theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

4 අවම කියවීම
අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකියඅධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

පාලනය කරගත නොහැකි කෝපය ජීවිත ඝාතනයකින් පවා කෙළවර විය හැක. මේ එවැනි අනුවේදනීය සිදුවීමක්.

නිවස තුළටම වී සිටින්නට පටන් ගෙන දැන් මසකට වැඩි කාලයක් ගතව තිබෙනවා. මෙම කාලය ඇතුළත ගෘහස්ථ හිංසන, ළමා හිංසන ප්‍රමාණ වල වැඩි වීමක් වාර්තා වීමත් සමඟ කෝපය පාලනය කිරීම අන් වකවදාටත් වඩා මෙම කාලයේ වැදගත් වන බව පෙනී යනවා.

කෝපය පාලනය කිරීම අපොහොසත් වීම නිසා සිදු වූ ඝාතනයක් වාර්තා වන්නේ මහනුවර ප්‍රදේශයෙන්.

Women in Need Sri Lanka

කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ප්‍රදේශයේ විසූ පවුලක බිරිඳ විසින් තම සැමියා ඝාතනය කර පොලීසියට බාර වී ඇති පුවතක් වාර්තා වනවා.

පසුගිය අප්‍රියෙල් 20 දා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ තැබෑරුම් පාරිබෝගිකයින්ගෙන් පිරී ගිය බව දක්නට ලැබුනා.

මේ එහි ප්‍රතිඵලයක්ද යන්න අප නිශ්චිතව නොදන්නා මුත්, මෙම සිද්දි සිදුවූ බවට වාර්තා වන්නේ ඊට පසුවදා නොහොත් අප්‍රියෙල් 21ක් වනදායි.

20වනදා රාත්‍රියේ සැමියා බීමත්ව නිවසට පැමිණ තිබෙනවා.

දරු දෙදෙනෙකුගේ මවක් වන ඈ තමාටත්, තම දරු දෙදෙනාටත් බීමතින් ගෙදර එන සැමියාගේ පහරදීම් සහ අඩම්තේට්ටම් ඉවසාගත නොහැකිව තිබුනා.

එබැවින් නිදා සිටි සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඔහු ඝාතනය කොට තිබෙනවා. 

අත් අඩංගුවට පත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දරු දෙදෙනා මිත්තනිය බාරයට පත්කර තිබෙනවා.

කෝපය පාලනය කිරීම: කෝපය යනු කුමක්ද?

කෝපය යනු සන්තෝෂය, දුක, කාංසාව හෝ පිළිකුල වැනි මූලික මිනිස් හැඟීම් වලින් එකකි. මෙම හැඟීම් මිනිසාගේ මූලික පැවැත්ම කෙරෙහි බලපාන අතර මිනිස් ඉතිහාසය පුරාවට පෘථග්ජනයින් හට තිබුණු ගුණාංගයක් වනවා.

අධික කෝපය යනු යම් ක්‍රියාවක් හා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය වේ. මෙම ප්‍රතිචාරය ස්නායු පද්ධතියේ “සටන් කිරීම, ඉවත් වීම හෝ ගල්වීම” යන කාණ්ඩ වලට අයත් විය හැකියි.

මෙය මනුෂ්‍යයාව සටන් කිරීමකට සූදානම් කරයි. නමුත් සටන් කිරීම යනු තව කෙනෙක්ට දමා ගැසීම හෝ පහර දීම හෝ නොවේ. 

why is my wife so angry all the time

මෙලෙස සටන් කිරීම නීති වෙනස් කිරීමෙන් හෝ නව චර්යාත්මක සම්මතයන් බලාත්මක කිරීම ආදියමගින් අයුක්තියට එරෙහිව සටන් කිරීමට ප්‍රජාවන් පොළඹවනු ඇත.

ඇත්ත වශයෙන්ම,  පහසුවෙන්ම හෝ නිතර හෝ හටගන්නා කෝපයට සබඳතා අඩපණ කළ හැකි අතර එය දිගු කාලීනව ශරීරයට අහිතකර විය හැකිය.

කෝපය සමඟ ඇති වන ආතති හෝමෝන දීර්ඝ කාලයක් තිස්සේ මුදා හැරීම මගින්, විනිශ්චය කිරීමේ හැකියාව සහ කෙටිකාලීන මතකය. හා සම්බන්ධ මොළයේ ප්‍රදේශවල නියුරෝන විනාශ කළ හැකි අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියද දුර්වල කළ හැකිය.

අධික කෝපය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

1. ඔබම දන්නා ඔබේ කේන්තියේ ලකුණු හඳුනා ගන්න

ඔබ ගැන ඔබ තරම් අන් අය දන්නේ නැහැ. ඔබට කේන්ති අවොත් එය පිටවෙන්න කලින් ඔබ දරුවා ළඟින් පිටව යන්න පුලුවන් නම් පුංචි වෙලාවකට හරි ඉන් ඔබේ කේන්තිය ඉතා නරක විදිහට මුදා හැරිම වළක්වා ගන්න පුළුවන්.

ඉන් ඔබට වඩාත් පහසුවෙන් දවසේ ඉදිරිය ගෙන යන්න පුළුවන් වේවි.

