theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ විවාහය තුළ අනියම් සබඳතාවක් දළුලන බවට අනතුරු ඇඟවීම් 5ක්

6 අවම කියවීම
ඔබේ විවාහය තුළ අනියම් සබඳතාවක් දළුලන බවට අනතුරු ඇඟවීම් 5ක්ඔබේ විවාහය තුළ අනියම් සබඳතාවක් දළුලන බවට අනතුරු ඇඟවීම් 5ක්

අනියම් සබඳතාවක් කල්තියා හඳුනාගන්න විශේෂ දැනුමක් අවශ්‍ය නෑ. මේ ඉඟි 5 පිළිපැද කල්තියාම විවාහය රැකගන්නට පුළුවන්.

ඔබේ විවාහය තුළ සහකරුවා විශ්වාසනීය කෙනෙකු වන්නට පුළුවන්. නමුත් විශේෂඥයින් යෝජනා කරන්නේ සහකරුවෙකුට අයාලේ යෑමට හෝ අනියම් සබඳතා ඇතිකරගැනීමට මහා ලොකු පෙළඹවීමක් අවශ්‍ය නොවන බවයි.

වාසනාවට කරුණක් වන්නේ අනියම් සබඳතා වක් පැන නගින බවට අනතුරු ඇඟවීමේ සලකුණු තිබේදැයි දැන ගැනීමට ෂර්ලොක් හෝම්ස් වන්නට අවශ්‍ය නැති වීමයි.

ලන්ඩන්හි කාර්ය සාධන පුහුණුකරු ආචාර්ය ඇමී අයිවර්ස් පවසන්නේ ද්‍රෝහී සහකරුවෙකු සොයා ගැනීම එතරම් අපහසු නොවන බවයි.

ඇය පවසන්නේ නිශ්චිත අනතුරු ඇඟවීමේ සංඥා පවතින බවයි.

“ඔබේ සම්බන්ධතාවය ඉතා ශක්තිමත් යැයි ඔබ විශ්වාස කළත්, ඔබේ සහකරුට පෙළඹවීමක් දැනෙන දවසක් පැමිණෙනු ඇතැයි” ඇය Femail වෙත පැවසුවාය.

අනියම් සබඳතා ඉව කිරීමට විශේෂ හැකියාවක් කාන්තාවන් සතු වනවා

අයිවර්ස් පැහැදිලි කළේ, අවිශ්වාසවන්ත වීම එතාමත්ම එතරම් වේදනාකාරී විය හැකි අතර, සහකරු ගැන විශ්වාසය අධික වීම නිසා බිරිඳ හෝ සැමියා බොහෝ සංඥා වලට අන්ධව සිටින බවයි.

ඇය තව දුරටත් පැවසූයේ කාන්තාවක් ප්‍රේම සම්බන්ධයක් ගැන තමන්ටම අවංක නොවිය හැකි අතර, ඔවුන් බුද්ධිමත් බැවින් අනියම් සබඳතාවන් ගැන ඔවුන්ගේ සහජ බුද්ධිය නිසා ඉවෙන් මෙන් දැනෙන බවයි.

අනියම් සබඳතා

“යමක අමුත්තක් සිදුවූ විට අපට සහජයෙන්ම එය දැනෙනවා. අපට හයවන සංවේදයක් (sixth sense) තිබෙනවා.  අපගේ එම ගුණාංගය ගැන අප විශ්වාසය තැබිය යුතුයි,” ඇය daily පුවත්පතට පැවසුවාය.

එක් එක් සම්බන්ධතාවය වෙනස් විය හැකියි. නමුත් සම්බන්ධතාවයක් ඉදිරියට වර්ධනය වීමට තුඩු දෙන විවිධ දර්ශක තිබෙනවා.

“ඔබ බුද්ධිමත් නම්, ඔබ දැනුවත් නම්, මෙවන් අනියම් සබඳතාවක් ආරම්භ වීමට පෙරම පවා එය වළක්වා ගැනීමට හැකියාව ඔබ සත්‍ය් වනවා.”

ඇය පවසන ආකාරයට ඔබ කළ යුත්තේ, පහත ප්‍රශ්න පහක් පමණක් ඔබ ඔබෙන්ම ඇසීම පමණයි.

ඔබේ සහකරු ගැන ඔබ ඇත්තවශයෙන්ම කලබල විය යුතුද නැද්ද යන්න ගැන මේවාට ලැබෙන පිළිතුරු අනුව  ඔබට තීරණයකරන්නට පිළිවෙනි.

දළුලන අනියම් සබඳතා ගැන කියා පාන පිළිතුරු-පැන් 5ක්

1. මෙතුවක් කල් ඔහුගේ කලක්‍රියාව හා හැදියාවෙන් කියා පාන්නේ කුමක්ද?  අනියම් සබඳතා

දෙකඩ වුනු පවුල් වලින් පැමිණෙන දරුවන්, හැදෙන වැඩෙන විට ඔවුන්ගේ සහකරුවන්ට වංචා කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව 2015 වසරේ කල අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ හා සමානවම, කරදරකාරී ළමා වියක් ගෙවූ අයද වැඩි අවධානයක් ලබාගැනීමට ඇති උවමනාවේ ප්‍රතිඵලයක් ලෙස අනියම් සබඳතා වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වනවා.

විධිමත් හෝ දැඩි අනසක යටතේ හැදුනු වැඩුනු දරුවන්ගේ ලිංගික කුතුහලය වැඩි නිසා ලිංගික ගවේෂණයට යොමු වන්නට උත්සාහ කෙරෙනවා. මෙය අනියම් සබඳතා ඇතිකරගැනීමට තුඩු දිය හැකියි.

නව යොවුන් වියේ ලිංගිකත්වය වර්ධනය වීම කෙරෙහි සමාජ සාධක හා පාරිසරික සාධක ද ඉතා ​​වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව 2015 අධ්‍යයනයකින් සනාථ වනවා.

ලිංගිකත්වය කෙරෙහි කුඩා කල පටන් ඇති ආකල්ප, ලිංගිකත්වය කෙරෙහි දෙමාපියන්ගේ ආකල්ප, සම වයසේ මිතුරන්ගේ ආකල්ප බලපානවා.

එමෙන්ම, සංස්කෘතික බලපෑම් කෙරෙහි දෙමාපියන්ගේ ආකල්පය ආදී බොහොමයක් සාධක මගින් නව යොවුන් වියේ දන්ගේ ලිංගික ආකල්පය තීරණය කරන්නට පාදක වනවා.

කෙසේ වෙතත්, අයිවර්ස් යෝජනා කරන්නේ මෙම සාධක කිසිවක් හෝ තනි සාධක ලෙස වරදට යොමු කිරීමට බල නොපාන බවයි.

නමුත් මෙම සාධක බොහොමයක සංකලනයක් ලෙස සහකරුවාට වංචා කිරීමට කෙනෙක් යොමු විය හැකියි.

අනියම් සබඳතා

ඔබේ සැමියා ලිංගිකව හැසිරීමට ඇබ්බැහි වී සිටි කෙනෙක්ද? නැතහොත් ඔහුට නිදන කාමරයේ සුවිශේෂී ආශාවන් තිබෙනවාද? මේවා ඔබගෙන්ම අසන්න ඡායාරූප අනුග්‍රහය: Pixabay

2. ඔහුගේ පෙර හැසිරීම ඔබට පවසන්නේ කුමක්ද?

අයිවර්ස්ගේ දෙවන හෙළිදරව්වෙන්, ඇය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ විවාහ වීමට පෙර ඔවුන්ගේ සහකරුවන්ගේ හැසිරීම ගැන ගැඹුරින් සොයා බලන ලෙසයි.

ඔහුට මීට පෙර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇත්දැයි ඔබ ඔබගෙන්ම විමසන්න.

ඔහු ලිංගික හෝ ඩේටින්ග් ඇප් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ද? ඔහු බොහෝ විට ලිංගික සම්බාහන වලට ගිය කෙනෙක්ද?

නැතහොත් කාමුක දර්ශන වලට වැඩිපුර නැඹුරු වූවෙක්ද?

ඔහු ලිංගිකව හැසිරීමට ඇබ්බැහි වී සිට ඇත්ද? නැතහොත් ඔහුට නිදන කාමරයේ සුවිශේෂී ලිංගික අංගෝපාංග තිබේද?

