නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

නිරුවත් නොවී ඔබේ ස්වාමියා සොඳුරු එක්වීමකට පොළඹවාගන්නේ මෙහෙමයි

දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.

යුග දිවියේ නවතාවය ගිලිහී යත්ම, සියුම් අනුරාගයකින් එයට නව පණක් දීම ඔබ හිතන තරම් අමාරු කාරියක් නෙවෙයි. ඔබට අනුරාගික හැඟීම් පහළ වුවත් ඔබේ ස්වාමියා ඊට සුදානම් නැතිනම්, නිරුවත් නොවී ආදරය කරන්න ඔබට පුළුවන්.

ඔහුට ඔබේ හැඟීම් පවසන්නට ඔබ පැකිලෙනවා නම් පුංචි, අහිංසක ක්‍රියාකාරකම් තුළින් පුළුවන් ඔහුවත් ඊට පොළඹවා ගන්න.  මේ තියෙන්නේ ප්‍රේමයේ ගිනිදැල් සීරුවෙන් අවුළුවාගත හැකි ක්‍රම කිහිපයක්.

නිරුවත් නොවී ආදරය කරන්න පුළුවන් විධික්‍රම 5ක්
1. අනුරාගික නිදි ඇඳුම් සහ යට ඇඳුම් මිලදී ගන්නට යන විට ඔහුත් කැටුව යන්න.

මෙම ඇඳුම් ඔහු ඉදිරියේ ඇඳ බලන්නට උවමනා නැහැ. දැකුම්කලු අනුරාගී ඇඳුමක් දෙකක් නිකන් අංග උඩින් තියා ඔහුත් සමග එහි හැඩ බැලුවත් ඇති.

මෙම අත්දැකීම ඔහු කුල්මත් කරනවා මෙන්ම, ඔබේ දුරස්ථ බව අඩු කරන්නටත් උපකාර වනවා.

2. නිරුවත් නොවී ආදරය කරන්න: නිතර ඔහු සිපගන්න

කවුද අකමැති ආදරය ලබන්න. දවස පුරා හැකි හැම විටකම ඔහු සිපගන්න. ඔහුව පිරිමදින්න. ඔබට ඔහු කෙතරම් විශේෂදැයි, කෙතරම් අවශ්‍යදැයි නිතර ඒත්තු ගන්වන්න.

නිවැරදි වෙලාවට ඔහු වෙත දෙන නිවැරදි ආදර පිරිමදිමකට ඇති ආකර්ශනීය බලය ගැන ඔබ නොදන්නවා විය හැකියි.

ඉවසිල්ලෙන් සිටින්න. ඔහු නොදැනුවත්වම ඔබ වෙත ඇදී ඒවි.  

3. නිවසේදී පවා දැකුම්කලුව, ප්‍රියමනාපව හැඩවී සිටින්න

ගෙතුළ සිටිනා විට පවා පිරිසිඳුව, සුවඳවත්ව, ප්‍රබෝධමත්ව හා ප්‍රියමනාපව සිටින්න. කවුද අකමැති එහෙම සුවන්දකට, ලස්සනකට ලං වන්න.

4. ඔහුට අනපේක්ෂිත ලෙස ප්‍රේමනීය කෙටි පණිවුඩ අරින්න

යුග දිවිය ගෙවී යත්ම ප්‍රේමය අඩපන වන්නට ඉඩ හරින්න එපා. ඔහුගේ ගුණ කියා අනපේක්ෂිත කෙටි පණිවුඩයක් අරින්න.

ඔබ දඟ මල්ලක් නම් ඔහුට අනපේක්ෂිත පණිවුඩයක් යවා ‘අද ඔබට surprise එකක් ලැබෙනවා’ කියා ඔහු අවුස්සා තබන්න.

5. නිරුවත් නොවී ආදරය කරන්න: ඔහුට විශේෂත්වයෙන් සලකන්න

ස්වාමිපුරුෂයන් ඇතැම් විට දරුවන් වගෙයි. බොහොම කැමතියි ටිකක් විශේෂ කොට සලකනවා නම්.

ඉතින් ඔබට පුළුවන් ඔහු කැමතිම කෑමක් හදන්න. නැත්නම් ඔහුට සම්භාහනයක් දෙන්න.

ඉතින් විවාහයේ අනුරාගයේ සම්පුර්ණ වගකීම ඔබ අතේ නූනත් ඔහු කෙතරම් වටිනවාද කියා නිතර ඔහුට මතක් කර දීමෙන්, ඔහුට නිතර ඔබේ ආදරය ප්‍රකාශ කිරීමෙන් ඔබට කිසිඳු අඩුපාඩුවක් වන්නේ නැහැ.

වුනොත් වන්නේ ඔහු තව තවත් ඔබ හා ආදරයෙන් වෙලීම පමණයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
 
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.