පවුලේ සැවොම එකට නිදාගැනීම (co-sleeping) ලිංගික එක්වීමට බාධාවක් වෙලාද?

පවුලේ සැවොම එකට නිදාගැනීම (co-sleeping) ලිංගික එක්වීමට බාධාවක් වෙලාද?

පවුලට දරුවන් එකතු වූ පසු ඔවුනට හොරෙන් ලිංගිකව එක්වීම අභියෝගයක් වෙලාද? මේ ලිපිය කියවා ඔබටත් ඔබේ සහකාරියටත්, හිතුණු විටක ලිංගිකව එක්වන්නට පුළුවන්

යුවලකගේ ජීවිතයට දරුවන් එකතු වූ ප්සුව ජීවිතය මුළුමනින්ම වෙනස් වනවා. දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම සිහිනයක් වගෙයි. දෙමව්පියන් සඳහා පවුලේ සැවොම එකට-නිදාගැනීම (co-sleeping)  සහ ලිංගිකව හැසිරීම සඳහා පහසු මාර්ගෝපදේශයක් මේ ලිපියෙන් ගෙන එන්නට උත්සාහ කරනවා.

ඔව්, මෙම ලිපිය විශේෂයෙන්ම එකට-නිදාගැනීමේ යෙදෙන දෙමාපිය ඔබ සඳහාමයි! මෙම පුදුමාකාර ඉඟි සඳහා පසු දවසක අපට ස්තූතියි කියන්න…

දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම

පවුල තුළට දරුවන් එකතු වීමෙන් පසුව ලිංගිකත්වය ප්‍රසන්න අතීත මතකයක් පමණක් වන්නට පුළුවන් නේද?

ඔබේ පුංචි දේවදූතයා ඔබේ ජීවිතයට එන්නට කලින් ඔබේ ලිංගික ජීවිතය කෙබඳුදැයි ඔබට මතකද? මදක් නැවතී ඒ ගැන ආවර්ජනයක යෙදෙන්න… ඔබට විස්මිත මතකයන් කිහිපයක් හාරා අවුස්සගන්නට හැකි වනවා නොඅනුමානයි!

ඔබ සතුව තිබූ ඒ සුන්දර සරාගී කාලයේ ප්‍රතිඵලයක් ලෙස, දැන් ඔබ සමඟ ඇඳ බෙදාගන්නා ඉතා පුංචි අමුත්ත්තා (හෝ දෙදෙනා) එක්වී සිටිනවා.

අවසන් වරට ඔබේ සැමියා සමඟ ටිකක් ලිංගිකව විනෝද වන්නට අවශ්‍ය වූ විට සහ ඔහු වෙත ළඟා වෙන්නට පෙරළී ඔහු දෙසට ගිය විට., පෘෂ්ඨිමත් හස්තයක් වෙනුවට (හෝ වෙනත් දෙයක්) හුරුබුහුටි චූටි කකුලක් හෝ ඩයපර් ඇන්දවූ පශ්චාත් භාගයක් අතට හසු වුණාද?

co-sleeping and sex

එකට-නිදාගැනීම සහ ලිංගිකත්වය සම-නිදාගැනීමේ යෙදී සිටින අම්මලා තාත්තලාට නම් අපි මේ කියන්න කතන්දරේ තේරෙනවා!

අපව වැරදියට තේරුම් ගන්න එපා – අපි හිතන්නේ සම-නිදාගැනීම අනර්ඝයි කියා තමයි.

එය වඩාත් සාමකාමී නින්දක් ලබා දීම වගේම, වඩා ස්ථාවර ශරීර උෂ්ණත්වයක් සහ නිසි හෘද රිද්මයක් වැනි විද්‍යාත්මකව තහවුරු කර ඇති ප්‍රතිලාභ රාශියක් සමඟ පැමිණේන්නක්.

එය ඔබේ දරුවාගේ දිගු කාලීන මානසික සෞඛ්‍යයටද ප්‍රයෝජනවත් වනවා.

යථාර්තයට මුහුණ දෙමු. ඔබට ලිංගිකව හැසිරීමට අවශ්‍ය වූ විට දරුවෙකු (හෝ දෙදෙනෙකු) ඔබ සමඟ ඇඳේ සිටීමෙන් ලිංගිකව එක් වීමත් එපා වෙනවා නේද? තිත්ත වුණත් ඇත්ත ඒකයි. පවුල පිටින් එකට නිදාගැනීම සහ ලිංගිකත්වය… දෙක එකට කළ හැකිද?

අම්මේ, තාත්තේ, අපි ආවේ ඔබ ඔබේ දරුවන් සමඟ නිදා සිටියත් යම් ලිංගික ක්‍රියාශීලී බවක යෙදෙන්නට හොඳ උපදෙස් පහක්. ඔබට ලබා දෙන්නටයි.

මෙම තොරතුරු ඔබ වෙත ගෙන එනු ලබන්නේ සම-නිදාගැනීමේ යෙදෙන, මනා පළපුරුද්දක් ඇති අම්මලා සහ තාත්තලා විසින්.

ඔයාව සාදරයෙන් පිළිගන්නවා!

දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම

ලිංගිකව හැසිරෙන්න ඕනේ නිදන කාමටයේ විතරයි කියා නීතියක් නැහැනේ…

1. දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම සඳහා ලිංගික හැසිරීම නිදන කාමරයෙන් ඉවතට ගෙනයන්න

ඔබේ ඇඳ මත පමණක් ලිංගිකව එක්වන්නට ඕනෑ කියා කොහේවත් ලියූ නීතියක් නැහැ. පොඩ්ඩක් වික්‍රමාන්විත වෙලා මේ කාර්‍යය නිදන කාමරයෙන් ඉවතට ගෙනයන්න.

මුළුතැන්ගෙයෙහි පහසු කවුන්ටර තිබෙනවා. විසිත්ත කාමරයේ ආරාධිත යහන තිබෙනවා. ඇත්ත වශයෙන්ම, සෑම විටම බිම් පොළව විවෘතයි.

එතකොට කොහොමද නාන කාමරය අමතක කරන්නේ? ඔබට නාන කාමරයේ හෝ නාන තටාකයේ හොඳම “වින්දන” ක්‍රියාවන් කිහිපයකම යෙදෙන්නට පුළුවන්.

ත්‍රාසජනක සෙවීමේ අමතර මානයක් සඳහා, ඔබ ගෙදර යාමට පෙර ඔබ සතුව එකක් තිබේ නම් එය ඔබේ මෝටර් රථයෙන් කරන්න. අසල්වැසියන් ඔබව නොදකින බවට වග බලා ගන්න!

2.  සියල්ල නියමිත කාලය පිළිබඳ ගැටළුවක්

ඔබේ දරුවන් පුංචි බබා කාලයේ, නිදාගැනීම කලට වෙලාවට නොකරන නිසා කාලානුරූපව ලිංගිකව හැසිරීමත් දුෂ්කර වනවා.

නමුත් ඔබේ දරුවන් වයසින් වැඩෙත්ම, ඔවුන් ඔබ අතර ඇඳේ වැතිරී සිටින බව ඔබට පෙනේ නම්, ඔවුන්ගේ නින්දේ වේලාවන් සමඟ ඔබ බුද්ධිමත්ව සට කපට විය යුතු වනවා.

මෙට ඉතා සරලයි. ඔබේ දරුවා අවදි වන වේලාව සටහන් කර ඒ අනුව ඔබේ සරාගී කාලය සැලසුම් කරන්න.

නිදසුනක් වශයෙන්. ඔබේ දරුවා සෑම රාත්‍රියකම රාත්‍රී 11 ට අවදි වන්නේ කිරි බොන්නට හෝ ඔබට තුරුල් වී සිටින්නටය. මේ කාලයට කලින් ලිංගිකව හැසිරෙන්න!

ඔබට ඒ පිළිබඳව විද්‍යාත්මකව දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබේ දරුවා ගැඹුරු නින්දේ සිටින විට – සාමාන්‍යයෙන් පළමු නින්දට මිනිත්තු 70 ත් 90 ත් අතර කාලයක් – සහ ඔබේ සරාගී දිනය වේලාව සටහන් කර ගන්න!

දරුවන්ට හොරෙන් ලිංගිකව හැසිරීම

ඉදිරි සැලසුම් කිරීම සාර්ථකත්වයට මූලික වනවා

3. ලිංගිකව එක් විය හැකි දවස් කලින්ම සැලසුම් කට සටහන්ගත කර දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම

මෙය ඔබ සියලු ළමයින් සඳහා පොදු එකකි – ඔබ ලිංගිකව හැසිරෙන විට ඔබේ දරුවන්ගේ ක්‍රීඩා දිනයන් උපලේඛනගත කරන ආකාරයටම එයද උපලේඛනගත කරන්න.

දැන් ඉතින් මෙමගින් අහඹු ලෙස ලිංගිකව එක්වීමේ රසය වෙනස් වෙනවා ය්‍යි එක් එක්කෙනා කනු කුනු ගාන්නට කලින් මතක තබා ගත  යුතු දෙයක් තිබෙනවා.

ඔබේ කුඩා දරුවන් ඔබේ ජීවිතයට පැමිණි විට බොහෝ දේ සමඟ ස්වයංසිද්ධතාවය (අහඹු වේලාවල්) නැතිව යනවා.

වැදගත් කාරණය වන්නේ මේ කර්තවයට කාලය සොයා ගැනීමයි.

එබැවින්, ඔබේ සැලසුම් තොප්පිය පැළඳගන්න. වැඩිපුර කාලය සොයාගැනීම සඳහා දරුවා තියාගන්නට කැමති රැකවලුන් අමතන්න.

එනම් ආච්චිලා සීයලා, මිතුරන්, අසල්වැසියන්, කුඩා වෙළඳපොළ නැන්දා (විහිළුට කිව්වේ!).

පැයක් හෝ දෙකක් ළමයින් ඔවුන්ට බාර දෙන්න. ඒ මගින් ලැබෙන කාලයෙන් එකිනෙකා සමඟ කාලය ගත කිරීමේ උපරිම ප්‍රයෝජන අරගන්න.

ඔබගේ සතුට ලබාගන්න මොහොතක්වත් නාස්ති කරන්න එපා.

මතක තබා ගත යුතු කරුණු: මේ ලැබෙන අමතර කාලය පහත දේවල් සඳහා යොදවන්න එපා. (a) ඔබේ නින්ද අල්ලා ගැනීමට, (b) ඔබේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන නැරඹීමට, (c) උයන්න, (d) නිවස පිරිසිදු කරන්න, (e) ඔබේ ආච්චි අමතන්න.

පවුලේ සැවොම එකට නිදාගැනීම (co-sleeping) ලිංගික එක්වීමට බාධාවක් වෙලාද?

දෙමාපියනි, දුක් වන්න එපා! පවුල පිටින් එකට නිදා ගත්තත් ලිංගිකව එක් වෙන්නට පුළුවන් විධි තිබෙනවා!

4. නිදන කාමරය තුළම ක්‍රියාකාරී වී දරුවන්ට හොරෙන් ලිංගිකව එක්වීම

හරි, සමහර විට ඔබට ලිංගික කාරණා වලට බාධා කරන්නන් ඔබේ නිදන කාමරයේ සහ ඇඳේ තනිවම තැබීමට ඔබට අවශ්‍ය නැතිව ඇති.

විශේෂයෙන් ඔවුන් ඉතා කුඩා වියේ පසුවන විට. එබැවින්, මෙම ලිපිය සඳහා අදහස් ඉදිරිපත් කිරීමට උපකාර කළ බුද්ධිමත් අම්මලාට අනුව,. ඔබට පහත දැක්වෙන ආකාරවලින්  ක්‍රියාකාරී වන්නට පුලුවන්:

  • අඳුරු කොනක සිටගෙන ලිංගිකව හැසිරෙන්න — සිටගෙන ලිංගිකව හැසිරීම හොඳ විනෝදයක් ගෙන දෙන අතර ඔබ එහි සිටින අතරතුර ස්කොට්ස් කිහිපයකින් කරගත හැකි නම්, ඔබට ලැබෙන ව්‍යායාමයද අමතර ප්‍රසාද දීමනාවක් වනවා.
  • කොට් එක භාවිතා කරන්න — මහා ලොකු මුදලක් වැය කර මිළදී ගත් කොට් එකෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගන්න. කොපමණ කාලයක් ගත වුවද ඔබේ දරුවා ඒ තුළ වැඩි වේලාවක් සිටින්නේ නැති වෙන්නට පුළුවන්.

එය සැබවින්ම ශක්තිමත් යහනක් නම්, ඇඳේ සිට යහනට මාරුවීමේදී ඔබේ දරුවා අවදි කිරීම ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබටත් සහ හබීටත්  ඔබේ ඉක්මන් සහ ආදරණීය එක්වීමට එය භාවිතා කරන්නට පුළුවන්.

  • බ්ලැන්කට්ටුව ප්‍රයෝජනයට ගන්න — ඔබේ දරුවා බ්ලැන්කට්ටුවකින් ආවරණය කරන්න (ඔහුගේ හිස නොවේ). තවත් විශාල බ්ලැන්කට්ටුවකින් දෙදෙනා ඔබ ආවරණය වන්න. ඊළඟට කුමක් කළ යුතු දැයි ඔබට සිතා ගත හැකි යැයි කියා අපි බලාපොරොත්තු වනවා.
දරුවන්ට හොරෙන් ලිංගිකව එකතුවීම

බ්ලැන්කට් එක යට එකතු වෙමුද? මොකද හිතන්නේ?

  • ඇඳ විට්ටමේ ක්‍රියාකාරී වීම – ලිංගිකත්වය සැමවිටම ඇය තුළට ඇතුළ් වීම පමණක් විය යුතු නැත… මුඛ ලිංගිකත්වය ඒ තරමටම හෝ හෝ ඊටත් වඩා ප්‍රසන්නවන්නට පුළුවන්.

    මේ දක්ෂ මවක් විසින් අපට ලබා දුන් දක්ෂ ඉඟියක්. එක්කෝ ඔබ හෝ ඔහු ඇඳේ කෙළවරේ ඔබේ දරුවාට පිටුපා වාඩි වී සිටින්න.

(ඔබට අවශ්‍යම නම් ඔබ අතර කොට්ට වලින් පවුරක් සදාගන්න පුළුවන්) අනෙක් තැනැත්තා බිම දණ ගසා ඔබව සතුටු කරයි. ස්ථාන මාරු කරන්න. නැවත නැවත කරන්න.

  • අමතර මෙට්ටයක් බිම හෙළන්න – සරල බුද්ධිමතෙක්ට පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත!
  • කොට්ට පවුරක් හදන්න – ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා ඔබේ ඇඳ බිත්තියට තල්ලු කිරීම වඩාත් සුදුසුය..

එවිට ඔබේ නිදා සිටින දරුවා ඇඳේ බිත්තියේ කෙළවරේ තබන්න. ඔබ සහ ඔබේ දරුවන් අතර කොට්ට වලින් පවුරක් ඉදිකර වහා ක්‍රියාත්මක වන්න!

අවසාන කරුණු දෙක ක්‍රියාත්මක කිරීමේදී, ඔබේ දරුවා අවදි වී ඔබ කරන්නේ කුමක්දැයි විමසීමට සිදුවුවහොත් හොඳ පැහැදිලි කිරීමක් දීමට සූදානම් වීමට වග බලා ගන්න.

 

දරුවන්ට හොරෙන් ලිංගිකව එක් වීම

ළමයින්ගෙන් තොර උණුසුම් රාත්‍රියක් සැලසුම් කරගන්න… එය ඔබට අවශ්‍යයි!

5. නිදන කාමරය තුළම ක්‍රියාකාරී වීම සඳහා ඒ වැඩේ නිවසින් පිටතට ගෙනයන්න

නැත. අපි කියන්නේ නැහ ඔබේ අසල්වැසියාගේ ගෙට ගොස් සතුටු වෙන්න කියලා. මොකද ඒකෙන් ලොකු කරදරයක් සිද්ධ වෙන්නට පුළුවන්.

ඒ වෙනුවට, ඔබේ සැලසුම් තොප්පිය නැවත පැළඳගෙන නැවත වරක් සිතන්න – ඉතා මැනවින් ආච්චිලා සීයලා හෝ විශ්වාසදායක ළදරු අසුන් හෝ උදව්කරුවෙකුගේ සහය පතන්න.

ඔබේ ආදරණීයයා සමඟ ඉදහිට හෝ ගැලවීමක් සැලසුම් කිරීම මගින් මුළු රාත්‍රිය පුරාම ඔබේ ජීවිතයේ ආදරය සමඟ පුදුමාකාර නිදහසක්. සහ ජවයක් ගෙන දෙනවා. එය ප්රවේශමෙන් සැලසුම් කරන්න:

  • ඔබගේ ආදරණීයයා සමඟ සතුටු වන්න දිනයක් වෙන්කරවාගන්න.
  • ඔබේ හෝටල් කාමරය වෙන්කරවා ගන්න
  • සරාගී යට ඇඳුම් ටිකක් මිලදී ගන්න
  • ඔබගේ එක් රාත්‍රියකට පලායාමට පෙරාතුව, එකිනෙකාට සරාගී කෙටි පණිවුඩ යවන්න. එකිනෙකා සමඟ ආලවන්ත හැඟීම් පෑම (මේසයට යටින්, කමක් නෑ?) සහ මනෝභාවය පොදුවේ ගොඩනඟන්න.
  • ඔබේ දරුවන් ක්‍රීඩා දින / පිහිනුම් / ක්‍රීඩා පිටියට යන ගමනක් හෝ වෙනත් විනෝද ක්‍රියාකාරකම් සමඟ වෙහෙසට පත් කරන්න (අ) ඔවුන් වේගයෙන් නින්දට යන බව අපි සහතික කරනවා. (ආ) ඔබ කරන්නේ වරදක් කියන හැඟීම හිතින් අහක් කරගන්න.

ඔබේ බෑග් ඇසුරුම් කර සූදානම් කර ඔබගේ දරුවන් භාර දුන් රැකවලා ආ ගමන්ම නික්ම යන්න.  සුභ සරාගී ගමන්!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera