theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

4 අවම කියවීම
අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

ඔබේ දඟකාර පුතා එක්ක ශක්තිමත් බැඳීමක් ඇතිකරගන්න ඔබට අමාරු නම් මේ ලිපිය කියවා බලන්න.

ඔබේ දුලා වගේම උපතේ ඉඳන්ම පුතාවත් ළඟින්ම තියාගන්න. අම්මයි පුතයි අතර බැඳීම; කේට් ස්ටෝන් ලොම්බාර්ඩි ට අනුව The Mama’s Boy Myth හි දරුවන් මවට සමීපව තබාගැනීමෙන් ඔවුන් ශක්තිමත් වන බවත් එනම් පාසලේදී ඔවුන් ඉතා හොඳ දක්ෂතා දක්වන බවත් පැවසෙනවා.

ඒ වගේම ඔහු ඉතා සතුටින් කල් ගෙවන බවත් ඔවුන්ගේ සෑම දක්ෂතාවයකටම එය ඉවහල් වන බවත් පැවසෙනවා. අම්මාටත් පුතාටත් යෞවන අවධියකදී ළංවීම අපහසු වන්නේ ඔවුන්ගේ රුචිකත්වය වෙනස් වන නිසයි. නමුත් මේ අභියෝගය ජයගන්න ඔබට සුළු දේවල් කිහිපයකින් පුළුවන්.

අම්මයි පුතයි අතර බැඳීම

පිරිමි ළමයි වගේ ගොරෝසු, රළු සෙල්ලම් සෙල්ලම් කරන්න

පිරිමි දරුවන් තුළ විශේෂයෙන් දකින්නට ඇති දේ තමයි ඔවුන් රළු ක්‍රීඩාවන්ට කැමති වීම. ඒ වගේ දහදිය වගුරමින් සෙල්ලම් කිරීම ඔවුන්ට විනෝදයක් වගේම සතුටක්. ඒ වගේම පිරිමි ළමයි කට කොනකින් පොඩි සිනහවක් පාමින් සෙල්ලම් කළත් අවධානය ඇත්තේ සෙල්ලමට පමණයි.

ඔබටත් ටිකක් ඔවුන්ගේ සෙල්ලමට වැටෙන්න වෙනවා. ෆුට් බෝල් සෙල්ලම් කරන්න. සුපර් මෑන් චිත්‍රපටියක ක්‍රියාදාම චරිත ඔබත් ඔවුන් එක්ව සම සමව සෙල්ලම් කරනවා නම් ඔවුන් කැමතියි. ඒ වගේම කරාතේ පියවර කිහිපයක් පෙන්වීම වගේ දේවල් ඔවුන්ට හරිම විනෝදයක්. ඉතින් ඔබට එවිට ඔවුන්ගේ ඇස් වල දීප්තිය දැකගන්න පුළුවන්.

කාන්තාවන් වගේ පිරිමි ළමයින් ශබ්ධ නගා සිනාසෙන්නේ නැහැ. ඔවුන් තුළින් හැඟෙන ඒ ඇගයීම් සහගත සිනහව ඔබ දැනටමත් ඔවුන් සමග හොඳ බැඳීමක් ඇති කරගන්න ඇති බවට සාක්ෂියක්.

පිරිමි ළමයින්ගේ භාෂාවෙන් කතා කරන්න

දරුවන් ඔවුන්ගේ කාටුන් වීරයන් නැතිනම් සමහර ක්‍රියාදාම චරිත ගැන විස්තර කළත් ඔබට ඊට එතරම් උනන්දුවක් නැති බව සත්‍යක්. ඔබ මේ ගහගන්න ක්‍රියාදාම චරිත වලට අකමැති වෙන්න බෑ.

ඉතින් ඔහුගේ කතාවට ඔහු ඔලුව එහෙට මෙහෙට හරවමින්, වනමින් ඉන්නා විට ටික වෙලාවකින් ඔහු දැනගන්නවා ඔබ ඊට රුචිකත්වයක් නොදක්වන බව. ඔබ ඔහුගේ මට්ටමේ හා ඔහුගේ රුචිකත්වයන්ට කැමති නැති බව වටහා ගන්නවා. එයින් ඔබට ඔහු සමග සබඳතාවයන් ශක්තිමත් කර ගැනීමට ඇති ඉඩ ඇහිරී යන්න පුළුවන්. ඉතින් ඔබ කළයුත්තේ කුමක්ද? ඔබේ රුචිකත්වයන් නොසලකා ඔබේ පුතාගේ රුචිකත්වයන්ට ඔබත් කැමති බව හඟවන්න. ඔබට ඔබේ පුතාගේ භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න.

අම්මයි පුතයි අතර බැඳීම

ඔහුට කතා කරන්න වෙලාවක් හා ඉඩක් ලබා දෙන්න

පිරිමි දරුවන් කොහොමත් කතා කරන්නේ ශබ්ද නගලා. එපා කිව්වොත් ඊටත් වඩා ශබ්ධ නගා කතා කරනවා. ඔබට මෙය කරදරයක් නිසා ශබ්ධය අඩු කරන්න නියෝග දුන්නත් ඔහුගේ නිශ්ශබ්දතාවය ඉවසා ගන්න බැරි දවසකුත් උදවිය හැකි බව මතක තබාගන්න.

