theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

5 අවම කියවීම
නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

අපි දරුවන්ට ලබා ‌දෙන උපදෙස් ඇත්තටම නිවැරදිද?

ඔබත් ඔබේ දරුවන්ට වැරදි උපදෙස් දෙනවාද? අපට අවැසි වන්නේ දරුවන්ට හොදම දේ දීමයි.

ලොව සිටින සෑම අම්මෙක්ගේම තාත්තෙක්ගේම එකායන අරමුණ එයයි. 

ඔබ ඔවුන්‌ගේම යහපත උදෙසා ඔබ උපදෙස් ලබා දෙනවා. ඔබ කවදා හෝ දරුවාට වැරදි උපදෙස් ලබා දී තියෙනවාද?

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දයානුකම්පාව සහ පරාර්ථකාමිත්වය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ විද්‍යා අධ්‍යක්ෂ එමා සෙප්පෙලි එහෙම හිතනවා.

අප නරක උපදෙස් ලබා දෙනවා පමණක් නොව, අපට කිසිවක් කරගත නොහැකි නිසා පොදු උපදෙස් ලබා දෙන බවත් ඇය විශ්වාස කරනවා.

සෙප්පෙලා විසින් ළමයින්ට සුදුසු නොවන පොදු උපදෙස් ලැයිස්තුවක් සාදන ලදී. ඔබට  වැඩි විස්තර ඇයගේ වෙබ් අඩවියෙන් සොයාගන්න පුළුවන්.  

දරුවන්ට වැරදි උපදෙස් 1: අනාගතය ගැන අවධානය යොමු කරන්න. ප්‍රතිලාභ ගැන හිතන්න.

ලබා දිය යුතු නිවැරදි උපදෙස: මේ මොහොතේ ජීවත් වන්න (හෝ වැඩ කරන්න)

 දැඩි අවධානයෙන් සිටීම ගොඩාක් අසීරුයි. පර්යේෂණ වලට අනුව අප අවදිව සිටින වේලාවෙන් 50% ක් අපේ මනස ඔහේ සැරිසරනවා. 

අපගේ මනස ඉබාගාතේ යන විට අපි බොහෝ විට අතීතය ගැන කතා කිරීමට හෝ අනාගතය ගැන කරදර වීමට පටන් ගන්නවා නේද?

මේ නිසා කෝපය, කනගාටුව සහ මානසික ආතතිය වැනි නිෂේධාත්මක හැඟීම් ඇති වෙනවා. 

දරුවන්ට අරමුණක් තිබීම ඇත්තෙන්ම හොදයි.

නමුත් ඊලගට කළ යුතු දේ කෙරෙහි  දරුවාගේ අවධානය යොමු කිරීමට උනන්දු කරනවා වෙනුවට, ඔවුන් අත ඇති කර්තව්‍යය හෝ සංවාදය කෙරෙහි අවධානයෙන් සිටීමට ඔවුන්ට උදව් කරන්න.

නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

දරුවන්ට වැරදි උපදෙස් 2: ආතතිය දරා ගෙන ඉදිරියට යන්න. 

ලබා දිය යුතු නිවැරදි උපදෙස : සැහැල්ලු වෙන්න ඉගෙන ගන්න

ළමයින්ට  ලාබාල වයසේදී කනස්සල්ලක් දැනෙනවා.

එයට  හේතුව වන්නේ අධ්‍යාපන තත්වය ගැන හා පාසැලේදී වඩා හොඳ දේ කිරීමට ඇතිවෙන  පීඩනය ගැන කණගාටුවීමයි.

වඩාත්ම කනගාටුදායක කාරණය නම්, දරුවන් තුළ ඇතිවෙන මෙවන් මානසික ආතතියයන් සියදිවි නසාගැනීම් දක්වා වර්ධනය වීමයි.

අපට රැකියාවේදී සහ පාසැලේදී  ඇතිවෙන ප්‍රශ්න හා පීඩනයන් වෙනස් කරන්න බැහැ.

නමුත් අපට මුහුණ දෙන පීඩනය කළමණාකරනය කිරීමට භාවනා, යෝග සහ හුස්ම ගැනීම වැනි ශිල්පීය ක්‍රම භාවිතා කරන්න පුළුවන්.

දරුවන්ට වැරදි උපදෙස් 3: කාර්යබහුල වන්න.

ලබා දිය යුතු නිවැරදි උපදෙස: කිසිවක් නොකිරිමෙන් විනෝද වන්න

දරුවන්ට ඕනෑම තත්වයකට හැඩ ගැහෙන්න පුළුවන්.

ඔවුන් යමක් බලාපොරොත්තුවෙන් රැදි සිටින විට, පාසැලට ඇවිද යන විට මෙන්ම සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු සිටීම වෙන්න පුළුවන්.

ඒ වගේම ඔවුන් පොතක් කියවීම, බල්ලෙකු ඇවිදීම සඳහා රැගෙන යාම හෝ ගසක් යට වැතිරී වලාකුළු දෙස බලා සිටීම වැනි සන්සුන් ක්‍රියාකාරකම් ද තෝරා ගන්න ඉඩ තියෙනවා. 

මෙහිදි ඔවුන්ට අභියෝග නොකර ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි නොකරමින් කටයුතු කරන්න.

ඔවුන්ට ස්වාධිනව සෙල්ලම් කිරීමට නොහැකි වෙන ලෙස වැඩි පුර කටයුතු පැවරීම හෝ වැඩිපුර කටයුතු වල යෙදවීම නොකරන්න.

ඔවුන් සමඟ රැදෙමින් සැමවිටම වැඩ කරනවාට වඩා සතුටින් සිටීමට ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

දරුවන්ට වැරදි උපදෙස් 4 : ඔබේ ශක්තියෙන් දිනන්න. 

ලබා දිය යුතු නිවැරදි උපදෙස: වැරදි කරන්න. පරාජය දරාගන්න ඉගෙන ගන්න.

දරුවන්ගේ ශක්තීන් සහ ඔවුන්ට ස්වභාවිකව සිදුකරන ක්‍රියාකාරකම් අනුව දෙමාපියන් තම දරුවන් හඳුනා ගැනීමට නැඹුරු වෙනවා.

සිය දරුවා "ගණිතයට දක්ෂයෙක්", "සමාජශිලියි" හෝ "කලාකරුවෙකු" යැයි ඔවුහු කියනවා.

නමුත් ස්ටැන්ෆර්ඩ් සරසවියේ කැරොල් ඩ්වෙක් විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී යන්නේ මෙම මානසිකත්වය ඇත්ත වශයෙන්ම ඔබේ දරුවා පෞරුෂයකට කොටු කරන බවයි.

එහිදි ඔවුන් දක්ෂ නැති අලුත් දේවල් අත්හදා බැලීමට ඔවුන් තුළ ඇති කැමැත්ත අඩු වෙනවාලු. 

අප කුඩා කාලයේදි වැරදි වලින් ඉගෙන ගැනීම හොඳ දෙයක් වෙනවා.

එහෙත් ඔබේ දරුවාගේ ශක්තීන් හඳුනා ගැනීම වෙනුවට උත්සහ කරන තාක් ඔවුන්ට ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් ඉගෙන ගත හැකි බව කියා චෙන්න. 

දරුවන්ට වැරදි උපදෙස් 5 : ඔබේ දුර්වලතා දැනගන්න. නමුත් මෘදු නොවන්න. 

ලබා දිය යුතු නිවැරදි උපදෙස: ඔබට හොඳින් සලකන්න.

 ස්වයං වැඩිදියුණු කිරීම සඳහා විවේචන වැදගත් යැයි අපි සිතීමට නැඹුරු වී සිටිනවා නේද?

නමුත් ස්වයං දැනුවත්භාවය ඇත්ත වශයෙන්ම වැදගත් වන නමුත් දෙමව්පියන් බොහෝ විට නොදැනුවත්වම තම දරුවන්ට ඕනෑවට වඩා ස්වයං විවේචනාත්මක වීමට උගන්වනු ලබනවා. 

නිදසුනක් ලෙස දෙමව්පියන් දරුවෙකුට වඩා සමාජශීලි  වීමට උත්සාහ කළ යුතු යැයි පැවසුවහොත්, දරුවා ස්වභාවිකවම තමාගේ ආත්මාර්ථකාමී පෞරුෂය විවේචනය කිරීමක් ලෙස අභ්‍යන්තරකරණය කරන්න පුළුවන්. 

ඒ වෙනුවට, දෙමව්පියන් ස්වයං අනුකම්පාව දැක්වීමේ ආකල්ප වර්ධනය කිරීමට දරුවන් දිරිමත් කළ යුතුය.

මෙයින් අදහස් කරන්නේ අසමත් වූ හෝ වේදනාකාරී අවස්ථාවලදී තමාට මිතුරෙකු ලෙස සැලකීමයි.

ඔබේ දරුවන් ස්වයංපෝෂිත විය යුතු යැයි හෝ ඔවුන්ට ප්‍රශ්න ඇති වු විට එයින් පලා යෑම කල යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ.

සරලවම අදහස් කරන්නේ ඔවුන් තමන්වම පෙලා ගැනීමට ඉගෙන නොගන්නා බවයි

දරුවන්ට වැරදි උපදෙස් 6 : ඕනෑම දෙයක් කරලා අංක එක වෙන්න උත්සහ කරන්න

ලබා දිය යුතු නිවැරදි උපදෙස:  අන් අයට අනුකම්පා කරන්න

පර්යේෂණ වලින් පෙනී යන්නේ කුඩා කල සිටම අපගේ සමාජ සම්බන්ධතා  අපගේ සෞඛ්‍යය, සතුට සහ දීර්ර්ඝායුෂ පිළිබඳ දැනගත හැකි වැදගත්ම සාධකය බවයි.

අපගේ යහපැවැත්ම සඳහා වෙනත් පුද්ගලයින් සමඟ ධනාත්මක සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙය අපගේ බුද්ධිමය හැකියාවන්ට සහ අවසාන සාර්ථකත්වයට බලපෑම් කරනවා. 

දරුවන් ස්වභාවයෙන්ම දයානුකම්පිත හා කාරුණික වෙනවා.  එහෙත් මනෝ විශේෂඥ ජීන් ට්වෙන්ජ් ඇයගේ Generation Me නම් පොතේ මෙසේ සදහන් කරනවා. 

යෞවනයන් ද වැඩි වැඩියෙන් තමන් ගැන පමණක් සිතන තත්වයට පත්වෙමින් සිටිනවා.

එබැවින් අනෙක් අයගේ හැගීම් මෙන්ම ඔවුන්ගේ තත්වයේ සිට බැලීමට කියා දීම සදහා ළමයින්ගේ ස්වාභාවික සහජ බුද්ධිය දිරිමත් කිරීම වැදගත් වෙනවා.  

නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්

උදව් කිරීමට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ

සමහර වෙලාවට, අපි ඔවුන්ට ඉදිරියට යා යුතු ආකාරය ඉගැන්වීමට අවශ්‍ය නැහැ.

අපට අවශ්‍ය වන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීම සහ ළමා විය භුක්ති විඳීමට ඔවුන්ට උපකාර කිරීමයි.

අප ඔවුන්ට කතබහ කල යුතුයි. ඔවුන් තුල විශ්වාසය ගොඩනඟිය යුතුයි.

ඔවුන්ට ආදරය දැනෙන්න හැරිය යුතුයි. වැදගත් දේ සහ හොඳ මිනිසෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අපි දරුවන්ට ඉගැන්වීමෙන් ඔබ ඔවුන්ගේ ඉදිරි ජීවිතය සඳහා සකස් කර තියෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • නොදැන දරුවන්ට ලබා දෙන වැරදි උපදෙස් 6ක්
බෙදාගන්න :
  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

    ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it