theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

4 අවම කියවීම
අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපිඅපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

ගෙදර ලොකු පොඩි කාටත් රසවිඳින්න මේ රසම රස අතුරුපස එයාලට හදල දෙන්න.

පසුගිය සමයේ ගෙදර ඉඳන් වැඩි වැඩියෙන් ඉවුම් පිහුම් කළ ඔබට, ඔබ පිළියෙල කළ රසවත් අතුරුපස රෙසිපි අපගේ ෆේස්බුක් පිටුව හරහා අපත් සමඟ බෙදාගන්නට අප ඇරයුම් ක්ළා.

ඉතින් එම ඇරයුම පිළිහගෙන අප වෙත ලැබුනු ආහාර වට්ටෝරු අතරින් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට අදහස් කළා.

මෙම රසවත් අතුරුපස රෙසිපි ඔබේ ගෙදර ලොක්කන්ට පොඩ්ඩන්ට එක විදියට රස විඳින්නට පහසුවෙන්ම පිළියෙළල කර දෙන්නට පුළුවන්.

1. අතුරුපස රෙසිපි: කැරට් හල්වා (Carrot halwa)/කැරට් බර්ෆි (Carrot burfi) - තරිඳු තිලක්ෂිකා

අතුරුපස රෙසිපි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කපාගත් කැරට් කෝප්ප 4ක්  
  • එළකිරි කෝප්ප 2ක්
  • ගී තෙල් මේස හැඳි 2ක්
  • කජු අහුරක්
  • මුද්දරස්පලම් අහිරක්
  • සීනි කෝප්ප එකක්
  • කිරිපි රි කෝප්ප 1/2ක්

සාදන ක්‍රමය

  • කජු සහ මුද්දස්පලම් යන්තම් තෙලේ බැදගන්න. 
  • පිරිසිඳු භාජනයක් ලිප තබා එයට ගී තෙල් ටිකක් දමාගන්න.
  • ටිකක් රත්වන විට එයට කැරට් එක එක් කරගෙන හැඳිගාමින් මද රස්නේ තම්බාගන්න.
  • මෙයට එළකිරි එකතු කරන්න. කිරි දියර වාෂ්ප වන තුරු හැඳිගාමින් උයාගන්න. මෙහිදී භාජනය වසන්නට එපා.
  • කිරි අඩු වේගෙන යද්දී සීනි ටික එයට එකතු කර මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය දිගටම හැඳිගාන්න. කිරි ටික තවදුරටත් වාෂ්ප වෙත්ම අතට/හැන්දට බර ගතියක් දැනේවි. 
  • මෙවිට කජු සහ මුද්දරස්පලම් එකතු කරගන්න.  
  • ඉති‍රි ගී තෙල් දමාගෙන මිශ්‍රණය තවදුරත් ඝන වෙත්ම එයට කිරිපිටි එකතු කරන්න.
  • දැන් ට්‍රේ එකක් මත අසුරා නිවෙන්නට හැර පසුව කෑලි කපාගන්න.

දැන් මේ ඔබ සාදාගත් හල්වා එකේ රසබලාගන්නට වේලාවයි.

2. අතුරුපස රෙසිපි: බටර් ස්කොච් පුඩිම (ButterScotch Pudding) - ඉන්ද්‍යා දනන්ජලී 

අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බිත්තර 3 යි
  • දුබුරැ සීනි කෝප්ප 3/4ක්
  • ටින් කිරි කොප්ප 3/4ක්
  • දියකරගත් කිරිපිටි කෝප්ප 3/4ක්
  • බටර් ග්‍රෑම් 50ක්
  • ලුනු ස්වල්පයක්

සාදන ක්‍ර්මය

  • මුලින්ම සීනි ටික පෑන් එකකට දාල අඩු ගින්දරේ කැරමල් කර ගන්න.
  • වෙනම භාජනයක ටින් කිරි සහ දිය කරගත් කිරි පිටි එක් කර අඩු ගින්දරේ රත් කර ගන්න.
  • ඉන් පසු බිත්තර 3 ත් බීට් කරගන්න.
  • කැරමල් මිශ්‍රණයට බටර් ටික දමා හොදින් කවලම් කරන්න. ලුනු ස්වල්පයක්ද එකතු කරගන්න.
  • නැවත කලින් සාදාගත් කැරමල් සහිත භාජනය ලිප තබා එයට කිරි මිශ්‍රණය එකතු කරන්න. හොදින් කවලම් කරගෙන ලිප නිවාගන්න.
  • මිශ්‍රණය හොදින් කවලම් කරගන්න. මෙය නිවුනු පසු බිත්තර මිශ්‍රණය එකතු කර කර තව හොදින් මිශ්‍ර කරගන්න.
  • ඊලගට හොදින් බටර් ගාගත් ලොකු බාජනයකට මෙම මිශ්‍රණය දමා විනාඩි 45ක් -පැයක් පමණ ස්ටීම් කර ගන්න.
  • සරසාගැනීමට රට ඉදි සිරප් සහ කජු හෝ තමන් කැමති දෙයක් යොදා ගැනීමට හැක.

