theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

4 අවම කියවීම
අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

ඔබේ දරුවට සොබා දහම ගැන කියලා දෙන්න අපූරු සෙල්ලම් බඩු 5 ක් හදලා බලන්න.

ඉස්සර කාලේ සෙල්ලම් බඩු වගේ නෙමෙයි දැන් කාලේ ඒවා ස්වභාව ධර්මයා එක්ක එතරම් සම්බන්ධ වන සෙල්ලම් බඩු නෙවෙයි.

ඒත් කොයිතරම් තාක්ෂණය දියුණු වුනත් සොබා දහමේ සුන්දරත්වයෙන් අපිට ඈත්වෙන්න අමාරුයි. පුංචි පැටවුන්ට යන්තම්  පාට පේන්න පටන් ගනිද්දිම ඔවුන් ගහ කොළ,  සුළඟ සමග කතා කරනවා.

අතු ඉති මල් තාලෙට නටන හැටි හරි අපූරුවට අහනවා, බලනවා. ඔවුන් එයින් කොයිතරම් විනෝදයක් ලබනවද කියලා ඒගොල්ලන්ගේ පුංචි පුංචි ඉඟි වලින් පේනවා.

ගහක අත්තක් සෙලවෙන තාලය කිරි කැටියෙකුට මහා බර සින්දුවක පදවැලක් වගේ.

එයා ඒ රසය විඳින්නේ හරියට අම්මගේ කිරි සුවඳ දිගේ එන සංගීතයක මිහිරි පද වැලක් වගේ.

එතරම් සොබාදහම අපුරුයි. ඉතින් ටිකෙන් ටික මේ පැටව් ලොකු වෙනකොට අපි ඒගොල්ලන්ට සොබාදහම ළංකළ යුතුමයි.

සොබාදහමෙන් අපට ඉගෙනගන්න තියෙන පාඩම් අප්‍රමාණයි.

ලෝකේ පුරාම දරුවන්ට දැන් වෛවාරණ සෙල්ලම් බඩු ලැබෙනවා. ඒත් ඒවා කොයිතරම් අපේ ජිවිත එක්ක බද්ධ වෙනවද කියලා ඔබවත් මමවත් දන්නේ නෑ.

නමුත් හොඳට හිතලා බලන්න මේ යන එන සෙල්ලම් බඩු අතරේ එදා අපි සෙල්ලම් කරපු සෙල්ලම් බඩු අද අපේ දරුවන් එක්ක බෙදාගන්න ඇයි අපිට බැරි.

ඒ සුන්දරත්වය ඔවුන්ටත් විඳින්න දෙන්න ඇත්නම් කොයිතරම් සුන්දරද?

පරිසරය හා ඉස්සර කාලේ සෙල්ලම් බඩු අතර සම්බන්ධය

පොල්කොළ නයා, කුරුම්බැට්ටි මැෂිම, පොල්පිති හරකා, කොස්කොළ ඔටුන්න, රූං පෙත්ත. ඔය වගේ කොයිතරම් නම් සෙල්ලම් බඩු ගොඩක් ද?

ඉස්සර දරුවෝ සෙල්ලමට උවමනා දේ සොයාගත්තේ පරිසරයෙන්. රස කතාවක රජතුමාගේ ඔටුන්න හැදුවේ කොස්කොළ ටිකක් එකතු කරලයි.

බිසවගේ මාලේ හැදුවේ මඤ්ඤේක්කා කොළ වලින්. ඒත් අද දරුවෝ සෙල්ලමට ඉස්සෙල්ලා හිතන්න වෙලා තියෙන්නේ සෙල්ලම් බඩුව ගැනයි.

ඉස්සර කාලේ සෙල්ලම් බඩු වලින් දරුවන් තුළ ගුණ දම් පෝෂණය වුනේ මෙහෙමයි

ඉතින් හොදින් හිතලා බැලුවොත් ඔවුන්ට හිතන්න හරි කල්පනා කරන්න හරි සිමාවන් අපිම හදලා දීලා ඉවරයි.

යහමින් සෙල්ලම් බඩු  නොතිබුණ අතීතයේ ඉරිසියාව, තරගය දරුවන් අතර තිබුණේ නෑ.

හැම දරුවම රජ වුණා. ඇයි හැම දරුවම කොස්කොළ තොප්පියක් හදාගත්තා. හැමෝම බිසෝවරු වුණා.

එකට ඉස්තරම්ම සෙල්ලම් බඩු ඉල්ලා කෑගහන්න, අඩි පොළවේ හප්පන්න දරුවෝ පුරුදු වුනේ නෑ. වෙනස ඒකයි.

දරුවන්ට අපි උගන්වන්න උවමනා ඒකමයි. අපිට ආයෙ ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න අපේ පරිසරයෙන්ම පුළුවන්.

ඉන් දරුවන්ගේ ආතතිය, නොඋවමනා තරගකාරිත්වය, ඉරිසියාව, ආත්මාර්ථය හැමදේම නැති වෙනවා. කවුරුත් කාටත් වඩා ඉස්මතු වෙනවට වඩා සහයෝගය ඉගෙන ගන්නවා.

පොඩ්ඩක් හිතලා බලන්න  කොස්කොළ ඔටුන්නක් හැදුවොත් එහි පාට, වටිනාකම හැමදේම එකයි. ඉතින් හැමෝම පුංචි මනස ක්‍රියාත්මක කරලා තමන්ටම කියලා ඔටුන්නක් හදාගන්නවා.

ඕක කැඩෙනවා, වැටෙනවා අන්තිමට කඩලා කඩලා දාලා හිනාවෙනවා. සොබාදහම සමගම වැඩෙන දරුවන්ගේ වෙනස ඒකයි. එකෙන් දරුවෝ ජිවිතයේ යථාර්තය ඉගෙන ගන්නවා.

ඉතින් අපේ දරුවන්ටත් සොබා දහමට ආදරය කරන්න ඉස්සර කාලේ සෙල්ලම් බඩු ටික අළුත් කාලයේ ගෙදරට ගෙනෙමු.

1. කොස්කොළ තොප්පිය

ඉස්සර කාලේ සෙල්ලම් බඩු

කොස්කොළ කිහිපයක් , ඉරටු කෑලි ටිකක්.
කොළෙන් කොළේ තියලා ඔලුවේ වට රවුමට අනුව ඉරටු කෑලි අල්පෙනිති වගේ රඳවා ගන්න. ඉන් පස්සේ ඉස්සරහට ඔටුන්න වගේ හිටින්න තවත් කොළයක් සවිකරනවා.

කොහොමද රජ ඔටුන්නේ අපූරුව. දවසකට පැයක් විතර රජ වෙන්න අපූරුයි.  

2. කුරුම්බැට්ටි මැෂිම

machine-collage

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පුතාලට දුවලට ඇඳුම් මහන්න ඕනේ වෙලාද ?
කුරුම්බැට්ටියක්, දිග අමු ඉරටු 3 ක් හා කෝටු කෑල්ලක් සොයාගන්න.
කුරුම්බැට්ටියේ උඩු පියන වගේ කොටස ගලවලා දාන්න. ඊට පස්සේ හිස කොටස මැදට ඉරටු කෑලි දෙකක් උඩු අතට රඳව ගන්න.

දැන් ආච් එකක් වගේ ඉරටු දෙකක් මෙහෙම නමලා දෙපැත්තටම රඳව ගන්න. ඉතිරි ඉරටු කෑල්ල හරි මැදින් ගහන්න. ඊට පස්සේ කෝටු කෑල්ලක මෙන්න මෙහෙම රඳවාගන්න.

ටිකි...ටිකි...ටිකි...  හයියෙන් කරකවන්න. රෙදි ටික ඉක්මනට මහගන්න.

3. කොළපොතෙන් සවාරියක්

මේකට ඕනේ ඉදුණ පුවක් අත්තක් විතරයි.
ඊට පස්සේ පුවක් අත්තේ කොළ ටික අයින් කරනවා. යාලුවෝ දෙන්නෙකුට විතර කොළය සුද්ද කරපු පැත්තෙන්   අල්ලගන්නපුළුවන්.

දැන් තව යාළුවෙක් කොළපොතේ ඉඳගන්න.
පීප්...පීප්... ගමනක් යන්න.

4. රූං පෙත්ත

ඉස්සර කාලේ සෙල්ලම් බඩු

මේකට ඕනෙත් පොල් කොළයක් හා ඉරටුවක් විතරයි.

පොල් කොළය වැඩියෙන් මෝරපු නැති එකක් ගත්තත් ලේසි වෙනවා. ඉන් පස්සේ මෙන්න මෙහෙම නවාගන්න.

දැන් තවත් ඉරටුවකට අමුණලා. හෙලිකොප්ටර් එකක් වගේ කැරකෙන රූං පෙත්ත අරගෙන දුවන්න.

5. පුංචි දුට හැඩවෙන්න මාලයක්

necklace-collage

මේකට ඕනේ මඤ්ඤේක්කා කොළයක් විතරයි.

කොළයේ රතු පාට කොටස මෙන්න මෙහෙම සීරුවට නවමින් මාලයේ කරපටිය හදාගන්න.

ඊට පස්සේ පෙන්ඩන්ට් එක මෙන්න මෙහෙම හදනවා. බලන්නකෝ හැඩ.

6. පොල්කොළ නයා

ඉස්සර කාලේ සෙල්ලම් බඩු

පොල් කොළයක් අරගෙන තීරු දෙකට ඉරලා ගොතාගත්තහම නයෙක් වගේ හදාගන්න හරි ලේසියි. නයා ගමන් බිමන් යන විදිහට හැඩකරලා බඩගාගෙන යන හැටි පුතාට දුවට පෙන්වන්න ඔබට පුළුවන්.

දැන් බලන්න අපේ පුංචි පැටව්න්ගේ මුහුණේ සිරවෙලා තිබුණ හිනාවල් වලට ලේ උණලා ඔවුන්ගේ ශරීරය කොයිතරම් සැහැල්ලු වෙනවද? මේක ඔබේ වගකීමක්.

ඔවුන්ව සතුටෙන් තියන්න ඒකට සල්ලිම හොයන්න ඕනේ නෑ. මේ අහිංසක සතුට ඔවුන් එක්ක විඳින්න.

නිවාඩුවක් තියෙන වෙලාවක ගස් කොළන් සමග කතා කරන්න දරුවන්ට කියා දෙන්න.

එයින් ඔවුන් සංවේදී නිර්මාණශීලි දරුවන් වේවි. අන් අයට දැනෙන දුක සතුට ඔවුන් හඳුනාගනීවී.  ආදරය කරන්න, විඳින්න ඔවුන්ට අමුතුවෙන් කියාදෙන්න උවමනා නැති වේවි.

එතකොට අපේ රටේ දික්කසාද, මිනීමැරුම්, මහළු නිවාස මේ හැමදේම අඩු කරන්න අඩිතාලම වැටේවි.

මොකද සංවේදී බව, නිර්මාණශිලිත්වය, අන් අයව අවබෝධ කර ගැනීම, පරාර්ථය මේ හැමදේම නැති තැන කඳුලක සිනහවක උණුසුම ඔවුන්ට තෝරා ගන්න බැරි වෙනවා.

පුංචි පැටියට ලෝකය ගැන කියාදෙන්න අත් පටලවගෙන පුංචි වෙලාවක් ගහ කොළ යට හුස්මක් ගන්න ඉඩක් සොයාගන්න.

මේ අතීතයේ පාඩම theAsianparent Sri Lanka  අපේ ආදරණිය දෙමාපියන්ටයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?
බෙදාගන්න :
  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

    දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it