theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

5 අවම කියවීම
දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

පියවරුනි ඔබේ දරුවාගේ  වීරයා වන්න. දෙමව්පියන් වශයෙන් තව තවත්  ඔවුන්ගේ කටයුතුවල නියැලිය යුත්තේ කෙසේදැයි සොයා බලන්න.

පියවරුන්ට දරුවන් රැක බලා ගැනිමේ කටයුතු වලට දායක වීමට හා දරුවන් සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යෑමට ක්‍රම රැසක් තියෙනවා. thaththage adare  විශිෂ්ට එකක්.

විලියම් ශේෂ්පියර් එක අවස්ථාවක මෙහෙම කියනවා ."තමන්ගේ දරුවා හොදින් හදුනාගන්නා පුද්ගලයා නුවණැති පියෙක් වේ."

ඉහත කියමන මගින් පවසන්නේ කුමක්ද යන්න ඇත්ත වශයෙන්ම ශේෂ්පියර් දැනගෙන ඉන්න ඇති. නමුත් හරියටම  පියෙක් තමන්ගේ දරුවන්දරුවන් හදුනාගන්නෙත් ඔවුන්ගේ ජිවිත වල කොටසක් වන්නේත් කෙලෙසද ?

ඇත්ත තත්වය නම් පවුලට දරුවෙකු එකතු වු විට මව මුලික රැක බලාගන්නාගේ තත්වයට පත්වෙද්දී පියා ටිකක් ඉන් ඈත් වෙනවා. වර්තමානයේදී  පියවරුන්  දිගු පැය ගණනක් රැකියාවේ නිරත වෙනවා . එසේනම් ඔවුන් දරුවන් හා සම්බන්ධතාවය  ගෙනයන්නට වෙලාවක් සොයාගන්නේ කෙසේද ?

ඔබත් මෙවැනි පියෙක් නම් ඔබත් ඔබේ දරුවා හදුනාගන්න ඔහු විසිවෙනි වියට එළඹෙන තුරු බලා සිටිනවාද?මොහොතක් ඒ ගැනත් හිතන්න .

දරුවාගේ මුලික අවුරුදු කිහිපය ඔහුගේ ශාරිරික ,සමාජීය ,මානසීක හා හැගීම් වර්ධනය සිදුවන අතර මෙම වර්ධනයහි විශාල මෙහෙයක් පියවරුන්ට කල හැකි බව පරීක්ෂණ ගණනාවක් තහවුරු කර තිබෙනවා .

ඒ වගේම විශේෂඥයින් පවසන අන්දමට දරුවන් (විශේෂයෙන් පිරිමි දරුවන් ) හොදට හැදුනු ලාබාල වැඩිහිටියන් බවට හැඩ ගැස්වීමේදී මවට වඩා පියාට, පියාගේ ආදරේ ට ඒ සම්බන්ධයෙන් වැඩි බලපෑමක් කරන්න පුලුවන් .එම නිසා ඔවුන් මව්වරුන් තරම්ම දරුවන් හදාවඩා ගැනීමේ කටයුතු වල යෙදිම සුදුසුය.

උපතේ සිටම තමන්ගේ දරුවන්ගේ රැකබලා ගැනීමට හා හදුනා ගැනීමට පියවරුන් සදහා අනුගමනය කල හැකි ක්‍රම පහක් පහත අපි විස්තර කරන්නෙමු.

දරුවන් හදාවඩා ගැනිමේ කටයුතු වල යෙදීමේදි පියවරුන්ට තමන්ගේ දරුවන් උපතට පෙර සම්බන්ධතාවය ගොඩ නගා ගන්න පුලුවන් .

1. ඔබගේ නුපන් දරුවා සමග සම්බන්ධ වෙන්න.thaththage adare පැටියාට දැනෙනවා.

පරීක්ෂණ පෙන්වා දෙන ආකාරයට තම දෙමාපියන්ගෙන් ආදරය හදුනා ගත හැකි සහජ ඉවක් කුස තුල වැඩෙන පුංචි පැටියා සතු වෙනවා. මවගේ කුස තුල සිටියදි පවා කථා කිරීම ,සිංදු කීම වැනි දෑ මගින් පියවරුන්ට තම දරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න පුලුවන්.

පිතෘත්වයෙන් පිදුම් ලබන්නට සුදානම් වන ඔබට ඔබේ සහකාරිය වෛද්‍යවරයා වෙත කැදවා ගෙන යා හැක .ඒ වගේම එහිදි අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනයක් මගින් ඔබේ පැටියාගේ දගකාරම් හා පුංචි පා පහරවල් ආදරයෙන් සහකාරිය හා එක්ව රස විදිය හැක. මගේ සැමියා ඔහුගේ පුතුන් දෙදෙනාම උපදින්න සිටියදි සෑම රාත්‍රියකදීම කුස තුල සිටින දරුවාට කථා කලා. මට හිතුනා විදියට ඒක පුංචි පුරුද්දක් වුනා.

thaththage adare

 

 

විශේෂඥයින් පවසන අන්දමට කුස තුල සිටින දරුවා හා පියා අතර ශක්තිමත්  සම්පන්න සම්බන්ධයක් ඇති විට දරුවා ඉපදුන පසු විශ්වාසය, ආදරය  හා පිළිගැනීම  වැනි ගුණාංග වර්ධනයට ඉවහල් වේ.

අලුත උපන් පැටියා වෙනුවෙන් තාත්තාට කරන්න පුලුවන් වැඩ ගොඩාක් තියෙනවා.

2. අලුත උපන් පැටියාගේ කටයුතු කිරීම තුලින් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම thaththage adare ට තවත් විදියක්

අලුත උපන් පැටියාගේ මුලු ලෝකයම අම්මා කියලා තාත්තාට හිතෙනවා ඇති.ඒක ඇත්ත තමයි .ඒත් එහෙම කියලා තාත්තා පැත්තකට වෙලා අම්මා සම්පුර්ණයෙන්ම දරුවා රැකබලා ගත යුතු නෑ.කුඩා දරුවන් රැකබලා ගැනීම අමාරු වැඩක් වගේම මුලික මාතෘ අවධියේ වැඩ කටයුතු  පැය විසිහතර පුරාම දිවයනවා .

මෙන්න මේ අවස්ථාව තමයි පියෙකුට දරුවන් රැකබලා ගැනීමේ කටයුතු වලට ඇතුල් විය හැකි හොදම අවස්ථාව,thaththage adare දෙන්න හොඳම වෙලාව වන්නේ. ඒ වගේම ඒ සදහා වැඩි ශක්තියක් යොදවන්නත් පුලුවන් .ඒ වගේම දරුවාව නාවන්න,නැපි මාරු කරන්න,ඔහුව සොලවා නිදි කරවන්න. බබාට කිරි දෙන්න අම්මා ලගට අරගෙන යන්න, දෝවා ගත් මව්කිරි බෝතලයෙන් පොවන්න වැනි  කටයුතු වලදීත් පියාට තම සහය දෙන්න පුලුවන් .

thaththage adare

මගේ දරුවන් කුඩා කාලයේදී ඉහත කටයුතුවලදී සහය වීමට මගේ සැමියා පුරුදුව සිටියා.එහිදී  කිසිවිටෙක වත් මා වෙනුවෙන් උදව් කරනවා යැයි අදහසක් ඔහුට තිබුනේ නැහැ. මේ දරුවන් අපි දෙදෙනාගේම බවත් එම නිසා ඔහු එම කටයුතුවල නිරත වන බවත්,එය කිසිවිටෙක බැදීමක් සේ නොසලකන බවත් දිනෙක ඔහු මට වටහා දුන්නා.

තාත්තාගේ සුරතල් තරම් දැනෙන දෙයක් දරුවෙකුට නැහැ.

3. සුරතල් කිරීම හා සුවපහසුව සැලසීම thaththage adare පෙන්නන්න තවත් හොඳම විදියක්

ඈත අතිතයේදී දරුවාට සුවපහසුව සැලසීම සම්පුර්ණයෙන්ම අම්මාගේ වගකීමක් වුනා.නමුත් අද පියවරුන් පුරුෂ ගණයට සීමා වු රාජකාරින් අභිබවා යමින් දරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නවා.ඔවුන් දරුවන්ව වචනයෙන් හා ශාරීරිකව  සුරතල් කරමින් ආදරය හා මෘදු බව අවශ්‍ය සෑම විටම ලබා දෙනවා.

