා ඉන්නේ නැතුව ඒ සදහා උත්සහ කරන්න

අපි කලින් කියපු කාරණා 5 ඔබ දැනටමත් දන්න කාරණා වෙන්නත් පුළුවන්. නැතිනම් ඒවා ඔබට අලුත් අදහසක් දෙන්නත් පුළුවන්.

එය කෙසේ වුවත් ඔබේ ලිංගික ජිවිතය ගුණාත්මක කරගනිමින් ඔබේ සහකාරු තෘප්තිමත් කිරීම ඔබ හිතන තරම් පහසු කාර්යයක් නොවේ.

නමුත් විශ්වාසය හා කැපවීම මගින් එය නොකල හැක්කක්ද නොවේ.

සැමියා ඔබේ නම් සම්බන්ධතාවය ඔබේ නම් බිය නොවි එයට සාර්ථකව පණ පොවන්න ඔහුට දායක වෙන්න. එය සහකාරිය ලෙස ඔබේ වගකීමයි. ඒ තුලින් සාර්ථක යුග දිවියක් මෙන්ම ලිංගික ජිවිතයක්ද ගෙන යන්න පුළුවන්.

මුලාශ්‍ර - timesofindia.indiatimes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්
බෙදාගන්න :
  • ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

    ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

  • අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

    අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

  • ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

    ලිංගික අනුකූලතාව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණා කිහිපයක්

  • අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

    අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it