theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

3 අවම කියවීම
පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

පැටියා මව්කිරි වලින් සොයන්නේ  මොනවාද කියලා මදක් කථා කරන්න හිතුවා....

පැටියාට මව්කිරි වලින් ලැබෙන වාසි මොනවාද කියලා මදක් කථා කරන්න හිතුවා.

ලොව බොහොමයක් රටවල මව්කිරි ප්‍රතික්ෂේප වෙමින් පවතින අවධියක රූපය වෙනුවෙන්, වැඩ රාජකාරි වෙනුවෙන් දරුවාට මව්කිරි අහිමි වෙමින් පවතින යුගයක දරුවාට මව්කිරි දීම වැදගත් යැයි හිතන අම්මා කෙනෙක් විදියට පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි.

අනෙක් මව්වරුන් දරුවාව මව්කිරි වලින් ආදේශකයකට හුරුකරන්න උත්සහ දරන විට මම ඔවුන් අනුගමනය නොකරමින් මගේ දියණියට මව්කිරි දුන්නා.

ඇයට අවුරුදු තුනක් වන තුරු  එනම් මම දෙවැනි වර ගර්භණිත්වයට පත් වී මාස තුනක් පමණ වන තුරු ඇයට මව්කිරි දුන්නා.

පුතා ඉපදුන පසු ඔහුටද මාස හයක් මව්කිරි පමණක් ලබා දුන් අතර ආහාර හදුන්වා දීමෙන් පසුද වරින් වර මව්කිරි ලබා දුන් අතර මේ වනවිට වසරක් සම්පුර්ණ වී ඇති ඔහුට මම තවමත් මව්කිරි ලබා දෙමින් සිටිනවා.

ඒ අනුව මම වටහා ගත් එක් දෙයක් නම් මව්කිරි වලින් පෝෂණය, ප්‍රතිශක්තිකරණයට එහා ගිය දෙයක් ඔවුන් ලබන බවයි.

මව්කිරි පොම්ප කිරීම

මව්කිරි වලින් ලැබෙන වාසි මොනවාද?

1. උණුසුම්  ලබා දෙනවා.

පුංචි පැටව් උණුසුමට හරිම කැමතියි. කුසට ආපු දවසේ ඉදන් පැටියාට හුරු උණුසුම තමයි අම්මාගේ උණුසුම, ඒ නිසා එයා අම්මා ලගට තුරුල් වෙලා උණුසුමට ඉන්න කැමතියි.

පොරෝනා වලින් ඔතලා කොච්චර උණුහුමට තියන්න  උත්සහ කලත් එයා අම්මාගේ උණුසුමට තමා වැඩියෙන් කැමති, ඒත් අම්මාට නිතරම එයාව තුරුලු කරන් ඉන්න බැහැ.

අම්මාගේ උණුසුමේ ඉන්න ඕනි නිසා පැටියා කුසගිනි නැතත් අම්මාගේ කිරි උරනවා. ඒක වැරදි නෑ නේද?

2. අම්මා ලගින් තියාගන්න පුලුවන්.

තව වැදගත් දෙයක් තමයි පුංචි පැටව් කැමතියි අම්මා ලගින් ඉන්නවාට, ඒත් දාහක් වැඩ එක්ක  අම්මා හැමතැනම දුවනවා.

එහෙම දුවලා කරන්නෙත් පැටියාගේ වැඩම තමයි. ඒත් ඒක එයාට තේරෙන්නේ නැහැ.

මේ ලෝකේ කොච්චර සුන්දර දේ තිබුනත් පැටියා කැමති අම්මාව දකින්න. අම්මාගේ කටහඬ අහන්න. අම්මාගේ ස්පර්ශයක් විදින්න. අන්න ඒක නිසා පැටියා අම්මා ලගට වෙලා කිරි උරනවා.

3.වෙලාවකට හොද  වේදනා නාශකයක්

ඔබ නොදන්නවා වුනාට කිරි ඉරීම පැටියාට හොද වේදනා නාශකයක්, පැටියා රෝගීව ඉන්න කොට නැත්තම් දත් එනකොට වැඩි වාර ගානක් කිරි උරනවා ඔබ දැක ඇති, එහෙම කරන්නේ ඔහුගේ වේදනාව අඩු කරගන්න.

ඒකනිසා කිරි උරා බීම හොද වේදනා නාශක ක්‍රමයක් කිව්වාට කමක් නෑ නේද?

මව්කිරි වලින් ලැබෙන වාසි

4. හොද නිදි මන්තරයක්

ගොඩාක් පුංචි පැටව් නින්ද ලගා කරගන්න කිරි උරනවා. කිරි උරා බීමේදි හිත එක අරමුණකට එන නිසා ඉතා පහසුවෙන් පැටියාට නින්ද ලගා වෙනවා.

ඒ වගේම අම්මා තමයි පැටියාට ලෝකයේ ඉන්න එකම විශ්වාසවන්තයා, අන්න එක නිසා නින්ද යන මොහොතෙදි ඒ විශ්වාසවන්තයා ලගින් තියාගන්න එයාලා කැමතියි.

එම නිසා රාත්‍රියට හෝ දහවල් නින්දක් අවශ්‍ය වු විට පුංචි පැටියා කිරි උරා බොනවා.

අන්න ඒක නිසා සුව නින්දක් ලබා ගන්න පැටියා මව්කිරි හොයන එක වැරදි නෑ නේද?

5. අම්මාගේ හදවතේ රිද්මය අහන් ඉන්න ආසයි.

කුසේ ඉන්න කාලේදි පැටියාට හොදින්ම ඇහෙන ශබ්දේ තමයි අම්මාගේ හද ගැස්ම, ඒක පැටියාට සුන්දර කවියක් වගේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසාම නිතර ඇහෙන අම්මාගේ හදවතේ හඩට පුංචි පැටියා ගොඩාක් කැමතියි. ඒ හඩ පැටියාට සුවපහසුව සලසනවා.

අන්න  ඒ නිසාම ඒ හඩ අහගෙන ඉන්නත් පැටියා කිරි උරා බොනවා.

කිරි එරෙන ආහාර

6. අම්මාගේ ආදරය විදින්න පුලුවන්.

මව්කිරි  දෙන වෙලාවට පැටියා කෙරෙහි අම්මාගේ හැගීම් වැඩියි. එහෙම වෙන්නේ හොමෝන වෙනස්වීම මත වුනත් ඒක පැටියවයි අම්මාවයි සම්බන්ධ කරන ගැඹුරු ආදරයක්, ඒ නිසා අම්මා පැටියාව අතගානවා. එයාව සිප ගන්නවා.

පුංචි පැටියා අම්මාගේ ආදරයට ගොඩාක් කැමතියි. ඒක නිසා ඒක ලබන්න කිරි උරා බොනවා.

දැන් මොහොතක් හිතන්න. මව්කිරි ආදේශක තුලින් පෝෂණය, ප්‍රතිශක්තිකරණය යම් පමණකට ලැබෙන්න පුලුවන්.

ඒත් පුංචි පැටියා බලාපොරොත්තු වෙන ඉහත සදහන් පුංචි පුංචි දේවල් ආදේශකයකට දෙන්න පුලුවන්ද?

මව්කිරි දීම දිගටම කරන්න බැහැ තමයි. ඒත් පැටියාට අවුරුදු දෙකක් වත් වෙනකම් මව්කිරි දෙන්න.

පැටියා ලෝකය හදුනගන්නේ අම්මේ ඔයත් එක්කනේ, පැටියා ලෝකේ හදුනාගන්න කම් එයාගේ ලගින් ඉන්න.

පැටියාට විශ්වාසය ගොඩ නැගෙන්න මව්කිරි දෙන්න. ඒ වගේම මව්කිරි වල  තියෙන තරම් පෝෂණය, ප්‍රතිශක්තිකරණය ආදේශක වල හොයන්න බැහැ.

ඒ නිසා අපි අපේ පැටියාට මව්කිරි දෙමු නේද? චුට්ටක් කැත වෙයි තමා, ඒක හිතන්න එපා. කාලය විසින් ඒ කැත හංගගන්නවා.

මේ තොරතුරු ඔබ වෙත ආදරයෙන් ගෙන ආවේ  theAsianparent Sri Lanka වෙතිනි.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?
බෙදාගන්න :
  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it