අම්මාට වගේම තාත්තාටත් දරුවන්ව ආදරෙන් වැලදගෙන ඔවුන්ව සනසන්නට පුලුවන් . අම්මාගේ ආදරේ තරම්ම thaththage adare ත් වටිනවා. ඒ වගේම ඔවුන් හිතින් වැටුන විට ඔවුන් දිරිමත් කරමින් කථා කිරීම වගේම ආදරය හා සුවපහසුව ඔහුට කියා දෙමින් ඔවුන්ගේ කදුලු පිස දමමින් ඔවුන්ගේ ලෝකය සුරක්ෂිත බව දන්වමින්  ඔවුන්ව තදින් සිප වැලදගන්න පියාට පුලුවන් .

thaththage adare

කිසිවක් බලාපොරොත්තු නොවෙමින් තම දරුවන්ට මෘදු මොළොක් බව ප්‍රකාශ  කල හැකි මනුශයෙකු පුරුෂයෙක් ලෙස අසම සම වේ. ඒ වගේම  දරුවන් අම්මා තාත්තා කියන උතුම් චරිත දෙක හරහා මානසික සහයෝගයක් ලබා ගනියි.

4. වැඩ කටයුතු සැලසුම් කිරීම

දරුවා උපන් අලුත සිට පියාට වැඩ කටයුතු සැලසුම් කරගෙන  හැකි සෑම විටකම දරුවා සමග කාලය ගෙවිය හැක.

අලුත උපන් දරුවා සොලවා නිදිකරවන්න.අවුරුදු එකේ දරුවා සමග බ්ලොක්ස් සකස් කරන්න ,නින්දට යන වයස අවුරුදු දෙකක් වයසැති දරුවාට කතා කියන්න ,අවුරුදු හතරක් වයසැති දරුවා සමග මදක් එළියට ඇවිදින්න යන්න.රාමුවකට කොටු නොවු පියවරුන්ට තම දරුවා සමග මනා සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්න ඔහුගේම ක්‍රම සොයා ගන්න  පුලුවන් .

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන් සමග ගත කිරීමට ඇති කාලය සීමා කරන දිනපතා කාර්‍යබහුල වැඩසටහන් ගැන ලතැවෙන පියවරුන්ට ලගකදී කරන ලද අධ්‍යනයන් පෙන්වා දෙන්නේ  දරුවා හා රැදෙන කාලයේ ප්‍රමාණය ගැන නොව ගුණාත්මක බව ගැන සිතිය යුතු බවය. පියාට හැකියාව ඇත්තේ දරුවාට රාත්‍රී නින්දට යෑම සදහා කතාවක් කීමට නම් එය වුනත් දරුවාගේ සංවර්ධනය තුල ධනාත්මක  වර්ධනයක් ඇති කිරීමට හා දරුවා හා පියා අතර සම්බන්ධතාවය තහවුරු කිරීමට ප්‍රමාණවත් වෙනවා .

5. ඔබේ දරුවන්ට උගන්වන්න

ඔව් ඒක ප්‍රයෝගික නොමැති කියමනක්, පියෙකුට සියල්ල තම දරුවාට ඉගැන්විය හැකිද? සාහිත්‍යය රසය ,පාසැල් වැඩ සහ නිර්භීතකම ,අවංකකම සහ ආරක්ෂා වීම  වැනි වැදගත් ජීවිත පාඩම් පියෙකුට දරුපැටියාට ඉගැන්වීමට පුලුවන් .

හරි වැරද්ද පිලිබඳ අවබෝධය සාමාන්‍ය විනය පද්ධතියක් තුලින් දරුවාට ඉගැන්වීමට පියාට හැකි අතර තමා විසින් නැගීටිම ,පිරිසිදු කිරීම හා ඉදිරි කටයුතු කර ගැනීම වැනි වගකීම් දැරීම පිලිබඳවද මග පෙන්විය හැක. ජීවිත කාලය පුරාවටත් ඉන් ඔබ්බටත් පවතින මේ ශක්තිමත් සම්බන්ධතාවය තුලින් පියෙකුට ජිවිතයේ බොහෝ පාඩම් දරුවාට ඉගැන්විය හැකිය .

පියවරුන්ටයි මේ -  ඔබ හිතනවටත් වඩා දරුවාගේ වර්ධනයට ඔබ අවශ්‍යයි .එම නිසා ඒ සදහා කැපවී සුපිරි පියෙක් වන්න. තාත්තාගේ ආදරේ මහ මෙරක් දරුවෙක්ට.

ඒ වගේම මව්වරුනි පියවරුන් දරුවන් හදාවඩා ගැනීමට සහභාගි කර ගැනීම ඔබ හිතනවාට වඩා පහසුයි.ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් ලබා දී ඔවුන් එහි නියැලෙන්නේ කොතරම් සාර්ථකවද  යන්න බලා සිටින්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it