විද්‍යාවට අනුව මාර්තු උපන් බබාලා සුවිශේෂි වෙන කාරණා 6 ක්

විද්‍යාවට අනුව මාර්තු උපන් බබාලා සුවිශේෂි වෙන කාරණා 6 ක්

මාර්තු මාසයේ උපන් ඔබේ දරුවා ගැනයි ‌මේ අපූරු කාරණා 6

මාර්තු මාසය නැතිනම් සිංහල මාස ක්‍රමයට මැදින් මාසය සෑම වසරකම තුන්වෙනි මාසයයි.

එම මාසය තුලත් වසරේ අනෙක් මාස වල ‌මෙන් ‌ලොව පුරා දරුවන් දාස් ගණනක් උපත ලබනවා. ‌

මෙන්න ‌මේ උපන් මාසය අනුවත් දරුවන්ට සුවීශේෂි ලක්ෂණ ඇතිවෙනවාලු. ‌‌මේ මාර්තු මාසයේ දරුවන් ගැන කිය‌වෙන තවත් සුන්දර ලිපියක්.

අවුරුද්දට ගස් වල මල් ඵල බර වෙන්න ඔන්න මෙන්න තිබියදි උදාවෙන මාර්තු සුන්දර මාසයක්.

ඒ සුන්දර මාසයේ උපත ලබන පුංචි පැටව් ගැන විද්‍යාවෙන් අපූරු කාරණා 6 ක් ගැන අපිට කියනවා. ඔවුන් සුවිශේෂි වෙන්නේ මෙන්න මේ නිසයි.

මාර්තු මාසය තුල උපන් දරුවන් සුවිශේෂි වෙන කාරණා 6

විද්‍යාවට අනුව මාර්තු උපන් බබාලා සුවිශේෂි වෙන කාරණා 6 ක්

මෙන්න මේ කාරණා කියවලා බලන්නකෝ. මේ මැදින් මස ඉපදුන ඔබේ දරු පැටියා සුවිශේෂියි නේද? 

1.මාර්තු මාසයේ උපන් ඔවුන් ඉහළ තනතුරු ලබා ගන්නවා

මෙම මස උපත ලබන දරුවන් ගෙන් වැඩි ප්‍රමාණයක් ඉහල තනතුරු වලට ගමන් කරනවා.

අනෙක් මාස වලට සාපේක්ෂව විධායක නිළධාරින් ගෙන් වැඩි ප්‍රමාණයක් මාර්තු මාස‌යේ උපත ලබා ඇති බව පරීක්ෂණ වලින් හෙලි වී තියෙනවා.

ප්‍රධාන විධායක නිළධාරින් 375 දෙනෙකු යොදවා කල පරීක්ෂණයකින් හෙලි වුයේ 12.75% ක් මාර්තු මාසයේ උපත ලැබුවන් බවයි.

පාසැල තුල වුවද ඉහළ තනතුරු වල සිටින්නට මාර්තු උපන් දරුවන් දක්ෂයිලු.

ඔන්න එහෙනම් ඔබ ලග ඉන්න මාර්තු උපන් බබා අනාගත විධායක නිළධාරියෙක් ‌වෙන්න පුළුවන් ‌නේද?

2.ඔවුන් ජුනි, ජුලි මාස වල උපන්න අයට වඩා දුර නොපෙනීමේ තත්වයට ගොදුරු වීම අඩුය

මාර්තු මාසයේ උපන් දරුවන්ට ඉන්පසු මාස වෙන ජුනි හා ජූලි මාස වල ඉපදෙන දරුවන්ට වඩා දුර නො‌පෙනීමේ අවදානම අඩු වෙනවා.

ඒ නිසා ඔවුන් අන් අයට වඩා පහසුවෙන් අක්ෂි පරීක්ෂණ වලින් සමත් වෙනවා.

හමුදා අයදුම් කරුවන් 300000 යොදා කරන ලද අධ්‍යනයකින් හෙලි වුයේ මෙය තහවුරු වුනා.

ඔයාගේ මාර්තු උපන් බබාගේ දුර ‌පෙනීම ‌හොදයි කියලා තමයි  ඒ කියන්නේ.

3. මාර්තු උපන් ඔවුන් ස්වභාවයෙන්ම සුභවාදින් වෙනවා

විද්‍යාවට අනුව මාර්තු උපන් බබාලා සුවිශේෂි වෙන කාරණා 6 ක්

2014 වර්ෂයේ කරන ලද  අධ්‍යයනයකින් හෙළි වූයේ මාර්තු මාසයේ උපත ලැබූ ළදරුවන් සහ ඒ ආසන්න අප්‍රේල් සහ මැයි මාස වල උපත ලද සම වයසේ මිතුරන් උපතින්ස ශුභවාදීන් බවයි.

ඔවුන් වැඩිහිටියන් ලෙස හයිපර්තිමික් පරිමාණයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ඇති අතර එයින් අදහස් කරන්නේ ඔවුන්ට ජීවිතය පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් ඇති බවලු.

ඒ කියන්‌නේ ඔයාගේ බබා ඉපදුනේ මාර්තු නම් බබා ධනාත්මකව හිතනවා කියලා තමයි.

4.ඇදුම රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වෙනවා

දූවිලි මයිටාවන් වසරේ මෙම මාසයේදි බහුල වන අතර එය අසාත්මිකතා ඇති අයට කරදරයක් වෙන්න පුළුවන්.

නමුත් මාර්තු ඉපදීමට  නියමිත දිනට ළදරුවන්ට එසේවීම විශිෂ්ට වෙනවා.

2015 දී කරන ලද අධ්‍යයනයකට අනුව, මෙම කාලයේ උපත ලබන ළදරුවන් තුළ  ඇදුම රෝගය ඇතිවීමේ අනුපාතය අඩු බව පෙන්වා දෙනවා.

එයට හේතුව වන්නේ ළදරු අවධියේදී එම දරුවන් දූවිලි මයිටාවන්ට නිරාවරණය වීම නිසා ඒ සදහා  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමයි. 

ඒකනම් ‌ගොඩාක් සතුටට කරුණක් ‌නේද අම්මලා?

5.ඔවුන් බොහෝ විට රාත්‍රීයේ අවදිව සිටිනවා 

safe baby products

එක් නින්ද පිළිබද අධ්‍යයනයකින් හෙලි වුයේ අනෙක් දරුවන්ට සාපේක්ෂව මාර්තු හා ඒ ආසන්නව උපත ලද දරුවන් නින්දට යාමට ප්‍රමාද වෙන බවයි.

ඒ නිසා අවුරුදු කිහිපයක් යන තුරු මාර්තු උපන් ඔබේ දරුවා මැදියම් රැය වෙනකම් අවදිව සිටින්න පුළුවන්.

ඔව්.. ඔව්.. එයාලා එක්ක ඔයාටත් රෑ ‌වෙනකම් නිදිමරන්න ‌වෙනවා.

6.මාර්තු මාසය තුල උපන් ඔවුන් මීන හෝ මේෂ රාශියට අයත් වෙනවා 

මෙම ජ්‍යොතිෂ රාශි දෙක පිළිවෙලින් ඔවුන්ගේ අධිෂ්ඨානය හා ආශාව පෙන්නුම් කරනවා.

මාර්තු 1 සිට මාර්තු 20 දක්වා උපත ලබන ළදරුවන් සුභවාදී මීන රාශියට අයත් වෙන අතර  මාර්තු 20 න් පසු උපත ලබන දරුවන් මේෂ රාශියට අයත් වෙනවා.

මේෂ කිපෙන සුළු හා උද්‍යෝගිමත් බව සදහා ප්‍රසිද්ධයි.

මාර්තු බබාලත් හරිම අපූරුයි ‌නේද?

මාර්තු මාසයේ උපන් දරුවන් ගැන මේ අරුම පුදුම කාරණා විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවාලු. ඔබේ දරුවා ලගත් මේ ලක්ෂණ තියෙනවාද බලන්න.

මේ ලිපියට එකතු කිරීමට තවත් අපූරු කාරණා ඔබට තියෙනවා නම් පහලින් ඇති කමෙන්ට් තීරයෙ තුල සටහනක් ‌‌යොදන්න.

මුලාශ්‍ර - www.mother.ly

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි