theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 යි මාස 9 ක් වයසැති දරුවා වර්ධනය හා සංවර්ධනය අනුව කොතරම් දුරට පැමිණ ඇත්ද යන්න පුදුම සහගතයි නේද?

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: ඔබේ දෝතේ  සිටි ළදරුවාට දැන් වයස අවුරුදු 5 යි මාස 9 යි කියා ඔබට සිතාගත හැකිද? ඔබේ දරුවාට දැනටමත් පිරුනු පෞරුෂයක් ඇති අතර,  සංවර්ධනයේ වේගවත් බව සමඟ කටයුතු කිරීම ටිකක් අපහසුයි.

ඔබේ අවුරුදු 5  මාස 9 දක්වා වූ දරුවාගේ සංවර්ධන සන්ධිස්ථාන දැන ගැනීමට මේ  මාර්ගෝපදේශයක් කියවන්න. 

කෙසේ වෙතත්, ඔබේ පුංචි පැටියා  මේ සියලු සන්ධිස්ථාන කරා තවමත් ළඟා වී නොමැති නම් කණගාටු  නොවන්න. ළමයින් වෙනස් ආකාරයකින් හා ඔවුන්ගේම  වේගයෙන් වර්ධනය වෙනවා.

ඔබ ඔබේ දරුවාගේ වර්ධනය හා සංවර්ධනය  කිරීම තුළින් ඔහු නිරෝගීව වැඩීම වැදගත් වෙනවා.

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවාට වයස අවුරුදු 5  මාස 9 ක් වන විට ශාරීරික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා කිරීම තවමත් ඉතා වැදගත් වෙනවා.  මේ මගින්  ඔවුන් නිරෝගී  වෙනවා.    

ශාරීරික ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ සහ  වැඩිහිටි වියට එළඹෙන තෙක් ඔවුන් රැගෙන යන ව්‍යායාම කිරීම මුල් අවදිම  ඇති කරන්න.

ඔබේ අවුරුදු 5 යි මාස 9 ක් වයසැති දරුවාට දැන් තනිවම බොහෝ දේ කරන්න  පුළුවන්.  දරුවාට  කඹයකින් පනින්න, ගැටලුවකින් තොරව පඩිපෙලෙන් බසින්න,  මඟ හැර පනින්න  හා විවිධ සෙල්ලම්  කිරීමට හැකියාව තියෙනවා.  

හොද  විවේකයක් ලබාදීම සදහා  සෑම රාත්‍රියකම ඔබේ දරුවාට පැය 8-10 අතර නින්දක් ලබාදෙන්න.

මෙම වයසේදී ඔබේ කුඩා දරුවාට කළ හැකි දේවල්

  • පැනීම් කිහිපයක් සඳහා වුවත්  මඟ හැර පැනීමේ කඹයක් භාවිතා කරන්න පුළුවන්.
  • එතරම් අපහසුතාවයකින් තොරව පන්දුවක් අල්ලා ගන්න හා පන්දුවක් විසී කරන්න පුළුවන්.
  • කණ්ඩායම් ක්‍රීඩා වලට සහභාගී වෙනවා. නීති රීති තේරුම් ගන්නවා.
  • පුහුණු රෝද නොමැතිව බයිසිකලයක් පදිනවා.
  • ඔහුගේම සපත්තු ලේස් ඇතුළු ගැට සහ බෝ ගැට ගසනවා.

ඉඟි

  • ඔබේ දරුවාට ක්‍රීඩාවක් කිරීමට පවසන්න. ශාරීරික හැකියාවන් වර්ධනය කිරීමට  දරුවා  සමඟ සෙල්ලම් කරන්න. එය ඔබේ දරුවා සමඟ සම්බන්ධ වීමට  හොඳ ක්‍රමයක් වෙනවා.
  • ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) තවමත් වර්ධනය වෙමින් පවතිනවා.  ඒ නිසා ඔබේ දරුවා ලිවීමට හා ඇදීමට දිරිගැන්වීම තුලින් එම කුසලතා වැඩි දියුණු කරන්න පුළුවන්.
  • මෙම වයසේ සමහර ළමයින්ට එක විදියකට ඉන්න අපහසුයි. ඒක ගැටලුවක් නැහැ.   මේ වයසේ ළමයින් තරමක් ජවසම්පන්නයි.  ඔවුන්ගේ  ශක්තිය දහනය කිරීම සඳහා එළිමහන් සෙල්ලම් කරන්න ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා නම්

  • දරුවාට නිදා ගැනීමට, විවේක ගැනීමට අසීරූ නම්  හෝ    මන්දගාමී විය  නොහැකි තරමට අධි ක්‍රියාකාරී නම්
  • කුඩා වස්තූන් තදින් අල්ලා ගැනීමට නොහැකි නම් හෝ නිසි ලෙස ලිවීමට පෑනක් හෝ පැන්සලක් භාවිතා කළ නොහැකි නම්
  • අත් පා හා සිරුරේ සම්බන්ධීකරණය දුර්වල නම්

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවාට වෙනත් පුද්ගලයින් හෝ එකම වයසේ ළමයින් සමඟ පහසුවෙන් කතා කරන්න පුළුවන්. දරුවාට  50 ක් දක්වා ගණන් කළ හැකි අතර ඔබ කීමට උත්සාහ කරන දේ පහසුවෙන් තේරුම් ගන්න  පුළුවන්.

 දරුවාට  විහිළු කරන්නට මෙන්ම සිනාසෙන්නත් පුළුවන්.

ඔබට අපේක්ෂා කරන්න  පුළුවන්  මානසික  සංවර්ධනයේ වෙනත් සලකුණු

  • සරල එකතු කිරීම් කිරීම් පුළුවන්.

උදාහරණයක් 1 + 1 හෝ 1 + 2   පවා

  • පොත්වල අකුරු දෙකේ සහ තුනේ වචන කියවන්න පුළුවන්.
  • අතීත, වර්තමාන හා අනාගතයට අදාළ කාලය පිළිබඳ සංකල්ප තේරුම් ගන්නවා.
  • දරුවාට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා වාද සහ සාකච්ඡා කරනවා.
  • 10 සිට 1 දක්වා ආපස්සට ගණන් කරන්න පුළුවන්.  
  • පියවර තුනක නියෝගය තේරුම් ගන්නවා.
  • ක්ෂණික අතීතයේ සිදු වු දේවල් ගැන හොඳින් සිහිපත් කර කථා කරනවා.

ඉඟි

  • ඔබේ කුඩා දරුවාගේ මානසික සංවර්ධනය සඳහා STEAM (Science, Tech, Engineering, Arts, Maths) සෙල්ලම් බඩු විශිෂ්ටයි.
  • දරුවා තුළ පොත් සහ සාහිත්‍යයට ඇල්මක් ඇති කිරීමට මෙය හොඳ කාලයකි. දරුවාගේ ඉගෙනීමේ හැකියාව අවුරුදු 5 සිට මාස 9 ක් පමණ ඉක්මවා  යන බැවින් එය සුදුසුයි.
  • ඔබේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ දරුවාට කියාදෙන්න. සිල්ලර බඩු මිලදී ගැනීමට ඔබ දරුවා  සමඟ යන්නේ නම්, ඔබ මිලදී ගත් දේවල් ගණන් කිරීමට හෝ  ඔබට සාප්පු  යන විට විවිධ සලකුණු  හෝ ලේබල් කියවීමට  දරුවාට පවරන්න.
  • විවෘත ප්‍රශ්න ඇසීමෙන් ඔබේ දරුවා තුළ විවේචනාත්මක චින්තන හැකියාවන් ප්‍රවර්ධනය කරන්න (“ඔව්” හෝ “නැහැ” යනුවෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න ) එකට පොත් කියවීමෙන් පසු ඔබට මෙය කරන්න පුළුවන්. නැතිනම්  ඔබේ දරුවාගේ ප්‍රශ්නවලට එවැනි ප්‍රශ්නයකින් පිළිතුරු දෙන්න.
  • ඔබේ දරුවා පොදු පුස්තකාලයකට රැගෙන යන්න. අවශ්‍ය පොත් සහ තමන්ට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය පර්යේෂණ මාතෘකා සොයා බැලීමට දරුවාට  කියාදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අළුත් දේවල් ඉගෙන ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි නම්
  • 20 ක් දක්වා ගණන් කිරීමට නොහැකි නම්
  • සරල වාක්‍ය කියවීමට නොහැකි නම් හෝ එසේ කිරීමට අපහසු නම්

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවාට මේ වන  විට ඉක්මනින් නව මිතුරන් ඇති කර ගන්නා අතර, වෙනත් පුද්ගලයින්,  ආගන්තුකයන් සමඟ පවා පහසුවෙන් කටයුතු කරනවා.

තම සෙල්ලම් බඩු බෙදා ගැනීමට මෙන්ම සෙල්ලම් කිරීමේදී අවස්ථාව  ලබා ගැනීම  ගැන දැන් දරුවාට කිසි ප්‍රශ්නයක් නැහැ.