දරුවාට ඔබට කතාකරන්න ඉඩක් වෙලාවක් ලබාදෙන්න. ඔබ දෙදෙනාම තනිව ඉන්න වෙලාවක් සොයාගන්න. දුරස්ථ බවක් නැතිව ඔහුගේ ලෝකයට සවන් දෙන්න. පිරිමි දරුවන් විවෘත වන්නේ ඔවුන්ට අපහසුතාවයක් නැතිව හා තද බවක් නොපෙන්වන අවස්ථාවන් වලදීයි. ඔහුගේ හඬ පාලනයට වඩා ඔහුගේ හැඟීම් වලට සවන් දෙන්න.

ඒ වගේම ඔබ දෙදෙනාටම තනිව පාසලේ සිට ගෙදරට එන විට කතා කරන්න පුළුවන්. ඒ වගේ ඔහු සමග නින්දට යන විටත් කතා කරන්න පුළුවන්. පුංචි කාලෙම මෙහෙම කතා කරන්න ඇරඹීම තුළින් ඔවුන් යෞවනත්වය කරා යන තුරුම ඔබට එලෙස කරන්න පුළුවන්. එය වැඩිහිටියෙකු දක්වා වෙන තුරුත් වෙන්න පුළුවන්. ඒ නිසාම ඔහු අම්මා කතා කරන්න එන විට මග හරින්න ගන්නවා. ඊට කැමැත්තෙන් සවන් දේවි.

ඔබ දෙදෙනාටම දැනෙන දේවල් බෙදාගන්න

අම්මයි පුතයි අතර බැඳීම

අම්ම සිකුරු නම් පුතා අඟහරු වෙන්න පුළුවන්. ඉතින් ඔබේ පුතාට මේ තද පිරිමි ගති තිබෙන්න පුළුවන්. කේන්ති ගිය විට අතට අසුවන දෙයින් ගැසීම, ඔබට කෑගැසීම, කේන්ති ගැනීම හෝ කනස්සල්ලට පත්වීම සිදු වෙන්න පුළුවන්. මේ ඔබත් දරුවාත් අතර බැඳීම පළුදු විය හැකි අවස්ථාවක්.

ඔබට කළහැක්කේ ඔහුට ආදර්ශවත් චරිතයක් වීමයි. ඔබට අපහසුකාරී තත්වයක් උදාවූ විට ඔබ ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ඔබ පෙන්වන්න. ඒ වගේම ඔබේ හැඟීමුත් ඔහුත් සමග බෙදාගන්න පුළුවන්. එවිට එවැනි අවස්ථාවන් වලදී ක්‍රියාකරන හැටි ඔහු ඉගෙන ගන්නවා.

ඔහුව සුරතල් කරන්න

අයන් මෑන් වෙන්න ඔහු ආස කලත් ඔබ ඔහුව තුරුලට ගෙන තදින් වැළඳ ගන්න මොහොතකට ඔහු ප්‍රිය කරනවා. වෛද්‍ය ගැරී චැප්මන් ට අනුව ආදරය පෙන්වන ප්‍රධාන ආදර භාෂා ක්‍රම අතර ආදරණීය ස්පර්ශය ඉතා වැදගත්.

ඔහුව සුරතල් කිරීම නිසා ඔබේ ආදරය ඔහුට දැනෙනවා වගේම ඔබත් ඔහුත් අතර ශක්තිමත් බැඳීමක් ඇති කරනවා. කෙසේ වුවත් සෑම බැඳීමකම පදනම ආදරයයි. ඒ නිසා නිතර ආදරය පෙන්වීම ඔබ ගැන ඔහු තුළ හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා.

මේ බැඳීම ඔවුන්ව ගැහැණු ළමයින් කරනවද?

නැහැ... එය මිත්‍යාවක්.

අම්මලා පුතාලට කිට්ටු වීම නිසා ඔවුන් ගැහැණු ළමයි විදිහට හැදෙන්නේ වැඩෙන්නේ නැහැ. ඔවුන් මවට ළංවීමට අවශ්‍ය වන්නේ ඔවුන් මවගේ උණුසුම ආදරය ලබමින් නිතරම වැදගත් සබඳතාවක් පවත්වාගෙන යෑමට ඉගෙන ගන්නවා වගේම ඔහු නිදහසේ වැඩෙන නිදහස් දරුවෙක් වීමට ඔහුට උදවු වෙන නිසයි.

අම්මයි පුතයි අතර බැඳීම ඉතාම වදගත් ඔහුගේ ඉදිරි ගමනට.

බැඳීම් ශක්තිමත් කරගැනීමත් බැඳීම් අලුත් කරගැනීමටත් අපිට උත්සාහයක් යොදන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka උත්සාහ කළා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

    ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

    ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it