theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස්සියේ කබඩ් හැඩි වෙලාද? මෙන්න විසඳුම් ක්‍රම 6ක්!

4 අවම කියවීම
කුස්සියේ කබඩ් හැඩි වෙලාද? මෙන්න විසඳුම් ක්‍රම 6ක්!කුස්සියේ කබඩ් හැඩි වෙලාද? මෙන්න විසඳුම් ක්‍රම 6ක්!

ගෙදර දොරේ හා කුස්සියේ කබඩ් අස් පස් කරගෙන ලස්සනට තියාගන්න අපුරු ක්‍රම කිහිපයක්!

කුස්සියේ කබඩ් හැඩි වෙලාද. කොච්චර අස් කලත් කුස්සිය අස් වෙන්නේ නැද්ද?

කුස්සිය ලස්සනට තියාගන්න අගනා වීඩියෝවක් සමඟම ඔබ වෙත ගෙන එන්නේ අප සමඟ නිතර නිර්මාණශීලි අදහස් බෙදාගන්නා කුසලතාපුර්ව මවක් වන අනූෂා ජීවනී විසින් අපට කුස්සිය ලස්සනට තියාගන්න කියා දෙන කදිම අදහස් කිහිපයක්.

ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ සමූහයෙන් අප හඳුනාගත් අනූෂා ජීවනී ඇගේ නිර්මාණශීලී ලිපි ඇයගේම Anu kitchen & home ෆේස්බුක් පිටුව හරහා ඇයගේ රසිකයින් සමඟ බෙදාගන්නවා.

ඉතින් ඇගේම වචන වලින් ඇගේ කුස්සියේ කබඩ් අස් පස් කර කුස්සිය අලංකාරවත්ව මෙන්ම පිරිසිඳුව තබාගත හැකි රහස් කිහිපයක් ඔබ හා බෙදාගන්නේ සතුටින්.

කුස්සිය ලස්සනට අස්පස් කරගෙන කුස්සියේ කබඩ් පිරිසිඳුව තියාගත හැකි ක්‍රම ංංක්

1. තුනපහ බෝතල්

මම Amazon ඒකෙ තුනපහ දාන්න බොක්ස් එකක් ගත්තා. ඔයාලත් ඒ බොක්ස් එක ගැන දන්නවා ඇති මම විඩියෝ එකක දැකලා මට ආස හිතුන නිසා මම ගත්තා.

ඒකෙ තුනපහ වර්ග 7 දාන්න පුළුවන් පියනකුත් තියනවා හරීම ලස්සනයි. ඔයාලටත් ඔන්ලයින් ගන්න පුළුවන් වෙයි.

මම තුනපහ වර්ග ටික ටික තමයි හදගන්නෙ.

මිරිස් කුඩු විතරයි ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකෙ දාලා තියනවා.

බෝතලේට ටිකක් වෙන්න තමයි දාලා පාවිච්චි කරන්නෙ.

මාස 6 කට කලින් හදපු මිරිස් කුඩු අද හැදුවා වගෙ සුවඳ. Zip lock බෑග් එකෙ දාලා ෆ්‍රිජ් එකෙ දැම්මම මොකුත් වෙන්නෙ නෑ.

2. තෙල් ජාති ඇසිරීම

තෙල් ජාති මම විදුරැ බෝතල් වල තමයි දාලා තියන්නෙ. විදුරැ බෝතල් වල දැම්මම පිරිසිදු කරන්නත් ලේසි. මගෙ තෙල් ජාති ලිප ලඟ තමයි මම තියලා තියෙන්නෙ.

මගෙ කුස්සියෙ බඩු ගොඩාක් අඩු කරලා තමයි මම තියගන්නෙ. එතකොට උයන්න ගොඩාක් ලේසි. හැමදෙයක්ම කබට් වල දාලා තියලා තියනවා.

3. කිචන් ටවල් ස්පොන්ජ් ආදිය ඇසිරීම

කිචන් ටවල් ස්පොන්ච් වගෙ දේවල් මම ප්ලාස්ටික් බාස්කට් වල දාලා තියෙන්නෙ එතකොට මට ලේසියෙන්ම මට ඕනෙ දෙ මට ලේසියෙන්ම හොයගන්න පහසුයි.

ඇත්තටම මම හැමදෙයක්ම බාස්කට් වල තමයි දාලා තියෙන්නෙ. එහෙම දාන නිසා ලොකු පිලිවෙලක් තියනවා..

4. කෑම මේසය පිළිවෙලට මෙන්ම පිරිසිඳුව තබාගැනීම

මගෙ කෑම මේසය මම හැමවෙලෙම පිරිසිදුව තියන් ඉන්නෙ එකට හේතුව මගෙ දුව.

මම මේසය පිරිසිදු කරන්න විනාකිරි වලින් ස්ප්‍රෙ එකක් හදන් ඉන්නෙ මම ලියන්නම් ඒකත්.

කෑම කාලා ඉවර වුනාම මෙසය අනිවාර්යයෙන් පිරිසිදු කරන්න ඕනෙ ලමයි කන බොන නිසා.

මම මෙ විනාකිරි ස්ප්‍රෙ එකෙන්ම තමයි මගෙ කුස්සිය පිරිසිදු කරන්නෙත්.

එදිනෙදා උයනකොට තෙල් විසි වුනාම මම මෙ විනාකිරි ස්ප්‍රෙ එකෙන් තමයි පිරිසිදු කරන්නෙ.

5. කුස්සියේ සින්ක් එක

ම⁣ගෙ සින්ක් එක මම කොහොමද පිරිසිදු කරගන්නෙ? මගෙ යාලුවෝ දෙන්නා තමයි මට උදව් කරන්නෙ.

විනාකිරි සහ බේකින් සෝඩා තමයි. මෙ දෙක දාලා විනාඩි 5 වගෙ තියලා හොඳට මදින්න. මම මාසෙකට සැරයක් වගෙ මදිනවා.

රෑට නින්දට යන්න කලින් අනිවාර්යයෙන් පිඟන් කෝප්ප ටික හෝදලා සින්ක් එක පිරිසිදු කරලා වතුර නැතුව පිහදාලා තමයි මම නිදාගන්නෙ.

එහෙම පිරිසිදු කරලා නිදාගත්තාම උදෙන්ම ලමයට කෑම හදන්න කුස්සියට ආවම කෑම හදන්නත් ආසයි.

පිඟන් කෝප්ප හෝදන ස්පොන්ච් එක වතුර පිටින්ම තියනවාද?

එහෙම නම් කරන්න එපා හෝදලා ඉවර වෙලා ස්පොන්ච් එකත් හෝදලා වතුර හොඳට මිරිකලා තමයි තියන්න ඕනෙ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

වතුර පිටින් තියලා ආයෙත් එ ස්පොන්ච් එක පාවිච්චි කඑනකොට කොච්චර අපිරිසුදුද?

6. කුස්සියේ කබඩ්

මගෙ පැන්ට්‍රි කබට් පිහදාන්නෙත් විනාකිරි ස්ප්‍රෙ එකෙන්මයි. අපි තෙත අත පිටින්ම කබට් අරිනවා එ පැල්ලම් එහෙමම හිටිනවා.

සති දෙකතුනකට සැරයක්වත් පිරිසිදු කරන්න. උයනකොට අනිවාර්යයෙන් අත පියන්න ලඟ ටවල් එකක් තියාගන්න.

මම වැඩි දෙයක් කියනවාට වඩා ෆොටො ටික බලන්නකො.. අවුරැදු 13 ගියත් අද හදුවා වගෙම මගෙ කුස්සිය මම තියන් ඉන්නවා.

කෑම හදලා එදිනෙදා පිරිසිදු කරනම් ඔයාලටත් ලේසි.. මගෙ කුස්සිය මම මෙ විදියට තමයි තියන් ඉන්නෙ මොකද කියන්නේ.

කුස්සියේ කබඩ්, සින්ක් බිත්ති ඔනෑම දෙයක් පිරිසිඳු කිරීමට අද්විතීය විනාකිරි ස්ප්‍රේ එක

ඔයාලා ගෙදර දොඩම් කලා පොත්ත විසිකරනවා නේද? එහෙනම් මින්පසසෙ එහෙම කරන්න එපා.

  1. දොඩම් පොතු හරි දෙහි පොතු හරි නාරං පොතු වුනත් කමක් නෑ. පොතු ටික ⁣විදුරැ බෝතලේකට දාලා ඒකට පුරවලා විනාකිරි දාන්න.
  2. ඊටපස්සෙ රෝස්මරි ටිකක් දාලා වහලා දවස් 5 තියන්න. (රෝස්මරි නැති අයට පුළුවන් කුරැඳු ලොකු කෑලි දෙකතුනක් දාන්න)
  3. දවස් 5 පස්සේ මෙ දොඩම් පොතු වෙන පාටක් වෙනවා. දැන් මෙ දොඩම් විනාකිරි ටික පෙරලා ස්ප්‍රෙ කරන්න පුළුවන් බෝතලෙකට දාලා වතුර බාගයක් දාන්න. එ කිව්වේ 200 ml විනාකිරි නම් වතුර 200 ml වගෙ දාලා පාවිච්චි කරන්න.

මේ ස්ප්‍රේ එකෙන් ගොඩාක් පිරිසිදු වෙනවා විනාකිරි කියන්නේ ගොඩාක් හොඳ දෙයක්.

මේ Blossom වෙතින් ගෙනෙන අපුරු වීඩියෝව නරඹා ඔබේ ගෙදර දොරේ කුස්සියේ කබඩ් ඇතුලත අපුරුවට අස්පස් කරගන්න.

ඉතින් ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න උදව් වන මේ දැනුම බෙදාගත්තු අනූෂාට අපගෙ අවංක ආදර ස්තුතිය පුද කරන්වා. ඇය විසින් නිර්මාණය කෙරෙන තවත් අගනා මෙන්ම වටිනා ලිපි රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා.

කවරයේ පින්තූරය: homesthetics.net

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • කුස්සියේ කබඩ් හැඩි වෙලාද? මෙන්න විසඳුම් ක්‍රම 6ක්!
බෙදාගන්න :
  • දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

    දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

  • නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

    නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

  • දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

    දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

  • නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

    නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it