theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් කිහිපයක්

4 අවම කියවීම
ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් කිහිපයක්ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් කිහිපයක්

මෙම ලිපියේ තොරතුරු කියවා එම අතපසුවීම්  වලින් වැලකෙන්නේ කෙසේදැයි දැනුවත් වෙමු. මෙවන් ඉඟි සිතේ තබා ගන්න ට උත්සහ ගන්න.

අලුත් මවක් වශයෙන් ඔබට  සුදුසු ආහාර වේලක රස බැලීමට මෙන්ම ඔබගේ රූපලාවණ්‍ය වෙනුවෙන් කැප කිරීමට ශක්තියක් මෙන්ම කාලයක් නොමැති බව අපි දනිමු. එහෙත් රූපලාවණ්‍ය වැරදීම් පිළිබඳ සිතා බලා ඒවා නිවැරදි කර ගතහොත් ඔබට ඔබේ රූපය රැක ගැනීමට පුලුවන්.

ගොඩාක් අලුත් මව්වරුන් විසින් බොහෝ විට කරනු පහත සදහන් රූපලාවන්‍ය සම්බන්ධ  අතපසුවීම්  වලින් ඔබට වලකින්න හැකි නම් පසු කාලයකදී අනිවාර්යයෙන්ම ඔබේ සම, කෙස් හා ශරීරය ඔබට ස්තුතිවන්ත වේවි.

1. රූපලාවණ්‍ය වැරදීම් : ප්‍රමාණවත් ජලය පානය නොකිරීම

රූපලාවණ්‍ය වැරදීම්

රූපලාවණ්‍ය වැරදීම් : ජලය පානය නොකිරීම

උදේ නැගිටපු වෙලාවේ සිට කරන්නට ඇති දහසක් වැඩ අතර ඔබට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් පානය කිරීමට අමතක වීමට පුලුවන් .එසේ කරන්න එපා.

ඔබේ පුංචි සිගිත්තාට ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් නිෂ්පාදනයට ඔබගේ ශරීරයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් තිබීම අවශ්‍යයි .ඔබ හිස කෙස් හා සම සදහා  ඉතා අඩු සැලකිල්ලක් දැක්වුවද මෙම කාලයේ ඔබ පානය කරන ජල ප්‍රමාණය හිස කෙස් හා සම සදහා ප්‍රයෝජනවත් වේවි.

මතක තබා ගැනීමට – ඔබ ඔබේ දරුවාට කිරි දීම සදහා එකම ස්ථානයක වැඩි වේලාවක් ගත කරයි නම් වතුර බෝතලයක් ඔබට පහසුවෙන් ගත හැකි තැනක තබා ගන්න .මෙම ක්‍රියාව ඔබට අමතක වෙනවානම් ඔබගේ සහකරුවාට එය පවරන්න .

2. අව් ආවරණයක් පැලදීම අමතක කිරීම

ඉතා උණුසුම් හිරු කිරණ ඔබේ සමට විශාල හානියක් කරනු ලබයි. නමුත් ඉතා කාර්‍යබහුල බහුල මවක් වශයෙන්  නිවසෙන් පිටතට යෑමේදී සම සුරැකීම ඔබට අමතක විය හැක. ඒ වගේම ඔබ ඔබේ සිගිත්තාගේ සම සුරැකීමට තිබෙන කැපවීම ඔබේ සම සදහාත් තිබිය යුතුයි.

පිටතට යෑමට පෙර අවම වශයෙන් SPF50+ –  ඇති හිරු ආවරණ ආලේපයක් මිලදී ගෙන හිරු කිරණට විවෘත වන ප්‍රදේශ වල ආලේපනය කරන්න .ඒ වගේම ඔබ රිය පදවයි නම් හිරු කිරණට විවෘත වන දෑත් අමතක කරන්න එපා.

ඉඟියක් – ඔබගේ වාහනයේ, අත් බෑගයේ හෝ ළදරු බෑගයේ  හිරු ආවරණයක් තබාගන්න.  තොප්පි යක් වුනත් වඩා හොදයි.

3. රූපලාවණ්‍ය වැරදීම් : ප්‍රමාණවත් ලෙස ව්‍යායාම නොකිරීම

ව්‍යායාම සදහා දරුවා උපන් විගසම ශරීර සුවතා වර්ධන ආයතනයකට ඔබ යායුතු නැත. නමුත් දරුවා වඩාගෙන ඇවිදීම, ඔහුව ළදරු කරත්තයක තබා තල්ලු කිරීම ඇතුල එදිනෙදා චර්‍යාවන් තුල කරන ක්‍රියා මගින් ඔබට ව්‍යායාම ලබා ගන්න පුලුවන්.

මෙම ව්‍යායාම ගර්භණී අවධියේ වැඩි වු බර අඩු කරගැනීම ඔබගේ ශරීරයේ මෙටබෝලිසම් ප්‍රමාණය දහනය කිරීම මෙන්ම දරුවා හා ඔබ අතර ආදරණීය බැදීමක් ඇතිවීමටද ඉවහල් වෙනවා.

මතකයේ තබා ගැනීමට –  ඔබ ඔබේ දරුවා ළදරු කරත්තයේ රැගෙන යනවානම් හිරු එලියෙන් ආවරණය වීමට රෙදි ආවරණයක් භාවිතා කරන්න එපා. ඒ මගින් ඔබේ පොඩිත්තා අනතුරට පත්වන්න පුලුවන් . වැඩි විස්තර සදහා මෙම ලිපිය කියවන්න.

4. නින්දට යාමට පෙර මුහුණ පිරිසිදු කිරීමට අමතක කිරීම

මේ පුංචි රූපලාවන්‍ය චර්‍යාව ඉතාම පහසුවෙන් ඔබට අමතක වෙන්න පුලුවන් .ඔබ ඇද මත කිරි දෙනවානම් මේකප්,දහඩිය ,කුණු දුවිලි මුහුණේ තිබියදීම ඔබ  නොදැනුවත්වම ඉක්මනින් නින්දකට පත් විය හැක.

මෙසේ නින්දට පෙර ඔබේ මුහුණ පිරිසිදු කිරීමට අමතක කිරීම කලු ලප,බිබිලි හා විවිධ සමේ රෝග තත්වයන්ට හේතු වේ. මෙම තත්වයෙන් මිදීමට ඔබට ඉතිරිව ඇත්තේ මුහුණ තෙත කඩදාසියකින් පිස දැමීමට තරම් කාලයක් වුවද  රාත්‍රීයට මුහුණ පිරිසිදු කිරීමේ චර්‍යාවක්  පවත්වා ගැනීම සුදුසු වේ.

මතකයේ තබා ගැනීමට – මුහුණ පිරිසිදු කිරීමෙන් පසු සමට තෙත් කාරක ආලේපනයක් භාවිතා කිරීමෙන් ඔබේ සම ප්‍රමෝදයට පත් වේ.

5. ඔබගේ යටි පතුල් නොසලකා හැරීම

රූපලාවණ්‍ය වැරදීම්

රූපලාවණ්‍ය වැරදීම් : යටි පතුල් නොසළකා හැරීම

හුගාක් මව්වරු දවස පුරාම හිටගෙන සිටියි. එහෙත් ඒ සදහා භාවිතා කරන යටි පතුල් නිතර අපේ නොසැලකිල්ලට භාජනය වෙයි. මෙසේ නොසැලකිල්ලට භාජනය වන ඔබේ යටි පතුල් ඉරි තැලීම්, වියළි ස්භාවයට පත් වීම ඇතුලු විවිධ තත්වයන් යටතේ අවලස්සන ස්වභාවයට පත්වේවි.

මතක තබා ගැනීමට –  ඔබ නානවිටදී යටි පතුල් සදහා ඉක්මන් පිරිමැදීමක් දෙන්න. ඒ වගේම ඊට පසු තෙත් කාරක ආලේපනයක් යටි පතුල් වල ආලේප කිරීමෙන් ඔබේ යටි පතුල් මනා තත්වයෙන් පවත්වා ගත හැක.

6. හිසකෙස් වියළීම සඳහා හෙයාර් ඩ්‍රයර් යන්ත්‍රයේ අධි රස්නය භාවිත කිරීම හෝ  තුවායෙන් තදින් ඇතිල්ලීම

ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් කිහිපයක්

නෑමෙන් පසු හිසකෙස් වියළීමේ දී ඔබේ හෙයාර් ඩ්‍රයර් එක වැඩි රස්නයෙන් අල්ලනවා ද? නොඑසේ නම් තුවායෙන් තදින් අතුල්ලනවා ද? මේ ක්‍රම දෙකම ඔබේ හිසකෙස් වලට හානි කර බව ඔබ දැන ගෙන සිටියා ද?

කොණ්ඩයට තුවායක් පරිහරණය කිරීමේදී ඇතිල්ලීම නොව තෙත මාත්තු කිරීම තමයි හොඳ ක්‍රමය වන්නේ. නැතිනම් නිතර ඇදීමෙන් හිසකෙස් කැඩෙන සුලු ගතියක් පෙන්නුම් කරයි. එමෙන් ම තෙත පිටින් කොණ්ඩය පීරීමත් ඉතා නරක පුරුද්දක්. මේ සියල්ලට ම හේතු වන්නේ හිස කෙස් ඉක්මනින් වියලා ගැනීමට අපි දරන උත්සාහය උනත් එය ඒ තරන් ඉක්මනින් කිරීම අවශ්‍ය නොවේ.

මව්වරුනි, ඔබට ඔබේ දරුවා මුලු ලෝකයම බවත් අන් සියල්ල එහිදි දෙවැනි වෙන බවත් අපි දනිමු. ඉතා පහසුවෙන් ඔබට ඔබව අමතක කර මාතෘත්වයට ප්‍රමුඛ තැන ලබා දුන්නද ඔබ ඔබ ගැනත් සිතීය යුතුය. ඔබ ඔබටත් චුට්ටක් ආදරය කලොත් හොදයි නේද?

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සංස්කරණය – බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් කිහිපයක්
බෙදාගන්න :
  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it