මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

මේ ගෙදරදීම පහසුවෙන්ම හදාගන්න මුදවපු කිරි රෙසිපියක් සමඟ ඒත් එක්ක හදාගන්න තවත් රසවත් අතුරු ආහාර රෙසිපි 5ක්

මුදවපු කිරි එහෙමත් නැත්නම් මීකිරි කිව්වම කටට කෙල නැතිව වෙන මුකුත් උනන අය ඉන්නෙ හරි අඩුවෙන් අපේ ලාංකිකයන් අතර කියලා මම කිව්වොත් ඒක වැරදි නෑ මං හිතන්නේ. මුදවපු කිරි රෙසිපි දැනගන්නත් අකමැති වෙන අම්මෙක් හොයාගන්න බැරි වෙයි.

මේ මුදවපු කිරි රෙසිපි එක අපට සවිස්තරාත්මකව කියා දෙන්නේ මුහුණු පොතේ අපට මුණ ගැසුණු තක්ෂිලා බණ්ඩාර කියල ආදරණීය අම්මෙක්. ඇගේ වචන වලින්මෙ මෙ රෙසිපිය පහළින්.

මේ මී කිරි රජ කාලෙ ඉඳලම කාගෙත් රස නහර පිනායන කෑමක්නෙ. ඒකනේ අන්දරේත් රජතුමාට කියලා තියෙන්නේ මී කිරි කියන්නේ රජ කෑමක් කියලා. මං හිතන්නේ කවුරුත් ඒ කතාව දන්නවා.

කාලාන්තරයක් තිස්සෙ මේ ප්රියතම කෑම මේ රටට ආවට පස්සේ විවිධ නම්වලින් කන්න ලැබුනා. Greek Style, Natural යන වර්ග දෙකේ යෝගට් ( මෙහෙ curd කියලා වචනයක් භාවිතයේ නෑ) තමා අපේ මීකිරිවලට ලගින්ම යන ඒවා. ඒ කොහොම වුනත් අපේ රටේ මීකිරි රස ඒවාගේ තිබුනේ නෑ. මම හිතුවෙම ඒ මී හරක් එළ හරක් වෙනස නිසා වෙන්නැති කියලා ( මෙහෙ පාරිමේන්තු සභිකයන්ට ඒ වචන භාවිතය අඩුයි).

ඉහත කී අදහස වෙනස් වුනේ මගෙ මෙහෙ ඉන්න තව යාළුවෙක් කිරි මුදවන්නකො ගෙදරම හරි රසයි කිව්වට පස්සෙ.

මටත් ඉතින් එහෙම අදහසක් ආවම ඒක ක්රියාත්මක කරනකම් නිකන් අර මොකක්ද ගාය වගේ එකක් හැදෙන හින්දා මමත් මැටි හට්ටි ටිකකුත් අරන් ලෑස්ති වුනා.

හැමදාම වගේ මුට්ටි ඇල්ලුවෙ වගේම මේ සමහර මැටි හට්ටි මට එවන්නෙත් මගේ කෝකටත් තෛලය වගේ ඉන්න කෙනා (Thakshila Bandara) තමයි.

කොහොම හරි වැඩේ කලා කියමුකෝ. අති සාර්ථකයි. පලවෙනි වටෙන්ම අප්පච්චී 10න් 10ම දීලා ඒක ඡන්දයෙන් මාව දෙවෙනි වටයට යැව්වා. දෙවෙනි වටෙත් සාර්ථකයි.

මේක හදන එක අතිශය සරලයි වගේම තමන් කන්නෙ මොනවද කියන එක දැනගෙන කන්න පුළුවන් එකම වටිනවනේ.

මේක පොඩි යාවත්කාලීන කිරීමක්. හුඟක් දෙනෙක් ඉල්ලපු නිසා හදන විදිය පහලින්.

ගෙදරදීම පහසුවෙන්ම හදාගන්න යෝගට්/මීකිරි/මුදවපු කිරි රෙසිපි එක

  • කිරි ලීටර් 1 ( සම්පූර්ණ යොදය සහිත)
  • මුහුන් තේ හැඳි 1 ( ශීත කාලයේදි නම් මේස හැඳි 1 - මම මෙහෙම කිව්වේ මෙතන මම වගේම ඝෘතු භේදය තියන රටවල වාසය කරන අයත් ඉන්න නිසා)

මුහුන් ගැන කතා කරනවා නම් හොඳම දේ කලින් ගෙදරදිම සාදාගත් මුදවපු කිරි ටිකක්ම වුනාට මට එහෙම තිබුනේ නැති නිසා මම පාවිච්චි කලේ කඩෙන් ගත්ත (pot set කියන වර්ගයේ ) මුහුන්.

මුදවපු කිරි රෙසිපි: සාදන ක්‍රමය

  1. පිරිසිදු භාජනයක කිරි ලිපේ තියලා සාමාන්ය රස්නෙක මේ කිරි උතුරවාගන්න ඕන.
  2. එක පාරක් කිරි ටික උතුරලා උඩට එද්දිම ලිප නිවලා කලින් පිරිසිදු කරගත් මැටි හට්ටියට මේ කිරි ටික වත් කරලා නිවෙන්න හරින්න ඕන.
  3. මේ කිරි ටික ලා රස්නෙ ගතියට ආවම (Lukewarm) තමයි හරි පදම මුහුන් මිශ්ර කරන්න.
  4. මුහුන් ටික මිශ්ර කරලා යාන්තමින් හැඳි ගාලා හොඳට සුලං නොවදින විදියට වහලා උණුසුම් ස්ථානයක මේ භාජනය තියන්න ඕන. සාමාන්යයෙන් සෙල්සියස් 30ට වැඩි නම් ඉතාමත් හොඳයි.

පොඩ්ඩක් ඉවසන් ඉන්න අමාරු වුනත් පැය 3/4 යනකම් මේ භාජනය අරින්න යන්නෙපා.

කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ. මට පලවෙනි වතාවෙන්ම හරි ගියා.

ප.ලි.
*මුහුන් මදි කියලා හිතලා මුහුන් වැඩි කරන්න යන්නෙපා.
*භාජෙනේ ඇර ඇර බලන්න යන්නෙපා.
* සම්පූර්ණ යොදය සහිත දියර කිරි භාවිතා කරන්න.

මුදවපු කිරි රෙසිපි: මුදවපු කිරි වලින් සාදාගන්නට හැකි වෙනත් ආහාර

1. මුදවපු කිරි ආලේප කළ කුකුල් මස්

කුකුල් මස් සඳහා රසවත් marinade එකක් ලෙස මුදවපු කිරි භාවිතා කරගත හැකියි.

මුදවපු කිරි කෝප්ප එකකට දෙහි යුෂ ටිකක් මිරිකාගෙන , ඊට අඹරන ලද සුදුළූණු තේ හැන්දක් සහ මිරිස් හෝ ගම්මිරිස් කුඩු මේස හැන්දක් එක් කරන්න.

මෙම මිශ්‍රණය කුකුල් මස් දෙක තුනක හොඳින් ගල්වාගෙන පැය 24ක් පමණ තිබෙන්නට හරින්න.

ආහාර ගන්නා වේලාවට විනාඩි 20කටපමණ කලින් ග්‍රිල්, රෝස්ට් හෝ තැටියක බහා උයාගන්න.

මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

2. පොඩ්ඩන්ට ක්‍රීම් ක්‍රැකර් හෝ එළවලු එක්ක කන්න රසවත් ඩිප් එකක් හදාගන්න

මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

3 රසවත් මුදවපු කිරි පානය

බ්ලෙන්ඩරයක, යෝගට් කෝප්ප 2ක්, අයිස් කැට 6ක්, ජලය කෝප්ප එකහමාරක්, සීනි තේ හැඳි 2ක් සහ ලුණු මිශ්‍ර කරගන්න.

උස වීදුරු වල අයිස් කැට මත මිශ්රණය වත් කරගෙන රස විඳින්න.

4. රයිතා

රයිතා යනු බුරියානි, දෝසා වැනි ඉන්දීය ආහාර සමඟ  කෑමට ගන්නා ඉතා පෝෂ්‍යදායී අතුරු ව්‍යාංජනයක්.

මෙය සාදාගැනීමට මුදවාපු කිරි කෝපප 3කට, හීනියට කපාගත් ළූණු ටිකක්, හීනියට ලියාගත් අමු මිරිස් කරලක්, පිපිඤ්ඤා ස්වල්පයක් සහ ලියාගත් මිංචි හෝ කොත්තමල්ලි කොළ ස්වල්පයක් එකතු කර ඉතා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් මෙයට ලුණු හා දෙහිය යුෂ අවශ්‍ය පමණට එකතු කරගන්න.

මුදවපු කිරි රෙසිපි රයිතා වලට අන්නාසි,  වෙනත් කැමති ආකාර වලින් විවිධත්වයක් සහිතව සාදාගත හැක.

5. මුදවපු කිරි සමග ඕට්ස් (උදෑසන ආහරයක් ලෙසින්)

රෑ නින්දට පෙර, ඕට්ස් කෝප්ප 1/2ක් බඳුනකට දමා ඊට උතුරන උණු වතුර කෝප්පයක් පමණ මිශ්‍ර කරන්න. මෙය රැය පුරා තිබෙන්නට් අහරින්න.

මෙයට පෙති ගැසූ කෙසෙල්, මුද්දරපලම්, අන්නාසි, අඹ ඇනි ඔබ කැමති ද්‍යක් මිශ්‍ර කරගත හැකියි.

පසුදා මෙය උදෑසන ආහාරය ලෙස ගන්න. කෑමට ගැනීමට පෙරද කැමති පළතුරු කැබලි ටිකක් උඩින් ඉසගත හැකිය.

මුදවපු කිරි රෙසිපි

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි