theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවස සුර විමනක් කරන 5S ක්‍රමය

4 අවම කියවීම
නිවස සුර විමනක් කරන 5S ක්‍රමයනිවස සුර විමනක් කරන 5S ක්‍රමය

ගෙදර ඉන්න ගමන් ඵලදායි වැඩක් කරමුද? නිවස 5s සංකල්පයට අනුව සකස් කරන්න.

5s ක්‍රමය අපි කාටත් අලුත් වචනයක් නෙමෙයි. ඇත්තටම මේ ක්‍රමවේදය අපිට දායාද වෙන්නේ ජපානයෙන්. 5S ක්‍රමය සේවා ස්ථානයක සේවා තත්වයන් සංවිධානය කිරීමට, සේවාදායකයන්ට පිලිවෙල පුරුදු වීම සඳහා උපකාර වීමට සහ වැඩිදියුණු කිරීමට යොදා ගන්නා අයුරු දකින්න පුළුවන්.

මෙම 5S ක්‍රමය සේවස්ථානයක පමණක් නොව, අපගේ ගමන් මල්ලට, හෑන්ඩ් බෑග් එකට විතරක් නොවෙයි, පර්ස් එකට පවා යොදාගෙන අද්විතීය ප්‍රථිඵල අත්දකින්නට පුළුවන්.

මේ නිසාම මෙම ක්‍රියාවලිය නිවස සඳහා යොදා ගැනීමෙන් නිවස පිළිවෙළ සුන්දර ස්ථානයක් කරගත හැකි බව අමතක කරන්නට බැහැ.

 

නිවස සුර විමනක් කරන 5S ක්‍රමය

පිලිවෙල පුරුදු වීම සඳහා 5s ක්‍රමය කියන්නේ මොකද්ද?

5S යනු සේවා ස්ථාන සංවිධාන ක්‍රමයක නමයි […]. මෙහි S අකුරින් පටන්ගන්නා වචන 5ක් සහිත ලැයිස්තුවක් තිබෙනවා.

භාවිතා කරන අයිතම හඳුනාගෙන ගබඩා කිරීම, ප්‍රදේශය සහ අයිතම නඩත්තු කිරීම සහ නව ඇණවුම පවත්වා ගෙන යාමෙන් කාර්යක්ෂමතාව සහ effectiveness ඵලදායීතාවය සඳහා වැඩ අවකාශයක් සංවිධානය කරන්නේ කෙසේද යන්න ලැයිස්තුව විස්තර කරයි.

කෙටියෙන් කිවහොත්: 5 එස් යනු මෝටර් රථ කර්මාන්තයෙන් (වඩාත් ප්‍රසිද්ධියේ ටොයොටා වෙතින්) පැවත එන ක්‍රමවේදයක් වන අතර එහි පරමාර්ථය වන්නේ ඔබේ සේවා ස්ථානය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඔබ වඩාත් ඵලදායී වීමයි.

මෙම ක්‍රමය ගේදොර පිළිවෙලට තබාගැනීම සඳහාද ඉතාම සාර්ථකව යොදාගත හැකි  ක්‍රමයක්.

පිලිවෙල පුරුදු වීම: 5S යනු ජපන් වචන 5 ක් වන අතර එය S වලින් ආරම්භ වී ක්‍රමවේදය සාරාංශ කරයි.

1. seiri : සුසංහරණය – වෙන්කිරීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීම

2. seiton: සුසංයොජනය – ක්‍රමවත්බව සහ පිළියෙල කිරීම

3. seiso: සුපසන්නතාවය – පිරිසුදු කිරීම/පරීක්ෂා කිරීම

4. seiketsu: සුසංස්ථාපනය – ක්‍රමානුකූලබාවය සහ උසස් ප්‍රමිතිය

5. shitsuke: සුසංවේදයත – ශික්ෂණය සහ මනා පුහුණුව

සරලවම 5s අපිට කියන්නේ ‌මේ කථා 5 යි. අපි ඒ ගැන වැඩි දුරටත් දැනුවත් ‌වෙමු.

1. seiri : සුසංහරණය – වෙන්කිරීම, අනවශ්‍ය දෑ ඉවත් කිරීම

ඔබේ නිවසේ ඇති සෑම දෙයක්ම වර්ග කිරීම මෙහිදි සිදුවෙනවා. මේ සදහා පෙට්ටි 4 ක් ගන්න.

ඒවා  "ඉවත් කරන" "පරිත්‍යාග" "ගබඩා කිරීම" සහ "භාවිතය"  ලෙස නම් කරන්න.

ඉන්පසු එක් කාමරයකින් පටන් ගෙන එහි ඇති සියලු දෙය මෙම පෙට්ට 4 ට දමන්න.

එලෙස මෙම ක්‍රියා දාමය නිවස පුරා ක්‍රියාත්මක කරන්න. මෙහිදි භාණ්ඩ අඩු කර ඔබේ නිවස ලස්සන කරගන්න හැකිවෙනවා.

2. seiton: සුසංයොජනය – ක්‍රමවත්බව සහ පිළියෙල කිරීම

නිවස සුර විමනක් කරන 5S ක්‍රමය

මෙහිදි ඔබ විසින් වෙන්කල "ගබඩා කිරීම" සහ "භාවිතය"  පෙට්ටි වල ඇති දේවල් නිසි ස්ථාන වල පිළිවෙළකට තැබීම සිදු කරනවා.

ගබඩා කරන හෝ භාවිතය ලෙස නම් කල සෑම භාන්ඩයකට නිශ්චිත ස්ථානයක් ලැබෙනවා.

මෙයත් ඔබට එක් කාමරයකින් පටන් ගෙන නිවස පුරා ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මෙහිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉතිරි වී අනවශ්‍ය ගොඩාක් දේවල් ඉවත් වෙන නිසාත් , ඉතිරිවෙන භාණ්ඩ පිළිවෙලට අසුරන නිසාත් නිවසට කලඑළියක් ලැබෙනවා.

3. seiso: සුපසන්නතාවය – පිරිසුදු කිරීම/පරීක්ෂා කිරීම

සියලු අනවශ්‍ය දෑ ඉවත්කොට, අවශ්‍ය දෑ පිළිවෙළට තබා අවසන් නේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දැන් නිවස බොහෝ දුැරට පිරිසිදු වී අවසන් එයට අමතරව වහලයේ ඇති මකුළු දැල්, බිම ඇති දුවිලි මෙන් බිත්ති මත රැදි ඇති අපද්‍රව්‍යද ඉවත් කිරීමෙන් ඔබට නිවස තවදුරටත් පිරිසිදු කරන්න පුළුවන්.

ඔබ පිළිවෙළකට තැබු දේවල් හා ගබඩා කල දේවල් පවා පිස තබන්න පුළුවන්.

නිවෙස පිරිසිදු වෙන විට මානසික සුවයක් අත්පත් වෙනවා.  මෙම පිරිසිදු කම දිගටම පවත්වා ගන්න.

4. seiketsu: සුසංස්ථාපනය – ක්‍රමානුකූලබාවය සහ උසස් ප්‍රමිතිය

නිවස සුර විමනක් කරන 5S ක්‍රමය

ඔබ විසින් "ගබඩා කිරීම" සහ "භාවිතය" ලෙස නම් කළ භාණ්ඩ ප්‍රමිතිකරණය කරන්න.

මෙම භාණ්ඩ සංවිධානාත්මකව තබා ගැනීමට ඒවා ලේබල කරන්න.

වර්ණ කේත ක්‍රමය  පොදු භාණ්ඩ සදහාත් පෙග් පුවරු ගරාජයේ හා නාන කාමරයේ එල්ලෙන උපකරණ සදහා සුදුසු වෙනවා.

ඔබගේ සියලු භාණ්ඩ නිවස තුළ ඇති බවටත්, ඒවා තවදුරටත් භාවිතා නොකරන විට ඒවා පහසුවෙන් තැබීමටත් මෙහිදි හැකිවෙනවා.

5.shitsuke: සුසංවේදයත – ශික්ෂණය සහ මනා පුහුණුව

මෙම ක්‍රමය නිතිපතා පවත්වා ගෙන යාමට  වග බලා ගන්න.

නිවස පිළිවෙලට තබා ගැනීමට අවශ්‍ය දෛනික, සතිපතා සහ මාසික දේවල් කිහිපයක් මෙහි සටහන් කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

නිදසුනක් වශයෙන්, සෑම දිනකම වෙනස් කාමරයක් "පිරිසිදු කිරීම", සතිපතා ගෙදර දොරේ වැඩ හෝ ගෘහස්ථ උපකරණ  මාසිකව නඩත්තු කිරීම වැනි දේවල් ඔබට සටහන් කරගන්න පුළුවන්.

ඔබ මෙම කාර්යයන් ලියා ලැයිස්තුව පහසුවෙන් දැකිය හැකි ස්ථානයක තබා ගන්න.

5s ක්‍රමය 6 වන පියවර

5s ක්‍රමය වුවත් මෙහි අඩංගු වෙන වැදගත් පියවරක් තියෙනවා.

එය සයවැනි පියවර ලෙස අපි නම් කරමු. එය නම් මෙම ක්‍රියාවලියම නැවත නැවත කිරීමයි.

ඒ මගින් මෙම 5s ක්‍රමය අඛණ්ඩව පවත්වා ගත හැකි අතර ඔබටත් මානසික සුවය හිමි සුරපුරක් වන් නිවසක් අත්පත්කරගන්න පුළුවන්.

5S ක්‍රමයේ විශේෂත්වයක් වන්නේ එහි ඇති විනෝදකාමී සහ සිත් ඇදගන්නා සුළු බවයි.

මුලාශ්‍ර: www.hunker.com

vipslnews.wordpress.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • නිවස
  • /
  • නිවස සුර විමනක් කරන 5S ක්‍රමය
බෙදාගන්න :
  • ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

    ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

  • අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

    අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

  • ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

    ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

  • අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

    අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it