ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

ඉංග්‍රීසි හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද

දරුවාට ඉංග්‍රීසි අකුරු ලියන්නට ඉගැන්වීම මේ නිර්මාණශීලී ආකාර 5 භාවිතා කර උගන්වන්න. අකුරු ලිවීම දරුවාට විනෝදාත්මක අභ්‍යාසයක් වේවි!

දරුවාට ඉංග්‍රීසි හෝඩිය ලිවීම අභියෝගයක් වෙලාද?

ඉංග්‍රීසි හෝඩිය

මෙම ඉතා සරල නමුත් ඵලදායී ක්‍රමවේද උපයෝගී කරගෙන ඔබේ දරුවාට පහසුවෙන්ම ඉංග්‍රීසි හෝඩිය් ලිවීමට උගන්වන්න පුළුවන්

ඔබේ පෙරපාසැල් දරුවාට මේ විධියට ඉංග්‍රීසි හෝඩිය ලිවීම (English Alphabet) උගන්වමු

හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද?

මෙම ඉතා සරල නමුත් ඵලදායී ක්‍රමවේද උපයෝගී කරගෙන ඔබේ දරුවාට පහසුවෙන්ම ඉංග්‍රීසි හෝඩිය් ලිවීමට උගන්වන්න පුළුවන්

ඉංග්‍රීසි හෝඩිය ලියන්නට දරුවාට උගන්වන්නේ මෙහෙමයි

මෙම විනෝදජනක හා සරල ක්‍රමය සමඟ හෝඩිය ලිවීමට ඔබේ දරුවාට උගන්වන්න!

“A, B, C, D, E, F, G… Now I know my ABCs…”

ඇල්ෆබෙට් ගීතය ලොව පුරා ළමයින් අතර වඩාත් ජනප්‍රිය ගීතයක්  වන අතර බොහෝ විට මේ ගීය ඔවුන් ගායනා කිරීමට ඉගෙන ගන්නා පළමු ගීතවලින් එකක් විය හැකිය.

මෙම ගීතය ගායනා කරන ආකාරය ඔබේ දරුවාට ඉගැන්වීම සාමාන්‍යයෙන් තරමක් සරල ය. නමුත් ඔබ දැන් සිටිනා අවධිය දරුවාට ගීය අසන්නට හෝ ගයන්නට පමණක් නොව දරුවාට හෝඩිය ලියන්නට උගන්වන අවධියේ වන්නට පුළුවන්. ඉතින් මේ අවධියේ ඔබේ දරුවාට හෝඩිය ලිවීමට උගන්වන්නේ කොහොමද?

හෝඩිය ලිවීමට ඉගෙනීම ඔබේ දරුවාගේ ඉගෙනීමේ ගමනේ පළමු පියවරවලින් එකකි. බොහෝ විට දෙමව්පියන් කරන්නේ අත් අකුරු/හෝඩියේ වැඩපොතක් මිලට ගෙන තම දරුවාට එහි ඇති අභ්‍යාස, පිටුවෙන් පිටුව කරගෙන යාමයි.

මෙම ක්‍රමය සමහර විට සාර්ථක වන නමුත් බොහෝ දිගු කාලීනව මෙය කිරීමට දරුවාගේ උනන්දුව අඩුවිය හැක්කේ එහි ඇති ඒකාකාරි හා උදාසීන් බව නිසා වන්නට පිළිවෙන. එවිට දරුවා කම්මැලි වන අතර දෙමව්පියන්ද ඒ ගැන කලකිරීමට පත්වේ.

රැල්ලට අනුව සම්ප්‍රදාය අනුගමනය කරනවා වෙනුවට, වෙනස් ආකාරයෙන් දරුවාට ඉංග්‍රීසි  හෝඩිය ලිවීමට ඉගැන්වීම උත්සාහ කර බලමුද? මෙලෙස ඔබේ දරුවාට විනෝදජනක ලෙස හෝඩිය ඉගෙනගනීමට අනුබල දිය යුත්තේ ඇයි?

