theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තරුණ පෙනුම රැක ගන්නට ආයුර්වේදයෙන් උපදෙස්

4 අවම කියවීම
තරුණ පෙනුම රැක ගන්නට ආයුර්වේදයෙන් උපදෙස්තරුණ පෙනුම රැක ගන්නට ආයුර්වේදයෙන් උපදෙස්

මේ සරල උපදෙස් පිළිපැද්දොත් ඉතා ඉක්මණින් ඔබටත් තරුණ පෙනුමක් ලැබේවි.

වයස්ගත වීමත් සමඟ මහළු පෙනුමක් ලැබීම, ශරීරය දුබල වීම සාමාන්‍ය දෙයක්. නමුත් වයස්ගත වීමටත් පෙර වයස්ගත පෙනුමක් ලැබීම, ශරීරය දුබල වීම සිදුවන්නේ නම් එයට අප කවුරුත් අකමැති වන බව නොරහසකි. තරුණ පෙනුම නැවත ලබා ගන්න ඔබ අකමැති නැතුව ඇති නේ.

ඔබ කොයි වගේද?

සමහර වෙලාවට වයස විසි ගණන් වල මැද ඉන්න අම්මලා වයසින් තිස් ගණනනුත් පහු කරලා වගේ පේනවා. ඉන්නෙත් එක දරුවයි වෙන්න පුලුවන්. වයසට වඩා වයස් ගත වෙලා. ඇයි එහෙම වෙන්නේ. ඔබත් එහෙම වෙලාද? චුට්ටක් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. හම වියලි වෙලා. හම ඉරි තලලා, මූහුණ වයස පාට වෙලා. කොහේද වරද? තරුණතරුණ පෙනුම නැති වෙන්නේ ඇයි?

ඔබේ පෙනුමත් ඔබේ ඇත්ත  වයසට වඩා ගොඩාක් වැඩිද? තරුණ පෙනුම දිය වෙලාද?

කාන්තාවක් මවක් උනාම ඇය බොහෝවිට  දරුවන් කෙරේ විතරක් වෙහෙසෙනවා. ඇය ගැන හිතන්නේ නෑ. ඇයගේ පෝෂණය ගැන හිතන එක මඟ හැරෙනවා. දරුවෝ එක්ක කරන යුද්ධය නිසා ඇය කාර්‍යබහුල වෙනවා.

වයසින් තරුණ වුවත් වසට වඩා වයස්ගත පෙනුමක් ලැබීමට හේතුවන කරුණු ගණනාවක් පවතී. කාර්‍යබහුලත්වයත් සමඟ අද බොහෝ පිරිසක් පෝෂණ ගුණයෙන් අඩු ක්ෂණික ආහාර සඳහා පුරුදු වී සිටිති. නිසි පෝෂණයෙන් යුතු සමබල ආහාර වේලක් නොගැනීම සිරුර වැහරීමට ප්‍රධානතම හේතුවකි.

තරුණ පෙනුම නැති වෙන්න, ශරීරයේ හෝමෝන සහ රසායනික සමතුලිතතාවය බිඳවැටීමට හේතු

  1. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
  2. ප්‍රමාණවත් නින්දක් නොලැබීම
  3. මානසික ආතතිය වැනි විවිධ මානසික ගැටළු
  4. දුම් පානය හා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
  5. විවිධ දීර්ඝකාලීන රෝග පැවතීම හා ඒවට නිසි ප්‍රතිකාර නොකිරීම

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම

අද ඉන්න ගොඩක් දෙනෙක් ප්‍රමාණවත් තරමට ජලය පානය කරන්නේ නෑ. සමහර වෙලාවට අධික පිපාසයක් ආවොත් තමයි ජලය මතක් වෙන්නේ. එහෙම කරන එක අනිසි ප්‍රට්ගෙන දෙනවා ඔබට. ඔබේ පෙනුමට ලොකු හානියක් ගෙන දෙනවා ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරනවා නම්.

තරුණ පෙනුම

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

ඔබට ප්‍රමාණවත් නින්දක් ලැබෙනවාද? අම්මා කෙනෙක් උන ඔබට නම් නින්ද කියන්නේ සිහිනයක් වගේ. චූටි දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට හරි හැටි නින්දක් නම් ලැබෙන්නේ නෑනේ රාත්‍රියේ. ඒකට දරුවා නිදා ගන්නකොග අම්මත් නිදා ගන්න. විවේකයක් ගන්න. ලොකු දරුවෝ ඉන්න අම්මලා රෑ වෙනකල් නිවසේ වැඩ කරලා උදේම ඇහැරෙනවා. ඒක හොඳ නැති දෙයක්. වේලාසන නිදා ගන්න. ඔබේ වයසට ගැලපෙන නින්ද අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඔබේ තරුණ පෙනුම රැක ගන්න නින්දත් හරිම වැදගත්.

මානසික ආතතිය වැනි මානසික ගැටළු

තරුණ පෙනුම නැති කරන තවත් දෙයක් තමයි මානසික ආතතිය වගේ මානසික ගැටළු. ඔබ ආතතියෙන්ද ඉන්නේ? හොඳම මිතුරියක්/මිතුරෙක් සම්ඟ ඔබේ කනස්සල්ල, අතතිය මුදා හරින්න. එහෙමත් නැත්නම් දින පොතක් කියන්නේ හොඳ නිහඬ මිතුරෙක්. ඔබේ රහස් කවදාවත් කාටවත්ම කියන්නෙත් නෑ කියලා 100%ක් විශ්වාස නිසා ඔබේ මානසික ආතතියට හේතු වෙන දේවල් කතා කරන්න පුලුවන්. සැහැල්ලුවෙන් ඉන්නකොට ලෙඩ රෝගත් අඩුයි. තරුණ පෙනුමත් රැකෙනවා.

දුම් පානය හා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම

දුම්පානය හා මත්පැන් කියලා කියන්නේ ඔබට වයසට වඩා වයස පෙනුමක් ගෙන දෙන සතුරෝ දෙන්නෙක් වගේ. ඒවා නිසා සිරුරට වෙන හානිය මෙතෙකැයි කියන්නට බැහැ. ඔබව වයසට යනවා විතරක් නෙමෙයි පෙනහළු පිළිකා, සිරෝසිස් වගේ ලෙඩ රෝග වලින් ඔබේ ආයුෂ කෙටිත් කරනවා.

තරුණ පෙනුම

විවිධ දීර්ඝකාලීන රෝග පැවතීම හා ඒවාට නිසි ප්‍රතිකාර නොගැනීම

සමහර අයට නිධන්ගත රෝග තියෙනවා. ඇදුම, ආතරයිටීස්, දියවැඩියාව වගේ කාලයක ඉඳලා තියන රෝග තියෙනවා.

ලෙඩ රෝග ඇති වීම කාටත් පොදු දෙයක්. නමුත් එවැනි රෝගයකට නිසි ප්‍රතිකාර නොගෙන සිටීම අනුමත කරන්නට බෑ.

එමඟින් ලෙඩ රෝග උත්සන්න වෙනවා විතරක් නොවේ. ඔබගේ තරුණ පෙනුම විනාශ කරනවා. ඔබව වැහැරුණු පෙනුමක් ඇත්තෙක් බවට පත් කරනවා.

ඒ නිසා ඔබේ තරුණ පෙනුම විනාශ කරන ඒ දේවල් ගැන හොඳින් සිතන්නට අවශ්‍ය වෙනවා.

මෙවැනි කරුණු නිසා ශරීරයේ හෝමෝන හා රසායනික සංයුතිය අසමතුලිත වන අතර ශරීරයේ ඇති මුක්තඛණ්ඩ (Free radicals ) ප්‍රමාණය ද ඉහළ යයි. මේ නිසා වයසට වඩා වයස්ගත පෙනුමක් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වේ.

මිනිසුන් වයසට යාමෙන් බේරා ගන්නා "රසායන තන්ත්‍රය"

මිනිසුන් මෙලස දිරාපතිවීමෙන් බේරාගන්නා ආයුර්වේදීය චිකිත්සාව "රසායන තන්ත්‍රය" ලෙස හැඳින්වේ.

රසායන තන්ත්‍රය ආයුර්වේදයේ ඇති ප්‍රධාන අංග අටෙන් එකකි. රසායන ඖෂධ මඟින් පුද්ගලයෙකුගේ ආයුෂ වැඩි වන අතර සිරුරේ ප්‍රභාව සුරකිමින් තරුණ පෙනුම දෙන්නේ මතක ශක්තියද වඩවමිනි.

නමුත් රසායන චිකිත්සාව ඒ ඒ පුද්ගලයාට ගැළපෙන ලෙස නිසි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකල යුතු බව නම් කිවයුතුමය.

තරුණ පෙනුම ගෙන දෙන රසායන ආහාර

කවුද අකමැති හැමදාම තරුණ පෙනුමට ඉන්න. මවක් උනාම දරුවෝ උස් මහත් වෙද්දි ලස්සනට ඉන්න ඕනි.

ඒකට වෙළඳපලේ තියන රසායනික දේවල් පිරුණු, විව්ධ නම් වලින් එන සුදු වෙන ක්‍රීම් ගාලා නම් හරියන්නේ නෑ. සිරුරට හොඳ පෝෂණයක් ලබා ගන්නම ඕනි.

තරුණ පෙනුම

ශරීරය බලවත් කරමින් තරුණ පෙනුම සුරකින ආහාර බොහොමයක් ඇත.මේවා " රසායන ආහාර" ලෙස හඳුන්වනු ලැබේ.ඒවා කිහිපයක් නම්,

  • රට ඉඳි
  • බතල
  • ආමන්ඩ්
  • කජු
  • කිරි
  • ගිතෙල්
  • ඔලිව් තෙල්
  • අඹ
  • වට්ටක්කා ඇට
  • අලිගැටපේර
  • ගොටුකොල
  • තල

මේ ආහාර වර්ග වැඩි වශයෙන් ගත්තොත් තරුණ පෙනුම රැක ගන්න එක අමාරු දෙයක් වෙන්නේ නම් නැති වෙයි.

 

Gimhani Fonseka

මේ විස්තරය කොලඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතන ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වන ගිම්හානි ෆොන්සේකා අපිට ගෙන එන ලදී.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙහි මුල් ලිපිය ඇය "ඔසුල"නම් වූ ඇයගේම ෆේස්බුක් පිටුවේ මෙය පල කලා.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • තරුණ පෙනුම රැක ගන්නට ආයුර්වේදයෙන් උපදෙස්
බෙදාගන්න :
  • අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

    අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

    අම්මලාගේ ලස්සන ලාබාල පෙනුම රැකගන්න ළමයි කීදෙනෙක් සිටිය යුතුද?

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it