පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

ආත්ම විශ්වාසයෙන් යුත් විශ්වාසවන්ත බිරිඳක් ඔබට සිටී නම්, ඒ ඇගේ පියා නිසා විය හැකිය.

ඇය කරන දේ සහ ඇය කරන දේ ගැන ආඩම්බර වන ආත්ම විශ්වාසයෙන් යුත් විශ්වාසවන්ත බිරිඳක් ඔබට සිටී නම්, ඒ ඇගේ පියා නිසා විය හැකිය. පියවරුන් සහ දියණියන් අතර සම්බන්ධය ගැන සොයා බැලීමට කලින් ඔබේ ජීවිතයේ එවැනි අපූරු කාන්තාවක් ලැබීමට තරම් ඔබ කළ දේ (පින්) මොනවාදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඒ සඳහා ඇගේ පියාට ස්තූති කරන්න!

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ තම දියණියගේ පෞරුෂය හැඩගැස්වීමේදී පියෙකු විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි.

ස්ථීර, ආත්ම විශ්වාසයෙන් හා ශක්තිමත් සිතිවිලි වලින් යුත් කාන්තාවන් ජීවිතයේ යහපත් දේ කිරීමට නැඹුරු වන අතර, බොහෝ විට, මෙම කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ මුල් අවදියේම සම්බන්ධ තාත්තා කෙනෙකු සිටින්නට ඇත.

පියවරුන් සහ දියණියන් අතර සබඳතාවය: එය දෙපැත්තටම අදාළ වේ

ඔබ පුදුමාකාර දියණියකගේ පියෙක් නම්, ඇයගේ පෞරුෂය හැඩ ගැස්වීමට පමණක් නොව, ඇය වැඩී විවාහ වීමට තීරණය කළ විට ඇය කෙතරම් තෘප්තිමත් වනු ඇත්ද යන්න කෙරෙහි බලපෑම් කිරීමටද ඔබට හැකිය.

මැද පෙරදිග සිදු කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වන්නේ පියෙකුට තම දියණියගේ විවාහ තෘප්තිය කෙරෙහි ඇති කළ හැකි බලපෑමයි.

මෙය කුඩා අධ්‍යයනයක් වුවද, ප්‍රතිඵල වලින් නිගමනය වන්නේ පියාගේ මුල් මැදිහත්වීම, ඇයගේ කුඩා කළ ඇය සමඟ සිටීමෙන් පමණක් දියණිය ඇගේ විවාහය දෙස බලන ආකාරය වැඩි දියුණු කරන බවයි.

පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

දරුවන් සමඟ සිටින්නට නොහැකි වූ පියවරුන් කිහිප දෙනෙක් සිටියත්, අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙම ගැහැනු ළමයින්ට ජීවිතයේ අඩු රළු පැල්ලම් ඇති විය හැකි අතර, අඩු ආත්ම අභිමානයක්, අධ්‍යාපනයේ දුෂ්කරතා සහ STEM විෂයයන් කෙරෙහි උනන්දුවක් නොදැක්වීම, විශේෂයෙන් ගණිතය ආදී ගුණාංගයන්‍ය.

පියවරුන් සහ දියණියන් අතර බලය යහපත සඳහා භාවිතා කිරීම

ස්පයිඩර් මෑන් (2002) හි බෙන් මාමා පැවසූ පරිදි, “විශාල බලයකින්ය යුක්ත වූවෙක් මත, විශාල වගකීමක් පැවරේ”, ඔබේ දියණිය වෙනුවෙන් නිවැරදි දේ කිරීමට ඔබට බැඳීමක් තිබේ.

එය පහසු නොවිය හැකිය. විශේෂයෙන් ඔබ වෙන්ව සිටී නම්, හෝ රැකියා දෙකක් කිරීම ආදී අභියෝග නිසා.

කෙසේ වෙතත්, ඔබ ඔබේ දියණියගේ ජීවිතයට වැඩි වැඩියෙන් සම්බන්ධ වන්නේ නම්, එය ඇගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කරයි.

