theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

6 අවම කියවීම
කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

යෝනියත් අප වාගේම කෙනාගෙන් කෙනාට වෙනස් වනවා. මූලික ලෙස යෝනි වර්ග 5ක් තිබෙනවා. ඔබේ යෝනිය මින් කොයි වර්ගයට අය්ත්දැයි බලාගන්න පුළුවන්

කාන්තාවෙනි! ඔබේ යෝනි මාර්ගය ගැන ඔබ ඇත්ත වශයෙන්ම ඔබ කොතරම් දුරට දන්නවාද? නිදසුනක් වශයෙන්, එය ස්වයංව පිරිසිඳු වන බව ඔබ දැන සිටියාද? නැත්නම් යෝනි වර්ග විවිධාකාර බව?

ඔව් ඒක නිවැරදියි! අපගේ යෝනියත් අප වගේමයි. එය අද්විතීය වන අතර යෝනි දෙකක් එක හා සමාන වන්නේ නැහැ.

මූලික වශයෙන් යෝනි වර්ග පහක් ඇති බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වන්නට පුළුවන්!

ඔහොම ඉන්න .. මොකක්? අපි දන්නවා. බොරු නම් හොඳින් බලන්න. ඔබේ යෝනිය පරීක්ෂා කරන්න!

යෝනි වර්ග

ඔබ සතුව ඇත්තේ කුමන වර්ගයේ යෝනියක්ද?…

යෝනි වර්ග පහක්: මේවා වෙන්කොට හඳුනාගන්නේ කෙසේද?

මෙල් යනු හිටපු බිකිනි ප්‍රදේශය වැක්ස් කල කෙනෙකි.  ඇය සිය වෘත්තිය කාලය තුළ යෝනි සිය ගණනක් දැක ඇති අතර සමස්ත යෝනි හැඩයන් පහක් ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඇය පවසන්නේ “සියලුම කාන්තාවන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් මින් එක් ඛාන්ඩයකට අයිති වන මුත් එය සියයට සියයක් සමාන නොවන බවයි” මෙය විශේෂ ගණිතමය රීතියක් නෙවෙයි. මෙය අපගේ මිතුරන්ගෙන් හා සමාජයෙන් අප විසින් තබා ගන්නා මෙම අමුතු “රහසක්” [අපගේ යෝනියේ පෙනුම] තේරුම් ගැනීමට කාන්තාවන්ට උපකාර කිරීමක් සඳහා පමණයි. – මෙල්

මෙල් විසින් නම් කරන ලද යෝනි වර්ග පහ: බාර්බි නෝනා(Ms. Barbie), බිම්බුනු නෝනා (Ms. Puffs), තිර රෙදි නෝනා (Ms. Curtains),  ලාඩම් නෝනා (Ms. Horseshoe), ටියුලිප් නෝනා (Ms. Tulip)

කෙසේ වෙතත්, යෝනි හැඩවලට ඈ යෙදූ විනෝදජනක නම් සමස්තයක් ලෙස බාහිර පෙනුම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා (යෝනි විවරය වටා ඇති යෝනි තොල්) මිස සැබෑ යෝනි මාර්ගය නොවේ. ඒවාට ලැබියා මජෝරා (labia majora) (පිටත තොල්) සහ ලැබියා මිනෝරා (labia minora) (කුඩා අභ්‍යන්තර තොල්) ඇතුළත් වේ.

Five Types of Vaginas: Which One Do You Have? යෝනි වර්ග පහක්: ඔබ සතුව ඇත්තේ කුමන එකද?

1.  බාර්බි නෝනා (Ms. Barbie) යෝනි වර්ගය

යෝනි වර්ග

TheAsianparent විසින් නිදර්ශනය

පිම්බුණ නෝනා බාබී නෝනාට සමාන ය. යෝනි මාර්ගයේ තොල් යටි අස්ථිය මත තැන්පත්ව සිටී. ලාබියා මිනෝරා තවමත් ලාබියා මජෝරා තුළ නොපෙනී ඇති අතර තොල් “පිරී හෝ පිම්බී ගොස් හෝ සිහින් සහ ලිහිල් විය හැකිය”.

කාන්තාවෙනි, ඔබේ යෝනි තොල් එල්ලෙන ආකාරය ගැන ඔබ කල්පනා කරන්නේ නම්, එයට ඔබේ වයස හෝ බර සමඟ එතරම් සම්බන්ධයක් නැත. එබැවින් ඔබට ඒ ගැන ඔබට තිබූ මානසික ආතතියට දැන් තිත තබන්නට පුළුවන්.

2. පිම්බුනු නෝනා (Ms. Puffs) යෝනි වර්ගය

යෝනි වර්ග

TheAsianparent විසින් නිදර්ශනය

පිම්බුණ නෝනා බාබී නෝනාට සමාන ය. යෝනි මාර්ගයේ තොල් යටි අස්ථිය මත තැන්පත්ව සිටී. ලාබියා මිනෝරා තවමත් ලාබියා මජෝරා තුළ නොපෙනී ඇති අතර තොල් “පිරී හෝ පිම්බී ගොස් හෝ සිහින් සහ ලිහිල් විය හැකිය”.

කාන්තාවෙනි, ඔබේ යෝනි තොල් එල්ලෙන ආකාරය ගැන ඔබ කල්පනා කරන්නේ නම්, එයට ඔබේ වයස හෝ බර සමඟ එතරම් සම්බන්ධයක් නැත. එබැවින් ඔබට ඒ ගැන ඔබට තිබූ මානසික ආතතියට දැන් තිත තබන්නට පුළුවන්.

3. තිර රෙදි නෝනා (Ms. Curtains) යෝනි වර්ගය

types of vaginas

TheAsianparent විසින් නිදර්ශනය

තිර රෙදි යනු මෙල් වැඩිපුරම බොහෝ කාන්තාවන්ගේ දුටු යෝනි වර්ගයයි. ලැබියා මිනෝරා ලැබියා මජෝරා ප්‍රසරණය වී පිටතට නෙරා ඇවිත් එබී බලන ආකාරයක් ගනී .

මෙම බහුලව දක්නට ලැබෙන යෝනි මාර්ගය මුළුමනින්ම සමමිතික නොවිය හැකි අතර වෙනත් වර්ගවල දක්නට ලැබෙන ලක්ෂණ ද ඇත.

4. ලාඩම් නෝනා (Ms. Horseshoe) යෝනි වර්ගය

types of vaginas

TheAsianparent විසින් නිදර්ශනය

ලාඩම් නෝනා යෝනි වර්ගය ඇති කාන්තාවන්ට යෝනි විවරයක් ඇති අතර එය ඉහළින් පුළුල් ලෙස පෙනේ. එහිදී ලාබියා මිනෝරා තරමක් ලිහිල් වන අතර පෙන්නට තිබේ. නමුත් ලැබියා මජෝරා පතුලේ වැසී යන්නේ ලාබියා මිනෝරා පහතින් විහිදීම වැළැක්වීම සඳහා වන අතර එය අශ්ව ලාඩම් හැඩයට සමාන වේ.

5. . ටියුලිප් නෝනා (Ms. Tulip) යෝනි වර්ගය

types of vaginas

TheAsianparent විසින් නිදර්ශනය

නමෙන් කියවෙන පරිදිම ටියුලිප් නෝනා පිපීමට ආසන්න මලකට සමාන ය. ලැබියා මජෝරා හි මුළු දිග පුරාවටම ලාබියා මිනෝරා තරමක් නිරාවරණය වී ඇත.

ටියුලිප් නෝනා සහ තිර රෙදි නෝනා අතර ඇති වෙනස කුමක්ද? ටියුලිප්ස් නෝනාගේ අභ්‍යන්තර තොල් දෙකම නිරාවරණය වී ඇති නමුත් එකට සම්බන්ඩ්ද වී ඇත – තිර ඩරෙදි නෝනා වඩා පිළිවෙලට හා ඇලවූනු අනුවාදයකි.

විවිධ යෝනි වර්ග:

ඉතින් කාන්තාවන්ට තමන්ගේ විශේෂ කාන්තා අවයවය ගැන ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. 

සෑම යෝනියක්ම කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වනවා. ඒවා නොයෙක් හැඩතල සහ ප්‍රමාණ වලින් යුටක්ත වනවා. ඔබ වඩාත්ම කැමති මොන වර්ගයේ යෝනියකටද කියා ඔබට තීරණය කරන්නට බැහැ, උපතෙන් ලැබෙන දේ බාරගන්නවා හැරෙන්නට. “නමුත් ඉතින් කාන්තා යෝනිය අනෙකුත් කාන්තා යෝනි සමඟ සමානාත්මතාවකුත් පෙන්වනවා”  මෙල් පැවසුවා.

“ඔබ තවමත් ඔබට සමානම යෝනිය ඇත්තේ කවුදැයි මුණ ගැසී නැති වුවත්, එහෙම කෙනෙක් නැතැයි කියා ඉන් අදහස් කරන්නටත් බැහැ.”

ඇරත්, ඔබේ යෝනි මාර්ගය පරිපූර්ණයි. ඇය හාස්‍යජනක හැඟීමකින් යුතුව මෙසේ පැවසුවාය: “එය හරියට තිර රෙද්දක් වගේ. ඔබේ නිවසේ කැත තිර තිබුණ පලියට ඔබේ නිවසත් එක්ක ඔබ වෛර බඳින්නේ නැහැනේ. ”

යෝනිය පිළිබඳ සංවාදය “සාමාන්‍ය තත්වයට” පත්විය හැකි අතර සමස්ත ස්ත්‍රී සෞඛ්‍යය පිළිබඳ සෞඛ්‍ය සම්පන්න සාකච්ඡාවක කොටසක් ලෙස විවෘතව කතාබහ කළ හැකි මාතෘකාවක් බවට පත්වේ යැයි මෙල් බලාපොරොත්තු වනවා.

ඔබේ යෝනිය ලස්සනට සහ සෞඛ්‍ය සම්පන්නව ලෙස තබාගන්නේ කෙසේද?

ස්වාභාවික ස්‍රාවයන් තුළින් යෝනි මාර්ගය පිරිසිදුව තබා ගැනීමට වස්වභාවිකවම සැලසුම් වී තිබෙනව බව ඔබ දැන සිටියාද? එපමණක් නොවේ ඇත්තවශයෙන් කියනවා නම් ඔබට කිසිදු ආකාරයක සබන් භාවිතා කිරීමට වත් අවශ්‍ය නැහැ.

ඔබට මුළින්ම කළ හැකි දේ:

  • යෝනිය පිරිසිඳුව තබා ගන්න.
  • සුවඳ සබන්, ජෙල් සහ විෂබීජ නාශක භාවිතා කිරීමෙන් වැළකී ස්වාභාවික PH සමතුලිතතාවයක් ඇති කර ගන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර විතරක් පරිභෝජනය කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීම කාන්තා ශරීරය ලස්සනට තබාගන්නට උපකාරී වේ! පලතුරු සහ එළවළු විශිෂ්ට වනවා.
  • ඔබේ ඔසප් කාලය තුළ, ඔබේ කාන්තා පුද්ගලික කොටස් දිනකට එක් වතාවකට වඩා සෝදන්න (සාමාන්‍ය ස්නානය කිරීමේ චර්‍යාව සුදුසුයි).
  • යෝනිය තුළට ආසේක (douches) ඇතුළු කිරීමෙන් වළකින්න. මේවා බොහෝ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකි බැවින් ඒවා වළක්වා ගන්න.
  • සුවඳ රසායනික ද්‍රව්‍ය අඩංගු ටිෂූ හෝ වෙනත් දියර වර්ග, ඩියෝඩ්‍රන්ට්ආදිය භාවිතා කිරීමෙන් වළකින්න. (එම ප්‍රදේශයෙන් අප්‍රසන්න ගඳක් වහනය වේනම් වෛද්‍යවරයා වෙත යොමු විය යුතුයි.)
  •  ඔබේ පුද්ගලික කාන්තා කොටස් වලට නිදහසේ ‘හුස්ම ගන්නට’ ඉඩ දෙන්න. හැකි සෑම විටම කපු යට ඇඳුම් භාවිතා කරන්න. පමණට වඩා තද යට ඇඳුම් වලින් වළකින්න.
  • සිසිල් පරිසරයක් ඉතා සුදුසු විය හැකියි. නිරුවතින් නිදාගැනීම හොඳ විකල්පයකි.

විනෝදජනක කාරණය: මෙය ලිංගිකව එක්වීමේදී ඔබේ යෝනි මාර්ගයේ pH මට්ටම ස්ථාවරව තබා ගැනීමට උපකාරී වනවා – එහි ඇති සියලුම හොඳ බැක්ටීරියා නිරෝගීව තැබිය හැකි බව PLoS One සඟරාවේ 2013 අධ්‍යයනයකට අනුව පැවසෙනවා.

  • බයිසිකලයේ යන විට ප්‍රවේශම් වන්න. නිතර නිතර බයිසිකල් පදින්නනි ලිංගික ප්‍රදේශයේ හිරිවැටීම, වේදනාව වැනි අවදානම් වලට මුහුණ දෙයි.
  • පමණට වඩා ප්‍රතිජීවක භාවිතා නොකරන්න.

ඉතින් දැන් කාන්තාඑව්නි, ඔබ විවිධ වර්ගයේ යෝනි පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී තිබෙනවා. නමුත් මතක තබාගන්න. ඔබට කුමන ආකාරයේ යෝනි මාර්ගයක් තිබුණත් ඔබ පුදුම සහගත ලෙස ලස්සනයි! ඔබට ඒ ගැන කුඩාවට හෝ සැකයක් ඇත්නම්, ඔබේ යෝනි මාර්ගයෙන් හුරුබුහුටි ජීවයෙක් මුදා හැරිය බව මතක් කරගන්න!

පින්තූර: Kylah Benes-Trapp

මූලාශ්‍ර: Elite Daily, NHS, Yahoo

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?
බෙදාගන්න :
  • කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

    කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

  • කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

    කිලෝ 82 ක සිරුර හැඩැති සිරුරක් කරගත් මවකගේ අපූරු අන්දරය

  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it