කාන්තාවන් සුරයහනේ කරන වැරදි 5ක්

කාන්තාවන් සුරයහනේ කරන වැරදි 5ක්

යුගදිවි යහන තිත්ත වෙන කාන්තාවන්ගේ වැරදි මෙන්න

ලිංගික ජිවිතය තුල ස්ත්‍රී ලිංගික වැරදි පැන නගින විට බොහෝ දෙදෙනා එය තමන්ගේ සිරුරේ ගැටළු බව සිතනවා. ඇත්තටම එය වැරදියි.

කාන්තාවන් තමන් සරාගී නොවන නිසා ලිංගික ජිවිතය තුල ඔවුන් ප්‍රමාණවත් නොවන බව සිතනවා. එයත් අසත්‍යයක්.

එතකොට ගැටළුව කොතැනද? ඇයි කාන්තාවන්ගේ ලිංගික ජිවිතය අසාර්ථක වෙන්නේ?

හේතුව ඔවුන්ගේ සිරුරේ හෝ හැසිරීමේ නොවේ නම් ඇත්තටම හේතුව කුමක්ද?

ඇත්තටම ඔවුන් කරන වැරදි තියෙනවා. එකක් නෙමෙයි කිහිපයක්ම. අද ඒ ගැන බලමු.

ස්ත්‍රී ලිංගික වැරදි 5 ක් මෙන්න

ලිංගික ජිවිතය තුල වැරදීම් ස්ත්‍රීන් ගෙන් පමණක් පිරිමින් අතිනුත් වෙනවා.  නමුත් මේ ලිපිය තුල අපි විශේෂයෙන්ම කාන්තාවන් විසින් කරනු ලබන මේ ප්‍රධාන වැරදි 5 ගැන කතා කරනවා.

1. අපැහැදිලි ඉගි නිකුත් කිරීම

කාන්තාවන් සුරයහනේ කරන වැරදි 5ක්

සහකරුට සිය මනස කියවිය හැකි යැයි සහකාරිය සිතනවා.

ඒ නිසාම තම ලිංගිකත්වය සදහා ඇති කැමැත්තද ඔවුන් දැනගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඒ නිසාම ඇයගේ සියුම් ඉගි බිගි සහකරු තේරූම් නොගන්නා විට ඇය කණගාටුවට පත් වෙනවා.

ඇස් කොනකින් හෙලන බැල්ම, මම කාමරයට යනවා යැයි පැවසීම හෝ රූපවාහිනිය බලන අතර සෝෆා එක මත සුරතල් වීම මගින් ඔබට සෙක්ස් අවශ්‍ය බව පිරිමි මොළයට වැටහෙන්නේ නැහැ.

  • කල යුතු දේවල්

පිරිමින්ද, කාන්තාවන් මෙන්ම කැමැත්ත අසා ගන්න කැමතියි. ඒ නිසා , ඔහු ආකර්ශනීය හා ප්‍රියජනක බව ඔහුට කියන්න.

ඔබට ඔහු හා ලිංගිකව එක්වෙන්න අවශ්‍ය බව කෙලින්ම ඔහුට කියන්න.

ඔබට ඒ සදහා සරාගීව ඔහුට ඇරයුම් කරන්න පුළුවන්. නැතිනම් ඔහු පුබුදුවා ගත හැකි පරිදි ස්පර්ශ කරන්න.

2. ලිංගික ආශාවන් නැවත පැවසීමට අපොහොසත් වීම

තමන් කැමති දේවල් කොතරම් සහකරුට කීව්වත් එය ඔහුට මතක නොමැති බව සමහර කාන්තාවන් චෝදනා කරනවා.

ලිංගික හැසිරීම තුල ඔහු කොතරම් ප්‍රබල වෙද්දී ඔහුගේ මනස තුල ඔබේ කැමැත්ත සැගවී යන්නට පුළුවන්.

ඒ නිසා ඔබ කොතරම් ස්පර්ශයට කැමතිද යන්න ඔහුගේ මතකයෙන් ගිලිහෙන්න පුළුවන්

  • කල යුතු දේවල්

ඉතින් ඔබ කල යුත්තේ නිතර ඔහුගේ මතකය අවදි කිරීමයි. ඔබ කැමති දේවල් , ඔබ ස්පර්ශයට කැමති ආකාරය ඇතුළු සියල්ල විවෘතව ඔහුට පවසන්න. මතකය ගිලිහි යාම ඔහුගේ දුර්වල කමක් නම් ඔබ ඔහුගේ මතකය නිරන්තරයෙන් අවදි කරන්න.

3. ශරීර අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කිරීම

කාන්තා ලිංගික අවයව

පිරිමින්ගේ හොද පැතිකඩක් නම් ඔවුන් ලිංගික තෘප්තියෙන් සතුටට පත් වීමයි.

ඔහුට සැබෑ, සජීවී, නිරුවත් කාන්තාවක් සමඟ සිටීමෙනුත්, ඔහුගේ සිරුරේ වෙලෙන ඇයගේ සිරුරේ උණුසුම විදීමෙන්  මෙන්ම ඇයව කැමති පරිදි නිදහසේ ස්පර්ශ  කිරීමට ලැබීමෙනුත් ඔහු සාමාන්‍යයෙන් සතුටට පත් වෙනවා.

නමුත් කාන්තාවන් බොහෝ විට ඔවුන් ලබන ලිංගික තෘප්තියට  වඩා ඔවුන්ගේ ශරීරයේ අඩුපාඩු ගැන සිතමින් ලතැවෙනවා.

ඇය තමන්වම මනසින් විවේචනය කිරීම ඇරඹීමත් සමගම ඇය තුල  ලිංගිකව  පිබිද වීමේ හැඟීම් අඩු කරනවා

  • කල යුතු දේවල්

ඔබේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ සිරුර ගුණ දොස් විචාරණයට යොමුවෙන සිතෙහි අවධානය වෙනස් කරන්න.

ඔබේ හුස්ම පාලනය කිරීමට උත්සාහ නොකර හුස්ම ගන්නා ආකාරය බලා සිටින්න.

ඔබගේ කෙගල් මාංශ පේශි මිරිකමින්  ඔබේ ශ්‍රෝණිය තුලට පීඩනයක් ඇති කරන්න.

ඔබේ සිතට තෘප්තිමත් බවක් ඇති කරන දේවල් ගැන පමණක් සිතන්න.

4. හරි දේ කරනවාදැයි කණගාටු වීම

ඕනෑම අයෙකු සතුටු කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ස්පර්ශයෙන් ඔබ ලබන සතුටයි.

ලිංගික චිකිත්සාවේදී, කාන්තාවන් බොහෝ විට මුඛ සංසර්ගය හෝ අතින් උත්තේජනය ලබා දීමේ තාක්ෂණය ගැන විමසනවා.

මෙවන් ප්‍රශ්න වලදී ඇය සැහැල්ලුවෙන් නොසිටින බවටත් ඇයගේ ස්පර්ශයේ සංවේදීතාවන් ගවේෂණය කිරීම සොයන බවත් පෙන්නුම් කරනවා.

  • කල යුතු දේවල්

ඕනෑම ලිංගික කාර්යයකදී  උද්යෝගය ලබා දෙනුයේ විශීෂ්ට සාර්ථකත්වයකි.

ඔබේ සහකරු ගෙන් ඔවුන් කැමති දේ විමසන්න.

විශේෂිත ක්‍රමවේදයක් වේ නම් එය ඔබට සිදු කරන ආකාරය පෙන්වන ලෙස ඉල්ලා සිටින්න.

5. ඕනෑවට වඩා මෘදුව  ස්පර්ශ කිරීම

කාන්තාවන් සුරයහනේ කරන වැරදි 5ක්

බොහෝ පිරිමින් සක්‍රිය වන්නේ කාන්තාවන්ගේ  දැඩි හා හැගීම්බර සරාගී ස්පර්හයෙනි. 

මෙහිදි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම කරන වැරැද්දක් තියෙනවා. එනම් ඔවුන් ස්පර්ශ කරනුයේ තමන් ඒ ස්පර්ශය විදීමට කැමති ආකාරයටයි.

පිරිමින් ලිංගික චිකිත්සාවවේදී කරන පැමිණිලි අතර ඉල්ලා සිටීමකින් තොරව ඇය ඔහුගේ ලිංගේන්ද්‍රයන් ස්පර්ශ නොකරන බව කියා සිටියි.  නැතිනම් ඇය ඔහුට එම ස්පර්ශය අවශ්‍ය නැති බව සිතයි.

  • කල යුතු දේවල්

ටිකක් දැඩී පීඩනයකින් හා ආක්‍රමණශීලීත්වයකින් ඔහුව ස්පර්ශ කරන්න.

ඔබේ අත් සහ කකුල් ඔහු වටා තදින් ඔතාගන්න. සංසර්ගය අතරතුරදී සිපගැනීමක්  එය ආරම්භ කරන්න.

පුරුෂ හෝ ස්ත්‍රී ලිංගික වැරදි අවම සාර්ථක සංසර්ගයක අත්දැකීමක් විදින්න.

ලිංගික ජිවිතය ඔබ දෙපල සතු ජිවිතයයි. ඒ තුල යම් වරදක් වෙන බවට නිරීක්ෂණය වුවහොත් එය ඔබ විසින් නිරාකරනය කල යුතුය.

එවන් ගැටළුවක් ඇති නම් පළමුව ඔබ දෙපළ කතා කර එය විසදාගන්න.

එසේ නොහැකි තත්වයට ඔබේ ගැටළුව උග්‍ර වී ඇත්නම් ඔබ දෙපළ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.

සංසර්ගය යනු කරන්නන් වාලේ කල යුත්තක්ද නොවේ. ඒ තුල ඇති වී නිවී යන්නේ ඔබ දෙපලගේම හැගීම්ය.

එකිනෙකා තමන්ගේම හැගීම් වලට ගරු කල යුතුයි.

මේ ලිපිය මගින් ඉදිරිපත් කල කාරණා ඔබට යුගදිවිය තුල ශක්තිමත් ලිංගික ජිවිතයක් ගොඩ නැගීමට හේතු වේවි කියා අපි හිතනවා.

මුලාශ්‍ර- www.psychologytoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

nimnadhi

කතන්දර ලිපි