theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්

5 අවම කියවීම
සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්

ඔබේ සැමියාට ආදරයෙන් සලකන්න. ඔහු ඔබේ හදවතේ අනෙක් අර්ධයයි.

සැමියාට සැලකීම යන්නෙන් අදහස් කරන්නේ හුදෙක්ම ඔහුව ලිංගිකව තෘප්තිමත් කිරීම පමණක් නොවේ.

ඔව්, ලිංගික එක්වීම් විවාහය තුල මහත් කාර්යයක් කරන බව අපි පිළිගන්නවා.

නමුත් විවාහයත් එක්ක ජිවිතයට ලිංගික ජිවිතය එක්වෙද්දි බොහොමයක් අයට මග හැරෙන පුංචි දෙයක් තියෙනවා.

ඒ තමයි ආදරය දැක්වීම. බැන්දට පස්සේ ආදරය පෙන්වීම, සුරතල් වීම සමහර විට ඔබට බොළද දෙයක් විදියට පෙනෙන්න පුළුවන්.

නමුත් ඔ‌බේ සැමියාට සැලකීම සදහා මේ ආදරණිය ක්‍රියාකාරකම් ඔබ දෙපලගේ ජිවිතයට එකතු කරගෙන බලන්න

සැමියාට සැලකීම සදහා පුංචි ආදරණිය ක්‍රියාකාරකම් 50

1.ඔබ දෙදෙනා හමුවීමට පෙර  ඔබේ මනස නිදහස් කරගන්න. එවිට ඔබට සතුට හා ප්‍රබෝධය දැනෙන අතර දවසේ ආතතිය ඔබේ ආදරයට බාධාවක් නොවේවි.

2.ඔහු ඔබ වෙනුවෙන් හෝ ඔබේ අනාගතය වෙනුවෙන් හොඳ දෙයක් කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම ‘ස්තූතියි’ කියන්න.

3.ඔහුගේ ප්‍රියතම පානය ඔබේ ශීතකරණයේ තබා ගන්න.

4.විශේෂ අවස්ථාවන්දි  “මම ඔබට ආදරෙයි…” කියන පුංචි පුංචි ආදර සටහන් ඔහුට දෙන්න

සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්

5.රස්නේ වේලාවට සීතල පානයක් ඔහුට සකසා දෙන්න. සීතල වේලාවට දුම් දාන රසම රස  තේ එකක් හෝ කෝපී එකක් ඔහුට දෙන්න.

6.ඔබ නිවසෙන් පිට වෙන කොටත් ඔහු දකින විටත් නිතර ඔහුව වැළදගන්න.

7.ඔහු කණගාටුවෙන් සිටින විට ඔබේ නියපොතු ඔහුගේ පිට නොරිදෙන ලෙස පහුරු ගාන්න.

8.ඔබ ප්‍රේමාන්විත වැඩසටහනක්  නරඹමින් සිටියදී ඔහුගේ හිස පිටුපසට සෙමෙන් සම්බාහනය කරන්න.

9.කොන්ද ප්‍රදේශයට සම්බාහනයක් ලබා දෙන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.  ඔහුගේ ඉල්ලීමකින් තොරව කොන්ද ප්‍රදේශයට සම්බාහනය කරන්න. නැතහොත් ඔබට ආපිට එවන් සම්බාහනයක් ඉල්ලා ගන්න.

සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්

10.ඔහුගේ ප්‍රියතම ආහාරය කුමක්දැයි දැනගන්න. එය විවිධ ක්‍රම වලට සකස් කරන්න ඉගෙන ගන්න. අන්තර්ජාලයෙන් ඔබට රසම රස කෑම වට්ටෝරූ සොයා ගන්න පුළුවන්.

11.ඔහුගේ මෝටර් රථයේ අවශ්‍යතා සපුරා තියන්න.

12.ඔබ ඔහුගේ ආදරයේ  භාෂාව හදුනාගන්න. එකිනෙකාගේ ආදර භාෂාව වෙනස්ය. ඔබේ සැමියාගේ ආදර භාෂාව සොයා ගත් විට  ඔබේ හැඟීම් ඔහුට කියන්න පුළුවන්

13.ඔහු බඩගිනිදැයි විමසන්න, ඔහු කුමක් කරමින් සිටියත් ඔහු වෙනුවෙන් ආහාර වේලක් සාදන්න.

14.ඔබේ  සම්බන්ධතාවය ගැන ඔබට  ගැටළු තිබේ නම්, ඒවා පැහැදිලිව සාකච්ඡා කරන්න. ඊට පෙර එය හිතෙහි තබා ගෙන ඔහුව රිදවන්න හෝ ඔහුට වද දෙන්න උත්සහ කරන්න එපා.

15.සටන් කරන විට, සෑම විටම ඔබ දෙදෙනාම එක කණ්ඩායමක ලෙස කටයුතු කරන්න. ඔබ දෙදෙනාටම වඩාත් සුදුසු වන්නේ කුමක්දැයි වටහා ගැනීමට ඔබට එකට එක්ව කටයුතු කිරීම අවශ්‍ය බව මතක තබා ගන්න. ඔබගෙන් කෙනෙක් සටන “දිනුවොත්” ඔබ දෙදෙනාම පරාජය වෙනවා. එය අමතක නොකරන්න.

16.ඔබ සතුටු හිතෙන  ඔහු ගැන යමක් සිතන විට, එය බලාපොරෙත්තු නොවු දෙයක් වුනත් එය  ඔහුට කියන්න හෝ කෙටි පණිවිඩයකින් කියා යවන්න.

17.ඔහු කඩවසම් බව ඔහුට කියන්න.

18.ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමට ඔහු කැමති නැතිනම් නම්, කමක් නැහැ,  ඔබ ඔහු වෙනුවෙන් ඒවා කරන්න.

19.ඔහු අවදි වීමට පෙර ඔබ අවදි වු විට ඔහුට ඇඳ ලගට කෝපි එකක් ගෙන යන්න.

20.ඔබට ඔහු නැතිව පාලු දැනෙන විට, එය ඔහුට කියන්න.

21.ඔහු නිවසෙන් පිටව යන සෑම මොහොතකම ඔහුගේ නළලට හාදුවක් දෙන්න.

22.ඔහු මහන්සි වී නිවසට පැමිණි විට ඔහුගේ කකුල් සම්බාහනය කරන්න.

23.ඔබ ඔහුව දකින සෑම විටම සිනහාවක් තිළිණ කරන්න.

24තඔහු තම රැකියාව සඳහා පරිගණකයක වැඩ කරන්නේ නම්,  ඔහු‌ගේ අත් සම්බාහනය කරන්න. දවස පුරා එම මාංශ පේශි භාවිතා කරන විට දැනෙන වේදනාව කියලා නිම කරන්න බැහැ. ඔබට එය තුනී කරගන්න මෙලෙස සම්බාහනය කිරීමෙන් ඔහුට උදව් කරන්න පුළුවන්.

25.ඔබ ටික වේලාවක් එළියට යනවා නම් ඔහුගේ පොඩි බඩගින්න නිවන්න ඔහු කැමතිම කුකීස් හෝ කේක් සකස් කර තබා යන්න.

26.ඔබ ප්‍රේමාන්විත රාත්‍රියක් සැලසුම් කරන්නේ නම්, ඉටිපන්දම් පත්තු කර  රාත්‍රිය සඳහා රසවත් විශේෂ කෑමක් පිළියෙළ කිරීමෙන් එය තවත් විශේෂ කරන්න.

සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්

27.ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨ සහකරුවෙකු දැයි ඔහුට කියන්න, ඒ සදහා හේතු පෙන්වා දෙන්න.

28.ඔහු ගමනක් යාමට පෙර ඔහුගේ ප්‍රියතම ආදරබර  සටහනක් ඔහුගේ බෑගයට දමන්න.

29.ඔබ ඔහු අසල වාඩි වී සිටින විට ඔහුගේ අත පිරිමදින්න.

30.ඔහුට නිදා ගැනීමට ඉඩ දෙන්න.

31.ඔහු ස්නානය කරන විට, කැඩපතෙහි වාෂ්පය මත හුරුබුහුටි සටහනක් ලියන්න.

32.කිසිම හේතුවක් නොමැතිව ඔබ දෙදෙනා නිවසේදී විසිතුරු රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කරන්න.

33.ඔබ ඔහු කෙරෙහි කෙතරම් ආකර්ෂණය වී ඇත්දැයි ඔහුට කියන්න.

34.ඔහුගේ කොණ්ඩය හරහා ඔබේ දෑත් වල ඇගිලි තුඩු මෘදුව ගමන් කරවන්න.

35.ඔහු කිරීමට අදහස් කර ගෙන සිටි නමුත් මාස ගණනක් (හෝ ඊට වැඩි කාලයක්) අතපසු වු  යම් වැඩක් හෝ කාර්යයක් කරන්න.

36.ඔහුට සුඛෝපභෝගී නිෂ්පාදනයක් ලබා දෙන්න.

37.ඔහු රැකියාව ගැන කණගාටුවට පත් වෙන විට, ඔහු කොතරම් හොදින් රැකියාව කරනවාද යන්නත් ඔහුගේ සේවායෝජකයා ඔහු වන් සේවකයෙකු ලැබීමට කොතරම් වාසනාවන්තදැයි යන්නත් ඔහුට මතක් කරන්න.

38.ඉදහිට ඔබ රැකියාවෙන් නිවසට පැමිණෙන අතර නිවසේදී රසවත් යමක් පිළියෙල කිරීමට අවශ්‍ය දේවල් මිලදී ගන්න.

39.ඉදලා හිටලා  වේලාසනින් අවදි වී අනෙක් වැඩ කිරීමට පෙර පෑන්කේක් හරි වෙනත් රසවත් උදෑසන ආහාරයක් පිළියෙළ කරන්න.

40.ඔහු වෙනුවෙන් ඔහු කැමතිම දිවා ආහාරය ඇසුරුම් කර ඒ  සමඟ ආදර සටහනක් තබන්න.

41.ඔහු කතා කරන විට සැබවින්ම ඔහුට සවන් දෙන්න. ඔබ දෙදෙනා කතා කරන විට ඔබගේ දුරකථනය පසෙකින් තබන්න.

42.ඔබට මෙතරම් හොඳ හවුල්කරුවෙකු වීම ගැන ඔහුට ස්තූතියි කරන්න.

43.ඔහුගේ වාහනය පිරිසිදු කර දෙන්න.

44.ඔබ සැලසුම් කර නැති රාත්‍රියක, ඔහුගේ ප්‍රියතම චිත්‍රපටය නැරඹීමට සැලසුම් කර ඔහුව පුදුම කරන්න.

45.ඔහු ඔබට කොතරම් ආදරය කරනවාද සහ ඔහුගේ ආදරය ඔබට කොතරම් සතුටක් දෙනවාද කියා ඔහුට කියන්න.

46.ලිංගිකත්වයට සම්බන්ධ නොවන විදියට ඔහුව ශාරීරිකව සනසන්න.

47.ඔබ ඔහු ගැන ආඩම්බර වන විට ඔහුට කියන්න.

48.සෑම විටම ඔහුගේ පැත්ත ගන්න.

49.“මම ඔබව අගය කරනවා” යැයි කියන්න.

මේ ගැන ‌මොකද ඔබ හිතන්නේ? සැමියා ‌වෙනුවෙන් ‌මේ වගේ පුංචි පුංචි ‌දේවල් කරලා ඔහුව පුදුම කරන්න ඔබට පුළුවන්.

මූලාශ්‍ර: thoughtcatalog.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියෙකුට දැනෙන්න ආදරය හා අගය කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් 50 ක්
බෙදාගන්න :
  • බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

    බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

  • ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

    ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

  • බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

    බිරිඳට ඇය පතන ආදරය දෙන්න ක්‍රම 100 ක්

  • ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

    ඔබ විවාහ වුයේ හරිම කෙනා සමගද කියා පෙන්වන සලකුණු 16 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it