ඉතින් මේ කර්තවය ඔබට ආරම්භ කිරීමට උදව් කිරීම සඳහා, අපි ඔබේ දරුවාට හෝඩිය ලිවිය යුතු ආකාරය ඉගැන්වීමේ විනෝදජනක, සරල හා ඵලදායී ක්‍රමයක් ගෙන එමු.

හෝඩිය විනෝදයෙන් හා උත්තේජනය වන අයුරින් ලිවීමට ඔබේ දරුවාට උගන්වන්න!

ඇනාට අනුව, ඔබේ දරුවාට හෝඩිය ලිවීමට ඉගැන්විය හැකි හොඳම ක්‍රමය වන්නේ විනෝදජනක ක්‍රියාකාරකම් රාශියක් සහිතව සරල ලෙස ආරම්භ කිරීමයි, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් අභියෝගය වැඩි කරන්න පුළුවන්.

ඔබේ දරුවාට ලිපි පිටු ගණන් අකුරු ලිවීම මගින් පමණක් හෝඩිය හුරු කිරීම මෙම අභ්‍යාසය තුළ අනවශ්‍ය වනු ඇත.

ඉතින්, ඉංග්‍රීසි හෝඩිය ලිවීම සඳහා ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරෙන් පියවර උපදෙස් මෙන්න:

පියවර 1

ලොකු කඩදාසි කොළයක විශාළ A අකුරක් ලියන්න. මේ අකුර A අකුරෙන් පටන්ගන්න දේවල් වලින් පුරවන්න කියා පොඩ්ඩාට කියන්න.

නිදසුනක් ලෙස A: Alphabet ස්ටිකර්; B: Buttons (බොත්තම්); C: (cotton balls) කපු පුළුන් බෝල; D: dominoes ඩොමිනෝස්; E: Eggshells (බිත්තර කටු); F: Feathers (පිහාටු).

ඉංග්‍රීසි හෝඩිය ලිවීම

Theamasuredmom.com වෙතින් ලබාගත් මෙම රූපයේ W අකුර තිරිඟු වලින් පුරවා ඇත.

පියවර 2 ඉංග්‍රීසි හෝඩිය ලිවීම

ඔබේ දරුවා ගෙදර තිබෙන ගෘහස්ථ වස්තූන් හෝ සෙල්ලම් බඩු වලින් අකුරක් සාදන්නට කියන්න. ‘S’ හෝ ‘C’ වැනි ‘වක්‍ර අකුරු’ කරා යාමට පෙර ‘A’ හෝ ‘L’ වැනි සරල රේඛා සහිත අකුරු වලින් ආරම්භ කිරීම දරුවාට වඩාත් පහසු වෙවි.

ගෙදර රදොරේ ගෘහස්ථ අයිතම ගිනි කූරු, දන්තාලේප, ඉරටු ආදියෙන් සෘජු අකුරු සෑදිය හැකිය.

අනෙක් අතට, ‘වක්‍ර’ අකුරු සෑදීමට ඔබේ දරුවාට භාවිතා කළ හැකි අයිතම අතර පිසින ලද ස්පැගටි, ප්ලේ ඩෝ, රිබන්, නූල්, සපත්තු පටි ඇතුළත් වේ.

teach your child to write the alphabet

Theamasuredmom.com හි මෙම රූපයේ දැක්වෙන්නේ ‘X’ අකුර ඉරටු වලින් සාදා ඇති ආකාරයයි.

පියවර 3 ඉංග්‍රීසි හෝඩිය ලිවීම

බොත්තම්, ගල් කැට හෝ ධාන්ය වැනි කුඩා වස්තූන් වලින් අකුරු සෑදීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.

ඉංග්‍රීසි හෝඩිය ලිවීම

මෙම රූපයේ, ‘K’ අකුර කුඩා වීදුරු ‘ගල්’ වලින් සාදා ඇත. රූපය: Theamasuredmom.com වෙතින් රූපය

පියවර 4

ඔබේ ඇඟිල්ලෙන් අකුරක් ලිවීමට (සරල එකක් තෝරන්න) ඔබේ දරුවා දිරිමත් කරන්න. පැතලි ලී පෙට්ටියක ලුණු, පිටි හෝ පාට වැලි භාවිතා කර මෙසේ ලිවිය හැකිය.

මෙන්න තවත් සුපිරි විනෝදජනක අදහස් කිහිපයක්: විප් ක්‍රීම්, ඇපල් සෝස්, පුඩිං (ඔවුන් ඇඟිලි ලෙවකමින් වුවත් මෙය කරන්නට උනන්දු වේවි!).

ඉංග්‍රීසි හෝඩිය ලිවීම

ඔබේ දරුවාට අකුරු ලිවීමට උපකාර කිරීම සඳහා වර්ණ වැලි වැනි ද්‍රව්‍යයක් භාවිතා කරන්න. රූපය: Theamasuredmom.com

පියවර 5

දැන් ඉතින් ඔබේ දරුවා සැබෑවටම කොළයක අකුරු ලිවීමට කාලය පැමිණ තිබේ. ඔබේ දරුවාට හෝඩිය ලිවීමට ඉගැන්වීම සඳහා සියලු ප්‍රමාණවල අකුරු බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න.

ඉංග්‍රීසි හෝඩිය ලිවීම

විවිධ ප්‍රමාණවලින් අකුරු ලිවීමට පුරුදු වීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. රූපය:

 

ඉංග්‍රීසි හෝඩිය ලිවීම ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ තවත් උපදෙස්.

  • ඔබ හෝඩියේ අනුපිළිවෙල අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. සරල අකුරු වලින් ආරම්භ කර වඩාත් අභියෝගාත්මක අකුරු දක්වා ඉදිරියට යන්න පුළුවන්. මෙම අනුක්‍රමය උත්සාහ කරන්න: E, F, H, I, L, T, V, W, X, K, M, N, Y, A, Z, C, O, G, Q, B, D, J, P, U, R, S (මුලාශ්‍රය:  .
  • බලි ඇඳීම ක්‍රම මෙන්ම කතුරෙන් කැපීම ආදිය (මොට දාර සහිත ඒවා) සහ ක්ලේ සහ වෙනත් කුඩා අයිතම හැසිරවීම (මූලාශ්‍රය: Source: www.parents.com).
ඉංග්‍රීසි හෝඩිය ලිවීම 2

බලි ඇඳීම යනු ඔබේ දරුවාගේ දෑතින් මාංශ පේශි පාලනය කිරීම සඳහා හොඳ ක්‍රමයක් වන අතර එමඟින් පැන්සලක් පෑනක් නිසි ලෙස හසුරුවන්නට අවශ්‍ය ශක්තිය මාංශ පේෂි වලට ලබා දේ.

  • ඔබේ දරුවාට සියළුම ලිවීමේ කටයුතු සඳහා ඔහුට/ඇයට නිසි ඉරියව්වෙන් ලිවීම පහසු කරවන මේසයක් හා පුටුවක් ලබා දෙන්න. 
  • ඔබේ කුඩා ලේඛකයාට අකුරු ලිවීමේ ආශ්වාදය ලබා දෙන්න. එවිට ඔබට අකරු ලිවිය යුතු ආකාරය ඔබේ දරුවාට ඉගැන්වීමට තීරණය කළ විට ඔහුට අකුරු වල හැඩය කටපාඩම් කර හඳුනාගත හැකිය. උදාහරණයක් ලෙස, හෝඩියේ කොටස්, ප්‍රහේලිකා සහ පොත්. 

දෙමව්පියෙනි, ඔබ ඔබේ දරුවාට හෝඩිය ලිවීමට ඉගැන්වූයේ කොහොමද? ඔබ භාවිතා කළ ක්‍රමවේදය ගැන දැනගැනීමට අපිත් කැමතියි. එබැවින් අපට පහත අදහස් දැක්වීමක් කර ඒ ගැන අපට කියන්න!

මූලාශ්‍ර:

www. handsonhomeschooler.com

www.parents.com

http://www.themeasuredmom.com/

Written by

Niloufer Perera