අවුරුදු 05 මාස 11 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 11 පෙර පාසැල් ළමා සංවර්ධනය

මෙම මාසය තුළ ඔබේ දරුවා ඔබව මවිතයට පත් කරන්න කරන්නේ කුමක් ද? සොයා බලමු.

අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: ඔබේ පුංචි පැටියාට තව මාසෙකින් අවුරුදු හයක් වෙනවා.  දැන් ඔහු ඉන්නේ  පාසැල් විය පේන දුරින්,  ඔබේ අවුරුදු 5 මාස 11 ක දරුවාගේ දියුණුව ඇදහිය නොහැකි තරම් නේද ?  

දණ ගාමින් ළදරු  බසින් ඔබ ඇමතු  ඔබේ දරුවා දැන් පහසුවෙන් දුවනවා, පනිනවා,  නගිනවා  සහ කතා කරනවා.

මෙම මාසය තුළ ඔබ බලාපොරොත්තු  වෙන අනෙක් පුදුමාකාර සංවර්ධන සන්ධිස්ථාන මොනවාද?  සොයා බලමු.

 මෙම සන්ධිස්ථාන සදහා  නියත වේලාවක්  නොමැති  බවත්, සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ වේගයෙන් ඒවා කරා ලංවෙන බවත්   මතක තබා ගන්න.   ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබට යම් ගැටලුවක් ඇත්නම්  ඔබ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 මාස 11 ක් වයසැති දරුවා මාස කිහිපයකට පෙර සිටියා වගේ  නොවෙයි  දැන් තම ක්‍රියාවන් හා චලනයන් පාලනය කරනවා.  දරුවාගේ ළදරු  පිරිපුන් බව නැති වී ඇති අතර දැන් ශරීරයට වැඩිහිටියන්ට සමාන අනුපාතයක වෙනවා.

මෙම වයසේ ළමයින්ගේ බර කිලෝග්‍රෑම් 19-20ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 115 ක් පමණ වෙනවා. නමුත් උස සහ බර   බොහෝ දුරට තීරණය වන්නේ  ජාන මතය. ඒ බව අමතක නොකරන්න. 

ඒ නිසා ඔබේ දරුවා සම වයසේ අනෙක් අය සමඟ සංසන්දනය කරන්න  එපා. ඔබේ දරුවාට මේ වන විට  20/20 ක  පරිපූර්ණ   දැක්මක් තියෙනවා.

ඔබේ අවුරුදු 5 මාස 11 ක දරුවා තුළ ඔබට දැක ගත හැකි වන පරිදි, කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) සහ ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා ( Gross motor skills )  වලට අදාළ වෙනත් ශාරීරික  වර්ධනයන් බලමු.

  • සංගීතයේ තාලයට හෝ රිද්මයට නටන්න පුළුවන්.
  • රෝද දෙකේ බයිසිකලයක් පදින්න පුළුවන්.
  • හොඳ ශාරීරික පාලනයක් සහිත ක්‍රීඩා ඉගෙන ගන්න පුළුවන්.
  • ඇඟිලි තුනක ග්‍රහණයෙන් පෑනක් හෝ පැන්සලක් අල්ල ගන්න පුළුවන්.
  • ලණුවකින් හොදින් පනින්න පුළුවන්.
  • දෑස් වසාගෙන තනි කකුලෙන් සමබරව තත්පර කිහිපයක් ඉන්න පුළුවන්.
  • හොඳ පාද සම්බන්ධකින් බෝලයට පා පහර දෙනවා.
  • පහසුවෙන් කතුර භාවිතා කර හැඩතල කපන්න පුළුවන්.
  • දක්ෂ ලෙස වේගයෙන් හා ලස්සනට දුවන්න පුළුවන්.
ඉඟි
  • ඔබේ දරුවාට දිනකට අවම වශයෙන් පැයක ශාරීරික ක්‍රියාකාරකම් ලබාදෙන්න.
  • පවුලක් ලෙස ශාරීරික සංවර්ධනය දියුණු කරන ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන් ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කර කරන්න. මේ  සදහා අල්ලන සෙල්ලම්  හෝ පාපන්දු ක්‍රීඩාවක් වගේ  සරල හා විනෝදජනක ක්‍රිඩාවක යෙදෙන්න පුළුවන්.
  • තිර වේලාව දිනකට පැය 1.5 කට නොවැඩි ලෙස සීමා කරන්න.
  • පිහිනීම, නැටුම් හෝ පාපන්දු වැනි ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් පන්තිවලට ඔබේ දරුවා ඇතුළත් කරන්න. මේ මගින් ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීම පමණක් නොව, කණ්ඩායම් ක්‍රියාකාරකම්, විනය සහ වගකීම වැනි වැදගත් කුසලතා ඔබේ දරුවාට උගන්වනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා
  • දරුවාට වරක් තිබූ කුසලතා නැති වී ඇති නම්
  • පෑනක් හෝ පැන්සලක් නිසියාකාරව ග්‍රහණය කර ගැනීමට නොහැකි නම්
  • ශාරීරිකව ක්‍රියාශීලී වන විට අතිශයින්ම අවුල් සහගත නම්
  • පෙනීමේ හා ඇසීමේ ගැටළු ඇත්නම්
අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

මාසයක් හෝ දෙකක් තුළ, ඔබේ අවුරුදු 5 මාස 11 දරුවා ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න  සූදානම්. ඒ පාසැල් ජීවිතයේ ආරම්භයයි. 

මේ වන විට, ඔබේ දරුවාගේ මානසික  හැකියාවන් ලොකු ළමයෙක් ලෙස පාසලේ අවශ්‍යතා සපුරාලීමට  අවශ්‍ය මට්ටම දක්වා වර්ධනය වී තියෙනවා.

පැන්සලක් නිසියාකාරව ග්‍රහණය කර ගැනීමේ  සිට  ටිකක් කියවීමට හා ලිවීමට, තර්කානුකූලව සිතීමට හා තර්කානුකූලව තර්ක කිරීමට ඇති හැකියාව දක්වා, ඔබේ කුඩා ශූරයා තුළ ඔබ දැකිය හැකි තවත් මානසික  සංවර්ධන සලකුණු කිහිපයක් මෙන්න.

  • අක්ෂර මාලාව හොඳින් දන්නවා.
  • 20 හෝ ඉන් ඔබ්බට ගණන් කරන්න පුළුවන්.
  • අකුරු දෙකේ වචන කියවන්න පුළුවන්.
  • වැදගත් “සිද්ධීන්” තර්ක කිරීමට තර්කනය භාවිතා කරනවා. විශේෂයෙන් එය ඔබේ දරුවාට සැබවින්ම අවශ්‍ය විශේෂ සෙල්ලම් බඩුවක් නම් එසේ සිදු කරනවා.
  • අතීතය, වර්තමානය සහ අනාගතය අවබෝධ කර ගන්නවා.
  • හොඳ මතකයක් තියෙනවා.
  • අවම වශයෙන් කාර්යයක් සඳහා මිනිත්තු 10-15 ක් අවධානය යොමු කරනවා.
  • ආපස්සට අංක තුනක් නැවත කියන්න පුළුවන්.
  • දිවා රෑ හා වම, දකුණ  හදුනනවා.
  • වයසට ගැලපෙන පොත් කියවන්න පටන් ගන්නවා.
  • බොහෝ ප්‍රශ්න අසනවා.
  • ඩයිනෝසෝරයන්, අභ්‍යවකාශය හෝ පුරාණ ඉතිහාසය වැනි මාතෘකා කෙරෙහි උනන්දුවක්   (සමහර විට දැඩි) දක්වනවා.
අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 සිට මාස 11 දක්වා වූ දරුවා සමාජීය හා මානසික  සංවර්ධනය අතින් කොතරම් දුරක් පැමිණ තිබේද?

මීට වසර කිහිපයකට පෙර සෙල්ලම් බඩු බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ උද්වේගකාරීව හැසුරුන දරුවා අද මිතුරන් සමඟ සතුටින් සෙල්ලම් කිරීම සහ විහිළු තහළු කිරීම දක්වා පැමිණිලා. දැන් තරමක් සමාජශීලී  වෙලා නේද?

පහත දැක්වෙන වර්ධනයන් පිළිබඳව ද විමසිල්ලෙන් සිටින්න.

  • ඔබේ දරුවා බොහෝ සමාජශීලී, කැමැත්තෙන් සෙල්ලම් බඩු බෙදා ගන්නවා. ඒවා මිතුරන්ට ලබා දීමට හෝ “ණයට” දීමට පවා කැමති වෙනවා.  
  • ක්‍රීඩා නීති රීති අනුගමනය කරනවා.
  • ආධිපත්‍යය පතුරන්න පුළුවන්.
  • අන් අයට සංවේදනය කරනවා. ඔවුන්ගේ හැගීම් තේරුම් ගන්නවා.
  • දුකින් හෝ කෝපයෙන් සිටින මිතුරන් සනසනවා.
  • ස්ත්‍රී පුරුෂ භාවය අනුව තමන්ගේ වර්ගයේ මිතුරන් හා සෙල්ලම් කරන්න කැමතියි.
  • තනියම සෙල්ලම් කරනවාට වඩා මිතුරන් සමග සෙල්ලම් කරන්න කැමතියි.
  • “කරුණාකරලා” සහ ස්තූතියි ”වැනි වචන භාවිතා කරනවා.
  • කලාතුරකින් උද්වේගකාරීව හැසිරෙන නමුත් කනස්සල්ලට පත් වු විට පහසුවෙන් හඩනවා.
  • ඔබේ අනුමැතිය හා ආදරය ලබාගන්න දැඩි ලෙස ආශා කරනවා.
  • වැඩිහිටියන් ගෙන් ප්‍රශංසාව ලබා ගැනිමෙන් සතුටු වෙනවා.
  • “හොඳම මිතුරෙක් ” ඉන්නවා.
  • උපදෙස් වලට සවන් දෙනවා.
ඉඟි
  • ඔබේ දරුවා ලැජ්ජාශීලී යැයි ඔබට හැඟේ නම්, අන් අය සමඟ කටයුතු කිරීමට බල නොකරන්න. ඒ වෙනුවට, ක්‍රීඩා හෝ කලා පන්ති වැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා ඔබේ දරුවා ඇතුළත් කරන්න. නැතහොත් නිවසේදී කුඩා ක්‍රීඩා දිනයන් සංවිධානය කරන්න.
  • ඔබේ දරුවාට ආහාර ගැනීමේදී භාවිතා කරන පුරුදු හඳුන්වා දෙන්න.
  • නිවසේදී සහ පිටතදී හැසිරෙන ආකාරය පිළිබඳව ඔබේ දරුවාට කියා දෙන්න. නිදසුනක් වශයෙන්, පෝලීම් පැනීම හෝ අනෙක් අය කතා කරන විට බාධා කිරීම සුදුසු නැති බව
  • ඔබේ දරුවා ඔබේ හැසිරීම අනුකරණය කරනවා. ඒ නිසා  ඔබ ඔබේ දරුවා තුල දකින්න කැමති  පුද්ගලයා වන්න. අන් අයට ගෞරවය, කරුණාව සහ සංවේදනය පෙන්වන්න. එවිට ඔබේ දරුවා ද එසේ කරාවි.
  • තරහා නොගෙන ඔබේ දරුවා මෘදුව නමුත් ස්ථිරව හික්මවාගන්න.   අවුරුදු 6 කට ආසන්න දරුවෙකු තවමත් ඔබව කෝප ගන්වන්න  පුළුවන්. නමුත් පිළිගත නොහැකි හැසිරීමට ප්‍රතිවිපාක ඇති බව දරුවා තේරුම් ගන්නවා.  (කුඩා දරුවෙකු මෙන් නොව).
  • ආගන්තුකයින්  අනතුරුදායක  බව  ඔබේ  දරුවාට කියාදෙන්න. ආගන්තුකයෙකු දරුවා  වෙත ළඟා වන්නේ නම් කුමක් කළ යුතු දැයි ඔබේ දරුවාට උගන්වන්න.
  • ළමයින්ට කම්මැලි වීම ගැටලුවක් නැහැ.  ක්‍රියාකාරකම් වලින් ඔබේ දරුවාගේ දවස අනවශ්‍ය ලෙස පුරවන්න එපා. ඒ වෙනුවට විවේකී හෝ තනිවම කාලය ගත කරන විනෝදයෙන් සිටින අයුරු  ඔබේ දරුවාට උගන්වන්න. මෙය පොතක් කියවීම, චිත්‍ර හා අත්කම් කිරීම, චිත්‍ර ඇඳීම සහ වර්ණ ගැන්වීම හෝ පිටතට යාම වෙන්න පුළුවන්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා,
  • අතිශය හැගීම් පෙන්වයි නම් නැතහොත් බොහෝ විට උද්වේගකාරීව  හැසිරේ නම්
  • අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරයි නම්
  • බොහෝ වැඩිහිටි දරුවන් හෝ වැඩිහිටියන් සමග ඇසුරු කිරීමට කැමැත්තක් දක්වයි නම්
  • කෝප වන විට ප්‍රචණ්ඩකාරී වේ නම්
අවුරුදු 5 මාස 11 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 මාස 11 දක්වා වූ දරුවාට සමබර   ආහාර වේලක් දිගටම ලබාදෙන්න. දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට ඔබේ ක්‍රියාශීලී දරුවා දිරිමත් කරන්න. රසකැවිලි, කඩචෝරූ   සහ රසවත් බීම ලබාදීමෙන් හැකිතාක් වළකින්න.

ඔබේ දරුවාට දවස පුරා කැලරි 1,200 ක් අවශ්‍ය  වෙනවා.  මෙන්න ඔබේ දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතා සමහරක් පිළිබඳ කෙටි සටහනක්.

පෝෂකය දෛනිකව ලබාගත යුතු ප්‍රමාණය ආහාර ප්‍රභවයන්
කැල්සියම් 1,000mg කිරි කෝප්ප 2(150mg) හෝ යෝගට් කෝප්ප 2 (මිලිග්‍රෑම් 207) හෝ  ස්විස් චීස් (මිලිග්‍රෑම් 112) පෙති 2
යකඩ 10mg සීරියල් කුඩා  බඳුනක් (12mg)  සම්පුර්ණ ධාන්‍ය  පාන්  පෙත්තක් (0.9mg)  හෝ මුද්දරප්පලම් අල්ලක් (0.7mg)
අත්‍යාවශ්‍ය මේද අම්ල 10g of Omega-6, 0.9g of Omega-3 ළමා අල්ලක ප්‍රමාණයේ සැමන් කැබැල්ලක් (ග්‍රෑම් 0.425) හෝ හොදින් තැම්බු බිත්තර  1 (ග්‍රෑම් 0.1) හෝ වෝනට්ස් අතලොස්සක්ල්ලක් (ග්‍රෑම් 2.3)
මැග්නීසියම් 130mg කුඩා බ්‍රාන් සීරියල්   කුඩා කෝප්පයක්  (මිලිග්‍රෑම් 93) හෝ රටකජු බටර් මේස හැන්දක්  (25mg) හෝ කෙසෙල් භාගයක් (16mg)
විටමින් A 0.4mg බතල  කැබලි 3-5  (3.8mg) හෝ   බෙල් පෙපර් 1/4
විටමින් C 25mg නැවුම් දොඩම්  යුෂ  කෝප්ප 2(මිලි ග්‍රෑම් 50) හෝ බ්‍රොකොලි ෆ්ලෝරට් 6 (30mg) හෝ තක්කාලි 1(5mg)
විටමින් E 7mg 28g රටකජු (2mg) හෝ 40g අමු අඹ (0.9mg)
පොටෑසියම් 3800mg බේක් කළ අර්තාපල් (463mg) කැන්ටලූප් කැබලි (208mg) හෝ නිවිති අල්ලක් (210mg)
සින්ක් 5mg දරුවාගේ අල්ල  ප්‍රමාණයේ පිසින ලද හරක් මස් කැබැල්ල (3mg) හෝ දරුවාගේ අල්ල ප්‍රමාණයේ කුකුළු මස් (0.6mg) හෝ චෙඩාර් චීස් පෙති  2(0.4mg)
එන්නත් සහ පොදු රෝග

මෙම මාසය තුළ නව එන්නත් නැහැ.  ඔබේ දරුවා මේ දක්වා ලබා ගත යුතුව තිබූ එන්නත් මොනවාදැයි සොයා බලන්න.

ඔබේ දරුවාව සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ අත් පා සහ මුඛ රෝගය වැනි පොදු රෝගාබාධවලට ගොදුරු වෙන්න  පුළුවන්.

මේ සියල්ලෙන් ඔහුගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන අතර, ඔබේ දරුවා වමනය, බඩ බුරුල්ව යෑම  හෝ අධික උණ ඇතුළු දරුණු අපහසුතාවන්ගේ සලකුණු පෙන්නුම් කරන්නේ නම් ඔබ වෛද්‍යවරයා වෙත යන්න.

යහපත්  සනීපාරක්ෂාව, විශේෂයෙන් අත් සේදීම  ඔබේ දරුවාට උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවාට,
  • සෙල්සියස් අංශක 39 ට වඩා උණ වැළඳී තිබේ නම්
  • අසාමාන්‍ය තැලීම්, ගැටිති හෝ රෑෂ් තිබේ නම්.
  • නිරන්තරයෙන් හිසරදය හෝ වෙනත් කැක්කුම පිළිබඳ කියනවා නම්
  • වමනය හෝ පාචනය ඇති වී දින දෙකකට වැඩි නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 06

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera