ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

මේ ආහාර මගින් ඔබේ දරුවාගේ සම්පූර්ණ උස යාම අඩු වෙන්න පුළුවන්.

සමහර කෑම පමණ ඉක්මවා ගැනීම නිසා දරුවන්ගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඉතින් එවැනි දරුවාට හොඳ නැති කෑම වර්ග 6 ක් ගැන ඔබේ අවධානය යොමු කර බලන්න.

ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

දරුවාට හොඳ නැති කෑම

1. කෙටි කෑම

වෙළඳපළෙන් මිලදී ගන්නා කෙටි කෑම හැම අතින්ම පෝෂණයෙන් අඩුයි. ඒවා වල ඇති පෝෂණ ගුණයන් ඉතා අඩු අතර දරුවාගේ කුස හොඳින් පුරවනවා. මේ නිසා දරුවන් දියවැඩියව හා තරබාරුව යන රෝග වලට ලක්වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතා අඩුවෙන්ම කෙටි ආහාර දරුවාට ලබා දෙන්න ඔබ උනන්දු වෙන්න.

2. සෝඩා

කාබනේටඩ් අඩංගු බීම වර්ග වල පොස්පරස් අඩංගු වෙනවා. ඉතින් වැඩිපුර මේ පානයන් බීමට ගැනීමෙන් ශරීරයේ කැල්සියම් මට්ටමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර  කාබනේටඩ් බීම පානය කරන ළමයින්ගේ අස්ථිවල දුර්වලතා ඇතිවන බව දක්වනවා. මේ නිසා ශරීරයට පෝෂණය ලැබීම සීමා වෙනවා වගේම දරුවාගේ උස යාම අඩාල වෙනවා.

දරුවාට හොඳ නැති කෑම

3. බත්

බත් නුසුදුසු ආහාරයක් නොවෙයි. නමුත් බත් සමබර ලෙස ගත යුතු වෙනවා. ඊට ප්‍රෝටීන්, විටමින් එක්විය යුතුයි. දරුවා බත් සහ ප්‍රෝටීන් සමබර ලෙස ලබාගන්නා බවට ඔබ සැලකිලිමත් වෙන්න.

4. සෝයි

සෝයි හෙවත් සෝයා වල අගුණ බව විද්‍යාත්මකව තහවුරු කර නැතත් මුහුන් නොදැමූ සෝයි අඩංගු සෝයා කිරි වැනි පානයන් වැඩිපුර ගැනීම දරුවාගේ වර්ධනය අඩාල කරනවා.

5. මධ්‍යසාර

මධ්‍යසාර භාවිතය දරුවාගේ වර්ධනය අඩාල කළහැකි බව අධ්‍යනයන් තහවුරු කරනවා. වැඩෙන දරුවන් මධ්‍යසාර වක්‍රව හා ඍජුවත් පානය කරන බව ලොව පුරා සොයා ගෙන තියෙනවා. දරුවාට මධ්‍යසාර වල ඇති දුර්වලතා අවබෝධ කර දීම වැදගත්.

දරුවාගේ සෞඛ්‍ය

6. සීනි

සීනි වැඩිපුර කන ළමයි උසින් අඩු බව අධ්‍යන වාර්තා කරනවා. සීනි ශරීරයේ ඉන්සියුලින් සීමාවන් වැඩි කරන නිසා ඉන් වර්ධනය අඩාල කරනවා. දරුවාට පැණි රස කෑම සම්පුර්ණයෙන් තහනම් කළයුතු නැතත් එය පිළිවෙලකට ගැනීමට දරුවාව පුරුදු කරන්න.

හොඳට සහ නරකට යන දෙකටම ආහාර වැදගත්.  theAsianparent Sri Lanka මේ වැදගත්කම් ඔබට පහදා දෙන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි