theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්

5 අවම කියවීම
කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්

නැන්දම්මා එක්ක ‌ෂේප් එකේ ඉන්නේ ‌කොහොමද කියලා ‌මේ අම්මලා පස් ‌දෙනා කියන ‌දේවල් බලන්නකෝ.

කරදරකාරී නැන්දම්මා ‌කෙනෙක් ඔබටත් ඉන්නවාද? එහෙනම් ‌මේ ලිපිය ඔබට වැදගත් ‌වේවි.

හැම නැන්දම්මා කෙනෙක්ම ලේලියට නපුරුකම් කරනවා කියලා අපි කියන්නේ නැහැ.

ඒත් හැම නැන්දම්මා ‌කෙනෙක්ම නපුරු කම් කරන්නේ නැහැ කියලාත් අපිට සහතික ‌වෙන්න බැහැ.

දෙවර්ගයේම නැන්දම්මලා අද සමාජයේ ඉන්නවා. ඒ ඒ පුද්ගලයා අනුව ගැලපී ජිවත් වීම ‌ලොකු අභියෝගයක් ‌නේද?

නැන්දම්මාටයි ‌ලේලිටයි ‌දෙන්නාටම හිනා ‌වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් ‌කොයිතරම් ‌දෙයක්ද?

ඔබ ඔබේ නැන්දම්මා එක්ක කොච්චර හොද සම්බන්ධතාවයක් තිබුනත් අපේ ඇසට හසු නොවන සමහර දේවල් තියෙනවා.

මවක් වීම, නිවසේ කටයුතු පරිපාලනය හා දරුවන් රැකබලා ගැනීම කරන ක්‍රමය අම්මා ගෙන් අම්මාට වෙනස් වෙනවා.

කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්

කරදරකාරී නැන්දම්මා එක්ක හොඳින් ඉන්නේ කොහොමද?

නැන්දම්මා හා ලේලිය අතර විවිධ මත භේද හා වැරදි වැටහීම් වලට හේතු වෙන්නේ එයයි.

හැම දේකට මැදිහත් වෙන නැන්දම්මා කෙනෙක් එක්ක කටයුතු කරන ආකාර 5 ක් අපි අද ඔබට කියා දෙනවා. මේ උපදෙස් ඔබට ලබා දෙන්නේ අපේ මිතුරු මව්වරුන් විසිනි.

 

1. කරදරකාරී නැන්දම්මා එක්ක රණ්ඩු ‌නොවී ඉන්න නම් සීමාවන් පවත්වා ගන්න

ලින්ග් ෆර්නැන්ඩස් නැමති මව ඇයගේ අත් දැකීම් මෙහෙම බෙදා ගන්නවා.

 “ඔබේ සහකරු සහ ඔබ දෙදෙනාම එකම අදහස් දරන්නේ නම් මෙය කරන්න පහසුයි.

එසේ නැතිනම්  ඔබ සහ ඔබේ සහකරු අතර අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණිය යුතුය. මගේ සැමියා හා මා එකම අදහස් දරන නිසා මා වාසනාවන්තයි, “

 “අවසානයේදී  විවාහය සහ පවුල බවත් නැන්දම්මලා හා මාමාලා දෙදෙනාම වැදගත් බවත් අපි දෙදෙනාම අවබෝධ කරගෙන ඉන්නවා.

ඒ වගේම අපිට අවශ්‍ය දේවල් දන්නේත් අපි විතරක් බවත් අපි එකගයි, ”

ඔබගේ නැන්දම්මාගේ උපදෙස් සලකා බැලීම වැදගත් වෙන අතර අවසානයේදී තීරණය ගැනීම ඔබ සතුයි.

ඔබ අවබෝධයෙන් යුතුව ඔබේ නැන්දම්මා සමඟ සීමාවන් පවත්වා ගත යුතුය.

හොඳ නැන්දම්මා

2.ඔබේ සැමියා උදව් ඉල්ලන්න 

තවත් මවක් වන ලූස් අබුවෙලා ඇයගේ අත්දැකීම් මෙසේ බෙදා ගත්තා

 “මගේ ස්වාමිපුරුෂයා ඔහුගේ  පවුලේ අයට පැහැදිලි කිරීම් සියල්ලම කරනවා.

විශේෂයෙන් යම් මාතෘකාවක් පිළිබඳව අපට විවිධ මත තිබේ නම් එය පැහැදිලි කරන්නේ මම නොවෙයි මගේ සැමියායි.

එසේ නොවුනා නම්  එය වරදවා වටහා ගැනීමක් ඇති කරන්න පුළුවන්,” 

 “කවදා හෝ එම මාතෘකාව නැවත මතුවුවහොත්, එයට පිළිතුරු දෙන්නෙත් මගේ ස්වාමිපුරුෂයායි. මම ඒ ගැන වද වෙන්නේ නැහැ, “

ඔබේ නැන්දම්මා ඔබේ ස්වාමිපුරුෂයාට වැඩි වශයෙන් ඇහුම්කන් දීමට විශාල හැකියාවක් තියෙනවා නිසා  මෙය හොඳ උපදෙස් වේවි.

ඔබේ නැන්දම්මා සමඟ කෙලින්ම ගැටීම වළක්වා ගැනීමටද එය ඔබට උපකාරී වෙනවා.

3.ස්වාධීන වන්න 

තවත් මවක් වන ටින් ලාරා අපට පවසන්නේ ස්වාධීනවීම ඒ සදහා ප්‍රධාන වෙන බවයි. ඇය ඇයගේ අත්දැකීම් මෙසේ බෙදාගන්නවා.

 “අපි  විවාහ වු  දිනයේ සිටම ජීවත් වුනේ  නැන්දම්මා ලග නොවෙයි වෙනමමයි. එය අපට බොහෝ සෙයින් සහයක් වුනා.

අපගේ නව පවුල සඳහා අපි තවමත් අඩිතාලම ගොඩනඟමින් සිටිනවා.  ඔබට ගැටළු ඇතිවිය හැකි දේවල් හා පුද්ගලයන් ගෙන් ඈත්ව සිටිම සුදුසුයි. ”

“ අපි අපේම ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ වගේම අපි යුවළක් සහ පවුලක් විදියට ගොඩාක් ස්වාධීනයි.“ 

 බොහෝ මව්වරුන්ට පීඩා කරන ගැටලුවකට එය ඉතා ප්‍රායෝගික ආරම්භයක් වේවි.

ඔබ නිවසේදී දේවල් කරන ආකාරය සඳහා ගැලපෙන ඔබේම මාපිය ශෛලිය වර්ධනය කිරීමට, ඔබේ නැන්දම්මා හා මාමා ගෙන් ස්වාධීනව සිටීම උපකාරි වෙනවා

4. කතා කිරීම ඵලක් නොවේ නම් රණ්ඩු නොවී ඉන්න

 තීරණ විවේචනය කරන නැන්දම්මා සමඟ ගනුදෙනු කිරීමේදී තීක්ෂණ බුද්ධිය භාවිතා කිරීම ගැන  ෂරොන් එන් නැමති අම්මා මෙහෙම කියනවා.

කාන්තාවන් තම නැන්දම්මා සමඟ හොඳින් කතාබහ කළ යුතු බවත්, තත්වය විසඳිය නොහැකි නම්, ගැටුම් වලක්වා ගැනීම වඩාත් සුදුසු බවත් ඇය පැවසුවා. 

සමහර විට, ඔබට මිනිසුන්ගේ කැමත්ත ගැනීමට හෝ ඔබව තේරුම් කිරීමට අසීරු වෙන්න පුළුවන්. , ඔබේ නැන්දම්මා සම්බන්ධයෙන්ද එය එසේම වෙනවා.

ෂැරොන් පැවසූ ආකාරයටම, ඔබට එය සුහදව යමක් කළ නොහැකි නම්, ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔබේ නැන්දම්මාගෙන් ඈත් වී සිටීම වඩාත් සුදුසුයි.

5.  කරදරකාරී නැන්දම්මා සමඟ බැඳීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න 

මවක් වන හුයි කුන් එන් අපට පවසන්නේ ඇගේ නැන්දම්මා සමඟ ඇති බැඳීම ඔවුන්ට වඩාත් සමීප වීමට ඉවහල් වූ බවයි.

ඇය තම අත්දැකීම් මෙලෙස බෙදා ගන්නවා.

කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්

 

 “අපි පවුලේ අනෙක් අයට ආහාර පිළියෙළ කිරීම සඳහා කාලය ගත කළා. මම ඇය සමඟ විවිධ කෑම වර්ග හැදුවා.

වරක් අපි තනිව සිටියදී ඇය පැරණි සිදු වු දේවල් මතක් කලා. ඇය මට ඡායාරූප පෙන්වමින් ඇගේ දරුවන් ඇති දැඩි කිරීම වැනි දේවල් ගැන මට පැවසීමට පටන්ගත්තා, “

 මෙයද හොඳ අදහසක්. ඔබ හා ඔබේ නැන්දම්මා වරදවා වටහා ගැනීමට හේතුවක් වන්නේ ඔබ එකිනෙකා ගැන හොඳින් නොදැන සිටීමයි. ඔබේ නැන්දම්මා ගැන දැන ගැනීම ඔවුන් ඔබට දෙන උපදෙස් වලට අනුව ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමටද උපකාරී වෙනවා.

ශ්‍රී ලංකාව වැනි නැන්දම්මා ලේලී ගැටුම් නිතර දකින්න ලැබෙන රටක ඉන්න අපිටත් මේ විදේශිය අම්මලාගේ උපදෙස් වටිනවා.

මට නම් හිතෙන්නේ නැන්දම්මා හා ලේලි කියන දෙදෙනා ජිවිතයේ කිසිම දාක ස්පර්ශ නොවී නමුත් සමාන්තරව යන  රේල් පාරක පිලී දෙකක් වගේ ජිවත් විය යුතුයි කියලායි.

ගැහැණුන් පිරිමින්ට වඩා සංකීරණ ජිවින් නිසා එවන් සංකීරණ ජිවිත දෙකක් නිතර ස්පර්ශ වෙමින් තැබීම අනවශ්‍ය කරදර වලට මුල පිරිමක් වෙනවා.

කොයිතරම් දේවල් අපි කිව්වත් කොයි තරම් උපදෙස් අපි දුන්නත්  එහි අසීරු බව දන්නේ මේ නැන්දම්මා ලේලි සටන නිසා පීඩා විදින චරිත පමණයි.

මේ ලෝකයේ නැන්දම්මත් ජිවත් විය යුතුයි. ලේලිත් ජිවත් විය යුතුයි.

ඒ නිසා එකිනෙකා ස්පර්ශ නොවී අවබෝධයෙන් සමාන්තරව ජිවිතය දිගේ ඉදිරියට ඇවිද යෑම ඔබ දෙපලට පමණක් නොව පවුලේ අන් සියල්ලන්ටමත් සැනසීමක් ලබා දේවි.

ඔබටත් ඔබේ නැන්දම්මා හෝ ලේලිය සමග ඇති අත්දැකීම් අපිත් එක්ක අපේ මිතුරු මව්වරුන් එක්ක බෙදාගන්න පුළුවන්. ඒ සදහා පහලින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • කරදරකාරී නැන්දම්මා එක්ක සමබරව ඉන්න උපදෙස් 5 ක්
බෙදාගන්න :
  • වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

    වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

    වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it