theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

4 අවම කියවීම
උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!

උදෑසන ඇවිදීම ජීවිතයට සතුට ගෙන දෙන්නේ මෙහෙමයි.

උදෑසන ඇවිදීම ශරීරයට බොහෝ හිතකර බව හැමෝම හැම විටම පවසන දෙයක්. ජිවිත පැවැත්මට අවශ්‍ය කෑම් බිම් නිර්දේශ කරනවාටත් වඩා අද වෛද්‍යවරුන් දිනපතා ඇවිදීම නිර්දේශ කරනවා.

වැඩිහිටි අප කොහොම කොහොම හරි ඇවිදිම, ව්‍යායාම වල නිරත වීම සිදු කරන්නේ කාර්යබහුල දවසක මහත් ආයාසයෙන්.

මෙයත් බොහෝ විටක සිදු වන්නේ කායවර්ධන මධ්‍යස්ථානයේ ට්රෙඩ්මිල් යන්ත්‍රයක් මත.

අප මෙසේ ආයාසයෙන් කාලය වෙන් කරගෙන ඇවිදීම කලත් අපගේ දරුවන් අප තරම් වත් ඇවිදින්නේ නැති බව ඔබ සිතුවාද?

මා කුඩා කල බොහෝ දෙනෙකු ගමන් ගත්තේ පොදු ප්‍රවාහණ සේවා ඔස්සේ.

ඒ කියන්නේ බස් එකේ හෝ කෝච්චියේ තමා අප පාසැල් ගියේ.

බස් නැවතුම්පොළට හෝ දුම්රියපලට පැයක් හෝ පැය භාගයක් පයින් ගමන් කිරීම සාමාන්‍ය දෙයක්. හැමදාම එක වෙලාවට පිටත් වෙන යහළු මිතුරු රංචු රංචු හිටිය.

උදෑසන ඇවිදීම

ඉතින් අදාළ තැන් වලින් ඒ අය අදාළ රංචුවට එකතු වෙලා කිලෝ මීටර ගණනක් පයින් ගියත් අපට කිසි දිනෙක මහන්සියක් දැනිල නැහැ.

ඒවායින් සුන්දර මතක පෙළක් ඉතිරි වී තිබෙනවා.

කාලය කෙතරම් වෙනස් වී ඇත්ද?

අද දරුවන්ට එවැනි වාතාවරණයක් සාදා දීම පහසු කරුණක් නොවන්නේ සමාජය අද බෙහෙවින් වෙනස් වී ඇති හෙයිනි.

මගේ දරුවාටත් දිනපතා ඇවිදීම යෝග්‍ය යැයි සිතු නිසා දිනපතා පැයක කාලයක් දරුවා සමග හිරු  එලිය ඇති විටෙක ඇවිදීමට තීරණය කලා.

මෙයින් ඇති වූ ඵල ප්‍රයෝජනය මිළ කළ නොහැකියි.

අද ඔබ සමඟ බෙදා ගන්නට යන්නේ මා අත්දුටු එම ඵල ප්‍රයෝජන පමණක් නොව, වෛධ්‍යවරුන්ගේ පැහැදිළි කිරීම් අනුව මෙයින් ඇති වෙනවයි කියන විශ්මිත වූ ප්‍රතිපල ගැනයි.

හිරු එළිය ඇති විටක පැය කාලක් හෝ උදෑසන ඇවිදීම මගින් ඇතිවන විශ්මිත ප්‍රතිපල.

1. උදෑසන ඇවිදීම ශරීරයේ සමතුලිතතාවය සහ මනා සෞඛ්‍ය තත්වයක් ලබා දේ 

උදෑසන එළිමහනේ ඇවිදීම ව්‍යායාම අතුරින් බොහොමත්ම ප්‍රායෝගික මෙන්ම ඵලදායී ව්‍යායාමය ලෙස සැලකෙනවා.

මෙයින් රුධිර ගමනාගමනය හොඳින් උත්තේජනය වන අතර ශරීර සෞඛ්‍යය මැනවින් පාලනය කිරීමට දායක වෙනවා.

මෙසේ ඇවිදීම තුලින් ශරීර බර අඩු කර මනා රූපකායක් පවත්වාගෙන යාම පමණක් නොව හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග වලින් හා අනෙකුත් රෝග පාලනයද සිදු වෙනවා.

2. උදෑසන ඇවිදීම මගින් ඇතිවන මිළ කළ නොහැකි සොඳුරු දසුන් සහ අත්දැකීම් 

මා යෝජනා කරන්නේ හිරු එළියේ ඇවිදීම විශේෂ කාර්යභාරයක් සේ නොසලකා හුදෙක් පරිසරය රස විඳීම සඳහාම දිනපතා ප්‍රියමනාප පරිසරයක් තෝරාගෙන ඇවිදීමේ යෙදෙන්න.

මෙසේ ඇවිදීමෙන් ඔබ පෙර ඇත නොදුටු ඔබේම වට පිටාවේ ඇති සොඳුරු දසුන් රස විඳින්නට හැකි වෙනවා.

උදෑසන ඇවිදීම

ගස් කොලන්, කුරුලන්, සුන්දර ගෙවතු වගාවන්, වෙල් යායවල් සහ උදෑසන වැඩ අරඹන නානාවිධ පුද්ගලයින්ගේ. නෙතු පිනවන දෛනික ක්‍රියාවන් ගතට මෙන්ම සිතටත් ගෙන දෙන්නේ විශාල ප්‍රභෝධයක්.

මා ඇවිදින මාර්ගයේ කුඹුරු ගොවි තැන වල සොඳුරු දසුන් වලට අමතරව දිනපතා මේසන් වැඩට නික්ම යන. කම්කරුවන්  හට වෙළඳාම් කරන කාන්තාවන් උදසනින්ම විත් පෙට්ටි කඩ වල හඳුන්කූරු පත්තු කර ලොතරැයි, බුලත් විට යනාදී විකිණීමේ වැඩ අරඹන්නේ හරිම සිරියාවෙන්.

මේ දේවල් ඇත් විඳීමට අප බොහෝ විට දස දහස් ගණන් වියදම් කොට ගැමි පරිසර වල සවාරි යෑමට පුරුදු වී සිටිනවා.

නමුත් මෙසේ අප දෙනෙත් ඉදිරිපසම ඇති දුර්ලභ හා මිළ කළ නොහැකි දසුන් මෙසේ ඇවිදින්නට යාමෙන් ඇත විඳින්නට පුළුවන්.

3. ශරීරයට අවශ්‍ය විටමින් D ලබා දීම

අද කාලයේ කාර්බයබහුලතාවය නිසා අප දැනුවත්ව හෝ නොදැනුවත්ව නිවෙස් තුල හා කාර්යාල තුල පමණක් කොටු වී සිටිනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

උදෑසන ඇවිදීම

දැන් බොහෝ විට විටමින් D ඌනතාවයන් බහුල නිසා පෙර්ති වශයෙන් විටමින් ද ලබා දෙනවා. 

විටමින් D යනු ශරිර්රයට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්. උදෑසන ඇවිදීමට යාමෙන් මෙය නිරායාසයෙන් ස්වාභාවිකවම ලැබෙනවා.

4. සතුට හා ප්‍රභෝධය නිරතුරු පවත්වාගෙන යාම

උදැසන ඇවිදීම තුලින් අපට සතුටින් ජිවත් වීමටත් සුභවාදී මානසික තත්වයක් පවත්වාගෙන යාමටත් හැකි වනවා.

මෙසේ සිදු වන්නේ එසේ ඇවිදීමේදී ඩොපමින් යන හෝර්මෝනය ලැබිමයි. මෙය සතුතින් සිටීමට රුකුල් දෙන හොර්මොනයක්.

5. සමබර නින්දක් අත් විඳීමට සැලැස්වීම

උදැසන ඇවිදීම තුලින් උත්තේජනය වන නොයෙකුත් හෝර්මෝන හා ශරීර ක්‍රියාකාරිත්ව නිසා හොඳ නින්දක් ලැබීමට අවශ්‍ය පරිදි ශරීරය සකස් වෙනවා.

මෙහිදී යම් කල සටහනකට අනුව ක්‍රියාත්මක වුවහොත් අවශ්‍ය පමණට කලට වෙලාවට නින්ද ලබා ගැනිමෙන් ශරීරයට හොඳින් හිතකර චක්‍රයක් නිර්මාණය කල හැක.

6. දරුවන් සමග සම්බදතා ගොඩ නැගීම.

ඔබ දරුවන් හෝ දරුවෙකු සමහ ඇවිදින්නට අදහස් කලා නම් මෙයින් ලැබෙන පල ප්‍රයෝජන එතාමත් ම ඉහලයි.

ජංගම දුරකථන හෝ අනෙකුත් විද්‍යුත් උපාංග පරිහරණයෙන් මිදී ඇවිදින ගමන් දරුවන්ට රිසි සේ රැකවනනය දී ඔවුන් ගේ නිමක් නැති කතාවල් අවධානයෙන් අසා රස විඳීමේ හැකියාවක් අපට ලැබෙනවා.

අලුත් අවුරුද්ද

තනිව ඇවිදීමට යාමේදී මගේ ආත්මික යාච්යාවක් කරන්නට කාලයක් වෙන් කරන අතර වැඩිපුර ඇවිදීමට උවමනා කල්හි ඉලෙක්ට්‍රොනික් පොතකට (audio-book)  සවන් දීමද සිදු කරනවා.

එම පොත  රසවත් එකක් නම් එය අසා නිම වන තුරුම ඇවිදීමේ යෙදෙන්නට සිත දෙනවා.

අද සිටම උදැසන ඇවිදීමට පටන් ගැනීමෙන් මේ මහඟු ප්‍රතිපල වලින් ඔබ ප්‍රයෝජන ගනී යැයි විශ්වාස කරනවා.

ඒ අතරම මෙම ප්‍රතිපල ඔබට උදැසන ඇවිදින්න යාමට ඉවහල් වුයේ නම් ඔබේ ඇත දැකීම දැනගැන්මට අප කැමැත්තෙන් ඉන්නවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • උදේට ඇවිදීම ඔබේ පවුලේ සෞක්‍යයට මෙතරම් දෙයක් කරනවා කීවොත් ඔබ මවිත වේවි!
බෙදාගන්න :
  • ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

    ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

  • උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

    උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

  • ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

    ගැබිනි සමයේ උදෑසන වමනය මට්ටු කරන්න ක්‍රම 10 ක්

  • උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

    උදෑසන ලිංගිකව එක්වීමට ඉතා රසවත් හේතු 4ක්!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it