3. ත්‍රිපෝෂ පෑන්කේක් - ඉන්ද්‍යා දනන්ජලී 

අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

අවශ්‍ය ද්‍රවය :-

  • ත්‍රිපෝෂ පිටි හෝ සමපෝෂ පිටි කප් 1
  • පාන් පිටි කප් 1/2
  • බේකින් පව්ඩර් තේ හැදි 1/2
  • බිත්තර 1
  • දියකර ගත් කිරිපිටි කප් 1/2
  • කුඩුකරගත් මිල්ක් ශෝට් බිස්කට් 2 ක් (අවශයම නැ)
  • ලුනු රස අනුව
  • ක්‍රීම් චීස් තේ හැදි 2 ක්බ
  • බටර් මෙස හැදි 2

සාදන ක්‍රමය :-

  • ත්‍රිපෝෂ පිටි ,පාන්පිටි,බේකින් පව්ඩර්, කුඩු කරගත් මිල්ක් ශෝට් බිස්කට් 2 ,ලුනු කුඩු මෙ සියල්ල එකට මිශ්‍ර කර ගෙන ගසාගත් බිත්තරය සහ දියකර ගත් කිරිපිටි දියර ද එක්කර හොදින් වික්ස් එකකින් මිශ්‍ර කරගන්න.
  • එයට බටර් සහ චීස් ද එක්කරන්න. සියල්ල ම හොදින් මිශ්‍ර කරගෙන , අවසානයෙ පෑන් එකක් ලිප තබා රත් වූ පසු අවශ්‍ය සයිස් වලින් පෑන් කේක් සාදා ගන්න.
  • පෝෂණ ගුනයෙන් ඉහල බැවින් පෙඩ්ඩන්ට උදෙ ආහාරයට ඉතාම සුදුසුයි. මෙය සෝස් සමග මෙන්ම චීස් ,වයිට් සෝස් සමගද ආහාරයට ගත හැක.
  • නැතහොත් සීනි ග්‍රෑම් 50 ක් පමන දමා පැනි රසටද සාදා ගත හැක. ඉතාම රසවත් මෙන්ම ගුනවත් උදෑසන මෙන්ම රාත්‍රි ආහාරයට ද ලෙකු පොඩි සැමට කදිමයි.

4. අතුරුපස රෙසිපි: ෆොලූඩා (Falooda)  - ඩිල්මි මෙනායා

අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කස ඇට
  • කජු
  • වියළි මිදි
  • ඇපල්
  • මිදි
  • ඇඹුල් නැති කෙසෙල් වර්ගයක්
  • ජෙලි
  • රෝස් සිරප්
  • නැවුම් එළකිරි 

සාදන ක්‍රමය

  • ෆ්‍රෙෂ් මිල්ක් රත්කරලා නිවුනට පසු ෆ්‍රිජ් එකට දමාගන්න.
  • පළතුරු සහ ඉතිටි සියල්ල ෆ්‍රිජ් එකේ දාල තියන්න.
  • ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන කිරි එකට සීනි සහ රෝස සිරප් දාලා කලවම් කරන්න.
  • වීදුරුවක් අරගෙන එයට කස ඇට දාලා ජෙලි, කෙසෙල්, වියළි මිදි, නැවත කස ඇට, මිදි, රෝස සිරප් ටිකකුත් උඩින් දාගන්න.  අවශ්‍යම නම් විතරක් නැවුම් එළකිරි එකතු කරගන්න. මේ සඳහා ඇඹුල් නැති ඕනම පළතුරක් ගන්නට පුළුවන්.  

5. අතුරුපස රෙසිපි: ජෙලි පුඩින් (Jelly Pudding) - ඩිල්මි මෙනායා

අතුරුපස රෙසිපි

අවශ්‍ය ද්‍රව්‍ය

  • ෆ්‍රෙෂ් මිල්ක්
  • මිල්ක් මේඩ්
  • පාට තුනකින් ජෙලි වර්ග තුනක්
  • ජෙලටින් තේ හැදි එක හමාරක්
  • මද රස්නෙන් ජලය ස්වල්පයක්

සාදන ක්‍රමය

  • ජෙලි පැකට් තුන වෙන වෙනම භාජන වලට දමාගන්න. 
  • ජෙලි කපාගන්න පුළුවන් විදිහට එකෙන් වතුර වැඩියෙන් දාන්නැතුව ජෙලි එක හොඳට දිය කර ගන්න.
  • මෙම මිද්‍රණය ෆ්‍රිජ් එකේ දාගන්න.
  • ජෙලි සෙට් වෙලා ඉවර උනාට පස්සේ ෆ්‍රිජ් එකෙන් එලියට අරන් කොටු කපා ගන්න.  තමන්ට කැමති හැඩය කපාගන්න පුළුවන්.
  • දැන් භාජනයක් අරන් මද රස්නෙන් gelatin එක හොදට දිය කර ගන්න.
  • ඊට පස්සේ ටින්කිරි ටික ජෙලටින් මිශ්‍රණයට එකතු කරගෙන හොඳට කලවම් කර ගන්න.  උකු ගතිය වැඩි නම් වතුර ටිකක් දාගන්න පුළුවන්.
  • කලින් කපා ගත්ත ජෙලි ටික භාජනයකට දාලා මේ කිරි එක උඩින් දාගන්න. 
  • දැන් මෙය ශීතකරණයේ දමාගන්න.
  • පැයකින් වගේ එලියට අරගෙන ඔයාලගේ අමුත්තන්ට සංග්‍රහ කරන්න.

ඔබ ලගත් මේ වගේ රසම රස ආහාර වට්ටෝරු තියෙනවා නම් අපි එක්ක බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි
බෙදාගන්න :
  • ජෙලි වලින් රසවත් අතුරුපස වර්ග 7 ක්

    ජෙලි වලින් රසවත් අතුරුපස වර්ග 7 ක්

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • ජෙලි වලින් රසවත් අතුරුපස වර්ග 7 ක්

    ජෙලි වලින් රසවත් අතුරුපස වර්ග 7 ක්

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it