theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

5 අවම කියවීම
කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමුකාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

කලබලකාරී කරදරකාරී උදෑසන මෙන්න මෙහෙම පහසු කර ගන්න පුළුවන් නම්...

උදෑසන කොච්චර කාර්‍යබහුලද? කරන්න තියෙන වැඩ නිමක් නැහැ. උදෑසන ගෙවිලා ඉවරවෙද්දී වැඩ වලින්ම හති වැටිලා. ඒ මදිවාට වැඩ කරගන්න බැරි වුනාහම චුට්ටක් තරහාත් යනවා. එහෙනම් කාර්‍යබහුල උදෑසන පහසු කරගනිමු ද? බැරිද?

මොකද  කරන්නේ ??

උදෑසන ටිකක් සැලසුම් කරගත්තොත්?

ඔව් ඒක තමයි උත්තරය.

මුලින්ම උදේට තියෙන වැඩ මොනවාද කියලා ලැයිස්තුවක් හදාගන්න.

මේක ඉතින් නිවසේ සිටින අය හා අවශ්‍යතා අනුව වෙනස් වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි නිවසේ ඔබට සහය ගන්න පුළුවන් අය ගැනත් සැලකිලිමත් වෙන්න. 

සමහර විට ඔබේ සැමියා , පුංචි පුංචි වැඩ වලට සහය ගන්න පුළුවන් ලොකු දරුවන් හෝ වැඩිහිටි අය නිවසේ ඉන්න පුළුවන්.

ඒ අයත් මේ දවසේ මෙහෙයුමට එකතු කරගන්න පුළුවන් නම් ඔබට පහසු දවසක් ගෙවා ගන්න පුළුවන් වේවි.

හැමදවසක්ම ඔබට හෙම්බත් වු දවසක් විදියට අවසන් නොවන්න නම් හොද නැවුම් දවසක ආරම්භය අවශ්‍ය වෙනවා.

ඒ සදහා ඔබට පහසු වෙන්න අපි මෙම ලිපිය ගෙන එනවා.

කාර්‍යබහුල උදෑසන පහසු කරගනිමු

උදෑසන නිවස යුධ පිටියක් නොවී සාමකාමීව ගෙවා ගන්න නම් හොද පෙර සුදානමක් තිබිය යුතුයි.

ඒ නිසා ඒ සදහා සුදානම් වෙන්න හොදම වේලාව කලින් දවසේ රාත්‍රිය කියලා මම යෝජනා කරනවා.

ඒ වේලාවට නිවසේ අනිත් අයත් අවදියෙන් සිටින නිසා ඔබට පුංචි පුංචි වැඩ එයාලටත් පවරන්න පුළුවන් වේවි.

නිවසේ කටයුතු එක්ක එක්කෙනෙක් තනියම කරන්න ගියාහම එයාව ඉක්මනින් හති වැටෙනවා.

එහෙනම් කරන්න අවශ්‍ය සියලු දෙනාම එකතු වෙලා දවසේ කටයුතු සම්පුර්ණ කර ගැනීමයි.

මුලින්ම ඔයාට උදේට තියෙන වැඩ ලැයිස්තුවක් හදාගන්න.

එහි රාත්‍රියේ කරන්න පුළුවන් කටයුතු සලකුණු කරන්න.

එම වැඩ භාර දෙන්න පුළුවන් අය සොයා බලා සලකුණු කරගන්න.

මම පහත සටහන් කරන්නේ ඒ වගේ සකස් කරගත්ත දළ සැකැස්මක්. ඔබටත් එවන් සැලැස්මක් ඔබට ගැලපෙන පරිදි සකස් කරගන්න පුළුවන්.

 

1.ආහාර පිසීම

කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

  • රාත්‍රියට පොල් ගා කිරි මිරිකා තියන්න පුලුවන්. හදිස්සි අවස්ථාවකදී ගන්න පිටිකල පොල්කිරි පැකට් එකක් තියා ගන්න.

අපි කලින් කියලා දුන්න පොල් තලපය, කරි පේස්ට් වැනි උපක්‍රම යොදන්න පුලුවන්.

  •  රාත්‍රීයේ එළවළු කැබලි කර පහේ අතගා ලූණු, කරපිංචා කැබලි යොදා පෙට්ටි වල අසුරා  ශීතකරණයේ තබන්න.
  •  රාත්‍රියේ මස් මාළු මිරිසට පිස තබන්න. එය රාත්‍රී  වේලට වුනත් ගන්න පුලුවන්.
  •  රාත්‍රියට මැල්ලුම් රාත්‍රීයට ලියා පොල් අනා ශීතකරණයෙන් තබන්න.
  •  හාල්මැස්සන්  සති අන්තයේ සුද්ද කර අසුරා තබන්න. කරවල කැබලි කර අසුරා තබන්න.

මුළුතැන් ගෙයි වැඩ නම් තාත්තාටයි බබාලටයි කරන්න දුන්නොත් එක වැඩේ දෙක වෙන්න තියෙන අවස්ථා වැඩියි.

ඒත් පොල් ටිකක් ගාගන්න. පලා ටික අහුලන්න එයාලාගේ උදව් ගන්න බැරි නැහැ.

ඒ වගේම තමයි කල්තියාගන්න පුළුවන් ආහාරයක් දෙකක් සති අන්තයේ හදලා තියා ගන්න. එතකොට උදේට කෑම මුලට තියන්න එක ආහාරයක් සුදානම්ව තියෙනවා නේද?

උදේට තියෙන්නේ පොඩි මැජික් එකක් කරන්න  විතරයි. මහන්සිත් නෑ. රෑට ටිකක් මහන්සි වුනත් නිදාගන්න නිසා උදේට නැවුම්ව ඉන්න පුලුවන්.

2.මුළුතැන්ගෙය අස් කිරීම

  • රාත්‍රී නින්දට පෙර මුළුතැන්ගෙය සම්පුර්ණයෙන්ම අස් කරන්න
  • උදේට පාවිච්චි වෙන්නේ භාජන ටිකයි. ඒවා ඒ වේලේම සෝදා වේලේන්න තියන්න.
  • ඉවත ලන ඉදුලු බදුනක හෝ බෑගයක බහා හොදින් වසා තබන්න. එවිට උදේට මුළුතැන් ගෙයින් අප්‍රසන්න ගදක් ඒම වළක්වා ගන්න පුළුවන්.

උදේට හැඩිවුන අපිරිසිදු මුළුතැන් ගෙයකට එනවාට වඩා මෙය ප්‍රසන්න අත්දැකීමක් වේවි.

3.ඇදුම් සුදානම් කිරීම

කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු

  • ඔබට වේලාව ඇතිනම් දින දෙකකට වරක්වත් ඇදුම් සෝදන්න නැතිනම් සති අන්තයේ ඇදුම් සෝදා අසුරා ගන්න.
  •  බබාලාගේ ඇදුම් , බබාගේ තාත්තාගේ ඇදුම් සතියේ දවස් ගානට වෙන් කර අසුරන්න.
  • ඇදුම් සියල්ල අයන් කර තබන්න.

ඇදුම් නවන්න හා වෙන් කරන්න බබාලට පවරන්න පුළුවන්. ඒක එයාලටත් විනෝදජනක අත්දැකීමක් වේවි. ඇදුම් අයන් කරන්න නම් දක්ෂ ඉතින් තාත්තලා තමයි.  ඉතින් එයාගේ උදව් අනිවාර්යයෙන්ම ඔයාගේ දවසේ මෙහෙයුමට ලබා ගන්න.

ඔන්න උදේට හරිම ලේසියි. අල්මාරිය ඇරියා. පිලිවෙලට ඇදුම් ටික තිබ්බා.

4.සපත්තු , බෑග් අස්කිරීම

  • බෑග් එක කලින් දවස‌ේ අස් කරන්න. බබාගේ කාලසටහන පහසු තැනකින් අලවා තබන්න
  • බබා‌ගේ පාසැල් පොත් හා අනෙක් පොත් ලබාගන්න පහසු ආකාරයට අසුරා තබන්න
  • කලින් දා රාත්‍රියේදි සපත්තු පිරිසිදු කර වේලෙන්න තබන්න

තරමක් ලොකු බබාලා ඉන්නවා නම් බෑග් එක සුදානම් කරගන්න එයාලට කියලා දෙන්න පුළුවන්. එයාලාට උදව් වෙන්න තාත්තාට පවරන්න. බබලා තාත්තා එක්ක වැඩ කරන්න කැමතියි.

උදේට සපත්තු , බෑග් ගැන තැවෙන්න අවශ්‍ය නැහැ . සපත්තු නම් දාගත්තා , බෑග් එක නම් ගත්තා . ගියා. එච්චරයි .

5. උදේට තේ සැදීම

  • බබාලාගේ කෝප්ප, බෝතල් රාත්‍රියේ සෝදා හොදින් තම්බා තබන්න.
  • තේ හදන්න ගන්න භාජන සෝදා ගබඩා කර තබන්න.
  • තේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය පිළිවෙළට අසුරා රාක්කයක තබන්න. එවිට ඔබට පහසුයි.
  • ලොකු බබාලා ඉන්නවා නම් එයාලා කන බොන භාජන හෝදලා රාක්කයෙන් තබන්න කියාදෙන්න. එවිට ඔබට වැඩ පහසු වෙනවා පමණක් නොවෙයි ඔබේ දරුවන් හොද පුරුදුත් ඉගෙන ගන්නවා.

උදේට තේ හදන්න යන්නේ වතුර රත්වෙන පරක්කුව විතරයි.

පවුලම සමගියෙන් කාර්‍යබහුල උදෑසන පහසු කරගනිමු

නිවසේ සිට කලහැකි ‌දේවල්

මෙවැනි සැලැස්මක් එක්ක වැඩ කරද්දි අම්මාටත් පහසුයි. ඒ වගේම වෙහෙස අඩුයි.

සමහර අම්මලා මේ සේරම වැඩත් කරලා රැකියාවකටත් යනවා. ඒ නිසා පවුලම එක්ව කටයුතු කර දවසේ වැඩ පහසු කරගන්න උත්සහ කරන්න.

ඒ තුලින් පවුලේ සමගිය වගේම එකිනෙකා අතර බැදීමත් වැඩි වෙනවා. පවුල කියන්නේ පවුලේ සියළු දෙනාමයි. ඒ නිසා පවුලේ සියලු බර එක්කෙනෙක් ලග විතරක් නොතියා බෙදාගන්න. වැඩ බෙදී යන කොට වෙහෙස මහන්සියත් අඩුයි.

ඒ නිසා නිවසේ සිරිකතට හිනාවෙන්ම දවස අරඹන්න පවුලේ හැමෝගෙම දායකත්වය ලබා දෙන්න.

ඔන්න අම්මලා මේ වැඩ වැඩි උදේ පහසු කරගන්න පුංචි මග පෙන්වීමක්  විතරයි. ඔයාලා ලගත් දවස පහසු කරගන්න රස රහස් ඇති නේද? ඒවා අපිත් එක්ක බෙදා ගන්න. පහලින් ඔබේ අදහස් සටහන් කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • කාර්‍යබහුල උදෑසන මෙන්න මෙහෙම පහසු කරගනිමු
බෙදාගන්න :
  • කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

    කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

    කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it