හොඳ පියෙක් වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නට යන්නේ නැත- ඔබ එය දැනටමත් දන්නවා. මම ඔබට කියන්නට යන්නේ ඔබේ දුවට ඔබේ උදව් භාවිතා කළ හැකි අවස්ථා 5 ක්.

1# අධ්‍යාපනය, විශේෂයෙන් තර්කනය හා තර්කණය සම්බන්ධ විෂයයන්

කිසියම් හෝ හේතුවක් නිසා, මෙම ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් පරිදි, කාන්තාවන් ගණිතය කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වයි.

ඔවුන්ගේ පියවරුන් යම් ආකාරයකින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන්නේ නම්. නිරීක්‍ෂණයට මම සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි, නමුත් ඔබේ දියණිය වෙනුවෙන්, එය සත්‍ය යැයි උපකල්පනය කරමු.

ඔබේ දියණියට ගණිතය හැදෑරීමට ඔබට උදව් කළ හැකිය. එය එතරම් සිත්ගන්නාසුළු කර්තවයක් නොවන බවක් පෙනෙන්නට තිබුණත්, වචන ගැටලු සහ ප්‍රහේලිකා භාවිතා කිරීමෙන් ඔබට එය රසවත් කළ හැකිය.

ප්‍රහේලිකා යනු ඔබේ දියණියගේ අවධානය් දිනාගැනීමට ඇති හොඳම ක්‍රමයක් වන අතර, ගැටළු විසඳීමේ තර්කනය කෙරෙහි උනන්දුවක් ඇතිකිරීමට සමත් වනවා.

මෙන්න ඔබ වෙනුවෙන් නිදසුනක්-

"කිකිළියන් හා එකහමාරක්, බිත්තර එකහමාරක්, දින එකහමාරක් තුළ දමනවා නම්, දින 7 ක් තුළ කිකිළියන් 6 දෙනෙක් බිත්තර කීයක් දමයිද?"

ලිපියේ අවසානයේ මම එයට පිළිතුරු දෙන්නෙමි.

2# තමන්ටම කළ හැකි දේවල්

මගේ බිරිඳට විද්‍යුත් පද්ධතියේ ෆියුස් එකක් මාරු කළ හැකි අතර ඇලන් යතුර කුමක්දැයි ඈ දනී. නමුත්, මෙය සම්මතයක් විය යුතුද? නැත.

එහෙත් ඈ එය දන්නේ, ඈ නිවසේ ලොකු මහත් වූයේ, ඇගේ පියාගේ දෛනික කර්තවයන් හා සම්බන්ධ වෙමින් නිසායි.

ඔහුගේ බඩු බාහිරාදිය හා ඒවා පාවිච්චි කරන අවස්ථාවන් හා පාවිච්චි කරන හේතුන් ගැන ඈ දැන සිටි බැවිනි.

මේ ආකාරයෙන්, අප දෙදෙනා අතර, අපි නිවසේ සෑම දෙයක්ම පාහේ සවි කරමු.

මෙය වැදගත් ජීවන කුසලතාවයක් වන නමුත් එය දිගු කලක් තිස්සේ නොසලකා හැර තිබේ.

ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂිත භූමිකාවන් නොමැති බව මෙහිදී තහවුරු කරමු. ඒ නිසා ඉස්කුරුප්පු නියනක් භාවිතා කරන්නේ කෙසේදැයි ඔබේ දියණියට ඉගැන්වීම ඇයට බොහෝ යහපත් වනු ඇත.

ඔවුන් යම් දවසක රිය පැදවීමට යන්නේ නම්, මෝටර් රථයේ බොනට්ටුව ඇතුළත කුමක් සිදුවේදැයි ඔවුන් දැනගත යුතුය. එය ඔවුන්ගේත්, වඔවුන්ගේ පවුල් වලත් ජීවිත සැබවින්ම පහසු කරනු ඇත.

3# බයිසිකලයක් පැදීම

තාත්තලා ආදරයෙන් රැකබලා ගත් එක් මතකයක් තිබේ නම්, එය ඔවුන්ගේ දියණිය ස්වාධීනව බයිසිකලය පැදවූ දිනය පමණයි. මා සඳහන් කළ පරිදි, එය තාත්තාට පමණක් කළ හැකි දෙයක් නොවේ.

නමුත් ඔබ තාත්තා නම්, ඔබේ දියණියට බයිසිකලයක් පැදවිය යුතු ආකාරය ඉගැන්වීමට අමතක නොකරන්න.

මාව විශ්වාස කරන්න, එය සමබර කරන්නේ කෙසේදැයි ඇය තේරුම් ගත් විට එය පෞද්ගලික ජයග්‍රහණයක් සේ දැනේ!

පසුව, ඔබට ඇයට රිය පැදවිය හැකි ආකාරය ඉගැන්විය හැකිය.

එය යළිත් පුද්ගලයෙකුට ඉගෙන ගත හැකි වැදගත් ජීවන කුසලතාවන්ගෙන් එකකි. 5 පියවරුන් තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා.

පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

4# ඇයට පිහිනීමට උගන්වන්න පියවරුන් සහ දියණියන්

මගේ තාත්තාට පීනන්න බැහැ. නමුත් ඔහු මා කුඩා කල පිහිනුම් තටාකයට ඇතුළු වීම වළක්වා ගත්තේ නැහැ.

මට හොඳින් පීනන්න පුළුවන් බව ඔහු සහතික කළා.

පසුව මට පිහිනුම් පුහුණුකරුවෙකු සිටි අතර ඔහු මට පිහිනුම්  උපක්‍රම ඉගැන්වූවා.

කෙසේ වෙතත්, මගේ තාත්තා මට වතුර මත පාවීමට ඉගැන්වූ කාලය මට තවමත් මතකයි.

ඔබට හැකි නම්, ඔබේ දරුවා පිහිනීම සඳහා පිටතට ගෙන යන්න. ඇගේ ශරීරය විශ්වාස කරන්නේ කෙසේදැයි ඇයට උගන්වන්න.

පුහුණුකරුවෙකු බඳවා ගන්න. නමුත් ඔබට හැකි නම් පාඩම් වලට සහභාගී වන්න. ඒ සියල්ල අගය කිරීමට දෙමව්පියන් සිටින විට දරුවන් වේගයෙන් හා වඩා හොඳින් ඉගෙන ගැනීමට නැඹුරු වේ!

5# මිනිසුන් තේරුම්ගන්නා ආකාරය ඇයට උගන්වන්න

පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා 5

පියවරුන්ට තම දියණියගේ ජීවිතයට වැඩිපුර සම්බන්ධ විය හැකි අවස්ථා මෙය බොහෝ මිනිසුන්ගේ හැඟීම වන්නේ කිහිප වතාවක් පුළුස්සා දැමීමෙන් පසුව පමණි.

දියණියකගේ පියෙකු ලෙස, සැතපුම් ගණනක් දුර සිට යම් අන්ත්‍රාදායක තත්ව ගැන ඉවෙන් මෙන් දැනගැනීමේ  හැකියාව පියෙකුට තිබෙනවා.

යමෙකුගේ දෑස් දුටු පමණින් ඔහුගෙන් හානියක් වේදැයි නිගමනය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. එම සහජ බුද්ධිය වර්ධනය කිරීමට ඇයට උදව් කරන්න.

නමුත් ඉන් ඔබ්බට, ඇය පිරිමියෙකු දෙස බැලිය යුතු දේ පිළිබඳ ආදර්ශයෙන් පෙන්වන්න.

ඇය තමාට සුදුසු නැති කෙනෙකු වෙනුවෙන් කැප නොවනු ඇත.

කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය බිඳ දැමූ බොහෝ පිරිමින් ඔවුන් සමඟ දිගටම සිටිනු ඇත.

පුරුෂභාවය යනු ශක්තිය විදහා දැක්වීම නොව චරිතය විදහා දැක්වීම බව ඇයට පෙන්වන්න.

තාත්තලා, පසුකාලීනව ඔබේ දියණියගේ ජීවිතයට අර්ථවත් බලපෑමක් ඇති කිරීමේ අවස්ථාව අහිමි නොකරන්න.

අහ් ඉහත අප ඇසූ පැනයට පිළිතුර, කිකිළියන් 6 දෙනෙකු දින 7කදී බිත්තර 28ක් දමයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

Written by

Anay Bhalerao