 2. මොහොතක් නතර වෙලා කේන්තියේ ආරම්භය සුව කරගන්න බලන්න

පොඩ්ඩක් සන්සුන්වෙලා ඉඳගන්න. සමහර විට ඔබට කේන්තිය ගිය හැටි සිතියමක් වගේ ඇන්දත් කමක් නැහැ. මේ කේන්තිය කැරකිලා ආව හැටි අතීතයට වටරවුමෙන් යන්න.

අපිට අපි තුළ සාමකාමී බවක් නොවීම දරුවන් සමග කේන්තියට හේතුවක් වෙන්න පුළුවන්.

එය හඳුනාගන්න උත්සහ කරන්න. රැකියාවෙන් ඔබට සතුටක් සැනසීමක් නැතිනම්, ඔබේ සහකරු එක්ක ඔබ නොසතුටින් නම් මේවා ඔබේ නරකට බලපාලා ඇති.

ඒ නිසා වඩා ඵලදායි  ලෙස මේ ප්‍රශ්න දිහා අභ්‍යන්තරයෙන් හා බාහිරිනුත් බලලා හැඟීම් මුදා හැරීම ඔබත් දරුවටත් හරිම වටිනවා. සැහැල්ලු වෙන්න ටික වෙලාවක් ගන්න

ඔබට ඇති වගකීම් සියල්ල අතර සිරවුණ ජීවිතය ඉතා වෙහෙසකර බව ඇත්ත. එත් ඔබ කැමති දෙයක් කරන්න වෙලාවක් කෙසේ හෝ හොයාගන්න.

ඉන් ඔබට ඇති ආතතිය තරමක් හරි දුරු වෙලා යන්න පුළුවන්.

එය සමහර විට පොත් කියවීම, පොඩ්ඩක් ඇවිදින්න යන එක, සංගීතයට ඇහුන්කන් දීම, චිත්‍ර පටියක් නැරඹීම වගේ දෙයක් අත් දැකලා බලන්න.

නිසැකයෙන්ම තිබුණු තත්වය පහවෙලා යන බව ඔබට ම දැනේවි. ඔබට පෙරට වැඩි සතුටක් සැහැල්ලුවක් දැනේවි.

කේන්තිය පාලනය

ඔබ දෙදෙනා අතර තියන ප්‍රශ්න ගැන සුහදව කතා කරලා විසඳගන්න බලන්න

 3. ඒ ගැන කතා කරන්න ප්‍රශ්න එළියට ගන්න

කේන්තිය පීඩනය, බලාපොරොත්තු කඩවීම්, සන්තාපය, පසුතැවීම් වගේ හුඟක් හේතු නිසා ඇති වෙන දෙයක්. 

ඉතින් මේ කොයි හේතුව නිසා ඔබට කේන්ති ආවද කියලා තෝරාගන්න උත්සහ කරන්න.  ඉන් කේන්තිය නිවාගන්න පහසුවක් වේවි.

මිට හේතුව ඔබේ පවුලේ කෙනෙක් හෝ ඔබ කතා කල හැකි අයෙක් නම් ඒ බව ඔහුට හෝ ඇයට කියන්න.  සන්නිවේදනය ඕනෙම සබඳතාවක වැදගත්ම අංගයක් වෙනවා.

ඔබට උවමනා තරම් කතා කරලා එම හේතුව එළියට ගන්න.  මේ කේන්තිය එළියට ගන්න ගමන් ඔබ කතා කරන පුද්ගලයා සමගත් ධනාත්මක ලෙස ඒ ගැන කතා කරන්න.

4. වෘත්තීමය වශයෙන් මේ පිලිබඳ දන්නා අයෙකුගෙන් උදවුවක් ගන්න

ඔබට ඔබව පාලනය කරගන්න එමගින් කේන්තිය පාලනය කරගන්න මේ උපක්‍රම අත්හදා බැලුවත් පලක් නැතිනම් ඔබට සවන්දිය හැකි වෘත්තීමය වශයෙන් සිටින උපදේශකයෙකු හමුවී ඔබේ ගැටළුව කියන්න.

මේ නිසා ඔබේ ප්‍රශ්න ලිහා ගන්න ඔවුන්ගෙන් ලැබෙන උදවුව ජීවිතය සරල කරන්න පුළුවන්.

 5.  කෝපය පාලනය කිරීම සඳහා ඔබ කැමති දෙමාපිය චරිත එළියට ගන්න

ඔබට මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් වෙන්න තිබුනානම් කියලා හිතන්න. ඉස්සෙල්ලා ඔබ ඔබේ ක්‍රියාවන් වලට දෙමාපියෙකු වී සිතන්න. 

ඔබගේ හැඟීම් පාලනය, ඔබේ හැඟීම් අධ්‍යනය කරමින් ඔබ ම ඔබේ ලෝකයේ ලස්සන නුවණින් සොයාගන්න.  මවක පියෙකු වීමේ සතුට හැමදාම අත්විඳින්න.

මවක පියෙකු ලෙස අපි උපරිමයෙන් පෙනී සිටියත් අපි සාර්ථක නොවෙන්න යම් යම් හේතු තියෙන්න පුළුවන්. 

ඒකයි කේන්තිය ගැනත් මේ කරුණු ඔබට ගෙනාවේ.  ඔබව මේ ලෝකේ ඉන්න හොඳම අම්මා, තාත්තා කරන්නයි. theAsianparent Sri Lanka අපේ සතුට එයම යි.

 

මූලාශ්‍ර: www.ada.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය
බෙදාගන්න :
  • දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

    දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

  • දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

    දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

  • දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

    දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

  • දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

    දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it