සමාජ හා හැගීම් සංවර්ධන පෙරමුණෙන් ඔබ අපේක්ෂා කළ යුතු දේවල්

  • උද්වේගකාරීත්වය යටපත් වේ හෝ ඉතා දුර්ලභ වෙනවා.
  • දරුවා තම හැඟීම් ගැන වචනයෙන් පවසනවා.
  • ඔබේ දරුවාට ඔබෙන් අනුමැතිය සහ වලංගුභාවය අවශ්‍ය වෙනවා.
  • අමුත්තෙකු ඉදිරිපිට ගායනා කිරීම වැනි සමහර අවස්ථාවලදී ලැජ්ජා වෙන්න  පුළුවන්.  
  • සමහර විට තනිව සෙල්ලම් කිරීමට හෝ තනිව සිටීමට කැමති වෙනවා.

ඉඟි

  • ඔබේ දරුවාට අන් අය සමඟ වැඩ කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා කණ්ඩායම් ක්‍රීඩාවල නිරත කරවන්න.
  • දරුවාට දුකක්, කෝපයක් හෝ කලකිරීමක් දැනෙන විට, දරුවාගේ  හැඟීම් පිළිගැනීමට සහ වලංගු කිරීමට වග බලා ගන්න.   ඒවා සුළු දෙයක් ලෙස පෙනුනද නොසලකා හරින්න එපා.
  • ඔබේ දරුවාට නිසි පුරුදු  හා සෑම විටම සෑම කෙනෙකුටම ගරු කිරීමට ඉගැන්වීමට මේ කාලය සුදුසුයි.
  • අනෙක් ළමයින් සමඟ සමාජගත වීමට හා සෙල්ලම් කිරීමට ඔබේ දරුවාට උගන්වන්න. නමුත් විශේෂයෙන් දරුවාට    තනිව සිටීමට අවශ්‍ය විට  එසේ කිරීමට බල කරන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • අනෙක් ළමයින් සමඟ සුහදව කටයුතු නොකරයි නම්
  • තවමත් නිතර නිතර උද්වේගකාරී වන අතර දරුවාගේ  හැඟීම් හොඳින් හසුරුවා ගත නොහැකි නම්
  • තනිවම සිටීමට කැමැත්තක් දක්වයි නම් නැතහොත් වෙනත් පුද්ගලයින් සමඟ අන්තර්ක්‍රියා කිරිමෙන්  වැළකී සිටීමට ක්‍රියාශීලීව උත්සාහ කරයි නම්

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

අවුරුදු 5  මාස 8 ක් වු, ඔබේ දරුවාට දැන් හොඳින් කතා කරන්න  පුළුවන් නේද? සමහර විට, වැඩිහිටියන් සංවාදයක යෙදෙන විට දරුවා  අවිධිමත් වචන  කියන්න  පුළුවන්.

ඔබේ කුඩා දරුවාට දිනකට නව වචන 5-10 ක් ඉගෙන ගැනීමට හා මතක තබා ගැනීමට පුළුවන්. 

ඒ නිසා දරුවාගේ  වචන මාලාව ගොඩනඟා ගැනීමට මෙය සුදුසු  කාලයක් වෙනවා.

අපේක්ෂා කළ යුතු තවත් වර්ධනයන් කිහිපයක්

  • මම, මගේ, ඔහු, ඇය සහ අපි වැනි සර්ව නාම නිවැරදිව භාවිතා කරනවා.
  • තොරතුරු ලබා ගැනීමට ප්‍රශ්න අසනවා.
  • තර්ජනය කරනවා  හෝ පොරොන්දු  ලබා දෙනවා.
  • සරල කථා නැවත කියනවා.
  • කැපිටල් හා සිම්පල් අකුරු හඳුනාගන්න පුළුවන්.
  • පොතක පිටුව වමේ සිට දකුණට, ඉහළ සිට පහළට කියවන බව දන්නවා.
  • ලියන විට වචන උච්චාරණය කිරීමට උත්සාහ කරනවා.

ඉඟි

  • ඔබ කතා කරන ආකාරයෙන් ඔබේ දරුවාට බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ නිසා අනෙක් අය සමග කතා කරන සෑම විටම ආචාරශීලී හා කල්පනාකාරී වන්න.
  • මේ වයසේදී ඔබේ කුඩා දරුවාට ලබා දීමට පොත් හොඳ තෑග්ගකි. ළමයින්ට කියවීමෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි අතර කියවීමේ ක්‍රියාව දරුවාගේ වචන මාලාව සහ භාෂා හැකියාව ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.
  • සෑම දිනකම ඔබේ දරුවාගේ වචන මාලාවට නව වචන හඳුන්වා දෙන්න. වචන මාලාව පුළුල් කිරීම සඳහා දරුවාගේ කතාවේ එම වචන භාවිතා කිරීමට දරුවා  දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා ගොත ගසනවා නම් හෝ කතා කිරීමට අපහසු නම්
  • දරුවාට නව වචන තේරුම් ගැනීමට අපහසු නම්
  • දරුවාට සරල වාක්‍ය සැකසිය නොහැකි නම්

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වයසේදී   ඔබේ දරුවාගේ   ආහාර සම්බන්ධයෙන්   නොසංසුන්  බව අඩුවෙනවා.   දරුවා  ගන්නා ආහාර  ප්‍රමාණය  වැඩි කිරීමට  විවිධ ආහාර අත්හදා බැලීමට දරුවාට  ඉඩ දීම දෙන්න.

ඔබේ දරුවාගේ ශරීරයේ සහ මොළයේ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙම වයසේදී, ඔබේ දරුවා දිනකට කැලරි 1,200 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් ලබා ගත යුතුය. අවුරුදු 5 සිට 9 දක්වා වයසැති ඔබේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා කිහිපයක් මෙන්න.

පෝෂ්‍ය පදාර්ථ දිනපතා අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
ප්‍රෝටීන්  කෝප්ප 0.5 තුනි මස් කැබලි 2-3 ක් හෝ බිත්තර 1 ක්
ධාන්‍ය කෝප්ප 3/4 බත් කෝප්පයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන් පෙත්තක්
කිරි ආහාර කෝප්ප 2.5 දිනකට සම්පූර්ණ කිරි කෝප්ප 2 ක් සහ චීස් හෝ යෝගට් වැනි වෙනත් කිරි නිෂ්පාදන සමඟ

ඊට අමතරව, ඔබේ කුඩා දරුවා දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවට වග බලා ගන්න.

ඉඟි

  • මේ කාලයේදී ඔබේ කුඩා දරුවාගේ දත් ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් දන්ත වෛද්‍යවරයා වෙත ගෙන යන්න. එවිට ඔවුන්ගේ දත් පරීක්ෂා කර / හෝ පිරිසිදු කිරීමට පුරුදු වෙන්න  පුළුවන්.  
  • සමබර පෝෂණය සඳහා ඔබේ දරුවාට විවිධ පලතුරු, එළවළු, ධාන්‍ය හා මස් වර්ග හඳුන්වා දෙන්න. දරුවා දිනපතාම මේවා අනුභව කළ යුතුය.
  • ඔබේ දරුවාට සිසිල් බීම වැනි පැණිරස බීම ලබා දීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔහුට නැවුම් පලතුරු යුෂ (පල්ප් සමඟ) ලබා දෙන්න.
  • සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේලක් ගැනීම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මෙන්ම වැදගත් වෙනවා. එබැවින් ඔබේ දරුවාට ඇට වර්ග, පළතුරු, කැරට් පෙති වැනි කෙටි ආහාර ලබාදෙන්න.

අවුරුදු 5 මාස 9 ළමා වර්ධනය: එන්නත් සහ පොදු රෝග

මෙම වයසේදී, ඔබේ දරුවාගේ එන්නත් දැනටමත් සම්පූර්ණ විය යුතුය. වාර්ෂික උණ රෝගය හැරුණු විට, මෙම වයසේදී ලබා දිය යුතු වෙනත් එන්නත් නැහැ.

ඔබේ පුංචි  දරුවාට  දැනටමත් ලබා දී තිබිය යුතු එන්නත්

  • BCG එන්නත
  • හෙප් බී එන්නත (මාත්‍රා 3)
  • DTaP එන්නත (මාත්‍රා 3)
  • පොලියෝ වෛරස් (මාත්‍රා 3)
  • PCV (මාත්‍රා 2)

සෑමවිටම ඔබේ දරුවාට අවශ්‍ය එන්නත් මොනවාද යන්න පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුගමනය කරන්න.

රෝග  සම්බන්ධයෙන් ගත් කල, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව මෙම වයසේදී බහුලව දක්නට ලැබෙනවා.  සමහර බඩේ අමාරුවක් ඇතිවිය හැකි නමුත් එය ඉතා දුර්ලභයි. 

විශේෂයෙන් ඔබේ කුඩා දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ වන විට  හොඳින් වර්ධනය වෙලා නිසා රෝග හැදෙනවා අඩුයි.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-10

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it