විවාහයක යහපැවැත්ම සදහා ගත හැකි සරල පියවර 5 ක්

විවාහයක යහපැවැත්ම සදහා ගත හැකි සරල පියවර 5 ක්

විවාහ ජීවිතය පවත්වා ගැනීම පහසු නැහැ.නමුත් මෙම සරල පියවර පහ අනුගමනය කිරීම මගින් ඔබට සතුටුදායක හා යහපත් විවාහයකට උරුමකම් කිව හැක.

විවාහයක යහපැවැත්ම එක ලෙස පවත්වා ගැනීම පහසු නැහැ. නමුත් මෙම සරල පියවර පහ අනුගමනය කිරීම මගින් ඔබට සතුටුදායක හා යහපත් විවාහයකට උරුමකම් කිව හැක.

විවාහයක යහපැවැත්ම සදහා ගත හැකි සරල පියවර 5 ක්

විවාහයක යහපැවැත්ම

1. එකිනෙකා කෙරෙහි ඉටුකර ගත හැකි බලාපොරොත්තු තබා ගන්න

එකිනෙකා කෙරෙහි ඉටුකර ගත හැකි බලාපොරොත්තු  තබා ගැනීම යනු  ඔබේ සහකරුවාට ඉටුකර දිය හැකි සහ ඔබට ලගා විය හැකි ඉලක්ක ලබාදීමයි.

හොඳ උදාහරණයක් ලෙස ඔබ දෙපල අතර ඇතිවෙන මත ගැටුම් හා වාද විවාද ගතහොත් වැඩිපුර පිරිස  ඔවුන් එකිනෙකා අතර මත ගැටුම් ඇති නොවිය යුතුයැයි හිතනවා. නමුත් ඇත්තටම මත ගැටුම් ඇතිවීම යනු ඔබ විසින් ඔබේ ගැටලු කථාකර විසදීමට උත්සහ ගැනීමයි.

සෑබෑ ජිවිතයේ විවාහක දෙපලක් අතර ගැටුම් ඇතිවේ. නමුත් ඔවුන් ඔවුන්ගේ එම ගැටලු විසදාගැනීමට උත්සහ කරනවා.

ඔබවත් ඔබේ සහකරුවාවත් ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල සිටින විවාහක යුවල හා සංසන්දනය කරන්න එපා. යථාර්ථවාදී වන්න. එවිට ඔබ දෙපලට ප්‍රීතිමත් යුග ජීවිතයක් හිමිවේවි.

2. ඇගයීමට ලක් කරන්න හා සහතික වන්න

විවාහයක යහපැවැත්ම

මේ වගේ පුංචි දේවල් වලට ලොකු දෙයක් කල හැකිය. ඇගයීමක් වශයෙන් පුංචි සිප ගැනීමක් කිරීම , මං ඔයාට ආදරෙයි යන්න පැවසීම හෝ ඔබේ සහකරුට තමා සුවිශේෂී බවත්, ඔබගේ දැඩි සැලකිල්ලට ලක් වන බවත් පසක් කරමින් ඔහු හෝ ඇය තදින් සිප ගැනීම වැනි ධනාත්මක ප්‍රතිචාර ලබා දෙන්න ඔබට පුලුවන් .

විශ්මයට කරුණක් වන්නේ කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශ්වය සහතික කර දීම් වැඩිපුර බලාපොරොත්තු වීම වේ. එමනිසා  ඔබගේ සැමියා ඔබගේ හෝ නිවසේ කටයුතු වලට උදව් කල විට ඔහුව ප්‍රමෝදයට පත්වන ලෙස සිප ගන්න අමතක කරන්න එපා.

3. හැකි සෑම විටම අදහස් හුවමාරු කරගන්න 

බොහෝ විවාහක යුවල තමන් එකිනකා කථා කරන බව කීවත් ඇත්තටම ඔවුන් අදහස් හුවමාරු කරගන්නේ නැහැ.අදහස් හුවමාරු කිරීමේදී ක්‍රියාදෙකක් සිදුවෙනවා .එනම් ඔබ කථා කිරීම හා ඔබේ සහකරු පවසන දේට සවන්දීම සිදුවිය යුතු වේ.

ඔබේ කැමති දේවල්, ඔබේ ජීවිතය, ඔබේ හීන හා වසර දහයකින් පසු ඔබ සිටිය යුත්තේ කොතැනද වැනි දේ එකිනෙකා සමග කථා කරන්න .

ඔබ එකිනෙකා හොදින් හදුනා ගැනීමට  අදහස් හුවමාරු කරගැනීම තුලින් හැකි වේ.එකිනෙකා කෙරෙහි හොද තේරුම් ගැනීමක් ඇතිවීම තුලින් කාර්‍යභාරයන් අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගත හැකි අතර එය ශක්තිමත් සම්බන්ධතාවයකට මග පාදයි.

4.ක්‍රමය වෙනස් කරන්න. වෙනසකට බය වෙන්න එපා

විවාහයක යහපැවැත්ම

 "වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණි" යන්න සාර්ථක සම්බන්ධතාවයකදී වුවද එලෙසම ක්‍රියාත්මක වේ.

ඒක සත්‍යයක් , නමුත් මෙහිදි ඔබගේ වර්ථමාන ක්‍රියාපිළිවෙත අසාර්ථක බව හෝ අදහස් කරන්නේ නැහැ. ඔබ ඒ කිසිවක් වෙනස් කල යුතු නැහැ.

මොනවාද වෙනස් විය යුත්තේ යන්න ඔබේ  සහකරු සමග කථා කරන්න .ඒ වගේම  ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රමවත් බව ඔබට ඒකාකාරි බවක් දැනීම හේතුවෙන් ගැටලු ඇති වීමට හේතුවක් වන්නට පුලුවන. ක්‍රමය වෙනස් කරන්න. සෑම විටම අලුත් දේ අත්හදා බලන්න .ජීවිතය තුල වෙනසකට බය වෙන්න එපා .

5.අඩුවෙන් දබර කරගන්න, වැඩියෙන් විනෝද වන්න

මනෝ වෛද්‍ය ටෙරී ඔර්බච්ට අනුව ප්‍රීතිමත් යුවල අතර ඔවුන්ගේ ප්‍රීතිමත් සිතුවිලි  හා එම අත්දැකීම්  හා ඍනාත්මක සිතුවිලි  හා එම අත්දැකීම් අතර 5:1 අනුපාතයක් ඇත.

එනම් ඔබ වැඩිවැඩියෙන් ධනාත්මක සදානුස්මරණීය අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කරගත යුතු වේ.

ඍනාත්මක සිතුවිලි හා අත්දැකීම් වලට ඔබේ ජීවිතය තුල ඉතා පහසුවෙන් රැදීය හැකි බැවින් ඒවා ප්‍රීතිමත් සිතුවිලි හා අත්දැකීම් තුලින් ඔබ විසින් පාලනය කර ගත යුතුය.

දබර කර ගැනීම, වැරදි වටහා ගැනීම, ඊර්ෂ්‍යාව, රහස් තබා ගැනීම,ඔබගේ සහකරුගේ මිතුරන් හා නෑදෑයන් සමග අනවශ්‍ය ලෙස කාලය ගතකිරීම වැනි දෑ වලින් ඔබ වැලකිය යුතුය.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි