“නැණවත් බිරිඳක් ලැබදෙයි සුව දිවියක්’ මානසික සෞඛ්‍ය විශේෂඥයින් හෙලි කරන අපූරු කථාව

“නැණවත් බිරිඳක් ලැබදෙයි සුව දිවියක්’ මානසික සෞඛ්‍ය විශේෂඥයින් හෙලි කරන අපූරු කථාව

නුවනින් යුත් සහකාරියක් පවුල් ජිවිතය යහපත් කරන බව ‌හෙළි ‌වෙයි.

නැණවත් බිරිඳක් - ඒක ටිකක් අමුතුයි නේද? විවාහයකදී කොච්චර දේවල් හොයනවාද ආකර්ෂණය, ආදරය, ලස්සන, ධනය, තත්වය, කුලය, පරම්පරාව, රැකියාව වගේ කොයි තරම් දේවල් අපි විවාහයට කලින් හොයනවාද?

ඒත් නැණවත් බිරිඳක් හොයන්නේ කීයෙන් කීදෙනාද?

විවාහ වීමෙන් සෞඛ්‍යය වැඩි දියුණු වනවා පමණක් නොව, නැණවත් බිරිඳක් තෝරා ගැනීමෙන්  ඩිමෙන්ශියාවෙන් මිදීමට උපකාරී වන බව මෙම විශේෂඥයින් පවසනවා.

මෑතකදී, ප්‍රීතිමත් විවාහයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදයි යන ප්‍රකාශය වඩාත් තහවුරු කිරීම සඳහා අධ්‍යයනයක් කර තියෙනවා.

වදකාර භාර්යාවක් සිය සැමියාට යහපත් සෞඛ්‍යයක් ලබා දෙන්නේ කෙසේදැයි සමහරු ගවේෂණය කළා.

දැන්, පර්යේෂණයන් සෞඛ්‍ය සම්පන්න විවාහයකට හේතු වෙනස් පැතිකඩකින් සොයා බලා  තියෙනවා. ඒ අනුව මානසික සෞඛ්‍ය විශේෂලෝරන්ස් වොලී මෙහෙම පවසනවා

“පිරිමියෙකු තම ජීවන තත්ත්වය නංවාලීම සඳහා නැණවත් බිරිඳක් විවාහ කර ගත යුතුය.”

ඔබ නැණවත් බිරිඳක් විවාහ කරගන්නේ නම්, ඔබ සැමවිටම බුද්ධිමය වශයෙන් උත්තේජනය වෙනවා.

Understanding Brain Aging and Dementia, හි කතුවරයා වන ලෝරන්ස් ජේ. මේ පිළිබද වැඩිදුරටත් විස්තර කරනවා.

ඔබ  නැණවත් බිරිඳක් විවාහ කරගන්නේ නම්, ඔබ නිරන්තරයෙන් බුද්ධිමය වශයෙන් උත්තේජනය වනු ඇතැයි ඔහු පවසනවා.

මහලු වියේදී මෙම ඩිමෙන්ශියාව වළක්වා ගැනීමට පමණක් නොව, එය ඔබේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටද ඒ මගින් පුළුවන්.

ඒ ඔබ  නැණවත් බිරිඳක් විවාහ කර ගන්නේ නම්, ඔබ නිමක් නැතිව ආකර්ෂණය වීම හා අභියෝගයට ලක්වීම සිදුවෙන නිසයි.

විවාහ වීම,  මොළයේ ක්‍රියාකාරිත්වය පිරිහීමට එරෙහිව සටන් කළ හැකි ක්‍රමයක් බව කලින් කළ අධ්‍යයනයක ප්‍රතිඵල අනුව යමින් මෙය සිදුකරන ලදී. කලත්‍රයෙකු සිටීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ද දිරිගන්වනු ලබනවා.

කෙසේ වෙතත්, අධ්‍යයනයේ සම කර්තෘ සහ මනෝචිකිත්සක ඇන්ඩෲ සොමර්ලාඩ් විසින් විවාහ වීම පමණක් ප්‍රධාන සාධකය නොවන බව පැහැදිලි කරනවා

මනෝචිකිත්සකයෙකු  CNN වෙත මෙසේ පැහැදිලි කරනවා.

“ඒ වෙනුවට, අපගේ පර්යේෂණයන්ට අනුව, විය හැකි ආරක්‍ෂිත බලපෑම විවාහයට සමගාමීව දන්නා විවිධ ජීවන රටා සාධක සම්බන්ධ වී ඇති අතර, සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම සහ කලත්‍රයා හෝ සහකරු සමඟ ජීවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩි සමාජ උත්තේජනයක් ලබා ගැනීමයි”.

“නැණවත් බිරිඳක් ලැබදෙයි සුව දිවියක්’ මානසික සෞඛ්‍ය විශේෂඥයින් හෙලි කරන අපූරු කථාව

ආසියාව තුල ඩිමෙන්ශියා රෝගීන් වැඩිවීම

ලොව පුරා මිලියන 47 ක් පමණ ජනතාව ඩිමෙන්ශියාව නම් රෝග තත්වයෙන් පෙළෙනවා.

ඩිමෙන්ශියාව, ඇල්සයිමර් රෝගයට වඩා වෙනස් වෙනවා. 

එය විශේෂිත නොවන රෝගයක් වන අතර ඒ නිසා මතකය හා මානසික කුසලතා පිරිහීම සම්බන්ධ රෝග ලක්ෂණ සමුහයක් ඇතිවෙනවා.

ඇල්සයිමර් රෝගය, ඩිමෙන්ශියා රෝගීන්ගෙන් බහුතරයක් ඇතිවීමට හේතු වෙනවා..

ආසියාව තුල  ඩිමෙන්ශියාව (dementia) වේගයෙන් වර්ධනය වෙන වසංගතයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙනවා.

මේ සදහා කලත්‍රයන් සහ රැකබලා ගන්නන් මත විශාල වගකීමක් තියෙනවා.  සුව කළ නොහැකි අප හා අපගේ ආදරණියන්ගේ සුවපත් දිවිය  විනාශ කරන මෙම තත්වයට එරෙහිව සටන් කිරීමට අපට බලයක් තියෙනවා.

නැණවත් බිරිඳක්: ඩිමෙන්ශියාව වැළැක්විය හැකි ආකාරය 

ඔබට ඩිමෙන්ශියාව වැළඳීමේ අවදානමක් තිබේද යන්න රඳා පවතින්නේ  වයස, ජාන, වෛද්‍ය තත්වයන් සහ ජීවන රටා තේරීම් ආදි වු සාධක කිහිපයක එකතුවක්මතයි.

ඩිමෙන්ශියාව සඳහා ඇති ප්‍රබලතම අවදානම් සාධකය වයස්ගත වීම බව ඇල්සයිමර් සංගමය පවසනවා.

ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින් 20 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 65 ඉක්මවා තියෙනවාලු.

කෙසේ වෙතත්, තරුණ වියේද  ඩිමෙන්ශියාව ඇතිවෙන්න පුළුවන්.

 ඔබ නැණවත් බිරිඳක් විවාහ කර ගන්නේ නම් “වයස්ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන්න පුළුවන්” කියලා කියන විශේෂඥයන් පිරිසකුත් ඉන්නවා.

“නැණවත් බිරිඳක් ලැබදෙයි සුව දිවියක්’ මානසික සෞඛ්‍ය විශේෂඥයින් හෙලි කරන අපූරු කථාව

නැණවත් බිරිඳක්: ඩිමෙන්ශියාව සඳහා වැඩි අවදානමක් ඇත්තේ කවුද?

  • තවමත් නොදන්නා හේතුන් නිසා පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙම තත්වය වර්ධනය වීමට වැඩි ඉඩක් තියෙනවා.
  • ඩිමෙන්ශියාව පරම්පරාවෙන් පැමිණිය හැකි නමුත් මෙය සිදු වන්නේ කෙසේද යන්න සම්පූර්ණයෙන් වටහා ගැනීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වෙනවා.
  • දෙවන වර්ගයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ තරබාරුකම වැනි තත්වයන් ඩිමෙන්ශියා අවදානම වැඩි කරනවා.
  • ඔබ තනිකඩව සිටියත් වැන්දඹුවක් වී සිටියත් නිසි අධ්‍යාපනය හා සමාජ සම්බන්ධතා තුළින් ඩිමෙන්ශියා අවදානම මැඩපැවැත්වීමට ඔබට පුළුවන්.

අනාගතයේදී ඩිමෙන්ශියාව වැළැක්වීම

“නැණවත් බිරිඳක් ලැබදෙයි සුව දිවියක්’ මානසික සෞඛ්‍ය විශේෂඥයින් හෙලි කරන අපූරු කථාව
  1. සමබර ආහාර වේලක් ගන්න

සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශිය ලැබෙනවා.

මොළයේ ක්‍රියාකාරිත්වය ඉන් වර්ධනය කරගන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම, දන්නා මොළය වර්ධනය කරන ආහාර හැරුණු විට, ආහාර සැලැස්මක් අනුගමනය කිරීමෙන් ඇල්සයිමර් අවදානම වළක්වා ගන්න  පුළුවන්.

  1. නිතිපතා ව්‍යායාම කරන්න

ව්‍යායාම කිරීමෙන් ඔබට සිහින් වීම පමණක් නොව, මොළයේ පරිවෘත්තීය වැඩි දියුණු කිරීමටද හැකි බව 2017 අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

MRI  පරීක්ෂණයකින් සහභාගිවන්නන් පරීක්ෂා කර බැලූ විට, නිතිපතා ව්‍යායාම කිරීමෙන් මොළයේ ව්‍යුහය මෙන්ම මානසික ක්‍රියාකාරිත්වයද වැඩි දියුණු වන බව සොයා ගෙන තියෙනවා.

සෑම දිනකම අවම වශයෙන් විනාඩි 30 ක්වත් බයිසිකල් පැදීම හෝ යුවළක් ලෙස දිවීම කරන්න. 

මෙය ඔබට නිරෝගීව සිටීමට උපකාරී වනවා පමණක් නොව, ඔබේ දවස ආරම්භ කිරීමට පෙර එය හොඳ බැදීමක අත්දැකීමක් ලබා දේවි.

  1. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

කාර්යබහුල දවසක් අවසානයේදී, අපගේ ශරීර සහ මොළය යථා තත්වයට පත් කිරීමට සහ එය නැවත ආරෝපණය කිරීමට කාලය අවශ්‍ය වෙනවා.

හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීමෙන් අවධානය පරතරය සහ සමස්ත මානසික ක්‍රියාවලියම වැඩි දියුණු කරන්න පුළුවන්. 

එමඟින් ඔබේ සමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කළ හැකිය.

හාවඩ් හෙල්ත්ට අනුව, හොඳ නින්දක් ලබා ගැනීමෙන් ඇල්සයිමර් රෝගය  සමඟ සටන් කරන්න පුළුවන්. 2015 අධ්‍යයනයක් උපුටා දක්වමින් ඔවුන් කියා සිටින්නේ ප්‍රමාණවත් නින්දක් ලැබීම නිසා මතකය සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන බවයි.

වැඩි දියුණු කළ මොළයේ ක්‍රියාකාරිත්වය සදහා  ප්‍රමාණවත් ව්‍යායාම ලබා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සමග  විශේෂඥන් සම්බන්ධ කරනවා.

  1. මානසිකව හා සමාජීයව සම්බන්ධ වන්න

බෝර්ඩ් ගේම් කරන්න. හරස්පද ප්‍රහේලිකා විසඳන්න. හෝ යුවළක් ලෙස කෞතුකාගාර වෙත යන්න. ඔබට මානසක සැකසුම් ගේම් සහ ඇප් ගේම් කරන්න පුළුවන්.

වැදගත්ම දෙය නම්, ඔබට අභියෝග කරන, නව ආසාවන් හඹා යාමට ඔබව පොළඹවන මිතුරන් කණ්ඩායමක් සමඟ සම්බන්ධ වන්න.

මෙය ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට උපකාරී වනවා පමණක් නොව, එය ඔබව තියුණු ලෙස තබා ගැනීමට උපකාරී වේවි.

හොඳ මිතුරන් මානසික සහය ලබා දෙන අතර එමඟින් සමස්ත සෞඛ්‍යය නංවාලීමට උපකාරී වෙනවා..

ඔබේ නුවණැති සහකාරිය  තරම්ම මානසිකව සහයෝගය දක්වන සහ බුද්ධිමය වශයෙන් ඔබව උත්තේජනය කරන ක්‍රියාකාරී සමාජ කවයක් පවත්වා ගන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
 
 
 
 

Written by

Bianchi Mendoza