theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මලාගේ කෝපය පාලනයට අපුරු හෙයාර් බෑන්ඩ් ක්‍රමයක්

4 අවම කියවීම
අම්මලාගේ කෝපය පාලනයට අපුරු හෙයාර් බෑන්ඩ් ක්‍රමයක්අම්මලාගේ කෝපය පාලනයට අපුරු හෙයාර් බෑන්ඩ් ක්‍රමයක්

මව්වරුනි ඔබට කෝපය පාලනය කර ගැනීම අපහසුයිද? ඔබ කොච්චර උත්සහ කලත් ඔබ කෝප ගන්නා මවක්ද? ඒ වගේම ඔබ ඒ ගැන හැමවිටම පසුතැවීමට පත්වෙනවාද?

මව්වරුනි ඔබට කෝපය පාලනය කර ගැනීම අපහසුයිද? ඔබ කොච්චර උත්සහ කලත් ඔබ කෝප ගන්නා මවක්ද? ඒ වගේම ඔබ ඒ ගැන හැමවිටම පසුතැවීමට පත්වෙනවාද? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි.

පුංචි දරුවන් පාලනය කරගෙන ගේ දොර වැඩත් කරගන්නා ගොඩක් මව්වරුන්ට අත්‍යවශ්‍යම දේ ඉවසීමයි.

එහෙත් හැම විටම ඉවසීමෙන් දරුවන් පාලනය කර ගැනීම පහසු කාර්‍යයක් නොවෙයි.

මව්වරුන් කෝප ගැනීම සාමාන්‍ය දෙයක් වුවද ධනාත්මක ලෙස තම දරුවන් පාලනය කර ගන්නට හැකි නම් එය ඔබ වන් මවුවරුන්ට ලොකු පහසුවක් වේවි.

එවිට දරුවන්ටත් එය මානසිකව බලපාන්නේ ධනාත්මක ලෙසයි.

කෝපය පාලනය

එක අම්මා කෙනෙක් අම්මලා තාත්තලාට ධනාත්මකව හා තමා පාලනය කර ගෙන දරුවන් සමග ගණුදෙනු කල හැකි අපුරු සුවිශේෂී නමුත් පුංචි හෙයාර් බෑන්ඩ් ක්‍රමයක් සොයා ගෙන තියෙනවා.

ඒවගේම දෙමාපියන්ට ඒ මගින් සත්‍ය වශයෙන්ම ජීවිතයේ සිදුවන දේවල් පිලිබඳව මතක් කරලා දෙනවා.

ඇය මේ විද්‍යාත්මකව  සනාථ කරලා තියෙන්නේ මොකද්ද කියලා ඔබට හිතාගන්න වත් පුලුවන්ද ?

මෙම හෙයාර් බෑන්ඩ් ක්‍රමය ඔබට සංවේදී වීමට හා සිහි කල්පනාවෙන් වැඩ කිරීමට උදව් වේවි.

කෝපය පාලනය

ටෙක්සාස්හි තිදරු මවක් වන කෙලී හෝම්ස් නිතර දරුවන් සමග කෝප ගැනීම නිසා අපහසුතාවයටත් පසුතැවීමටත් පත් වුනා.

එම නිසාම ඇය විසින් දෙමාපියන් දරුවන් අතර හොද සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කෙසේද?

මේ කෙසේද යන්න පරීක්ෂණ කර හෙයාර් බෑන්ඩ් පහක් ඔබේ අතේ පැලැද ගත යුතු මෙම ක්‍රමය සොයා ගෙන තියෙනවා.

කෝපය පාලනය: මෙන්න මෙහෙමයි හෙයාර් බෑන්ඩ් ක්‍රමය ක්‍රියා කරන්නේ

  1. ඔබගේ අතේ පැලදිය හැකි හෙයාර් බෑන්ඩ් පහක් සොයා ගන්න. එහි වර්ණය හෝ වර්ගය ගැටලුවක් නැත. ප්‍රමාණය පමණක් පහක් විය යුතුය.
  2. ඒවා හෙයාර් බෑන්ඩ් ම වීම ද අත්‍යවශ්‍ය නැත. අතේ පැළැඳිය හැකි තද නොවූ රබර් පටි හෝ බ්‍රේස්ලට් වුවද මේ සඳහා සුදුසු වේ.
  3. ඔබේ දරුවන් අවදි  වී දවස පටන් ගත් වහාම එක අතක එම හෙයාර් බෑන්ඩ් පහ පැලද ගන්න.
  4. දරුවන් ළඟ ඉන්නා විට පමණකි මේවා පැළඳිය යුතු වන්නේ. නොඑසේ නම් ඔබට ඒවා අමතක වී යාමට පුලුවන්.
  5. ඔබ ඔබේ  දරුවන් සමග කෝප ගන්නා සෑම විටෙකම එක හෙයාර් බෑන්ඩ් එකක් අනෙක් අතට මාරු කරන්න.
  6. කෝපය පාලනය කරගෙන ඇත්නම් මෙම හෙයාර් බෑන්ඩ් දෑත් අතර හුවමාරු නොවී ආරම්භක අතේම තිබෙන බව කෙලී හෝම්ස් සටහනක් තබමින් කියා සිටියාය .
  7. ඒ වගේම  මේ ඔබ කෝපගත් සෑම  වාරයක්  වෙනුවෙන්  දරුවා සදහා යහපත් ක්‍රියාකාරකම් පහක් කල යුතු වෙනවා.

උදාහරණ ලෙස දරුවා සමග එක්ව කියවීම හෝ දරුවා සිප ගැනීම හෝ දරුවාට ආදරය ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාකාරකම් වල ඔබට යෙදිය හැක. නැතිවුනු බෑන්ඩ් එක මෙමගින් ඔබ නැවත උපයා ගන්නවා.

කෝපය පාලනය

ඇසූ පමණින් මෙය බොරු වැඩක් ලෙස හැඟුනද මේක ඔබගේ කෝපය පරීක්ෂා කර ගන්න සරල, විනෝදජනක ක්‍රමයක් නේද?

ඔබට තරහා ගියොත් බෑන්ඩ් එකක් නැති වෙනවා.

ඔබට ඔබගේ දරුවන් සමග තරහා යන වාර ගණන අවබෝධ කරගන්නත් මෙය හොද ක්‍රමයක් වේවි.

කෙලීගේ මෙම ක්‍රමය ලොව පුරා බොහෝ මව්වරුන් අත්හදා බැලු අතර එහිදී ලැබුන විස්මිත ප්‍රතිඵල හේතුවෙන් ඔවුන්ගෙන් ඇයට යහපත් ප්‍රතිචාර ලැබුනා.

මුහුනු පොත හරහා මෙය බොහෝ සෙයින් ප්‍රචලිත වී ඇති බවයි වාර්තා වන්නේ.

නොයෙක් දෙනා මේ පිලිබඳ විවිධ අදහස් පලකර තිබුනා.

ඇය මෙවැනි වටිනා අදහසක් ලැබුනේ කෙසේදැයි දැන ගන්නට ඔබ කැමති ඇති.

හෙයාර් බෑන්ඩ් ක්‍රමයේ විද්‍යාත්මක පැත්ත

Gottman නැමති ආයතනයේ magic 5:1 ratio නැමති පරීක්ෂණයන්ට අනුව කෙලී විසින් මෙම හෙයාර් බෑන්ඩ් ක්‍රමය දරුවන් හා මවුවරුන් සදහා නිර්මාණය කරනු ලැබුවා.

එම මුල් පරීක්ෂණයේදී  සතුටුදායක වැඩිහිටි සම්බන්ධතාවයක් සදහා ඔබ විසින් සහකරු සමග ඍනාත්මක සම්බන්ධතාවයක්. ඇති කරගන්නා සෑම වරකදීම හොද අන්තර් සම්බන්ධතා පහක් පැවැත්වීය යුතු ලෙස මෙය වැඩිහිටියන් අතර සම්බන්ධතාවයකදී වුවද ප්‍රයෝජනවත් වන ක්‍රමයක් බව පෙනී ගියා.

Dr.Gottman විසින්  අසතුටුදායක සම්බන්දතාවයක් පැවතුනු යුවලක් අතර ධනාත්මක අන්තර් සම්බන්ධතාවයන්ට වඩා ඍනාත්මක අන්තර් සම්බන්ධතාවයන් වැඩි වීම. විවාහයෙන් නීතියානුකූල වෙන්වීමට හේතුවී ඇති බව ඉහත අනුපාතය පාදක කර ගෙන  පෙන්වා දී ඇත. මෙය goodhousekeeping හී සඳහන් වී තිබුණි.

සමහර සම්බන්ධතාවයන් තුල යම් ප්‍රමාණයකට ඍනාත්මක අන්තර් සම්බන්ධතාවයන් ඇතිවීම නොවැලැක්විය හැකි වුවද ධනාත්මක අන්තර් සම්බන්ධතාවයන් වැඩි වු විට සම්බන්ධතාවය ස්ථාවර වේ.

ඒ වගේම තමයි කෙලී හෝම්ස් මෙය සරලව දෙමාපිය-දරු සම්බන්ධතාවයට යොදා ගනිමින්  the magic 5:1 ratio ක්‍රමවේදය ඔබත් ඔබේ දරුවාත් අතර පරතරය අඩු කර ගැනීමට උදව් කර ගත හැකි බව පෙන්වා දෙයි.

ඉක්මනින්ම මේ ක්‍රමය ඔබත් අත්හදා බලන්න.

ඒ වගේම ඔබත් ඔබේ දරුවාත් සමග සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වුවාදැයි අපිටත් කියන්න.

සෑම විටම අලුත් දෙයක් පිළිබඳ විස්තර ගෙන ඒමට theAsianparent තුලින් අප උත්සාහ දරන හෙයින් අප ඉදිරිපත් කරන දේ පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මූලාශ්‍ර : TheGoodHousekeeping

පරිවර්තනය: නදීශා ලක්මිණී

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අම්මලාගේ කෝපය පාලනයට අපුරු හෙයාර් බෑන්ඩ් ක්‍රමයක්
බෙදාගන්න :
  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it