theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

2 අවම කියවීම
දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්

සමහර විට දරුවන්ට ඉවසීම උගන්වන්න අසීරු දෙයක් වෙනවා. මෙන්න ඒ සදහා උපදෙස්. 

අද තිබෙන වෙහෙසකාරී, හිංසාකාරී ජීවන රටාව එක්ක දරුවන්ට ඉවසීම ඉගැන්වීම අපහසු දෙයක් වෙනවා.

දෙමාපියන්ට දරුවන්ට ඉවසීම ඉගැන්වීම පහසු වීමට උපදෙස් කිහිපයක් මෙන්න.

දරුවන්ට ඉවසීම ඉගැන්වීම

දරුවන්ට ඉවසීම ඉගැන්වීම

1. ක්‍රියාවන් තුලින් උගන්වන්න 

ඉවසීම යනු පුද්ගලයෙකුට තරහා නොගෙන සංසුන්ව බලා සිටීමට හැකි වීමයි.

ඔබේ දරුවාට ඉවසීම ඉගැන්වීමට ඔබද ඉවසිලිවන්ත වී පෙන්වීම හොද ක්‍රමයක් වන්නේ අන්න ඒ නිසයි.

කාලය ගත වෙන ක්‍රියාකාරකම් වල ඔබේ දරුවාට නිතර වීමට උනන්දු කිරීම ඔබට කල හැකිය.

2. පරාවර්තිත ශ්‍රවණය වැදගත් වේ.

පරාවර්තිත ශ්‍රවණය යනු ඔබ ඔබේ දරුවාගේ හැගීම් වලට ඇහුම්කන් දෙන ඔවුන් වේදනාවට හෝ කළකිරීම  පත් වු බව පිළිගන්නා ඔවුන්ගේ හැගීම් වචන කිරීමට උදව් කරන සංනිවේදන ක්‍රමයක්.

දරුවන්ට ඉවසීම ඉගැන්වීම

ඔබේ දරුවාට හැගෙන ආකාරය බෙදාගැනීමට මෙන්ම ඔවුන් නොඉවසිලිමත් නම්  ඔවුන් සතුව තිබිය හැකි කළකිරීම පිටතට එන ක්‍රමයක්  ලෙස පරාවර්තිත ශ්‍රවණය වැදගත් වෙනවා.

3.දරුවන්ට ඉවසීම ඉගැන්වීම : වේලාවක් භාවිතා කරන්න

" මම විනාඩියෙන් එනවා":  කල නොහැකි දේවල් දරුවාට කියන්න එපා.

විනාඩියක් කොතරම් දිගයිද කියලා දරුවන්ට දකින්න අසීරුයි. මිනිත්තුවක් ඇත්තටම කොච්චර දිගයිද කියා ඔබේ දරුවාට තේරුම් ගන්න උදව් කරන්න ඔබට ඔරලෝසුවක් , ඔබේ ජංගම දුරකථනයේ ටයිමර් එක භාවිතා කර කාලය දක්වන්න පුළුවන්.

4.නොඉවසිල්ල එක්ක කටයුතු කරන්න ඔවුන්ට උගන්වන්න.

දරුවන්ට ඉවසීම ඉගැන්වීම

ඔබ වෛද්‍යවරයා වෙනුවෙන් බලා ඉන්න එහෙම නැත්තම් ගුවන්තොටුපලේ ගුවන් යානය වෙනුවෙන් බලා ඉන්න අවස්ථා වගේ අවස්ථා වල සමහර වේලාවට දරුවන් වාඩි වෙලා බලා ඉන්නවා.

මෙන්න මේ වගේ අවස්ථා වල දරුවන්ට නොඉවසිල්ලක් දැනෙයි නම්  කම්මැලිකම හෝ කළකිරීම ගැන ගණුදෙනු කිරීමට ඔබේ දරුවාට උදව් වෙන විවිධ දේ සමග කටයුතු කරන ආකාරය ඔබට කියාදෙන්න පුළුවන්.

5. දරුවන්ට ඉවසීම ඉගැන්වීම : ඉවසීමෙන් කටයුතු කළ හැකි ජීවන රටාවක් තෝරා ගන්න.

මේ දින වල තාක්ෂණය සියල්ල වේගවත් හා පහසු කර ඇත. දරුවන් සියල්ල වේගයෙන් සිදුවීමට හුරු වීම හා ඔවුන්ට ඉක්මනින්ම තෘප්තියක් ලැබීම  වැනි දේ නිසා මෙය ඔබේ දරුවන් නරක් කරන්න ඉඩ තියෙනවා.

ඔබේ දරුවන්ට මෙය සිදුවීමෙන් වළක්වා ගන්න ඉවසිලිවන්ත ජීවිතයක් ලබා ගන්න උත්සාහ කරන්න.

ඔබේ  දරුවාට ස්මාර්ට් ෆෝන් සමග සෙල්ලම් කිරීමට ඉඩදෙනවා වෙනුවට  දරුවන්ට බොහෝ ඉවසීම අවශ්‍ය වන ක්‍රීඩා ඔබට තෝරා ගන්න පුළුවන්.

ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵල ලබාගන්න ඔබේ දරුවාට ඉවසීම ඉගෙන ගැනීමත් බලාසිටීමටත් සිදුවෙන නිසා වගාකිරීම වැනි ක්‍රියාකාරකම් සුදුසු වෙනවා

ඉවසීමෙන් ලැබෙන සැනසීම ඔබේ පුංචි පැටියාටත් ලගා කර දෙන්න. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන්ට ඉවසීම ඉවසීමෙන් පුරුදු කරන්න ක්‍රම පහක්
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it