theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා

5 අවම කියවීම
දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලාදරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා

ගෙදර උයපු බත් ඉතිරි වෙලාද? විසී කරන්න එපා. එන්න අපි රසයෙන් හා පෝෂණයෙන් පිරි කැවිලි හදමු.

ගෙදර උයපු බත් ඉතිරි වෙලාද? විසී කරන්න එපා. එන්න අපි රසයෙන් හා පෝෂණයෙන් පිරි කැවිලි හදමු. ඔයාගේ පොඩ්ඩාත් අනිවාර්යයෙන්ම මේවාට කැමති  වේවි.  දරුවාට කෑම වට්ටෝරු ලෙස

දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

1. හොදින් අව්වේ වේලාගත් ඉතිරි බත් බෙන්ඩර් එකේ කුඩු කර

2. ගාගත් පොල්

3.සීනි

4. රස අනුව ලුණු

 දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා සාදන විදිය

• හොදින් අව්වේ වේලාගත් ඉතිරි බත් බෙන්ඩර් එකේ කුඩු කර ගෙන එයට ගාගත් පොල් හා සීනී යොදන්න.

•දැන් රස අනුව ලුණු යොදන්න.

• දැන් ඒවා ගුලි කරගන්න. කැමති නම් එහි නැවත සිනී  තවර ගන්නත් පුලුවන්.

හරිම පහසුයි නේද? එය පොඩ්ඩාට හවසට දෙන්න රසවත් කැවිලි වර්ගයක් වේවි.

ඒ වගේම ඔබ බබාට දෙන්න හොද සහල් ගැන කල්පපනා කරනවා නේද?

ඒ නිසාම මේ ලිපියේ අගට සුවදැල් හාල් ගැන විස්තර ටිකක් එකතු කරන්න අපි හිතුවා.

දරුවාට කෑම වට්ටෝරු

දරුවාට කෑම වට්ටෝරු : සුවදැල් සහල්

සුවඳැල් සහල් හා හීනටි සහල් ගැන වැදගත් කාරණා කිහිපයක් ‌මේ ලිපිය මගින් අප ඔබ ‌වෙත ‌ගෙන එන්න බලාපො‌ෙරොත්තු ව‌ෙනවා.

අපේ පොඩ්ඩන්ට පෝෂණයෙන් ඉහළ ආහාර දෙන්න අම්මා කෙනෙක් විදියට අපි කොයිකවුරුත් කැමතියි. දරුවාට ඉස්තරම් දේ ලබා දීම තමයි අපේ අරමුණ.

පෝෂණය ගැන කතා කරද්දී අපේ රටේ වටිනා සහල් වර්ගයක් වන සුවදැල් සහල් ගැන වැඩිදුර විස්තර ගෙන එන්නයි මේ සුදානම,

සුවඳැල් සහල් වල ගුණ මොනවාද ? ඇයි බබාට සුවඳැල් හාල්ම දෙන්න කියන්නේ ?

සුවදැල් හාල් බබාට දෙන්නේ කොහොමද? වගේ ප්‍රශ්න කෝටියයි නේද? අපි එහෙනම් ඒ ගැන සොයා බලමු.

බත පිසෙන විට සුවදක් වහනය වෙන සුවදැල් සහල් නිපදවන්න‌ේ ඇල් වී වර්ගයකිනි.

කිරි රසයෙන් යුක්ත මේ බතට  පොඩ්ඩන් කැමතියි

සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ

  • කාබොහයිඩේ‍්‍රට් 90%
  •  ප්‍රෝටීන්  7%
  •  මේදය 0.7%
  •  තන්තු 0.1%

මෙය ලංකාවේ දකුණු  පහත බිම් ප්‍රදේශ වල  වගා කෙරෙන සුවදැල් වී වල අස්වැන්න නෙලීමට බොහෝ කාලයක් ගත වෙනවා.

බොහෝ ප්‍රදේශ වල කිරි දානය සකස් කිරීමට යොදාගන්නේද මේ සහල් වර්ගයයි.

සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

සුවදැල් සහල් වලින් ලැබ‌ෙන ප්‍රතිලාභ

  • මෙහි  තන්තු බහුල නිසා ආහාර  හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා.
  • මෙහි අඩංගු කාබොහයිඩේ‍්‍රට් සිරුරට ශක්තිය ලබා දෙනවා.
  • සුවදැල් හාලේ අඩංගු විටමින් E  නිසා සම පැහැපත් වෙනවා.
  • රුධිර පීඩනය වැළැක්වීම කරනවා.
  • ඇසේ මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
  • තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා.
  • මුත්‍රා පිරිසිදු කරනවා.
  • සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා.

සුවදැල් කියන්න‌ේ ‌පෝෂණිය සහල් වර්ගයක්, එය වස විෂ ‌නොය‌ෙදු ‌ලෙස මිල දී ‌ගෙන භාවිතා කිරීම වැදගත් ‌වෙනවා.

සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

බබාට සුවඳැල් සහල් වලින් ආහාර 

  • කැරට්/ වට්ටක්කා / පරිප්පු, මාළු, බිත්තර කහමද, පලාවර්ගයක්, පොල්කිරි යොදා හොදට බෙරි වෙන්න පිසගන්න
  • සුවඳැල් සහල් පිස එයට පොල්කිරි යොදා කිරිබතක් පිසින්න පුළුවන්. මෙයට කුරහන් ටිකක් යොදා හදන්නත් පුළුවන්.
  • සාමන්‍යයෙන් අපි හදන සුප් එකට සුවදැල්  සහල් එක්කර රසවත් මෙන්ම පෝෂණිය සුප් එකක් හදාගන්න පුළුවන්.

ගොඩාක් අම්මලා ගොඩාක් විදියට මේ සුවදැල් සහලින් ආහාර හදලා තමන්ගේ දරුවන්ට දෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවාට කෑම වට්ටෝරු: හීනටි සහල්

දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා

එදා අපේ කුඹුරෙන් අස්වැන්න ලෙස නෙලාගත් හීනටි සහල් පසුකාලීනව තුරන්වීම නිසාත් ඒත් අද වන විට එහි ගුණ හඳුනා ගැනීම නිසාම නැවත එය ප්‍රසිද්ධ මාතෘකාවක් වී හමාරයි. එදා අපේ අම්මලා දරුවන්ට පළමු ආහාරය ලෙස හඳුන්වා දුන්නේ බත් කැඳයි.

මේ අතරින් හීනටි සහල්  වලින් සාදා ගන්න බත් කැඳ වල ඇති සුවිශේෂී ගුණ ගැන ආයුර්වේද වෛද්‍ය නො.520 හි, උදය අල්විස් වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය, සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා වැදගත් තොරතුරු රැසක් අපට සඳහන් කළා.

හීනටි සහල්

විටමින් B
ෆයිබර්
ප්‍රෝටීන්
විටමින් C
වැනි පෝෂණයන්ගෙන් බහුල ආහාරයක් වගේම ඝන ආහාර පටන් ගන්නා දරුවන්ට හොඳින් දිරවීම පහසු කරන බත් වර්ගයක් ලෙසද හඳුන්වනවා.

මැග්නීසියම් හා පොස්පරස් වැනි ඛණිජ ලවන අඩංගු වන මෙම සුවිශේෂ සහල් වර්ගය සුදු හා දුඹුරු යන වර්ග දෙකෙන්ම තියෙනවා. මෙම සහල් වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් ගුණය කුඩා දරුවන්ගේ සිට වැඩිමහල් යටත් ඉතාම හිතකර වෙනවා.

විශේෂ ගුණ

  • පිළිකා නැසීමේ ගුණයෙන් යුතු වෙනවා.
  • දියවැඩියාව පාලනයට ඉතා ගුණදායකයි.
  • කුඩා ප්‍රමාණයකින් හොඳ පෝෂණයක් ලැබෙනවා.

දරුවන්ට හුරුකරන්නේ කොහොමද?

මෙම සහල් එදා බහුලව වෙළඳපළේ තිබුනත් පිටරටින් ගෙන්වන සහල් වර්ග නිසා අද වන විට හීනටි සහල් මිල අධික සහල් වර්ගයක් ලෙසට පත්වී තිබෙනවා.

කෙසේ වුනත් ඔබට පුංචි පැටියාට හීනටි සහල් කිලෝ එකක පැකට් එකක් මාසයකට වඩා වැඩි කාලයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

1. හීනටි සහල් බත් කැඳ

දිනපතා ගන්නා කිරි වීදුරුව වෙනුවට හීනටි සහල් කැඳ වීදුරුවක් පුංචි පැටියට හුරු කරන්න ඔබට පුළුවන් නම් දවසකට අවශ්‍ය ශක්තිය ඔහුට ලැබෙන බව වෛද්‍යතුමා සඳහන් කරනවා.

හදාගන්නේ කොහොමද?

පියවර 1

සෝදා ගත්  සහල් තේ හැඳි දෙකක් පමණ රාත්‍රියේ ජලය සහිත භාජනයකට පෙඟෙන්න දමන්න.

පියවර 2

සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට භාජනයකට සහල් හොඳින් සෝදා දමා වතුර අඬු කෝප්ප 2 ක් පමණ දමා ගන්න. මීට කුඩා මැටි භාජනයක් තෝරා ගන්නවා නම් ඉතා හොඳයි.

පියවර 3

වතුර කෝප්ප එකක් පමණ සිඳී ගිය පසු මුට්ටියේම තිබියදී තරමක් නිවුණු පසු හැන්දකින් බත් ටික පොඩි කර ගන්න. කලින් දින රාත්‍රියේ පෙඟීම නිසා බත් ඇට පිටි ආකාරයට පොඩිවී තලපයක් ආකාරයට ඉක්මනින් වතුරට මුසුවෙනවා.

පියවර 4

හැකිතරම් පොඩිකර ගත් කැඳ එක අවුරුදු එකට වැඩි දරුවන්ට ලුණු ස්වල්පයක් එකතු කර මද රස්නයෙන් උදෑසන පානයට දෙන්න.

පියවර 5

මව්කිරි ඇත්නම් ඊට මව්කිරි ටිකක් මුසු කිරීමෙන් දරුවා ආරම්භයේදීත් ඊට හුඟක් කැමති වෙන්න පුළුවන්.

පියවර 6

ඊට සුදු ළුණු, ඉඟුරු හා රතුළුණු ඉතා කුඩා ප්‍රමාණ වලින් එක්කර තම්බා ගැනීමෙන් ඔබට රස වගේම ගුණයක් එක්කර ගන්න පුළුවන්.

විශේෂයෙන්

උණ, පාචනය, කෑම නොකන දරුවන්ට, වගේම පුරුද්දක් ලෙස කැඳ හුරු කිරීම සම්පූර්ණ ගුණදායක ආහාරයක් ලෙස එකතු කරගන්න පුළුවන් වගේම ඉන් ලැබෙන ශක්තිය පිටිකිරි කෝප්පයකට සමකළ නොහැකි බව වෛද්‍යතුමා පැවසුවා.

උදෑසන පිටිකිරි බොන්නට දරුවන් හුරු කිරීමට වඩා මෙවැනි හීනටි සහල් කැඳ කෝප්පයක් දරුවන්ගේ නුවණ, ශක්තිය, ස්මරණය වැඩිකරන බව වෛද්‍යතුමා තවදුරටත් පවසනවා.

ඔබට ඒකාකාරී බවෙන් මිදෙන්න ඉඳහිට හීනටි සුදු සහල් ද තෝරා ගන්න පුළුවන්.

කවරයේ රූපය සදහා ස්තුතිය youtube

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවාට කෑම වට්ටෝරු: ඉතිරි බත් වලින් අග්ගලා
බෙදාගන්න :
  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it