ඇය යෝජනා කරන්නේ මේවායින කිහිපයක් හෝ තිබීම සහකරු ඇයට වංචා කිරීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි.

ඊට අමතරව, ඔහුගේ සමාජ කවය ​​තුළ හෝඩුවාවක් ද ඔබට සොයාගත හැකියි.

ඔහුට සමීප මිතුරන් සිටී නම්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කාන්තාවන් මුලා කිරීමේ නැඹුරුතාවක් සහිත ඉතිහාසයක් තිබේ නම්, ඔහුද එය සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ඇත.

ඔහුගේ මිතුරන්ගේ සල්ලාල කමට ඔහු දැක්වූ සාමාන්‍ය ප්‍රතිචාරය ද මේ බව නිණය කිරීමේ දර්ශකයක් විය හැකිය.

3. ඔහුගේ ජීවිතයේ දැනට සිදුවන්නේ කුමක්ද?

බොහෝ විට කෙනෙකුගේ අවිශ්වාසවන්ත කම, ලිංගික සම්බන්ධකම් වලට වඩා කෙනෙකුගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ සමඟ වැඩි සම්බන්ධයක් තිබෙනවා.

ඔබ ඔබෙන්ම මෙසේ අසන්න: ඔබේ සහකරුට මෑතකදී උසස්වීමක් ලබා දී තිබෙනාවාද? නැතිනම් ඔහු සේවයෙන් පහ කර තිබෙනවාද?

අයිවර්ස් යෝජනා කරන්නේ ආත්ම විශ්වාසයේ වෙනස්වීම් නිසා ලිංගික සබඳතා ගවේෂණය සඳහා ඇති ආශාව වැඩි විය හැකි බවයි.

හදිසි දැඩි මානසික ආතතිය, කාමාශා වර්ධනය කරන්නක් ලෙස ක්‍රියා කළ හැකිය.

අධ්‍යයනවලින් (Studies)පෙනී යන්නේ පවුලේ සාමාජිකයෙකු හෝ කිට්ටු මිතුරෙකු අහිමි වීම වැනි අත්දැකීම් අනියම් ලිංගික ඇසුරක් සඳහා ඇති ආශාව වැඩි කළ හැකි බවයි.

මනෝ විද්‍යාව පිළිබඳ අධිකාරියක් වන එස්තර් පෙරෙල්  daily සඟරාවට කියා සිටියේ අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට වඩාත්ම පොදු හේතුවක් වන්නේ එමගින් ඔවුන්ට “ජීවයෙන් පිරුණු බවක්”  දැනෙන්නට එය ඔවුන්ට උපකාර වන නිසා බවයි.

පෙරෙල් තවදුරටත් පැවවුවේ “මලානික බව අභිමුඛයේ ප්‍රේම සම්බන්ධයක ප්‍රබෝධමත් බව, මිනිසෙකුට දෝතින්ම ජීවිතය ග්‍රහණය කරගන්නට පෙළඹෙන බවයි”

4. ඔහුගේ හැසිරීමේ වෙනසක් තිබෙනවාද?

තවත් දර්ශකයක් වන්නේ නිවස තුළ ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් පෙන්වීමයි. “තහනම්” සම්බන්ධතාවයක ආරම්භයේ දී කෙනෙකුට දැනෙන උද්දීපනය පුද්ගලයෙකුගේ හැසිරීම වෙනස් කළ හැකිය.

අනියම් සබඳතා

එවැනි අවස්ථාවකදී, ඔබේ සහකරු ඔහුගේ පෙනුම ගැන වැඩි අවධානයක් හා කාලයක් ගත කිරීමට පටන් ගනී.

ඇඳුම් පැළඳුම් හා විලාසිතාව, විලවුන් භාවිතය, මීට පෙර නොසළකා හැරි ව්‍යායාම වලට යොමු වීම, ඇතුළු ජීවන රටාවේ වෙනසක් සිදු විය හැකිය.

සම්බන්ධතාවයක් සඳහා සැලසුම් කිරීමක් අවශ්‍ය බව මතක තබා ගන්න. එබැවින් ඔහු වෙනත් කාමරයකට ගොස් දුරකතන ඇමතුම් ලබා ගැනීම හෝ සමාජ මාධ්‍යවල දැඩි ලෙස සම්බන්ධ වී සිටිනු ඔබට දැකගත හැකි වේවි.

මේවා නිශ්චිත අනතුරු ඇඟවීමේ සංඥා වේ.

ඊට අමතරව, ඔහු තම සමාජ කවයේ යමෙකු ගැන ඕනෑවට වඩා කතා කරන්නේ නම්, ඒ ඔහු ඔවුන් ගැන වැඩි ආකර්ෂණයක් ඇති කරගෙන සිටින බවට සළකුණකි.

ඔබේ සම්බන්ධතාවයේ මුල් අවධියේදී, ඔහු අනියම් ප්‍රේම සම්බන්ධයක් සැලසුම් නොකරනු ඇත. එවිට ඔහු ඔබ සමඟ එවැනි දේ සාකච්ඡා කරනු ඇත.

මෙය ඔබට ඇති අවස්ථාවයි. අයිවර්ස් උපදෙස් දෙන්නේ, සුපරීක්ෂාකාරී වී ඔහුව ඉන් මුදාගන්නා ලෙසයි. නියපොත්තෙන් කඩන්නට පුළුවන් දේ කඩන ලෙසයි.

අනෙක් අතට, ඔබේ සම්බන්ධතාවය කෙසේ හෝ වෙනස් යැයි හැඟෙන්නේ දැයි ඔබගෙන්ම විමසන්න.

ඔහු ඔබට වැඩිපුර තෑගි බෝග දෙන්නේ නම්, වැඩි අවධානයක් යොමු කරමින් ඔබ නගන සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පලා යන්නේ නම්, බොහෝ විට ඒ ඔබට අවිශ්වාසවන්ත වීම නිසා ඔබට මුහුණ දීමට ඇති නොහැකියාව නිසයි.

5. සැමියා සමඟ ඔබේ සබඳතාවය හෝ ජීවිතයේ යමක් වෙනස් වී තිබෙනවාද?

ඔබේ සැමියා ඔබට වංචා කිරීමට හේතුව ඔබ නොවේ. ඇත්තවශ්‍යෙන්ම කිවහොත්, ඇතැම් අවස්ථා වලදී හැර, ඒ ඔබ ගැන නොවිය හැක.

හොඳයි, සෑම විටම නොවේ. නමුත් සමහර විට, සමහර විට, එය විය හැකිය. ඇතැම් විට හේතුව ඔබ විය හැක.

ඔබගේ ජීවිතයේ සිදුව ඇති වෙනස්කම් මොනවාද?- පුද්ගලික හෝ වෘත්තීය හෝ වේවා – මෙම හැසිරීම ඔබේ සහකරු තුළ ඔහු අවුලුවාලිය හැකිය.

බොහෝ විට අවිශ්වාසවන්ත වීමට හේතුව, කෙනෙකුට ඔහුව අවශ්‍ය යැයි හැඟීමට ඇති ආශාවයි.

ඔබ වැඩි කාලයක් කාර්යාලයේ හෝ ඔබේ දරුවන් සමඟ හෝ ගත කරන්නේ නම්, ඔබ ඔබේ නිවස කෙරෙහි අවධානය යොමු කළත්, ඔබේ විවාහය සඳහා යොමු කරන අවධානය ප්‍රමාණවත් නොවන්නේ නම්, ඉන් ඔබේ සහකරුට ඔහු නොසලකා හැර ඇති බවක් දැනෙනු ඇත.

මේ නිසා ඔබේ සම්බන්ධතාවයේ පරතරයක් තිබේ නම්, එය ඔබේ සහකරුට වෙනත් තැනක “ආදරය” සෙවීමට හේතුවක් විය හැකිය.

ඒ නිසා ඔබේ ඇතුළාන්තය තුළටද එබී බැලීම ඉතා වැදගත්ය.

මූලාශ්‍ර: Fox News, NCBI

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ විවාහය තුළ අනියම් සබඳතාවක් දළුලන බවට අනතුරු ඇඟවීම් 5ක්
බෙදාගන්න :
  • චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

    චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

  • චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

    චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it