දරු ප්‍රසූතියෙන් පසු අම්මාගේ සුව පහසුව වෙනුවෙන් තාත්තාට කළ හැකි දේවල් 5ක්

දරු ප්‍රසූතියෙන් පසු අම්මාගේ සුව පහසුව වෙනුවෙන් තාත්තාට කළ හැකි දේවල් 5ක්

පිය සෙනෙහස ගැන කව් ගී වැඩිපුර ලියැවුනේ නැතත්, එහි බල මහිමය ගැන පර්යේෂණ වලින් කියන මේ තතු බලා ඔබ සතුටු වේවි!

මව් පදවිය ලැබූ ගමන් මව සහ දරුවා ගැන ගී, පද සින්දු, චිත්‍ර එමටයි. තාත්තා ගැන කතාවක්වත් නැහැ. නමුත් ඉතින් අම්මා තමා දන්නේ මවකගේ ජීවිතයේ දරු ප්‍රසූතියෙන් පසු අළුත් අම්මාට තාත්තාගේ උදව් වැඩිපුරම අවශ්‍ය කාල වකවානුව දරු ප්‍රසූතිය සිදුවූ ඇලුතයි කියා. 

බලන්නකෝ ඔය දෙන්නා දිහා! මූනේ සතුට පිරිලා! 

ආයෙ කතා දෙකක් නැහැ. එතෙක් මෙතෙක් දුටු හුරුබුහුටිම බබා තමා ඒ! සුභ පැතුම් අම්මේ! 

ඉතින් මේ වගේ අම්මාටත් බබාටත් තොරක් නැතිව එන ප්‍රසාදය සහ සුභ පැතුම් දකින තාත්තා හිතනවා ඇති ළදරුවා සහ මව අතර විශේෂ බැඳීමක් ඇති කර ගැනීමෙන් අදහස් කරන්නේ ඔහුගේ වැඩෙන පවුලට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් මහ ගොඩක් නැහැයි කියා. 

නමුත් දන්නවාද පියවරුණි, ළදරු රැකවරණයට කල් තියාම ඇප කැප වෙන තාත්තලාට ජීවිත කාලය පුරාම එහි ප්‍රතිලාභ ලැබෙනවා. ශක්තිමත් විවාහයක් තුළ සමීප හවුල්කාරිත්වයක් මෙන්ම තම දරුවා සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගත හැකි වන තරමට ප්‍රතිලාභ එමටයි.

තාත්තේ, ඉතින් අළුත් බබාගේ උපතින් පසුව මුල් කාලයේ, බබාගේ අම්මාත් වෙනුවෙන් වගේම අළුත් පැටියා එක්ක එක්ක දැඩි සබඳතාවක් වෙනුවෙනුත් ඔබට කළ හැකි දේවල් කිහිපයක් ගැන කතා කරන්නයි සූදානම

ආදරණීය කිරිකැටියා ලොවට බිහි කල අළුත් අම්මාට තාත්තාගේ උදව් උපකාර දෙන්නට පුළුවන් ආකාර 5ක්  

1. දරු ප්‍රසූතියෙන් පසු ඉක්මන් සුවයක් ලැබීමට අළුත් අම්මාට තාත්තාගේ උදව් ඇයට උදව් කරන්න (විශේෂයෙන්ම සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කළ මවක් නම්)

සමට සම කරන්න ගැටෙන්නට  දරුවා තුරුල් කරගන්න. මව්වරුන් සිසේරියන් සැත්කමින් සුවය ලබමින් සිටින අතරතුර දරු පටියාගේ සම ස්පර්ෂ වන සේ ඔහු/ඇය තුරුළු කරගන්නට හා රැකවරණය ලබා දීමට පියවර ගත් තාත්තලා ගේ දරුවා, පර්යේෂණයන්ට අනුව, වඩාත් සන්සුන්ව හා සුවපහසු ලෙස සිටීමේ ප්‍රවණතාව ඉහළ අගයක් බව දකින්නට ලැබුනා. 

අළුත් අම්මාට තාත්තාගේ උදව්

ඔබට පීතෘත්ව නිවාඩු තිබේ නම් ඒවා හැකි තරම් පාවිච්චි කරන්න එය ඔබට පිරිනැමෙන්නේ නම් එය අහක දාන්න හිතන්නවත් එපා.

ඇගේ ශාරීරික සීමාවන්ට ගරු කරන්න. සීසේරියන් සැත්කමකින් පසු සුව වීමට ඇයට සති කිහිපයක් අවශ්‍ය වන අතර, දරුවා ඔසවා තැබීමට හෝ ගෙදර වැඩ කිරීමට ඇයට සහාය අවශ්‍ය වන්නට පුළුවන්.

ඇයට අමතර සහාය ලැබීමට සලස්වන්න. රාත්‍රී හෙද සේවිකාවකට, නැන්දම්මාට හෝ මිතුරන්ට ආදිය මෙම සැත්කමෙන් සුවය ලැබීමට ඇයට උදව් කළ හැකියි.

විශේෂයෙන් ඔබට නැවත රැකියාවට යාමට අවශ්‍ය බැවින් අමතර සහය ලබාගැනීම ඉතා වැදගත් වනවා.

සාමාන්‍ය ප්‍රසූතියකින් පසුව සුවය ලැබීමට ඇයට උදව් කරන්න.

ඔබේ සහකාරිය නාන කාමරයට යන විට ඇය පහසුව ගැන සොයා බලා සියල්ල එය නිසි ලෙස ඇය වෙනුවෙන් සැකසී ඇති බවට වග බලා ගන්න.

ඇගේ වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි වේදනා නෂක ඖෂධ ගැනීමට ඇයව දිරිමත් කරන්න.

ඇයට අඛණ්ඩ වේදනාවක් දැනේ නම් ඇගේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගන්නට සලස්වන්න.

2. මව්කිරි දීමේ කර්තවය සඳහා ඇයට සහාය වන්න

තාත්තලාගේ උදව් පදව් හේතුවෙන් ඇය අත්දකින ජීවිත වෙනස අප්‍රමාණයි. මවට සහ දරුවාට මව්කිරි දීමේ කර්තවය පහසුවෙන් කරගෙන යාමට උපකාර කරන්නට තාත්තලාට හැකි බව පර්යේෂණ වලින් පෙනී යයි.

ඔබේ සහාය ඇයට මහත් රුකුලක් වනවා!

ඔබේ බිරිඳ මව්කිරි දෙන සෑම අවස්ථාවකම ඇයට ඔබේ සහයෝගය දීමට කල හැකි දේ බොහෝමයි.

අළුත් අම්මාට තාත්තාගේ උදව්2 

මව්කිරි දෙන අළුත් අම්මාට තාත්තාගේ උදව් දෙන්නට කළ හැකි පුංචි දේවල් කිහිපයක්

  • ඇයට නැවුම් වතුර වීදුරුවක් ගෙන දෙන්න. එය ඇයට වැඩි මව්කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට උපකාරී වනවා.
  • ඈට නව ෆීඩින් බ්‍රා එකක් තෑගි කරන්න.
  • ඇයට අවශ්‍ය මව්කිරි උපදේශන ලබාගැනීමට ඇයට සහය වන්න.
  • ඇගේ මව්කිරි සැපයුම ඉහළ නැංවීම සඳහා ඇයට රසවත් කිරි තේ කෝප්පයක් සාදා පිළිගන්වන්න.
  • ඇයව ධෛර්යමත් කර ඇය ඇදහිය නොහැකි මවක් බව ඇයට මතක් කර දෙන්න - විශේෂයෙන් පාන්දර 3ට ඇය අවදි වන විට.
  • “මම ඔයාට ආදරෙයි” යන .වචන වල ඉමහත් බලයක් ඇත. ඒවා ඇයට නිතර පවසන්න.
  • ඇයව වෙත ඇඳේ සිටින දරුවා ගෙන දෙන්න. නැවත මව්කිරි දියයුතු වේලාව මතක් කරගැනීඅට අලාම් එකක් තබන්න. ඒ අනුව නැවතත් දරුවා ඇය වෙත ගෙන දෙන්නට ඔබට පුළුවන්.
  • ඇය දරුවා පෝෂණය කිරීමට භාවිතා කරන ක්‍රමවේද වලට ගෞරවය කරන්න.
  • ඇය ඔබේ දරුවා වෙනුවෙන් පුදුමාකාර වැඩක් කරන බව ඇයට මතක් කරන්න.
  • බෝතල් කිරි පොවා දරුවා පෝෂණය කරන්නේ නම් ඇයට සහාය වන්න.
  • ඔබේ දරුවාගේ අවශ්‍යතා සඳහා නිවැරදි කිරි වර්ගය ගවේෂණය කරන්න.
  • ඔබ ගෙදර සිටින විට දරුවාට කිරි පෙවීමට සහය වීමට ඉදිරිපත් වන්න.
  • කිරි බෝතල් පිරිසිදු කරන්න.
  • “මම ඔයාට ආදරෙයි” නිතරම පවසන්න.
  • දරුවාට කිරි දීමෙන් පසු ගුඩුස් අරින්න.

4. ළදරුවා සමඟ සබදතා ගොඩනගාගන්න.

දරුවා සමඟ කතා කරන්න, කියවන්න සහ ගායනා කරන්න. සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබේ කටහඬේ ශබ්දය ප්‍රධාන වනවා.

ළදරුවාගේ ජීවිතයේ පළමු දිනයේම නින්දට යාමේ කතන්දරයක් කීවොත් හොඳ නැද්ද?

අළුත් අම්මාට තාත්තාගේ උදව් 3

මුල සිටම පුරුදු වෙන්නත් එක්ක දැන්ම බබාට කතන්දර කියන්නට පටන්ගන්න. 

ශක්තිමත් පිය-දරු සබඳතාවක් ආරම්භ කරන්න. ඔබ බබාව නාවන්නට සමතෙක්ද? නැතිනම් බබාගෙ පැම්පස් මාරු කරන්න රුසියෙක්ද?

ඒහෙමත් නැතිනම් බබාගෙ හැඬුම් නවත්වන්න, නළවන්න, නිදි කරවන්න ජගතෙක්ද? මේවා හැමෙකෙන්ම හෝ එකකින් සමතෙක් වෙන්න. 

රාත්‍රී වැඩ මුරයක් කරන්න. දරුවාට බෝතලයෙන් කිරි පොවන්නේ නම් එම වගකීම භාරගන්න.

හඬන බබා නළවන්න, පැම්පස් මාරු කරන්න.

අළුත් අම්මාට තාත්තාගේ උදව් ව  කෙතරම් පුංචි වුවත් මහමෙරක් වගේ වටින්නේ ඇයට නින්ද, විවේකය සහ සහනය දැඩි ලෙස අවශ්‍ය නිසායි.

5.  ‘4 වන ත්‍රෛමාසිකයේ’ නොහොත් දරු ප්‍රසූතියෙන් පසුව අළුත් අම්මාට තාත්තාගේ උදව් කල හැකි ආකාර මෙන්ම දරුවාට අවශ්‍ ව්ිය හැකි දේවල් ගැනද තේරුම් ගන්න.

ඉතාම සුළු මට්ටමකින් දැකිය හැකි පසු-ප්‍රසව විශාදය (baby blues)  අළුත් මව්වරුන්ට පොදු හා සාමාන්‍ය දෙයක් විය හැකියි. 

නමුත් පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සහ කාංසාව කෙතරම් සාමාන්‍ය වුවත්, මවගේ මානසික සෞඛ්‍ය ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිය යුතු වන්නේ පසු ප්‍රසව විශාද තත්වය යහපත් අතර පත් නොවේ නම් අමතර උපකාර සහ වෛද්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය විය හැකි නිසායි. මේ නිසා පසු ප්‍රසව විශාද සංඟා ගැන නිතර අවධානයෙන් පසුවන්න.

පශ්චාත් ප්‍රසව තත්ව සමනය කරගන්නට අළුත් අම්මාට තාත්තාගේ උදව් දිය හැක්කේ කෙසේද?  

ඇය විස්මිත කාන්තාවක් බව ඇයට මතක් කරන්න.

“ඔයා පුදුම විධියට ලස්සනයි” කියා පැවසීම සැමවිටම ඇයව ප්‍රබෝධමත් කරයි.

පශ්චාත් ප්‍රසව අවධියේදී ඇගේ සෞඛ්‍ය ඉලක්ක කරා ළඟා වීමට ඇය උත්සාහ කරන විට ඇයට සහාය වන්න. එයින් අදහස් කරන්නේ නව ව්‍යායාම ශාලාවකට සම්බන්ධ වීමට හෝ ආහාර සැලැස්මකට දායක වීමට මුදල් වියදම් කිරීම වුනත් විය හැකියි.

ඇගේ නව හැඩයට සරිලන සේ ඇයට නව ඇඳුම් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට ඇයගේ හැඩයේ වෙනස්වීම් ගැන කියා ඈ අපහසුතාවට ලක් නොකරන්න.

මාතෘ නිවාඩු වලින් නැවත රැකියාවට යන විට හෝ නිවසේ නව මවක් වන විට ඇයව ධෛර්යමත් කරන්න.

ඇය ඔබට නොකීවත්, ඇයට තනිවම ගත කරන්නටත් යම් කාලයක් අවශ්‍යයි. බබා ගැන පැය කිහිපයක් බලාගෙන ඇය වෙනුවෙන් ඇයට ටික කාලයක් ගත කිරීමට ඇයව දිරිමත් කරන්න. මෙය ඇයට මහත් සේ වටීවි.

 

මූලාශ්‍ර: mother.ly

Written by

Niloufer Perera