theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

4 අවම කියවීම
ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?

ගර්භනී සමයේ ඇතිවෙන රෝග සම්බන්ධයෙන් ගැබිනි ඔබ දැනුවත් විය යුතු වැදගත් කාරණා තියෙනවා. ‌

මේ ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ ඒ ගැන අපිට උපදෙස් ලබා දෙන ලිපියකි. 

ඔබ දන්නවා ගර්භනී සමයේ ඇතිවෙන රෝග ලක්ෂණ ඉතා සුලබව ඇති වෙනවා.

ඒ නිසා ඔබ ප්‍රතිකාර ගත යුතු රෝගයන්ද නොසකා සිටින්න පුළුවන්.

ඔබ නොදැනුවත්කම නිසාවෙන් භයානක රෝග ලක්ෂණයත් නොසලකා සිටීමෙන් ඔබ කනගාටුදායක අවස්තාවන් වලට හසුවීමට ඉඩකඩ තිබෙනවා.

මේ ලිපිය පල කරන්නේ ඒවන් අවස්තාවකදීත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ දැනුවත් කිරීම සදහායි.

මා විවිධ රෝග ලක්ෂණ පිලිබඳව වෙන වෙනම ඔබට පැහැදිලි කරන්නම්.

ගර්භනී සමයේ ඇතිවෙන රෝග

1.මුත්‍රා දැවිල්ල

ගර්භනී උදරය තද වීම

ඔබ මුත්‍රා කරනවිට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවන්නේ නම් මෙය මුත්‍රා ආසාදන රෝගී තත්ත්වයක් විය හැකියි.

ඒ සමගම උණ, යටිබඩ වේදනාව, සිරුරට අපහසු බවක් හා කොන්දේ වේදනාවක් ඇතිවිය හැකියි.

එවැනි අවස්තාවකදී වෛද්‍යවරයකු හමුවී ප්‍රතිජීවක ඖෂධ ලබාගන්න.

2.උණ

මහන්සිය

ඔබට ගර්භනී සමයේ උණක් ඇතිවුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්.

මන්ද influenza රෝගී තත්ත්වය ගර්භනී මවුවරුන් හට ඉතාම භයානක මාරාන්තික රෝගී තත්වයකි.

මෙම රෝගය නිසා ජීවිතය අහිමි වූ මවුවරුන් විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.

එම නිසා ඔබට එම සමයේදී උණ පැය 24කට වඩා වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යයෙන් කල යුතුයි.

රෝහලේදී ඔබව පරීක්ෂා කර නිසි ප්‍රතිකාර සදහා යොමුකරන අතර කිසිම විටෙක ඔබට පැය 24 කට වඩා උන තිබෙන විටකදී ප්‍රතිකාර නොගෙන සිටීමට උත්සාහ කරන්න එපා.

3.බඩේ වේදනාව

ගර්භනී සමයේ බඩේ මැද හරියේ නාබිය ප්‍රදේශය වේදනාවක් ඇතිවුවහොත් හා ඒ සමග වමනය පිටවන්නේනම් එය සාමාන්‍යය තත්ත්වයක් නොවේ.

තවද නාබියට ඉහළ දකුණු ප්‍රදේශයේ තදබල වේදනාවක් ඇතිවුවහොත් එය ඉතාම ඉක්මනින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගතයුතු තත්ත්වයක් බව මතකයේ තබාගන්න.

මෙය preeclamsia හෙවත් ගර්භනී සමයේ අධික ලෙස වැඩිවන රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතාවක් විය හැකියි.

ඒ වගේම ගර්භනී සමයේ මුල් මාස තුන තුල ඇතිවන යටිබඩ වේදනාව සුලුකොට තකන්නට එපා.

මෙය ගර්භාෂයේ පිටත කලලය පිහිටීමක් හෝ දරු ගැබට හානියක් සිදූවීමේ පෙර කක්ෂනයයක් වෙන්න පුළුවන්.

Fibroid වැනි ගෙඩියක් සංකූලතාවයට ලක්වීමෙන්ද මෙම වේදනාව ඇතිවෙන්න පුළුවන්.

ගර්භනී සමයේ අවසාන කාලයේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම දරුවා නියමිත කාලයට පෙර බිහිවීමේ අවධානයක් ඇතිවිය හැකියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එසේම එවැනි වේදනාවක් ඇතිවීම දරුව බිහිවීමට පෙර වැදෑමහ බිත්තියෙන් ගැලවීම හෙවත් Placental Abruption නම් ඉතාමඅවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්.

මේ නිසා යම් අවස්තාවකදී උදරයේ අධික වේදනාවක් ඇතිවන්නනේනම් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.

4.ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම

ඔබගේ ඇස් නොපෙනී යාමක් හෝ එලියක් වැනි යමක් නිකුත් වී ඇස් පෙනී නොපෙනීයාමක් වැනි අසාමාන්‍ය තත්වයක් ඇතිවන්නේ නම් preeclamsia යනුවෙන් හදුන්වන ගර්භනී සමයේ ඇතිවන අධික රුධිර පීඩනය නිසා ඇතිවන තත්ත්වයේ ලක්ෂණයක් විය හැකියි.

එමෙන්ම අධික හිසරදයක් ඇතිවීමද එම රෝග ලක්ෂණයක් විය හැකියි.

එම නිසා මෙවැනි අවස්තාවකදීත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

5.යෝනිමාර්ගයෙන් රුධිරය පිටවීම

මුල් මාස තුන තුල යෝනිමාර්ගයේ රුධිරය පිටවීමක් සිදුවන්නේ නම් එය ගබඩාවක් හෝ ගර්භාෂයේ පිටත කලලය පිහීටීම නිසා ඇතිවන ectopic
Pregnancy රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැකියි.

මේ නිසා වෛද්‍යවරයකුගේ උපදෙස් මත ස්කෑන් පරීක්ෂණයක් කරගන්න.

සති 20 ස්කෑන් පරීක්ෂණයෙන් පසුව රුධිර වහනය වීමක් ඇතිවුවහොත් එය නියමිත දිනටපෙර දරුවා බිහිවීමට යන තත්ත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇතිවන තත්ත්වක් විය හැකියි.

වැදෑමහ පහලින් පිහිටීම placenta previa යනුවෙන් හදුන්වන අතර එවැනි තත්ත්වයක් නිසාත් වරින්වර රුධිර වහනය වියහැකි අතර එම රෝගී තත්ත්වය ස්කෑන් පරීක්ෂාවක් මගින් හදුනාගන්න පුළුවන්.

6.යෝනිමාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම

ගැබිනි සමයේ ආසාදන

ගර්භනී සමයේ අවසාන කාලයේ යෝනිමාර්ගයෙන් ස්‍රාවයක් පිටවන්නේනම් එය දරුගැබ ආරක්ෂා කරන පටල water bag බිදීයාම නිසා ඇතිවන්නක් විය හැකියි.

මෙවැනි අවස්තාවකදී පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත දරුවා බිහිවීය හැකියි.

එම නිසා එවැනි අවස්තාවකදීත් ඔබ රෝහලට යාමට සූදානම්ව සිටීම වැදගත්.

එමෙන්ම ගර්භාෂයට විශබීජ ආසාදන වීමේ අවදානමක් පවතින අතර එවැනි අවස්තාවකදී වහාම රෝහලට යන්න.

මීට අමතරව අධික වමනය වීම හා ඇග කැසීමේ තත්ත්වයන්ද විවිධ රෝගයන් වල මූලික ලක්ෂණ වියහැකි ණිසා එවන් අවස්තාව කදීවෛද්‍යවරයකුගේ උපදෙස් මත කටයුතු කිරීම ඉතා වැදගත් .

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භනී සමයේ ඔබේ ඇතිවෙන පුංචි පුංචි අමාරුකම් වලට ‌මොකද කරන්නේ?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

    ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

  • ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

    ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it